Dec 21, 2024

වින්ඩෝස්11 24H2 අප්ඩේට් එක

වින්ඩෝස්11  24H2 අප්ඩේට් එයි කියල බලාගෙන හිටියට ආවෙ නෑ. මගේ තියෙන්නෙ ක්ලීන් වින්ඩෝස් ඉන්ස්ටෝල් එකක් නෙමෙයි. මදර් බෝඩ් වර්ග තුන හතරක් මාරු කරලා, ඒ මදිවට "free apps"ඉන්ස්ටෝල් කරලා අනවශ්‍ය ප්‍රොසෙස් එහෙමත් තියෙන සිස්ටම් එකක්. සැරින් සැරේ ඔව්වා, සුද්ද බුද්ද කරලා සිස්ටම් එක සෑහෙන ස්මූත් ලෙස රන් වෙන්න හදාගත්තට, ඉඳහිට ඇක්සිඩන්ට් නොවෙනවමත් නෙමෙයි. ෆයිල් එක්ස්ප්ලෝරර් එකේ iso ෆයිල්ස් මවුන්ට් වෙන්නෙ නැතුව ගියා. 24H2 අප්ඩේට් එක බාගෙන, බලෙන්ම ඉන්ස්ටෝල් කලාම හරි ගියා.

මිනිස්සු බැන්නට, මට නං 24H2 අප්ඩේට් එක හොඳයි. ෆයිල් එක්ස්ප්ලෝරර් එකේ සමහර UI features  වැඩි දියුණු කිරීම, compression formats එකතු කිරීම මම දකින්නෙ හොඳ දේවල් විදිහට. WinRAR  හොඳ වුනාට කාලෙ පැන්නම කරදර කරන්න ගත්ත නිසා අයින් කලා. 7zip මට හරි ගියේම නෑ. දැන් 24H2 අප්ඩේට් එකත් එක්ක දැන් ඒවා ඕනෙ නෑ.

අද Giveaway of the day සයිට් එකේ පහල තියෙන free apps දෙනවා. නිකං දෙන ඒවා එක්ක, කුණුත් එන නිසා මේවා හැමෝටම හරියන්නෙ නැති එක ඇත්ත. ඒත් උලත් එකයි, පිලත් එකයි වෙලා ඉන්න අටවන බාස්ලට මෙයින් ප්‍රයෝජනයක් නැත්තෙමත් නෑ . මම Ashampoo WinOptimizer 26, Winxvideo AI, DupInOut Duplicate Finder, Ashampoo Backup Pro 17, Wise Care 365 දාගත්තා. 


Backup Pro 17 වල incremental backup තියනවා, ඒත් හරිම ස්ලෝ Macrium Reflect එක්ක බලනකොට.

අනිත් ඒවා ඒ හැටි අවුලක් නෑ, විශේෂයෙන්ම Wise Care 365 ප්‍රයෝජනවත් වින්ඩෝස්වල අනවශ්‍ය ප්‍රොසෙසස් හොයන්න. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් ඉන්ස්ටෝල් කරන්න පෙර බැකප් එකක් ගන්න කියන එක තමයි, මට දෙන්න ඇහැකි උපදේසෙ. එහෙනං හැමෝටම ප්‍රීතිමත් නත්තලක් හා සුභ අලුත් අවුරුද්දක් වේවා!

අටවන "අවුල්" මාටින්










(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

54 comments:

  1. ප්‍රීති ! ප්‍රීති !!
    ලොකු උනාමවත් වින්ඩෝස් 11 දාගෙන බලන්න බැරියැ.

