Oct 27, 2025

අතරමං වෙමු අපි ඝණ වනන්තරේ

Jun 2023 හිදී, බෙල්ජියම් සංචාරක සෙලීන් ක්‍රෙමර් (Céline Cremer), වයඹදිග ටැස්මේනියාවේ පිහිටි ෆිලෝසොෆර් ෆෝල්ස් (Philosopher Falls) මංපෙතේ ගමන් ආරම්භ කිරීමෙන් පසු අතුරුදහන් වූවාය. පැයක් ඇතුළත ආපසු පැමිණීමට තිබූ ඇගේ ගමන, වසර දෙකකට වැඩි අදටත් නොවිසිඳුන අභිරහසක්.


ටැස්මේනියන් වනාන්තර සෙල්ලමක් නං නෙමෙයි. මේ ඒ පැත්තෙ කලින් ගිය ජෝඩුවකගෙ කමෙන්ට් එකක්:

අපි බ්‍රිස්බේන්, බෲක්ෆීල්ඩ් වල තියෙන කැලෑ පාරක ඇවිදින්න ගියා. අපි මේ ඇවිදීම මීට කලිනුත් කරලා තියෙනවා, නමුත් මේ වතාවේ අනෙක් පැත්තෙන් පටන් ගන්න තීරණය කළා.අපිට තැනිතලා කොටසක් හම්බවෙද්දී මගේ මහත්තයාට හිතුණා ටිකක් දුවන්න, ඒ නිසා එයා ඉස්සරහට දිව්වා. පාර දෙකට බෙදෙන තැනට ආවම, මම එකපාරටම හිතුනා, එයා ගියේ ලොකු වනාන්තර ප්‍රදේශයකට යන වැරදි පාරෙ කියලා. ඒ තමයි මවුන්ට් නෙබෝ (Mount Nebo). මම කලබල වෙන්න පටන් ගත්තා, නමුත් එයා හරි පාරේ ගියා වෙන්න පුළුවන් කියලා හිතලා මම දිගටම ඇවිද්දා.

මොබයිල් සංඥා තිබුණේ නැහැ, වතුර බෝතල් තිබුණේ මගේ ළඟ, ඒවගේම එදා උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 ක් වුණා. මම මුළු වටේම ඇවිදලා ඉවර වුණත් මගේ මහත්තයා පේන්න හිටියේ නැහැ. මම තවත් පැයක් බලාගෙන ඉඳලා ආයෙත් හොයන්න ගියා. සංඥාවක් හොයාගන්න මට පාරෙන් එළියට වාහනේ එලවගෙන යන්න සිද්ධ වුණා, ඒත් එයාටත් සංඥා තිබිලා නැහැ. පැය 2කට පස්සේ, එයාට සංඥාවක් ලැබිලා මට කිව්වා එයාට පාර වැරදිලා කියලා. එයා පාරක් දැකලා තිබුණා, නමුත් ආයෙත් කැලෑව ඇතුළට ගිහින් ආයෙත් අතරමං වෙලා.

මම එයාට කිව්වා ආපහු පාරට හැරිලා යන වාහනයකට අත දාලා නවත්වන්න කියලා. විශ්වාස කරන්න, අතරමං වෙලා කියලා දැනගත්තම බැටරිය ඉතුරු කරගන්නවා වෙනුවට, මේ බූරුවා එයා වෙලාව ගතකරන්න පොඩ්කාස්ට් එකකට ඇහුම්කන් දීලා. සුළු මොහොතකින් එයාගේ ෆෝන් එක මලා. දැන් අතුරුදහන් වෙලා පැය 5ක්, හොඳටම අඳුරු වෙන්නත් පටන් ගත්ත නිසා මම පොලීසියට කතා කළා. තවත් පැයකට පස්සේ, එයා ශිෂ්‍ය හෙදියන් දෙදෙනෙක්ගේ කාර් එකකින් ආවා.

ඒක මගේ ජීවිතේ විනාශකාරීම සහ දීර්ඝතම පැය 6 ක් වුණා. දැන් උන්දැට, වනාන්තරයක් ළඟටවත් යන්න තහනම්. 

Manual Power Supply Camping Lighter Hand Generator USB Charger Emergency Power

෴++++++++++++++++++++++++++++෴

මම නං සංචාරෙ යන්නේ ලඟම තියන කොන්ක්‍රීට් වනාන්තරේ පමණය. එහෙම කන්ට යමක් හොයා ගන්න ගිය ලඟ දොහක, සුද්දෙකුට මල පැන්නේය. මගේ ඉහේ සිය පාදන්තය දක්වා බලා ඌ ඇසුවේ "ඇයි කොට කලසමක් ඇඳන් ආවේ?" කියලාය. ෂොපින් යන්න ඩ්‍රෙස් කෝඩ් එකක් තියනවාද, නැහ්නම් "සෙල්සියස් අංශක 4 ට බැහැලා තියෙද්දී, තෝ නිකං අපට කැටයං දාන්න එන්න එපා" වගේ හිතුනාද දන්නේ නැත. "ඉතිං ඕයි කකුල්දෙක මගේ නෙව?" වගේ මෝඩ කතාවක් කියන්න හිතුනත් මම කලේ විරිත්තීම විතරමය. සුද්දා නිවැරදිය. මම අවස්ථාවට ගැලපෙන ලෙස සූදානම් වී සිටියේ නැත.

ට්රූ ඉස්ටෝරි 🙏

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

74 comments:

  1. ජීවිතේ හැම දෙයක්ම රිස්ක් එකක්. පාරෙ යන එක වුනත් රිස්ක් එකක්. රිස්ක් එකක් නොගෙන අපට ජීවත් වෙන්න බැහැ. මමත් ඕන තරම් රිස්ක් අරගෙන හොම්බෙන් ගිය අවස්ථාත් තිබ්බා. මේ ලිපියේ අදහස තරුණ කාලෙ අතපය හකුලාගෙන ඉන්න ඕනෙ කියන එක නෙමෙයි. අවස්ථාව අවතක්සේරු කරන්නෙ නැතුව, පොඩියට හරි රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරන්න කියන එකයි කියන්න ඕනෙ වුනේ.

