Jan 29, 2025

චීන පටස් - DeepSeek

Nvidia කොටස් සඳුදා 17% කින් පහත වැටුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් බිලියන 600 කට ආසන්න වෙළඳපල වටිනාකමක් අහිමි විය, එය එක්සත් ජනපද සමාගමක් සඳහා මෙතෙක් සිදු වූ විශාලතම පහත වැටීමයි.
හේතුව අප්‍රකට කුඩා චීන සමාගමක් නිකුත් කල AI මොඩලයක් - DeepSeek R1. එය Silicon Valley ට නරක ආරංචියක් නමුදු, හුදී ජනයාට ආශිර්වාදයකි. ඇමරිකානු OpenAI ChatGPT මෙන් නොච "ඕපන්" නොමැති චීනයේ DeepSeek මොඩලය, නොමිලේ නිකුත් කිරීමත් දෛවයේ සරදමකි.
ඇමරිකාව පැනවූ චීන හයි-ටෙක් චිප් සම්බාධක වල අවජාත දරුවෙක් වුන DeepSeek, ඇමරිකන් AI මොඩලවල මූලික ප්‍රාග්ධනයෙන් සොච්චමකින් සහ මාස 2 පමණ කාලයකින් එලි දැක්වීම, ඇමරිකන් AI ආධිපත්‍යයට එල්ලවූ මරු පහරකි.

- හැම තිස්සෙම චන්දෙ දීපල්ලා විරුද්ද පක්සෙට, සපෝට් කරපල්ලා පරාජිතයාට 



This is the Life ඔරිජිනල් සිංදුව කියන්නෙ Amy Macdonald ස්කොටිෂ් ගායිකාව. මේ තියෙන්නෙ ඒ ඔරිජිනල් සිංදුව :  

This is the Life -Amy Macdonald


ඒකෙත් අමුතුම ලස්සනක් තියනවා. බලන් ඉන්න අපිවත් ඩෝප් වෙනවා කියහංකො. ආයෙ අහන්නත් දෙයක්ද , ස්කොච් විස්කි වගේ තමයි.😁

ස්කොටිෂ්, අයිරිෂ් අය හොඳට කන, බොන උදවිය. අයිරිෂ් පබ් එකට එහා පැත්තෙ මිනී පෙට්ටි සාප්පුව. අයිරිෂ් අය මලාම විලාප තියලා වැලලෙන්න හදන්නෙ නෑ. මල ගෙදරත් බීලා සිංදු කියනවා.

 Irish man leaves funny recording for his funeral


මේ සිංදු වලින් කියැවෙන  සැහැල්ලු "හිතූමතේ ජීවිතේ" දර්ශනය මම අගය කරන්නෙ ඒකයි. ලෝකෙ ලොකුම සල්ලිකාරය වෙලා අපතයෙක් වෙනවට වඩා, මේ දුප්පත් වුනත් සරල, කාටවත් බරක් නොවෙන ජීවිතේ ඉවර වෙන දවසට අපටත් සිංදුවක් කියාගෙනම රේන්බෝ බ්‍රිජ් එකෙන් එගොඩ වුනෑකි කියල හිතෙනවා.

Where the fuff are you?



(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

48 comments:

  1. ජීවිතේ පලමු වතාවට, හොඳ සංගීතයකට මිල අධික සංගීත භාණ්ඩ අනවශ්‍ය බව දැනගත්තා. ඒත් බත් හැන්දකින් මුට්ටියකට තඩි බබා, කුස්සියේ සිංදු කියන බස්සෙක් ගැන අසල්වාසීන් එච්චරම කැමති වෙන එකක් නෑ නේද?
    This is The Life.

    ReplyDelete
  2. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී
    හිඟා කෑම බැරි වුණු තැන ලගී ගයා මර ගී
    මුට්ටියකට තට්ටු කළත් - ලයකට නම් අනගි
    අල්ලපු ගෙට ඇහෙනවාද ඔයා කියන ඔය ගී

    ReplyDelete
    Replies
    1. කුස්සියෙ කුකුල් කටුවට තඩි බෑවාම
      බිල්ඩිමෙ සුපිරියා දොර ලඟටම ඒම
      පහල ගෙදර රාණිය බුදි කිව්වාම
      හැදි සංගීතෙ මං ගෙනියන්නේ කෝම

      Delete
    2. අප්පොච්චියේ දුක හිතෙනවා ඇහුවාම
      ඔහේ ඔහොම බලයක් තිබ්බත් ඔහොම
      මෙහෙ උදවිය වටපිට ගැන නොතකාම
      වාහනවලත් ගී අහනව සද්දෙන්ම!