    එනිවේ, සු.න.වේ.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාටත් සු.න.වේ! සහ ප්‍රී.න.වේ!. අඩුම ගානෙ එකෙක් හරි සුභ පතන්න ආපු එකම මඳෑ?👌🤔🤣😁

      Delete
  2. https://srilancan.ca/2024/12/22/%e0%b6%9a%e0%b7%80%e0%b7%92-%e0%b6%b4%e0%b7%9c%e0%b6%ad%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b6%e0%b7%83%e0%b7%8a%e0%b7%83/

    ReplyDelete
  3. ඔබේ කවි ලිපිය මේ දිගුවෙන් කියවන්න

    ReplyDelete
    Replies
    1. ෂා, මේක නියමයි නෙව? කාටුන්, කෙටිකතා ඔක්කොම එකම තැනක. 👌💐🙏🫡😊

      Delete
  4. HNB ඩෙබිට් කාඩ් එකකින් ගෙවල Steam පර්චස් කරන්න දෙන්නැති එකට කරන්න ඕන මොකක්ද කියල අදහසක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. සොරි. ඒ ගැන අදහසක් නම් නෑ. ඔය ඇමරිකන් කොම්පැණි , HNB ගැන නොදන්නවා ඇති. ඒත්
      ක්‍රෙඩිට් කාඩ් හෝ පේ-පෑල් හරහා ගෙවන්න ඇහැකි වෙයි.ඒත් මම හැකි හැම විටම ඩෙබිට් කාඩ්/ක්‍රෙඩිට් කාඩ් ඔන්ලයින් භාවිතයෙන් වලකිනවා.

      Delete
    2. අනිවා... මේ ළඟදි මට ක්‍රෙඩිට් කාඩ් එක සම්බන්ධ මැසේජ් එකක් ඇවිත් තිබුණා, ROBLOX ගේම් එකට රුපියල් හත්දාස් ගාණක් ගෙවල කියල. ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ්වලින් ගෙවීම මගේ ම, ඒවයෙ ඩීටේල් ගූගල් එකේ සේව් කරල තියන එකත් ඩේන්ජරස්.

      Delete
    3. හැම ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් එකකටම මැසේජ් එකක් එන්න සෙට් කිරීමත්, මාසයකට වරක්වත් සියලුම ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් පේමන්ට් චෙක් කිරීමත්, කිසිම තැනක ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් සේව් නොකිරීමත් හොඳ පුරුද්දක්. මගේ ඔක්කොම පේමන්ට් යන්නෙ පේපෑල් හරහා. පේපෑල් එකට දීලා තියෙන්නෙ AMEX ක්‍රෙඩිට් කාඩ් එක. හැම ක්‍රෙඩිට් කාඩ් එකකටම ලිමිට් දාලා තියනවා. 100% ආරක්ෂාව කියල එකක් නැති වුනත්, මෙහෙම නොවුනා නං චීනෙක් මට ඇරලා හුඟක් කල්.

      Pig Butchering Scam

      Delete
    4. @ කොමා, ඔහේට විස්වාස කරන්න බැයිද හුටංබරස්තුමා ඔහේගෙ කනෙං රිංගල ඔය ගේම් එකට ගෙවුවය කියල. හැක්..

      @ දි.ග.ම. මේ පේපැල ගැන තාම මම මෙලෝ අලබෝලයක් දන්නෙ නෑ. වහාම ඒ ගැන හැදෑරිය යුතුයි. නැත්තං අපේ කොල්ලගෙන් බේරෙන්න වෙන්නෙ නෑ මට ඉඳගෙන.

      Delete
    5. ප්‍රශන්නගෙ කතාව හරි. ඒක තමයි වෙලා තිබ්බෙ.

      Delete
    6. @ Praසන්ன
      ඔව් පේපෑල ගැන බලන්න. පේපෑලට වුනත් හැකි නං ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්න ඇහැකි නං හොඳයි.
      @ කොමා
      හුටා! 😮😵‍💫🤣

      Delete
    7. මාත් පේ පෑල් තමා හැකි හැම තැනම

      Delete
    8. අජිත් මට වඩා IT සෙකියුරිටි ගැන දන්නවනෙ?වින්ඩෝස් එදිනෙදා වැඩ සඳහා ලෝකල් යූසර් එකවුන්ට් එකක් භාවිතා කිරීම. පේමන්ට් සඳහා මොබයිලයාගේ ඇඟිලි සළකුණු, ඔතෙන්ටිකේටර්, 2FA වැනිදේ පාවිච්චි කිරීම මඟින් බොහෝ කරදර වලින් බේරෙන්න හැකි බව මගේ අදහසයි.