    GPS, සෙල් පෝන්, සැටලයිට් SOS අද දවසෙ වුනත් කෙනෙක් අතුරුදහන් වෙන්න හැකියාව තියනවා. මං මුලා වෙලා පැනික් වුනාම, ලොජිකල් තීරණ ගන්න තියන හැකියාව නැති වෙනවා. ස'වයිවල් ස්කිල් නැත්නම්, ඕනම කරන අඩුම-කුඩුම නැතුව මෙහෙම ගමන් යෑම "ඩෙත් විෂ්" එකක් නෙමෙයිද? කියන සැකය මට තියනවා.

    ReplyDelete
    Replies
    1. අර කොට කලිසම් කතාව ඔහේගේ එකක්ද ? ඇයි මනුස්සයෝ අංශක හතරට අඩුවෙන් බැස්සම ඔය වගේ මෝඩ දේවල් හිතෙන්නේ . අම්ම ළඟ හිටියනම් ටොක්කක් අනී

      Delete
    2. මගේ එකක් තමයි. එලියෙ ඉන්න වුනේ මිනිත්තු ගාණක් නිසාත්, වින්ඩ් චිල් එකක් නැති නිසාත් සීතලක් දැණුනෙ නෑ. සුද්දයි, ඔබයි හරි, මම වැරදියි. ආයෙ ඒ වැරැද්ද කරන්නෙ නෑ.

      Delete
    3. පොස්ටුවක් ලියල. කොමෙන්ටුවකින් මෙහෙම පසු සටහනක් දාන එක පංකාදු වැඩක්.

      ඒත්. පොස්ටුව ලීවේ AI උදව්වක් අරගෙනද නැහ්නං speech to textවත්ද?

      Delete
    4. AI නෙමෙයි, මේවා ඇත්තම අනුන්ගෙ අත්දැකීම්. අන්තිම කොට කලසං කතාව විතරයි මගේ අත්දැකීම. ඔය උඩ වීඩියෝව බලල, ඒකෙ කමෙන්ට් කියවන කොට තමා හොයා ගත්තෙ. ඒ කමෙන්ට් එක අරගෙන ගූගල් ට්‍රාන්ස්ලේට් කරල එඩිට් කරල ගත්තා. මගේ ලියන රටාවෙන් වෙනස් වගේ දැනෙන්නෙ ඒක වෙන්න ඇති.

      Delete
    5. ආන්න එකනෙ. බස්තියන් ඇක්සන්ට් එකෙ අඩුවක් දැනුන!

      Delete
  2. සෙලීන් කාරය ටැස්මේනියන් ඩෙවිල් කෙනෙක් බැඳගෙන ඔය ආතල් එකේ ඉන්නව කියන්නෙ.
    බෙයා ග්‍රිල්ස් ගෙ වීඩියෝ බලපු එකක්නං னයෙක් මරාගෙන කාල හරි ජීවිතේ ගැටගහගනී ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. කාර් පාක් එකේ ඉඳන් වැඩි දුරක් නෑලු. පැහැදිලි අඩි පාරක් තියනවලු. ඒත් ඔතනදි අතුරුදහන් වෙච්ච තව අය ඉන්නවලු. ගමන ලේසියි, ඇල්ල ලස්සනයි කිව්වට, නොපෙනෙන අනතුරු සෑහෙන තියෙන පාටයි. බොලාගෙ නෑයොත් ලෙසටම ඉන්නවලු. බොහෝ තැන්වල සිග්නල් නෑලු. බලන්න යන්න ඉස්සෙල්ලා පොතේ ලියන පාර්ක් රේන්ජර් සර්විස් එහෙම නෑ කියලයි පෙන්නෙ.

      සෙල්පෝන් ඩේටා අනුව පේනවා, ඇල්ල බලල විතරක් නැවතිලා නෑ, එතනින් එහාට කැලේ රිංගලා. ආධුනික සංචාරකයෙක් විදිහට, කිසිම සූදානමක් නැතුව තනියම ඔහොම යෑම නිර්භීතකමද, මෝඩකමද මන්දා?

      Delete
    2. මගේ අදහස වෙනස් කර ගත්ත . ඇඩ්වෙන්චර් එකක් යන එක මෝඩකමක් නෙවේ . මම හිතන්නේ එක - එක්කෝ ලිස්සල වැටිලා පහල ගඟේ කොනක හිර වෙලා . දෙවෙනි එක මිනිස් සතෙකුට හම්බ වෙලා අහවල් වැඩේ කරලා ඉවරයක් කරල් දාන්න ඇති කියල

      Delete
    3. ඇඩ්වෙන්චර් එකක් යන එක මෝඩකමක් නෙවේ බව ඇත්ත. මේ ගිය විදිහ අවුල් කියල හිතෙන්නෙ නැත්ද? හොයන්න ගත්තෙ දවස් 4කට පස්සෙ ෆෙරී එකට නාවහම.

      Investigation after woman left behind by cruise ship dies on island

      ඇඩ්වෙන්චර් එකක් යන එක මෝඩකමක් නෙමෙයි. යන විදිහයි, ගිහින් කරන විදිහයි මාරාන්තික වෙන්න පුළුවන්.