      Delete
    3. ඉඳ හිටලා කල්ලෙක් බල්ලෙක් බිරුම
      ඒ ඇරුනාම කපුටෙක්ගේ ගී කීම
      වාහනවල හෝන් එකක් හැඞ්වීම
      නොකරති, මාර්ග නීතිත් කඩ කෙරුම

      Delete
    4. පාරට වාහනේ දමනා ගොඩක් අය
      සවුන්ඩ් ගැජට් හිමිකරුවන් ගොඩක් අය
      'ඩෙසිබල් ' වදන අහලාවත් නොමැති අය
      ශබ්ද දූෂණයෙ යෙදෙනව 'අමන' අය

      Delete
    5. ඉඳ හිටලා කල්ලොත් ඔය වැඩ කරතී
      බේස් දමා දෙමෝලෙන්ම පිටි කොටතී
      බුල් ඩෝග් නැමති තඩි බල්ලන් හදතී
      සූස්තියක් ඇදලා උන් නිවන් යතී

      Delete
  3. +++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. නිකං ඉන්න අපට ඇවිත් ගිය එකම මඳෑ. 😋😁👌🙏

      Delete
  4. ඇමෙරිකාව ඉන්නේ සියදිවි නසා ගැනීමේ මෝඩ් එකක. ලිතෝග්‍රැෆි යන්ත්‍ර චීනෙට යවන එක තහනම් කලාම චීනෙ ඒ තාක්ෂණයත් දියුණු කරගෙන. මම හිතන්නේ බටහිර රටවල් චීනය සහ රුසියාව එක්ක ඇරගන්න ගිහින් ඒ අය අත තිබූ ආධිපත්‍ය ගොඩක් අහිමි කරගෙන සහ අහිමි කරගනිමින් යනවා. දැන් නම් පරක්කු වැඩියි. 1991 දී සෝවියට් රුසියාව වැටුනු ගමන් ලෝකෙම රජවෙලා දැහැමින් සෙමෙන් යන්න තිබ්බ එක උද්දච්ච කම නිසා රජකම අහිමි වෙන්න ඔන්න මෙන්න. (Ian)

    ReplyDelete
    Replies
    1. ඉයන් කියන දේ සෑහෙන දුරට නිවැරදියි. ඇමරිකාව දියුණු වුනේ, ලෝකෙන්ම ආපු විවිධ ජාතීන් නිසයි.දැන් ඒක අමතක කරල වටේටම නෙලන්න යනවා. අනික චීන්නුත් මෝඩයොම නෙමෙයි. අද ලෝක කම්හල චීනයයි. ඒත් මේ චීන විකල්ප AI තාක්ෂණය හොඳ දෙයක් විදිහටයි මම දකින්නෙ. ඒකාධිකාරිය නරකයි, තරඟය හොඳයි. මේක AI ගමනේ හැරවුම් ලක්ෂයක් ලෙසයි බොහෝ අය මෙය දකින්නෙ.

      Delete
    2. @ ඉයන් සභ බස්සා

      සෑහෙන දුරට එකඟයි. ඇත්තටම ඇමරිකන් ලණු කාලා දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න යුරෝපීය සංගමයට සහ පොදුවේ ගත්කල බ්‍රිතාන්‍ය ඇතුලුව බටහිර යුයුරෝපයට සිදු වුණා. ඔය චිප් නිර්මාණය කිරීමට අතිශය අත්‍යවශ්‍ය ලිතෝ ග්‍රැෆි යන්ත්‍ර විකුණගෙන ෂපාන් එකට හීටපු නෙදර්ලන්තයේ හයිටෙක් තාක්ෂණ කර්මාන්තයට ඇමරිකන් ගොන් වැඩ නිසා මරු පහරක් එල්ල වුණා.

      ඊට වඩා වඩාත්ම භයානක කරුමයක් තමයි අපේ මාතෘභූමිය වූ ලංකාවට ගෙවන්න වෙන්නේ. එක්සත් ජනපද ඩිමොක්‍රටික පක්‍ෂය විසින් ලංකාවේ අරගලයක් කරලා බලයට ගෙන ආ රනිල්වත් ඉවත්කරලා මැතිවරණ නාඩගමකින් ඔවුන් තාක්ෂණය යොදාගෙන ජනමතය වෙනස්කරලා පසුව ජාතික ජන බලවේගය මාලිමාවට ලංකාවේ බහුතර බලය ලබාදී ඔවුන් හරහා තම දේශපාලන ආර්ථික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවා.