      ඒත් සිරිමත් හුටංබරං පොඩිතුමා නං, අප්පා බුදියන් ඉන්නකොට ඇඟිලි සලකුණ උනත් ගන්න ඉඩ තිබෙන බව මගේ අදහසයි.😋

      Delete
  5. එයිට වඩා, මේ වින්ඩෝස් ඩිෆෙන්ඩරයා මරල දාන්ඩ ක්‍රමයක් නැද්ද? පයිරට් සොෆ්ට්වෙයා එකක් දාන්ඩ යනකොට, මුගෙ ඔන්ලයින් සෙක්‍යුරිටි, ෆයර් වෝල් අනං මනං ඔක්කොම ඔ්ෆ් කළත්, මූ කොහොම හරි අර පයිරට් ෆයිල් එක හොයාගෙන ඇවිත් මකල දානවනෙ.

    ReplyDelete
    Replies
    1. හෙහ්,හෙහ් මුගෙ ආච්චිට රයිස් ගරන්න එපැයි? 🤣😋😁
      Github එකේ ඇති පදං තියනවා, ඒත් ස්ක්‍රිප්ට් බේස් ඒවා. මම නං ඒවට කැමති නැත්තෙ කරන්නෙ මොනවද කියල නොපෙන්නන හින්දයි. ඇහැකි නං බැකප් එකකුත් ගනින්, අන්තිම තුරුම්පුව විදිහට. මේ ලින්කුවෙ තියෙන ක්‍රම හොඳයි කියල හිතෙනවා.
      https://www.oneninespace.com/how-to-disable-microsoft-defender-windows-11/

      Delete
    2. වින්ඩෝස්11 ඩිෆෙන්ඩරයා ඉවත් කිරීම ඒ හැටි හොඳ දෙයක් නම් නෙමෙයි. හේතු:
      1. කොච්චර ඉවත් කලත්, හැම අප්ඩේට් එකකදීම නැවත දාගැනීම
      2. වින්ඩෝස්11හේ virtualization-based security with core isolation/memory integrity ටෙක්නොලොජි එක සෑහෙන සාර්ථක ආරක්ෂක ක්‍රමවේදයක් වීම.
      3. යම් විදිහකින් දිගටම වින්ඩෝස් ඩිෆෙන්ඩරයා අනතුරු හඟවනවා නම්/ මකලම දානවා නම් ඒ ෆයිල් එක ගැන, තුන්වන පාර්ෂවයේ වයිරස්/ස්පයිවෙයා ස්කෑනර් හරහා පරීක්ෂා කිරීමත් ඇඟට ගුණයි.
      MalwareBytes Free
      Anti-Exploit Beta Free

      වින්ඩෝස් ඩිෆෙන්ඩරයා නොමරා පයිරේටඩ් සොෆ්ට්වෙයා එකක් රන් කරන ක්‍රමය:
      Add Exception To Windows Defender

      Delete
  6. "ම‌ගෙ ජනෙල් අනුවාදය සේවා කාලයේ අගිස්සට පැමිණ ඇත" කියල පෙන්නනවනෙ, අප්ඩේට් එකට ගියා ම. මොක ද කරන්ඩ වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. අප්ඩේට් පේජ් එකේ දෙන්නෙ නැත්නම්, වින්ඩෝස් සයිට් එකෙන් 24H2 iso file බාගෙන, ෆයිල් එක්ස්ප්‍රෝලර් එකෙන් මවුන්ට් කරලා, වින්ඩෝස් ඇතුලෙ ඉඳගෙනම රන් කරලා බලන්න. එහෙමත් නොදෙනව නං, වින්ඩෝස් මීඩියා ටූල් එකෙන් USB එකක ඉන්ස්ටොලේෂන් එකක් හදලා රන් කලෑකි. හැබැයි ඒකෙන් පස්සෙ මකපු ෆයිල් ආයෙ ඔක්කොම දාගන්නවා.