      Delete
    4. එතන නම් ඒ මනුස්සය කට්ටියක් එකක් ගිහින් තියෙන්නේ . පිටි පස්සෙන් එනකොට කට්ටිය ගණන් අරං නැහැ මම හිතන්නේ . ඔය ලොකු යොට් එහම වෙලාවට යනව පැසෙන්ජර්ස් ගැන හිතන්නේ නැතිව . අපට ග්‍රීසියේ දුපතකදී වුනා . දුව කන්දක් නැගල එනවා පහලට මුන් යන්න හදනව . මං කෑ ගහල කිව්වා උඹල යන්නේ පැය භාගෙකට කලින් කියල . ඒ ගමන් හිටිය මොකද අපි එතනට වෙලා නගින්නේ නැතිව හිටිය .

      Delete
    5. බොහෝ කාලෙකට ඉස්සර කියවපු සිද්ධියක් මතක් වුනා.

      1998 Death at Halligans Bay - Caroline Grossmueller

      ලඟදී මට හිතුනා, දැන් GPS, සැටලයිට් SOS මොබයිල් පෝන් , ඔෆ්-ලයින් මැප් අටහුටාමාරක් දේ තියන නිසා අද කාලෙ එහෙම වෙන එකක් නෑ කියල. මේවා දකින කොට හිතෙන්නෙ, කාලයත් එක්ක වෙනස් නූන මිනිසුන්ගෙ නොසැලකිලිමත්කම සහ මෝඩ කම නිසා මොනව තිබ්බත් වැඩක් නෑ කියල. මම අර අතින් කරකවන චාර්ජර්, ටෝච්, ලයිටර් ගැජමැටික් එක දැම්මෙ ඒකයි. නිතරම "ඇඩ්වෙන්චර්" යන අයට හොඳා. ඔය කොතනදි වුනත් බාලාපොරොත්තු නෙවෙන දේ සිද්ධ වෙන්න ඉඩ තියනවා.

      Delete
    6. ඒක සෑඩ් කතාවක් . හැබැයි වැරැද්ද එයාලගේ . මම ඉන්දියාවේ යනකොට අතින් කරකවන ටෝච් එකක් රේඩියෝ එකක් හෙම අරන්ගියා . සැහෙන්න ප්‍රයෝජනවත් වුනා .

      Delete
    7. වැරැද්ද එයාලට පටවන්න ලේසියි. ඒ එක්කම අපි හිත හදාගන්නවා, අපි නං ඔහොම කරන්නේ නෑ කියල. ඒත් කටුක යතාර්ථය ඔයිට වඩා අඳුරුයි. කෲස් කතාවෙදි පේනවා මේ ටුවර් ඔපරේටර්ලා කොච්චර නොසැලකිලිමත්ද කියලා. බේසික් හෙඩ් කවුන්ට් එකක්වත් ගන්න පාටක් නෑ නේද?

      $80,000-a-ticket, 60 days Coral Adventure - A killer(literally) Deal

      දෙවනි එකේදි, කෑම,බීම සුමානෙකට තිබිලත්, දිනපතා නැතත් සංචාරකයො නිතර යන පාරෙ හිටියත්, පැනික් වුනහම මිනිස් මනස අයාලේ යන හැටි පෙනුනා කියල හිතෙනවා.

      Delete
  3. //තවත් පැයකට පස්සේ, එයා ශිෂ්‍ය හෙදියන් දෙදෙනෙක්ගේ කාර් එකකින් ආවා//
    එහෙම වෙලත් ඒ බූරුව අතුරුදන් උනේ (කළේ) නැත එක පුදුමයි.

    ReplyDelete
    Replies
    1. ඔහොම අය ඉන්නව, අනතුරුදායක වැඩ කරලා කික් එකක් ගන්න. හරි වැරදි කියන්න නං දන්නෙ නෑ, තර්ක-ප්‍රතිතර්ක දෙකම තියන නිසා. තමන්ගෙ මට්ටං තම්මැට්ටන් කියනවනෙ? සෙලීන්ගෙ වීඩීයෝ බැලුවාම තේරෙනවා මංමුලා වෙනව කියන්නෙ මොකක්ද කියන එක. අඩිපාරෙන් අඩි කීපයක් ඉවතට ගියත්, බලන,බලන හැම පැත්තම එක වගේ.

      GPS යුගයට පෙර මමත් රත්තපුරේ කැලෑ කන්දක් නැගලා තියනවා. ගමෙන් ගයිඩ් කෙනෙක් අරන්, ගියේ කණ්ඩායමක්. කැලේ බූටෑව කපාගෙන ගිය නිසා, එන්න පැහැදිලි මඟ සළකුණු තිබ්බා. එනකොට ආවෙ සපත්තු කරේ බැඳන්, පාං කියාගන්නවත් බැරුව. කඳු නැගිල්ලෙ ආතල් එක කෙසේ වෙතත් ඇවිත් නාලා කාපු, එවෙලෙම ගලවපු මඤ්ඤොක්කා සහ ගම්මිරිස් වැඩි මස් එක දිව්‍ය භෝජන වගේ බව මතකයි. ගිහින් ඇවිත් සුමාන ගණක් ඇනිච්ච කටු ගැලෙව්වා.

      Delete
  4. අපි (බිරින්දයි මමයි බැඳලා හිටපු නැති කාලේ ) එංගලන්තේ Old Man of Coniston කන්ද නැග්ග . සමර් එකට යන්තන් ලඟයි . ඒත් හිම තියනව . අඩි 2700 විතර . මිනිස්සු යන පාර දිගේ යමු කියල ගියා මැප් එකක් වත් නැහැ . ඒ දවස් වල ගුගල් මැප් වත් නැහැ . උඩට යන කපට තේරුනේ පාරවල් නැහැඅඩි පාරවල් එළුවන්ගේ වෙන්නත් පුලුවන් කියා . අතරමන් වුනා . රෑ වෙන්න ලඟයි .මොබයිල් වල මැප් නැහැ . ඒ හරියේ කවරේජ් නැහැ. අඩිය වැරදුනොත් ලිස්සල කොහේ වැටෙයිද දන්නේ නැහැ . වාසනාවට සුද්දෙක් හම්බ උනා යුනි එකක ප්‍රොෆෙසර් කෙනෙක් . ඉස්සෙල්ල අපට හොඳටම බැනල ඊට පස්සේ පහලට අරගෙන ආවා . (පොර රෑ නයිටට සෙට් වෙනවා ටෙන්ට් එක්කා . පොරට ඒකත් නැති වුනා ) මැප් නැතිව කවදාවත් යන්න එපා කීව . අදටත් මැප් එකක් නැතිව කිසිම හයික් එකක් යන්නේ නැහැ .