      නමුත් චීනය රුසියාව සමග වේගවත්ව ලෝක බලාධිකාරය හිමිකර ගැනීමට සූක්ෂම ලෙස පෙරමුණු කීපයක කටයුතු කරන බවත් එක්සත් ජනපදය තමන්ට කඩේ යන තමන්ගේ මිතුරු රටවල් සහ පුද්ගලයන් ඉතාම ලාබ ලෙස කොන්ඩම් තියරියෙන් යොදාගන්නා ආකාරය පහුගිය දශකවල ඉතිහාසය අපට කියා දෙනවා.

      ඒ නිසා ලංකාවේත් එක්සත් ජනපද නියෝජිතයන්ට ඉදිරියේ අබසරණ හිමි බව පැහැදිලිය.

      වඩාත්ම භයානක කාරණය වන්නේ ලංකාවේ චීනයට වඩාත්ම සමීප දේශපාලන පවුල අන්ත දූෂිත රාජපක්ෂ පවුල වීමයි. අනෙක ඉතාම අවස්ථාවාදී සටකපට රටක් වන භාරතය ද චීන රුසියා හවුල් සමග බැඳෙන අතර ලංකාවේ භාරතීය බුද්ධි අංශ නායකයන් සමග ඉතාම හිතවත් කපුටු කාක් බැසිල් හොරා එම ඩීල් එකද දමනු ඇති බවයි.

      දැනට ලෝක භූදේශපාලන තත්ත්වය තුල පවතින සාධක මත පෙනෙන විදිහට ලංකාවේ දැනට පවතින ජාජබ රජයට වැඩිකල් බලයේ සිටීමට ඉඩ නොලැබෙන බවත් ඔවුන් එලවා නව පිරිසක් බලයට ගෙන ඒමට චීනය භාරතය සමග වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ඇති බවත් පෙනේ. නමුත් රනිල්ලා රාජපක්ෂලා අනුර දිසානායකලා ඇතුලු සේරම උඩින් හතුරු යටින් මිතුරු සටකපට ගේම් කාරයන් බැවින් ඔවුන්ට කිසිම දෙයක් සිදු නොවුණත් රටේ සාමාන්‍ය ජනතාවට මහත් ව්‍යසනයන්ට මුහුණ දීමට සිදුවිය හැකි බව නම් පැහැදිලිය. රටින් පිට සීටින අපද මෙම තත්ත්වය තේරුම්ගෙන ඒ අනුව ලංකාවේ අපේ ඇති වත්කම් ආයෝජන ව්‍යාපාර කටයුතු සම්බන්ධව ඉතාමත්ම කල්පනාකාරීව කටයුතු කළ යුතු බව ලියා තබමි.

      Delete
    3. ප: ලි:

      එක්සත් ජනපදය වෙනුවෙන් ලෝක භූ දේශපාලනික ජල්තර වලදී වලදී දශක ගණනාවක් තිස්සේ නොකඩවා රෙදි නැතුව කඩේ ගිය කැනඩාවට සහ ග්‍රීන්ලන්ත සිදුවීමේදී ඩෙන්මාර්කය පත්ව ඇති අන්ත අසරණ ඉරණම දෙස බැලුවාම ලංකාවේ ඇමරිකන් ඒජන්ට්ලාට කියන්න තියෙන්නේ "වෙහෙර ගිලපු එකාට අග්ගලා කජ්ජක් ද" යන්න පමණි.

      Delete
    4. ඇනෝ ස්තූතියි අදහස් දැක්වීමට. ඒත් මා දන්නා තරමින් ලෝක දේශපාලනය සංකීර්ණයි. කඩේ නොයා හිටියොත් කියුබාව, උතුරු කොරියාව වගේ කන්න,බොන්න බෙහෙත් නැතුව ඒත් "ආඩම්බරෙන්" වැජඹුනෑකි. සම්පත් බහුල බලවත් රුසියාව, චීනය පවා ඇමරිකාවත් එක්ක ගේම දෙන්නෙ සූක්ෂම විදිහටයි.

      ඒ වගේම 4nm චිප් තාක්ෂණ වෙළඳපොල ඉතාමත් තරඟකාරීයි සහ කුරිරුයි.
      මේ ගැන උනන්නු නම් පහල ලින්ක් එකේ විස්තර තියනවා.

      What’s Next For ASML?

      Delete
    5. ලෝකෙට ලොක්කා වෙනවට වඩා අමාරු දිගටම ඒ ලොකුකම තියාගන්න එකයි. අතීතයේ සහ මෑත අතීතයේත් ඉහලින්ම වැජඹිලා කඩා වැටිච්ච බලවතුන් ඒ බව සනාත කරනවා. ඇමරිකන් ක්‍රමයෙත් දැන් ක්‍රැක්ස් මතුවීමට පටන් අරන් කියලයි මට හිතෙන්නෙ.