      තව රිකවරි පේජ් එකේ තියනවා, "වින්ඩෝස් රෙපයාර් අප්ඩේට්" එකෙන් කරන ක්‍රමයකුත්

      Delete
  7. Replies
    1. ඔරවන්න එපා බුදු නෝනෙ, මේක මේ ටැක්නිකල් පැත්තට බර පෝස්ට් එකක්.🤣🙏
      HNB නං දන්නවා HNY දන්නෙ නෑ.🤔

      Delete
    2. අර Happy New Year කියල එකක් තියෙන්නෙ
      අන්න ඒක...........................DGM වගේ තමයි
      දොරකඩ ගහේ මැටි.......................

      Delete
    3. අමූලික ඇත්ත. දොරකඩ ගහේ මැටිමෝලම තමයි.🤣
      මම දන්න ඔක්කොම සිංහල වචන දාලා බැලුව. H වලට හරියන එකක් ආවෙම නෑ. N.Y වලට "නැත්ද යකෝ" කියලත් දාලා බැලුව.😋
      රොම්බ තෑන්ක්ස් මැඩම්, ඔරවලා සුභපැතුවට.🤣👌

      Delete
  8. https://www.fox9.com/news/curious-baby-owl-caught-peeping-through-house-window

    වෙරි Happy Holidays !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔබතුමා ඇතුලු පවුලේ සැමට ප්‍රීතිමත් නත්තලක් හා සුභ අලුත් අවුරුද්දක් වේවා!💐😊

      Delete
  9. බෂු තුමාටත් ශුභ නත්තලක් ශහ ශුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔබ ඇතුලු පවුලේ සැමට ප්‍රීතිමත් නත්තලක් හා සුභ අලුත් අවුරුද්දක් වේවා!💐😊

      Delete
  10. ලැප කැඩුන වෙලේ ඩෙක්ස්ටොප් එක ගත්ත තැනින්ම ඒකට ජනේල 10 හම්බුනා.
    එපමණයි. ස්තූතියි 🙈!

    ReplyDelete
    Replies
    1. බෂ්තුමාටත් ප්‍රීති නත්තල්, සුබ හැපී නිව් ඉයර් 😁

      Delete
    2. ජනේල 10 හම්බුනා නං නිකම්ම ජනේල11 අප්ඩේට් කලෑකි නෙව? ඒත් ජනේල 10 න් සෑහීමකට පත්වෙලා නං, ඉතිං හිතගිය තැන මාලිගාව කියලා ඉන්නත් ඇහැකි තමා.

      මගේ හිත ගියේ ජනේල11හේ පහසුකම් සහ වැඩිදියුණු කල සැකුරිටි වලට. නමියො උඹටත් පවුලේ සැමටත් ප්‍රීතිමත් නත්තලක් හා සුභ අලුත් අවුරුද්දක් වේවා!💐😊

      Delete
    3. //10 න් සෑහීමකට පත්වෙලා නං// මේකට හැඩගැහිලා ඉන්නෙ. වැඩිවැඩ වලට යන්නෙ නැති හන්ද තව කල්ප කාලයකට මේක ඇති 🙂

      Delete
  11. අපි වෙනස් වෙන්ට කැමති වගේ සාමාර වෙලාවට වෙනස් නොවෙන්නත් කැමති කියලයි මට හිතෙන්නෙ. මට xp, home, vista, 7 ජනේලවලට හුරු වෙලා 8,10 ට හෙම අකමැති උනා.
    යාලුවෙක්ගෙ එහෙක පොටෝසොප් පාවිච්චි කරත් මට හුරු විදිහට sidebar හෙම හදාගෙන වෙනම workspace එකක් save කරල වැඩ කරනව.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම සංසිද්ධියක්(comfort zone) තියනව නං තමා. ජනේල7 ලස්සන වගේම ඉතාමත් ස්ථාවර OS එකක්.

      වින්ඩෝස් වල පැටිකිරිය බැලුවාම, එක හොඳ OS එකකට පස්සෙ එන්නෙ කචල් OS එකක්. ඒත් ජනේල11 එක්සෙප්ෂන් එකක් කියලයි මට හිතෙන්නෙ.

      Delete
  12. නෙලාගන්න බෑ - මගේ අත දිග නෑ
    අනේ ඒත් තව මල් පිපියන්
    කෝටි ගණන් තව මල් පිපියන්!