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම වගේ, ජීවිතේ යම් දවසක, ඔය වගේම නූනත් සමාන කතාවක් තියනවා. වෙලාව හොඳ නිසා අපි බේරුනා, සෙලීන්ගෙ කතාව මාරාන්තික වුනා. ආන්න ඒකයි වෙනස.

      ඒත් ලෝකෙ වටේ තනියෙන් ඇවිදින්න යනවා නං, ඔයිට වැඩිය ලෑස්ති වෙන්න තිබුනා කියල හිතෙනවා. කෝල් කරලා කාව හරි දැනුවත් කරන්න තිබ්බා සෙල් කවරේජ් නැති කැලෑවට යන්න ඉස්සෙල්ලා. හයික් ට්‍රේල් එකෙන් පිට කැලේට රිංගුවෙ, මාරයා කතා කරලද මන්දා?

      ඉතා පහසුයි, විනෝදාත්මකයි වගේ පේන නුපුරුදු පරිසරයක්, එක වැරදි නිගමනයකින් මර උගුලක් වෙන හැටි? 🤔☹️සුද්ද තමා ඔයාලගෙ ගාඩියන් ඒන්ජල්. ඔහොම කැලේ ටෙන්ට් ගහගෙන ආතල් ගන්නෙ, බාගදා හිටපු කමාන්ඩෝ කෙනෙක් වෙන්නත් ඇති.

      Delete
    2. ඒකනම් දන්නේ නැහැ . අපේ ජිවිතේ එතන විතරක් නෙමේ බේරුවේ . පොර ෆුඩ් ප්‍රොසෙසින් ගැන එක්ස්පර්ට් කෙනෙක් . අර මෑඩ් කව් ඩිසිස් එක එන්න කලින් එංගලන්ත දේශපාලකයෝ මස් කන්න කන්න කියද්දී පොර අපට කීව හරක් මස් සහ බැටළු මස් කන්න එපා කාලයක් කියල . ලෙඩක් තියෙනවා හැදෙයි කියල . අපි කන එක නතර කළා . පොර කීව එක හරි වුනා මාසෙකට පස්සේ .

      Delete
    3. පේන විදිහට ප්‍රොපා ෆුඩ් ප්‍රොසෙසින් ගැන විතරක් නෙමෙයි හයිකින් ගැනත් එක්ස්පර්ට් කෙනෙක් පාටයි. ස්මාර්ට් පොරක්, එහෙම මිනිස්සු ඔහොම ආතල් ගත්තට කමක් නෑ. මම එහෙම අයට කැමතියි. ඒත් ටිකක් මෝඩ පහේ, වෙන්ට ඇඩ්වෙන්චර්ල ගැන ඒ හැටිම පුදුම වෙන්නෙ නෑ. ඒත් පොඩි දුකක් තියනවා, අපි කවුරුත් 100% පර්ෆෙක්ට් නැති නිසා.

      Delete
    4. ඔව් ඒ මනුස්සසය ආයේ කවදාවත් හම්බ වුනේ නැහැ . ඒ දවස් වල තරුණ කම නිසා ඒ මනුස්සයගේ නමවත් ගත්තේ නැහැ .

      Delete
    5. දැන් නම් එයා මේ ලෝකෙ නැතුවත් ඇති. ඒත් ඉන්න තැනක ටෙන්ට් එකක් ගහගෙන, අනුන්ට උදව්වක් කරගෙන යහතින් ඇති. බාගදා "ජීවිතේ අරුත" කියන්නෙත් ඒ වගේ එකකට වෙන්ටෑ?🤔

      Delete
  5. අපොයි....! " වසන්ත මල් ගොමුවේ " මිසක් ඝන වනන්තරේ අතරමං වෙන්ට බයයි නෙව. හැබැයි ඔය උන්දැ ලා ඉන්නවා නේද...කොයි රටේ උන්නත් ඔහොමම තමයි

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් අත්දැකීමෙන් කිව්ව කතාවක්ද මන්දා? 😁

      Delete
  6. අතරමං උනාද කැමැත්තෙන් වහන් උනාද කියලා නැතිවුණ අයම තමයි දන්නේ. මහා වනාන්තර කොන්ක්‍රීට් පුරවර විතරක් නෙමෙයි දැන් අපි ඩිජිටල් අවකාශයේත් මන්මුලාවෙලා ඉන්නේ . සමහරු කැමැත්තෙන්ම. ඔය කියන මහා වනාන්තර වල නම් ගොඩක් අය කැමැත්තෙන්ම තමයි. ජපානයේත් තියනවනේ ඔය වගේ කැලයක්

    ReplyDelete
    Replies
    1. හ්ම්....ඒකත් ඇත්ත. Aokigahara Forest නේද? ඒ කැලෑවට "Suicide Forest", "Cursed Forest" කියලත් කියනවලු. මේ ටැස්මේයානු කැලෑවෙත්, අඩිපාරෙන් ඉවත් වුනාම, එහෙම අඳුරු, මුසප්පේන්තු ගතියක් තියනවා. දින හතරකින් ආපහු මෙල්බර්න් යන්න සෙලීන් බුක් කරල තිබ්බ ෆෙරී බෝට්ටුවෙ නම " Spirit of Tasmania" වෙච්ච එක දෛවයේ සරදමක්ද මන්දා? කැමැත්තෙන් සියදිවි නසාගත්තා කියල හිතන්න අමාරු, මොබයිල්,gps ඩේටා අනුව, අන්තිමට ලඟම කන්ද මුදුනට ගිහින් තියන බව පේන නිසයි.