      Delete
  5. ඉදිරියේදී ප්‍රතිසම සකසුනයන් යොදාගෙන ලාබදායක කෘතිම බුද්ධීන් එයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිසම සකසුනය? තේරුනේ නෑ,
      ඔව් ලාබදායක කෘතිම බුද්ධීන් එන එක දැනටමත් ආරම්භ වෙලා තියෙන්නෙ. Alibaba සහ Tencent කම්පැණි දෙකම ගේමට බැහැල. DeepSeek කල පෙරලිය අකාසෙ හිටපු ඇමරිකන් AI ආධිපත්‍යය පොලොවට බාපු එකයි. ස්ටොක් මාකට් ක්‍රෑෂ් වුනේ ඒකයි.

      Delete
    2. මම හිතන විදිහට මේ කියන්නේ එක්තරා විදියක Reverse Engineering වගේ දෙයකින් symmetric equations නැත්නම් symmetric matrices වගේ ක්‍රමිකව සමාන ආකෘතියකින් යලි සකස්කර හදන නිර්මාණයක් ගැන විය හැකියි. ප්‍රතිසම සකසුනය කියන වචනයට අදාලව පවතින ඉංග්‍රීසි වචනය කිව්වොත් හරියටම කියන්න පුළුවන්.

      Delete
    3. @ඇනෝ Jan 30, 2025 at 5:22 PM
      බොහොම ස්තූතියි ඇනෝ. මටත් හිතෙනවා ඔබ හරි කියලා. හෙලුවෙන් වැනිල්ල ගැන මගේ ලොකු අකමැත්තක් නැතත්, මේ අනුන්ගෙ තාක්ෂණික වචන වලට අපබ්‍රංස සිංහල වචන දැමිල්ල නං ඇණයක්.

      ඔව් ඇමරිකාව චෝදනා කරනවා. චීන්නු ChatGPT ට්‍රේනින් ඩේටා කොපි කලා කියලා. බාගදා ඇත්ත වෙන්නත් ඇති. ඒත් ChatGPT ට්‍රේනින් ඩේටා අරං තියෙන්නෙ කොපි රයිට්ස් නීති වලට අනුකූලවත් නෙමෙයි. අනික ChatGPT ඔතෙන්ට ආවෙ, ගූගල්ලගෙ Transformer (deep learning architecture) වගේ දේවල් භාවිතා කරලයි.

      ඒ නිසා වැදගත් වෙන්නෙ කවුරු කාගෙ එක හොරා කෑවද කියන එක නෙමෙයි. ඇමරිකන් proprietary AI ආධිපත්‍යය බිඳපු එකයි. ස්ටොක් මාකට් ක්‍රැෂ් එකෙන් මේක හයිප් එකක් නොවන බව සනාත වෙනවා. ගේමර් පීසී එකක් Deepseek R1 ලෝකලි රන් කරන්න හැකි වීමත්, ඕපන් සෝස් කමියුනිටි එකේ සපෝට් එකත් නිසා අනාගතය සුභයි කියා හිතෙනවා.

      Delete
    4. සමාවෙන්න. ප්‍රතිසම සකසු විය යුතුයි.
      එනම් (analog processor).
      එමගින් අඩු ශක්ති පරිභෝජනයකින් වැඩි ප්‍රතිඵලයක් ලබාගතහැකියි.
      https://www.youtube.com/watch?v=6Y6FJVqzivc&t=844s

      Delete
    5. මේ වනවිට මෙමරිස්තර නම් තාක්ෂණයක්ද දියුණු වෙනවා.

      Delete
    6. @ විසුල කවින්‍ද
      බොහොම ස්තූතියි පැහැදිලි කිරීම ගැන.

      කාබන් නැනෝ ටියුබ්, ක්වොන්ටම් කම්පියුටර් වගේ පරීක්ෂණ වල අවුල, මේවා ඊලොන් මස්ක්ගේ "අද නෙමෙයි හෙට" ස්වයං ධාවන ටෙස්ලා, ටෙස්ලා රොබෝ තාක්ෂණය වගේ ඒවා කතා නිසයි.අපෙත් ඉන්නව නේද ඔය කාබන් නැනෝ ටියුබ් විද්‍යාඥයො?

      අද තියෙන AI තාක්ෂණය පරිපුර්ණ නැති වුනත් ටැන්ජිබල්. දවසින් දවස දියුණු වෙනවා. දියුණුවට තිබ්බ එක බාධාවක් - ආධිපත්‍යය තමයි Deepseek බින්දෙ.