    ReplyDelete
    Replies
    1. වැඩි වැඩියෙන් බ්ලොග් පෝස්ට් පිපියන්!👌🙏💐

      Delete
  13. බලන්න මහත්මයා හෙල බසට තියෙන තැන
    https://elakiri.com/threads/%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B7%91%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.2152550/#post-29753734

    ReplyDelete
    Replies
    1. සමහරු කතා කරල තියෙන හැටි හරි නෑ කියල නං පිලිගන්නවා. 🤔

      Delete
  14. https://malsithroo.blogspot.com/2024/12/virginity.html

    ReplyDelete
    Replies
    1. ස්පෑම් තිබිල ගොඩ ගත්තෙ. හොඳ ලිපියක්. ගිහින් ආවා.👌

      Delete
  15. සුබ නත්තලක් හා ප්‍රීතිමත් නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් ප්‍රීතිමත් නත්තලක් හා සුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  16. අවුරුද්දකට පස්සෙ අටවන කොටස ලිව්වෙ.
    https://drackey.blogspot.com/2024/10/8.html

    ඊළඟ කොටස 2026 දි බලාපොරොත්තු වන්න.

    ReplyDelete
    Replies
    1. හප්පේ ඇති යාංතං. පරක්කු නං තමා, ඒත් උන්න හැටියට මලා මඳැයි. මදි නොකියන්න ලියල තියනවා, ඒ වගේම හිතන්න යමකුත් ඒ කතාවල ගැබ්වෙලා තියනවා. 👌🙏💐

      Delete

  17. මම වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන නෙනෙක්.
    මට අවශ්‍යයි එහි දිනදසුනතුල. රජයේ නිවාඩු දින වගේ දේ ලකුණුකර තබාගන්න.
    මේ සඳහා උපයෝගීතා යෙදුමක් (යුටිලිටියක්) තිබේද?

    ReplyDelete
    Replies
    1. සොරි එහෙම එකක් දන්නෙ නෑ. මම ගූගල් දිනදසුන විතරයි පාවිච්චි කරල තියෙන්නෙ. Github පැත්තෙ බැලුවොත් නරකද?🤔

      Delete
  18. http://kalahitha.blogspot.com/2025/01/wild-slog-in-to-wilpattu-wilderness.html?m=1

    ReplyDelete
    Replies
    1. ගිහින් කයියක් වගේ එකක් ලියල ආවා.😋

      Delete
  19. මේ වසරේ නම් මටම කියල ජනෙල් මැසිමක් ගන්නවාමයි .. මාකට් ප්ලේස් එකෙන් පරණ එකක් හොයනවා .. බොහෝ විට ලබන සතියේ ගන්න ඉන්නේ ..

    ඇපල් එක්ක ජිවිතේ බෝරිං

    සුනවේ

    ReplyDelete
    Replies
    1. ඔය මාකට් ප්ලේස් එකේ හොඳ ඩීල් තියෙනව කියල අහල තියනවා. ඒත් රටේ වෙදාලත් ඉන්නවලු. ඒ නිසා හොඳට හොයල බලල ගන්න කියල තමයි කියන්න තියෙන්නෙ.

      IntelBurnTest 2.54 - For CPU
      superposition - for GPU
      HWiNFO 64 - for temp and other

      Delete
    2. රටේ වෙද්දු ඉතින් අපේ සහ අල්ලපු ඉන්දියන් තමා .. මෙහෙ සුද්දෙක් පාවිච්චි කරපු එකක් ගත්තොත් අවුලක් නෑ .. Gaming පැත්තට බර එකක් හොයන්නේ රුපියල් 500කට විතර හෙහ් හෙහ් .. Game නොගහව්වත් powerful වෙන්න ඕනේ

      Delete
    3. ඕල් ද බෙස්ට්. හැපී හන්ටින්.🫡😁

      Delete
  20. කිත්මත් ආපහු බ්ලොග් එක ලියනවා . අපි ඊයේ ලන්ඩන් වල හමු වෙලා ඇවිද්ද - https://wisirisihina.blogspot.com/2025/01/2025-1-fall-prevention.html

    ReplyDelete
    Replies
    1. ගිහින් කමෙන්ට් එකක් කෙටුවා.👌

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code