      අපි කොන්ක්‍රීට් පුරවර ,ඩිජිටල් අවකාශයේ අතරමං වෙන කතාව ඇත්ත. එකම වෙනස කන්න, බොන්න නැතුව නොමැරෙන එක විතරයි. ඒ එක්කම තාක්ෂණයට ඇති ඇබ්බැහිය තව කාරණයක්. ඉස්සර නාවිකයො, කාන්තාර ගැල්කරුවො විතරක් නෙමෙයි මෑත ඉතිහාසයේ මූදු ගිය මසුන් මරන්නො පවා දැණ සිටි තරු බලා පාර හොයාගන්න දැණුම දැන් අභාවයට ගිහින්. මොනව කරන්නද අනේ කාලේ, (ඩිජිටල්) වනේ වාසේ!

      Delete
    2. into the wild ආයේ මතක් වුනා https://kolambagamaya.blogspot.com/2022/06/blog-post.html

      Delete
    3. පට්ට ලිපියක් හයි-ස්පීඩ් ස්කෑම් ක්‍රමේට කියෙව්ව. ආයෙ මුල ඉඳලම කියවන්න ඕනෙ. ඕවා නැවත-නැවත රසවිඳින්න ඇහැකි බ්ලොග් මිණිකැට.💐👌
      හෙහ්, හෙහ් "ඇයි මගේ පරණ හොන්ඩා කාරෙකේ වැරැද්ද මොකක්ද?" මටත් අදාලයි. 😁
      "මටත් වෙලාවකට හිතෙනව සමාජ ජාලා වල ගිණුම් අකර්මන්‍ය කරලා බ්ලොග් ලිවිල්ලත් නවත්වල AWOL හෝ MIA වෙන්න" - ඒ මොන මල හත්තිලව්වක්ද, පිස්සුද ලොකු අයියෙ ?😮
      සමාජය ගැන, වටේ ඉන්න අයගෙ බොරු විගඩම් ගැන කළකිරෙන එක මට තේරෙනවා. ඒත් ඔය ඔෆ්-ග්‍රිඩ් අපිස් ජීවිතේ ඔය කියන තරම් නිරාමිස වේවිද? ඕනෙම නං මේ ඉන්න සමාජයේම Hikikomori ස්ටැයිල් අත්හදා බැලුවට කමක් නෑ. මමත් ඒක ටිකක් අනුගමනය කරල තියනවා. මම ඉතිං මැදුම්-පිලිවෙතේ බස්සා නිසා ඒකත් කරන්නෙ පාට්-ටයිම්. සයිමන් නවගත්තේගමත් කාළයක් හේනක එහෙම හිටිය බව කියනව නේද? පස්සෙ ආයෙ සබේට ඇවිත් ඊලොන් මස්ක් වගේ වටේටම ඇන්න එක වෙනයි. 😁

      Delete
    4. මම ඔය Hikikomori අනූ ගණන් වල කළා කාලයක් . සම්පුර්ණයෙන් ම වගේ . ඊට පස්සේ බිරින්දෑ හම්බ වුනා . ආයේ ටික ටික ආව මනුෂ්‍ය ජිවිතේට . දැනුත් වෙලාවකට හිතෙනවා . මගේ කාරෙකත් බෙන්ස් එකක් වුනාට පරණ එකක් . හැබැයි mileage එක 129000. ඉතින් තවම යන්න පුළුවන්. දැන් දැන් කට්ටිය කියනව මොකෝ අලුත් එකක් ගන්නේ නැත්තේ කියල .

      Delete
    5. //දැනුත් වෙලාවකට හිතෙනවා//
      පෝක් කරි එක්ක පොල් රොටියක් කලා, සුරුට්ටුවක් ගහල, ඔය ප්‍රයෝජනවත් අත්දැකීමක් අපිත් එක්ක බෙදාගෙන ඔය ඉන්න හැටියට ඉන්න අප්පා. මොකද ඔෆ්-ග්‍රිඩ් ගියා කියල සෝවාන් වෙන්ටයෑ?😜

      Delete
    6. In to the wild කියවලා බලනකොට ආයේ අර පැතුම් ලියාපු හිපියෙකුගේ නිවන වගේ තැනකට වැටුනා. දමිත තවම නැතිද ? ලකා නම් වෙළඳ දැන්වීම් කරගෙන ඉන්නවා. ලංකාවෙන්ම උසස් පෙළ පළවෙනියා වෙච්ච, වෛද්‍ය පීටයේත් 1st හෝ 2nd Upper class එකක් එක්ක ඉහලින්ම සමත් වෙච්ච සහෘදයෙක් මහණවෙලා ඉන්නවා. සත්‍ය සොයන්න. නාලන්දාවේ ක්‍රිකට් කැප්ටන් උන ඉහලින්ම උසස් පෙළ ගණිත අංශයෙන් සමත් වුන තවත් සහෘදයෙක් උමන්දාවේ මහන වෙලා. මේ අය උගත් බුද්ධිමත් අය. ජිවිතයේ ලඟා කරගත හැකි උපරිම භෞතික සම්පත් ලබන්න පුළුවන් අය.අර හර්මන් හේස ගේ සිද්ධාර්ථ වගේ සත්‍ය සොයාගෙන යනවා. මතක විදිහට ඒ සිද්ධාර්ථ සත්‍ය සොයාගෙන යනකොට ගෞතම බුදු හාමුදුරුවොත් හම්බ වෙනවා. හැබයි සත්‍ය හොයාගන්නේ ගඟක තොටියෙක් ලඟින් නේද? ආයේ කියවලා බලන්න ඕනේ. සත්‍ය සොයා යාමයි කලකිරීමෙන් වහන් වීමයි වෙනස්.