      Delete
  6. මොනවා ලියන්නද මොනවා ලියන්න ද.....මම චැට් ජිපිට් එකට වඩා ගුගල් ජෙමිනි එක භාවිතා කරන්නේ . කම්පැනි එකේ මයික්‍රොසොෆ්ට් එවෝ එක මොඩිෆයි කරලා හදපු එකක් තියෙන්න. මම ඔය පොඩි පයිතන් ප්‍රෝග්‍රෑම් පවා ඒකෙන් කර ගන්නේ . වැඩේ ලේසියි . ඇමෙරිකාව බෝඩර් වහන්න් ගත්තොත් කෙළවෙන්න නියමිතයි . නමුත් මම හිතන්නේ නැහැ එපමණ දුර යයි කියල ග්‍රීන් ලන්තය ට ඇහැ ගහන එක ස්වභාවිකයි . ඇමෙරිකාව නිදාගෙන ඉද්දි රුසියාව ආර්ක්ටික් පැත්ත සෑහෙන දුරට ආක්‍රමණය කරලා හමාරයි .

    ReplyDelete
    Replies
    1. මොනවා ලියන්නද? 😮 ඇයි හත්වලාමෙ ඔච්චර සොෆ්ට්වෙයා පැත්තෙ ප්‍රායෝගික අත්දැකීම සහ ප්‍රයෝජන තියෙන එකේ දාගන්නවකො Deepseek R1 ලෝකලි ඩෙස්ක්ටොප් එකේ. ChatGPT වගේ ජැක් ඔෆ් ද ඕල් ට්‍රේඩ්ස් නොවී Deepseek නැරෝ ෆීල්ඩ් එකක් සාර්තකව පුරුදු කලෑකි කියල තමයි කියවෙන්නෙ.

      සාම්ප්‍රදායික විදිහට ඔය චීන්නු දුන්න ගේම එන්න තිබුනෙ රුසියාවෙන්. හාඩ් කෝර් හැකර්ලා ඉන්නෙ රුසියාවෙ සහ උතුරු කොරියාවෙ. ඒත් ඒ හැකියාවෙන් ධනාත්මක නිපැයුමක් ලෝකෙ ලැබෙන්නෙ නෑ කියලයි හිතෙන්නෙ.

      මොනව වුනත් වීන්නුව අදහන්න වටිනවා. චීනා බුදු වේවා!

      Delete
    2. මම කිව්වේ ඔෆිස් එකේ co-pilot එකේ අපේ වර්ෂන් එකක් යන්නේ. මෙහෙ ගේම් එක වෙනස් . . මම රුසියාව ගැන ස්වයං වාරණයක් බ්ලොග් එකේ පවා දාගෙන ඉන්නවනේ. මුන්දල ෆලොව් කරන්න ගත්තට පස්සේ . . මගේ කම්පියුටර් එකේ කස්පරේස්කි තිබිල අයින් කළා . අයින් කරන්න කීව ගෙදර පීසී එකෙනුත් සමහර වෙලාවට රිමෝට් ලොග් වෙන නිසා. අවුරුදු 2 කට විතර කලින් . . ටිම්විවර් අයින් කළා කම්පැනි එකෙන් රුසියන් සම්බන්ධයක් තියනව කියල . ඉතින් ගූගල් ජෙමිනි තමයි . චැට් GPT නැත්නම් . අපේ ගෙදර අර සිකියුරිටි කැමරාවක් හයි කරලා තිබ්බ . චීන එකක් . සොෆ්ට්වෙයාර් එක වැඩ කරන එක නැවතුනා ෆෝන් එකේ . ගන්නත් තහනම් . ඩේටා යන්නේ චීනෙට කියල . දැන් දෙවෙනි එක යුරෝප ගහන එකක් . බලන කොට ඒකත් අත යටින් චයිනිස් . අයිෆෝන් එකෙන් ඒකත් අයින්වෙලා . දැන් කැමරාව ඔහේ තියනවා . මම Deepseek දාගන්නේ නැතිව බලන් ඉන්නේ ප්‍රශ්නයක් තියනවද කියල . නැත්නම් හීන් සීරුවේ දාගන්නවා .

      Delete
    3. හ්ම්.....දැන් පැහැදිලියි. Deepseek ක්ලවුඩ් එකෙන් ගලවලා , ලෝකල් විදිහට රන් කරන හැටි මෙතන කියනවා.
      https://www.youtube.com/watch?v=7TR-FLWNVHY

      නමුත් Deepseek 651 බිලියන් පැරාමීටර් වර්ශන් එක තමයි ChatGPT එක්ක කම්පීට් කරන්නෙ. ඒක ලෝකලි රන් කරන්න සීරීයස් GPU එකක ඕනෙ. අපිට කොයින්දෑ පූසො මාලු?

      චීන්නු රිවර්ස් ඉන්ජිනේරින් කරනවද? ඇමරිකන් තාක්ෂණය හොරා කනවද? බාගදා කරනවත් ඇති. ඇයි එතකොට ඇමරිකාව සියඹලා ගෙනැල්ලම නැද්ද? ඇත්ත කතාව, ඇමරිකන් හයිටෙක් චිප් හදන්නෙ තායිවානෙ. 4nm චිප් ෆැබ් තියෙන්නෙ තායිවානෙ සහ කොරියාවෙ පමණයි. SolarWinds හැක් එකේදි වුනත් චෝදනාව එල්ල වුනේ රුසියාවට, උතුරු කොරියාවට මිස චීනෙට නෙමෙයි. චීන චිප් සම්බාධක මඟින් ඇමරිකාව කලේ, AI තාක්ශණයේ දියුණුවට අකුල් හෙලීමයි. මම කියන්නෙ, ඇමරිකාව බයයි චීනෙ දියුණුවට.

      සෝවියට් සංගමයේ බිඳ වැටීම නිසා නැති වෙච්ච ලෝක දේශපාලන බලතුලනය චීනය නිසා නැවත ලැබෙමින් පවතිනවා. මම චීන CPP එකට අකමැති වුනත්, සමස්තයක් වශයෙන් චීන ඇමරිකාවට ඇරපු එකට කැමති ඒකයි.

      Delete
    4. හුවාවෙයි 5G infarstructure ලෝකෙ පුරා ස්ථාපිත කෙරෙන එක නවත්තපු එක හරි. ඒත් ඒක එක්කම පොදුවේ චීන සම්බාධක පැනවීම හරහා ලෝකෙ තාක්ෂණික දියුණුවට AI, EV තාක්ෂණයේ දියුණුවට අකුල් හෙලපු එක වැරදියි. මම කියන්නෙ චීනා ලෝකෙ ලොකුම බලවතා වෙන එක හොඳයි කියල නෙමෙයි, ලෝක දේශපාලනික හෝ තාක්ෂණික බලතුලනය සඳහා විකල්පයක් තිබිය යුතුයි කියලයි.

      Delete
    5. චීනේ පට්ට දියුණුයි . මම ඉතා ටික වෙලාවක් එයාර් පොර්ට් එකක හිටිය . පට්ට . චාල්ස් ඩිගොල් හෙමේ මොනවාඩ් අකියල් හිතෙනවා . බජට් එයාර් ලයින් වලත් හොඳ කෑම වේලක් නොමිලේ දෙනවා . අර කියනවා වගේ බල තුලනය අවශ්‍යයි

      Delete
  7. මොනවහරි ලියනවද ......නැතුවම ඉන්නවද කියල හිත හිත උන්නේ
    ඇත්තටම මම දවසින් බාගයක්ම කොම්පුටරේ තමයි ඒත් ඔය දැනුම නම් nil

    ReplyDelete
    Replies
    1. මොන දැණුමක්ද? මේ ඉන්ටනෙට් යුගේ එහෙන් මෙහෙන් බලල,කියවල එන සාමාන්‍ය දැණුම මිසක්?
      ලියනවද ......නැතුවම ඉන්නවද කියල හිත හිත ඉඳලා මෙහෙම හරි ආපු එකම මඳෑ.🙏👌💐

      Delete
  8. මේ දවස් 2,3 පොඩ්ඩක් ඩාම්, ඩූම්. ඒකයි එන්න පහුඋනෙ. හිතට ආපු කරුණු කීපයක් තියේ

    1- ChatGPT , AI බුද්ධිමය දේපළ අවසරයකින්/ගෙවීමකින් තොරව පරිහරණය කරනවාය කියලා ඉන්දියන් කොලුවෙක් අධිකරණය ඉදිරියේ සාක්කි දෙන්න හැදුවාය... පස්සෙ අභිරහස් ලෙස සියදිවි නහගත්තාය කියල news එකක් ඇහැව්ව

    2 - Jesen Huangත් තනිකර සුද්දෙක් නෙමෙ නෙ. පොර තායිවාන්- ඇමරිකන්. ඕනනං හිතහදාගතහැකි චීන මිත්‍රය නෙව ඇරියෙ කියල හිටං 😅. ඒත් සුළු පටු මුදලක්නං නෙමේ පාඩුව

    3 - සියල්ලෝ තමාට ආවේනික ප්‍රස්න වැටී හෝ නිර්මාණය කරගෙන ඒවායේ සිරවී සිටී

    4 - ළඟදී vlog එහෙක කතා උනා අහගෙන, ප්‍රඩක්ට් මාර්කැටින් උනත් කරන්න ඕන මිනිස්සුන්ගෙ හිතසුව පිණිස තියෙන දේවල්ය කියල.