      Delete
    7. //සත්‍ය සොයා යාමයි කලකිරීමෙන් වහන් වීමයි වෙනස්// මටත් එහෙම හිතෙනවා. ඒත් "සත්‍යය" කියලා එහෙම එක දෙයක් තියෙනවද? එතකොට ගිහි ජීවිතේ කියන්නෙ බොරුවක්ද? "සත්‍යය" කියන එක සාපේක්ෂ දෙයක්ද? හරි මම හොයා ගත්තා කියල, ස්වයං මෝහනය වෙන්න ඉඩක් තියනවාද? රහත්ද කියල බලන්න "මීටරයක්" නෑනෙ කියලත් කිව්ව නේද?

      බැණ බැණ ඉරිසියා කර කර වෛර කර කර ඉන්නැතුව තොපිත් මේ වගේ වවාගනිල්ලා, කාපල්ලා - අරහත් සමන්තබද්ධ හිමි

      උමන්දාව හොඳ ස්වයංපෝෂිත සංකල්පයක් කියල නං හිතෙනවා. ඊට වැඩි දෙයක් දන්නෙ නෑ. දමිත චන්ද්‍රසිරි නැති වුන එක ලොකු පාඩුවක්. ඔහොම කලාකාරයෝ බොහොම විරලයි.

      Delete
    8. දමිත තවම නැහැ . වල්ම්පුරිය වගේ එකක් ලියන්න හදල ඒකෙ ඉතුරු ටික ලකා දර්මරත්න කළා කියල කවුද කීව . අඇත්තද දන්නේ නැහැ . හැබැයි ඒ ෆිල්ම් එක කුඹිය තරම් සාර්ථක නැහැ කියලත් කියනවා . සත්‍ය සොයා යාමයි කලකිරීමෙන් වහන් වීමයි වෙනස්.- එක හරි . අපි දන්නේ නැහැ කලකිරීමෙන් වාහන වුනාද කියලත් . උමන්දාව ට ම්මුදල් විශුද්ධි කරන කේස් එකක් නැත්ද ?

      Delete
    9. උමන්දාවෙ ජිම් එකක් නං තියනවා.
      https://www.youtube.com/watch?v=uheiiKyitCY

      සමහර වෙලාවට මට ඇත්ත, නැත්ත, බොරුව මොකක්ද කියල පටලැවෙනවා. ලොකුවට අඞබෙර ගහල, සද්ද දාන තැන්වල වැඩියෙ තියෙන්නෙ බොරුව කියලත් හිතෙනවා. අපි වගේ හුදී ජනයාට ඕව බරපතල වැඩි නිසා, මම ඕව ගැන එච්චර ගැඹුරට හිතන්න යන්නෙ නෑ.

      Good Omens

      Delete
    10. එතන කෑම හොඳයි කියල යාළුවෙක් කිව්වා . හැබැයි පට්ට ගණන් ලු . ඊට වැඩිය ලාබෙට ඒ කෑම ම එළියේ කන්න පුළුවන්ලු . කොහොමත් අර ** දුමියා හෙම ඒ දවස් වල ප්‍රධාන දායකයෙක් නේ .

      Delete
    11. හාමදුරුවො හොඳ ව්‍යවසායකයෙක්. අනිත් පන්සල් වල වුනත් බිස්නස් කෙරෙන නිසා, අවුලක් නෑ. නාග ලෝකෙන් ඊබේ ධාතු වඩම්මනවට වැඩිය නං මේ ක්‍රමේ හොඳයි.

      Delete
    12. නිහඬපාල මහත්මයා ඔය නිවන ගැන හෙම හිතන පොඩ්ඩක්ලිපියකින් න් දාන්න . අපිත් කැමතියි කියවන්න . හොඳ තාර්කික කියවීමක් තියෙනව කියල තමා මට හිතෙන්නේ

      Delete
  7. https://share.google/images/l8PxzIdee5XhUHloR

    ReplyDelete
    Replies
    1. ප්‍රාජේ අපිට පෙන්නනවා බකුසු අඞූ
      බජාර් එකේ කකුල් ඕව නියම බඩූ
      ගමයත් ආව, තව වෙන මොනවාද අඩූ
      නිදි ගොයියා ආවේ නැති එක පාඩූ

      Delete
    2. ඇත්තටම නිදි ආවේ නැහැ නේද ? ප්‍රා ට කියල කෝල් එකක් දීලා බලමුද

      Delete
    3. නිදි බේත් නොගෙන, හිතෙන,හිතෙන ගොඩ වෙදකං කලා කියල යාළුවො බැන්න කතාවක් කිව්වා. හොඳ වෙලාවට එයාගෙ නෑඳෑ-මිත්‍ර නෙට්වර්ක් එක තියෙන නිසා අවුලක් නැතුව ඇති. ප්‍රා ආවෙත් අද, නිසා කරදර කරන එක හොඳද මන්දා?🤔

      Delete
  8. සීතල නත්තලත් වංගුවෙ ලඟදි එන
    කකුල් දෙකට තර්මල් අපි අන්දවන
    තටු පොරවාන සැප නින්දේ මුකබාණ
    උඩින් ගියා ගම රට සිරි නරඹන්න

    ගාලු පාරෙ බෝක්කුවක් මා දකින
    පරණ තාලෙ මන්දිරයක් එහි තිබුන
    මුදලි සාමයෙන් සැතපෙන සොහොන
    අප්පු තමයි කිව්වේ "අන්න, අතන"

    ඔහේට නං මුදලිතුමා කැමති වග පෙනේ
    හොර හැතිකරයෙන් බේරෙන්නට බෑනේ
    උන් ඔක්කොම මෙතන තමයි වලලන්නේ
    ඇන්නා කව්ද පිටට එතකොට ඇහැරුනනේ

    "මොකද යකෝ" කියලා මට කියවෙන්නේ
    අපි නං ඔහොම එව්වට නෑ බය වෙන්නේ
    ඇන්නේ මුදලිමද මට කුකුසක් එන්නේ
    සීතල දුරුත්තට පෙන්නන හීන අනේ!