    5 - අපිවාගෙ ඈයොන්ට මහා සංගීත ඔනමත් නැතිය... රසවිඳින්න 😊

    ReplyDelete
    Replies
    1. 1. ඉන්දියන් හාදය ඊට වඩා දේවල් කියන්න හැදුවා. ඒත් එතක වැඩ කරලා, අස්වුන නිසා ඒ චෝදනා වල එච්චරම බරක් නෑ. අනික "බුද්ධිමය දේපළ අවසරයකින්/ගෙවීමකින් තොරව පරිහරණය" කරන කතාව ප්‍රසිද්ධ රහසක් නෙව. ඔය බෝයිං වගේ තැන් කොච්චරක "විසිල්" ගහපු කීදෙනෙක් සියදිවි නසා ගත්තද? ඔප්පු කරන්න බෑ.

      2. Jesen Huang සුද්දෙක් නෙමෙයි කියන එක එච්චරම අදාල නෑ. Nvidia තනිකරම ඇමරිකන් තාක්ශෂණය කියලයි සැලකෙන්නෙ. ඒත් Nvidia චිප් ඩිසයිම් කරනව විතරයි, ඇපල් වගේ. හදන්නෙ තායිවානෙ TSMC ෆැබ් එකේ. ඒක තමයි චීනෙ තායිවානෙ ගැන මරාගන්න ලෑස්ති.

      3. මේවා ලෝකෙටම බලපාන ප්‍රශ්ණ. ඒත් එහෙමයි කියල අපට කල හැකි දෙයක් නෑ.

      Delete
  9. මම ෆයර්ෆොක්ස් වෙබ් සැරියේ ඉතිහාස වාර්තා ස්වයංක්‍රීයව උපස්ථකරන මෘදුකාංගයක් හදමින් සිටිමි.
    එහිදී එම උපස්ථකරණයට තරමක් අධික කාලයක් යයි.
    එස්කිව්ලයිට මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය වේගවත් කරන්නේ කෙසේද?
    එලකිරියේ උන්ගෙන් උදව් ඉල්ලූ විට උන් කුණඅහරුපෙන් බැනවදියි.

    ReplyDelete
    Replies
    1. යමෙක් ඇත්තටම යම් නිපැයුමක් කිරීම හොඳ දෙයක්. ඒත් ඔබ අහන දේ හරියටම පැහැදිලි නෑ.

      එස්කිව්ලයිට මෘදුකාංගය කියන්නේ මොකක්ද? හැකි නම් හැකි උදව්වක් දෙන්න බලන්නම්, ඒත් එච්චරම බලාපොරොත්තු තියාගන්න එපා, මම අටවන බාසෙක් - ජැක් ඔෆ් ද ඕල් ට්‍රේඩ්ස් මිසක් සිරා ප්‍රෝගැමර් කෙනෙක් නෙමෙයි. බිත්තිය ලියන පැතුම් සහ කොලඹ ගමයා-අජිත් ඇත්තටම ප්‍රෝගැමර්ලා.

      කුනුහරුපෙන් බනින එවුන් ගෙන් අහනවට වඩා හොඳයි චැට්ජීපීටී එකෙන් අහන එක. ChatGPT සහ ගූගල් ජෙමිනි දෙකම පොඩි ප්‍රෝගෑම් ලියල දෙනවා අහල තියනවා. මට අත්දැකීම් නම් නෑ, ඒත් කොළඹ ගමයා කිව්වා, එයා ගූගල් ජෙමිනි ලවා පොඩි පයිතන් කෝඩ් කෑලි ලියෝ ගන්නවා කියලා. පැතුම් හෙමත් ඒ කතාවම කිව්වා වරක්. සම්පූර්ණ ඇප් එකම ලියල දෙන එකක් නෑ - කෑලි තමයි, ඒවත් ඩීබග් කරගන්න වෙයි. පොඩ්ඩක් මහන්සි වෙලා මේ ගැන අධ්‍යයනය කරොත් , එක එකාගෙන් බැනුම් අහගන්න වෙන එකක් නෑ.

      How to Code with AI in 2025 (For Non-Coders)

      Delete
    2. එස්කිව්ලයිට මෘදුකාංගය කියන්නේ මොකක්ද?
      sqlite දත්ත සමුදා උපයෝගීතා යෙදුමක්.
      එය ෆයර්ෆොක්ස්හි යොදාගනියි.

      Delete
    3. හුටා! ඩේටාබේස්. දන්නෙ නැත. මෙතනින් අහන්න.
      https://www.reddit.com/r/sqlite/?rdt=33911

      Delete
    4. විසුල කවින්ද , browser sync වලින් ඔය වැඩේ ඉබේම වෙනවා නේද ? ඉගෙන ගන්න කරන්න හොඳයි .. නමුත් එච්චර ප්‍රයෝජනයක් නම් පෙන්නේ නැහැ .

      සිංහල වචන හුරු පරපුරක් ඉස්සරහට හැදෙයි .. නමුත් අපිට නම් විකාරයි ඔය වචන.
      sqlite විතරක් නෙමේ ඕනෙම DB එකක් වේගවත් කරන්න , query /join සහ indexing හේතු වෙනවා . ඒවා හරියට කරන්න

      browser වල ඇතුලේ තියෙන තාක්ෂණ ගැන නම් දන්නේ නැහැ


      Delete
    5. sqlite මම දන්නා තරමින් server side ඩේටබේස් ටූල් එකක් නේද /? මම වැඩ කරන්නේ client side ඔය ms sql server වගේ . මෙටා ඩේට වලට හොඳයි කියා . sqlite ඉගෙන ගන්න තියෙනවනම් හොඳයි පැතුම් කීව වගේ , iot වලට හෙම භාවිතා වෙනවා කියල හිතනවා .

      Delete
    6. ෆයර්ෆොක්ස්හි ඉතිහාසය මාස 3කින් පසු ස්වයංක්‍රීයව මැකීයයි.
      මම උත්සාහ කරන්නේ දිනපතාම පෙර දින කල වෙබ් සෙවුම් සහ බාගත විස්තර වගු දෙකක තැම්පත් කර වසරන් අවසන නව ගොනුවක් තනා ඉතිරිය තැම්පත් කරමින් දිගටම වාර්තා පවත්වා ගන්නටයි.

      Delete
    7. පැතුම්, අජිත් දෙන්නාට ස්තූතියි උදව් කලාට.🫡👌💐

      Delete
  10. මම DeepSeek මැසිමට දාගත්තා .. ආ අර මම කිය කිය හිටපු වින්ඩෝස් ගේමින් මැසිම ගත්තනේ
    ඒක ගැන පෝස්ටුවක් ලියන්න පටන් ගත්තා කවද හරි ලියල දාන්නං .

    1.5B parameters තමා මගේ මැසිමේ දුවන්නේ හැබැයි අවුල් තියෙනවා .

    32GB , Nvidia 3050ti , AMD Ryzen මැසිම . කරදරයක් නැතුව Cyberpunk 2077 ගහන්න පුළුවන්

    DeepSeek දුවන්න මැසිමක් හදාගන්න තව ලොකු වෙන්ඩ වෙනවා .. දැනට මේ ඇති .

    ReplyDelete
    Replies
    1. ආන්න ජංසන්. පෝස්ට් එක එනකන් අපි බලාන ඉන්නවා.👌🙏💐🫡. අවුල් නැති වෙන්න බැහැ, 1.5b වර්ශන් එක නිසා. Nvidia 4XXX ඕනෙ ඇති ඉහල ඩේට සෙට් එව්වා දුවවන්න. අපේ පුරාණ GPU එක්ක ඉතිම් මොබයිලයාගෙ v3 තමයි.

      මේක තමයි දැන් මගේ ෆේවරිට් ගේම:
      https://www.youtube.com/watch?v=xQg_q_0jq0U

      Delete
  11. බසු වෙන රටවල සින්දු වලට හෙම කැමති වගේ . අර ජෝර්ජියන් කපල් එක මරු

    ReplyDelete
    Replies
    1. මම ජර්මන්,රුසියන් සින්දුත් අහනවා. මේක ශෝෂල් මීඩියා නිසා ඇති වුන පවුල් අවුල් කතාවක් වගේ කියල තමයි හිතෙන්නෙ. බාසාව නොතේරුනාට මියුසික් නියමයි.😊

      Delete
  12. ලස්සන පැහැදිලි කිරීමක් . සුචීර් බාලාජිට ගේම දුන්නෙත් ඔය ලොකු සමාගම් වෙන්න ඕනhttps://www.youtube.com/watch?v=HLYL-yE6-TI . Suchir Balaji | සුචීර් බලාජිගේ අභිරහස් සියදිවි නසාගැනීම

    ReplyDelete
    Replies
    1. නඩුත්, බඩුත් දෙකම හාංදුරුවන්ගෙ නෙව? කොහොමත් එහේ විස්ල් බෝලෝවර්ස්ලා "සියදිවි නසාගන්න" රේට් එක වැඩියි.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code