    ReplyDelete
    Replies
    1. 😃😃😃😃😃😃😃😃

      Delete
    2. ඔය දුරුත්තේ සීතල නොවේ බක මූණේ
      ඉල් මහේ හී ගඩුය ඔය පැන එන්නේ
      උඳුවප් මහේ හීතල ඇඟ හිරි වට්ටන්නේ
      දුරුත්තේ ඔයා මහා හිමේ හිරවෙල ඉන්නේ

      Delete
    3. හිම ටැට්ටර් ඇවිත් හාරල දෙනවා
      හිර වෙලාම නෑ, අපි ලුහුටලා යනවා
      කෑම බීම ස්ටොක් කරගෙන කනවා
      අපිටත් ඉතිං දවසක ඉර පායනවා

      දැක්කෙ පොඩි කාලෙ දැකපු විදිහට. මම ගූගල් ස්ටීට් ගිහින් බැලුවා.

      මේකද කොහෙද ගේ
      පිටට තඩි බාපු එක නං රියල් විදිහට දැණුනා, ඒ එක්කම ඇහරුන නිසා. "මොකද යකෝ" කියල අහන කොට ඇහැරිලා.

      Delete
    4. හරියටම ඒ විධිහට දකිනව් අකියන්නේ ක්වන්ටම් සීන් එකක් වගේ

      Delete
    5. ක්වන්ටම් ද, ටයිම් ස්ලිප්ද මන්දා. බාගදා ලුසිඩ් ඩ්‍රීමින් වෙන්නත් ඇති. මට සමහර වෙලාවට හීන කොටස් වශයෙන් පේනවා. ඔන්න හීනෙ මැදදි ඇහැරෙනවා. ආයෙ පටස් ගාලා ඇහැ පියෙව්වොත්, නින්දත් නොනින්දත් අතර "ඉතුරු කොටස" බලතෑකි.

      Delete
  9. ආවෙමි පමා වී ඒ ගැන කනගාටුයි
    පමා වුණේ උණෙන් පෙළී හිටි හින්දයි
    ඒ අතරේ බොහොම කවිත් ගෙතී තියෙයි
    අනේ සාදු- තව කවියන් එතියි සිතෙයි!

    ReplyDelete
    Replies
    1. පමා වෙලා හරි මෙහි ආ එකම මඳැයි
      ගමයා කර ගහල සප් එක දුන්නා හොඳයි
      වැසි කාලේ උණ-හෙම්බට බොහොම ජයයි
      ඉක්මන් සුවය පතමි ඔබට ජයෙන් ජයයි

      Delete
    2. නිදි දැක්කහම ලොකු සතුටක් දැනුනා
      ලෙඩවී සිටි දැයි මගේ හිතේ පැනයක් රැඳුනා
      මේ රටේ හිටිය නම් එන්නතකුත් දෙනවා
      දැන් හොඳ නිසා හිතටත් සතුටක් දැනුනා

      Delete
    3. නිතර නිතර ගමනෙ යෙදෙන
      කැමති ඇඳුම කොට කලසම
      නොස්ටැජික් කතා ලියන
      වෙන කවුරුද රසට උයන

      Delete
    4. අජිත් ධර්ම මහත්තයෝ,

      එන්නත් කියනකොට සිහි විණි මෙහෙම දෙයක්
      දකුණත නහර ටික ඇකිලිල වගෙයි ගොඩක්
      testsවලට ලේ ගන්නේ වමෙන් මිසක්
      දකුණෙන් නෙවෙයි- එහෙමයි එය හරි කෙළියක්!

      Delete
    5. බස්සා මහත්තයෝ,

      කොට කලිසමට කැමතියි දැන් ලේසි නිසා
      ගමනට රිසිය ඉන් නව පණ ලැබෙන නිසා
      පැරණි මතක තව ලියුමට තිබෙන නිසා
      ලියමි, උයන වැඩ අඩුවෙන් කෙරෙන නිසා

      Delete
    6. නරක පුරුදු නැහැ සමබර කෑම කතේ
      නිදිගේ නහර ගැන කතාව දකුණු අතේ
      ඇහුවම ටිකක් බය ඇති විය මගේ හිතේ
      අනාගතේ කොහොම වෙයිද අපට පුතේ

      Delete
    7. පරෙස්සම හොඳයි කාටත් වෙනවා නං
      ඒත් මගෙ හිතේ මැදි පිළිවෙතයි හොඳින්
      මොනවා කළත් යන්නට වෙයි ලෙස ඉරණම්
      හිඳිමි තුටින් එන එන දේ පිළිගනිමින්!

      Delete
  10. මිනිහා සතෙකි අරුමැති දේ කරනු රිසී
    සමහර විටෙක නොතකයි ඔහු විදිහ නිසි
    ආරක්ෂාව එතකොට බිංදුවට බසී
    එවිටයි සමහරුන් නිකරුණෙ යන්නෙ නැසී

    ReplyDelete
    Replies
    1. නොම්බරෙ කතා කල විට කවුරුත් යනවා
      සමහරු නොම්බරත් ඉල්ලා ගෙන යනවා
      තව අය කළකිරිල, කඩ වහන්නට යනවා
      මට තේරෙන්නෙ නෑ කියමිද මම මොනවා

      Delete
  11. “ෂොපින් යන්න ඩ්‍රෙස් කෝඩ් එකක් තියනවාද“ ඇත්තටම හිතුවොත් implied ඩ්‍රෙස් කෝඩ් එකක්තියෙනවා නේද. grocery shopping නෙවෙයි; සාමාන්‍ය ශොපින් වලට. බලන්නකො හොඳට ඇඳලා ගියාම floor staff සලකන විදිහ. ෂෝර්ට්ස් අඳිනවනම් ඉතින් හොඳම එකක් ඇඳලා යන්න ඕනෙ.

    අපි කැමති වුනත් නැතත් අපිව ඇඳුමෙන් judge වෙනවා. දැක්කද අර එරිකා කර්ක් සහ ජේඩී අතර ලඟදි වෙච්ච සීන් එකේදි එරිකා ලෙදර් පැන්ට්ස් ඇඳලා හිටපු එකත් ගින්දරට පිදුරු දැම්මා වගේ වුනා.

    ReplyDelete
    Replies
    1. හ්ම්....බොහොම හොඳ නිරීක්ෂණයක්. මම ඒ හැටි අවධානයක් යොමු නොකරපු දෙයක්. මම තාමත් පෝස්ට් ලියන එක (ආත්මාර්ථකාමී)හේතුවක් තමයි, මේ වගේ සාකච්චා වලින් මට ලැබෙන උපදේශ සහ පාඩම්. ස්තූතියි පෙන්න දුන්නට. 🙏

      Delete
  12. mutual යාලුවෙක්ගෙ housemate මරණයට පත් වුනා New Zealand -South Island වල හයික් එකක් අතරදි. අවුරුදු විසි ගානක ගැහැනු ළමෙක්, තරමක seasoned hiker කෙනෙක්. නමුත් අඳුරු වැටීගෙන එන වෙලාවෙ පටු පාරින් ලිස්සලා ප්‍රපාතයට වැටිලා පල්ලෙහා ගඟේ ලොකු ගලක ඔලුවත් වැදිලා නැති වෙලා කියලයි කියන්නෙ.

    ඔය වගේ ඇවිදින කොට ලොකු තැනිතලාවල්, ගස්, කඳු, අහස අතරෙ transcendental feeling එකෙක් දනෙනවා නේද. මම හිතන්න බටහිර අය ඒකට ගොඩක් කැමතියි. අපිට පොඩි කාලෙ ඉඳලා ඔලුවට දාලා තියෙන්නෙ පංසලට ගියාම එහෙම දැනෙනවා කියලානෙ. බටහිර අයට ඒක ඇවිදලාම ගන්න ඕනෙ නිසා ඔය වගේ රිස්ක්ස් අරන් යනවා ඇති. අනිත් එක ඒගොල්ලන්ට පොඩි කාලෙ ඉඳලා "එපා එපා, වැටෙයි තුවාල වෙයි" කියලා හැම වෙලේම කියන අම්මලා, ආච්චි අම්මලා නැති නිසා රිස්ක්ස් ගන්න බය නෑ. (නිකන් ලිව්වෙ, මට හිතෙන විකාර 😍

    ReplyDelete
    Replies
    1. විකාර කියල හිතෙන්නෙ නෑ. එහෙම වෙන්න සෑහෙන ඉඩක් තියනවා. මේ අය ගැන කණගාටු, අකාලේ නැතිවෙන ජීවිත නිසයි. ලංකාවෙ වුනත්, මෙහෙමම නූනත්, සෙල්ෆි ගහන්න ගිහින් වෙන අනතුරු ගැන කියවෙනවා නේද?

      Delete
  13. Replies
    1. හුම් කියන්න හරි ආපු එකම වටිනවා.🙏
      මගේ බ්ලොග් ගමනෙ, රිම් එකෙන් ගිය වෙලාවල් වල දීපු සපෝට් එක අමතක නෑ.💐

      Delete
  14. ඉවාන් ආයෙ ලියලා. 😊
    https://iwanpaulooshaa.blogspot.com/2025/11/blog-post.html

    අඹන් ගඟේ ඉවුරේ ඇත බකමුණ
    ඉබ්බාගමුව කලාපයේ කිරිබමුණ
    දිගන පේරාදෙණි බස් යන පැණිදෙනිය
    කටුගෙට යයිද ශ්‍රී ලංගම බස් රථ ඇණිය


    ReplyDelete
  15. මම නම් එදා ඉඳල ඔය වගේ ඇඩ්වෙන්චර් ගමන් යන්න බයයි .. වයිෆ් මට වඩා බයයි .. හෙහ් හෙහ් ..

    අපි මේ දෙසැම්බර් Spirit of Tasmania එකේ ටස්මේනියා පැත්තේ රවුමක් ගහන්න සාකච්චා පවත්වමින් ඉන්නවා .. බොහෝ දුරට සාකච්චා වලින් ඉවර වෙයි .. හෙහ් හෙහ්

    අර දාල තියෙන ගැජට් එක සිරා .. එකක් ගන්න ඕනේ ..

    In to the wild ෆිල්ම් එක බැලුවහම නම් මට හිතුනේ අමු මෝඩයෙක් කියල ..

    ReplyDelete
    Replies
    1. Spirit of Tasmania එකේ ගියාට කමක් නෑ, ගිය විදිහටම ආයෙ එනව නං.

      Aliexpress 11:11 සේල් එක අත ලඟ. තවත් අඩු කරල දාලා තියනවා. ඔය වගේ ඒව තව තියනවා, බලල වැඩිම පහසුකම් තියන හොඳම එකක් ගන්න.

      Delete
  16. https://chinthanieamarasinghesblog.blogspot.com/2025/11/blog-post_11.html

    ReplyDelete
    Replies
    1. ගියා. උඹ ආයෙ බොලොග් තානාපති වැඩේ කරන එකට සතුටුයි. 🙏

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code