මම පුරුද්දක් විදිහට ගේම් ගහන්නෙ නෑ. ගැහුවත් හොල්මන්, සොම්බි සහ දරුණු ගේම් වලට කැමති නෑ. The Last Caretaker ටිකක් වෙනස් ජාතියෙ ගේම් එකක්. ගේම් එකේ ෆිසික්ස් මාරයි. ඔය සමහර ගේම් තියනවානෙ ට්‍රෙලර් එකේ හයි කොලිටි ඇනිමේෂන් පෙන්නලා, ඇත්ත ගේම් එකේ කොලිටි බල්ල මාක්. මේක එහෙම නෑ. පුදුම හිතෙන තරම් ඇත්තම කොලිටි.
පටන් ගන්නෙ 2099 වල රොබෝවෙක් විදිහට. ඔය උඩ පිංතූරෙ ඉන්නෙ පොර. ඔව්, ඔව් කුරහන් සාටකයක් තමයි දාගෙන ඉන්නෙ. ලෝකෙම වතුරෙන් යටවෙලා, මිනිස්සු ඔක්කොම ලෙෆ්ට්. හැබැයි උන් ඉන්න තැන වරිගයා බෝ කරන්න බෑ. ලෝකෙට කෙලෝලා යන්න ඉස්සෙල්ලා මෙහෙ තැන, තැන "හියුමන් සීඩ්ස්" තැන්පත් කරලයි ගිහින් තියෙන්නෙ. ටක්කෙටම ඊලාන් මස්ක්ගෙ වැඩක්. රොබෝවගෙ රාජකාරිය ඒ "සීඩ්ස්" ගබඩා කරල තියෙන තැන් වලන් අරගෙන, මිනිස්සු "වගා" කරවල, රොකට් එකක පටවල ගුවන් ගත කරන එක. අමාරුම නෑ, මමත් එකෙක්ව උඩු ගුවන් ගත කලා. උන්දැගෙ නම සිරිපාල. දැන් ඔක්කොම රොකට් ලොන්ච් සෙටප් එක සෙට් කරලා, ලෝන්ච් සෙන්ටර් එකේ බූතයො සුද්ද කරලයි තියෙන්නෙ. රොකට් එකේ තුන් දෙනෙක් යැව්වෑකි. ගිය රොකට් එක ආයෙ ආවා පණිවිඩයක් අරගෙන තව එවන්න කියලා. දැන් තෙල් ඉවරයි, යන්න ඕනෙ "ඔයිල් ෆ්ලැට්ෆෝම්" එකේ බූතයො සුද්ද කරලා එතන ඔයිල් ප්‍රොඩක්ෂන් එක සෙට් කරන්න.
ලස්සන ගේම් එකක්. පට්ට බෝට්ටුවක් තියනවා. බෝට්ටු එලවන හැටි, ඩොක් එකට රිවර්ස් පාක් කරන හැටි ඉගෙන ගත්තෑකි. කාගෝ හෝල්, බ්‍රිජ් කියන්නෙ මොනවද කියල දැන ගත්තෙ මේකෙන්. ඇන්කර් එක දාලා, බෝට්ටුව ඩොක් එකට moor කරන හැටි. පස්සෙ බෝට්ටුව ඩොක් එකට හේත්තු වුනාම moor ටික ගලවලා ඇන්කර් එක දාන්න ඕනෙ. නැත්නම් moor එකෙන් බෝට්ටුව අදිනවා. එතකොට රැල්ලට උඩ පාත යන බෝට්ටුව ඩොක් එකේ හිර වෙලා ඇල වෙනවා.
උසම උස ඇන්ටෙනා ටවර් නැගිල්ලෙ ඉඳන්, මුහුදෙ පීනන, බඹ ගාණක් කිමිදෙන් ඒවත් තියනවා. ඇත්ත වගේම රියලිස්ටික් විෂුවල්ස් නිසයි වටින්නෙ. මේක "ෆ්‍රී රෝමින්" ඇඩ්වෙන්චර් එකක්. කැමති වෙලාවක් අරගෙන, කැමති දෙයක් කලෑකි. කක්කුට්ටො වගේ එන රොබො සත්තුන්ගෙ නම "ස්වීට් හාර්ට්". ස්වීට් හාර්ට්ලට බැස්ටිය දෙන්න ඕනෙ. තව ඉන්නව බෝලෙ වගේ රෝල් වෙලා ඇවිත් වෙඩි තියන එකෙක්. "එන්ජල්" කියලා පියාඹන රොබෝ තල්මස්සුත් ඉන්නවා. උන්ගෙන් කරදරයක් නෑ. හැබැයි අපි උන්ට වෙඩි තිබ්බොත් බඩුම තමා. මම ඔක්සිජන් කැනිස්ටර් සෙට් කරලා බෝම්බ ගහලා බෝල රොබෝවෙක් පිපිරෙව්ව වෙලාවෙ, එතනට ඉන්ස්පෙක්ෂන් ආපු "එන්ජල්" කෙනෙක්ට වැදුනා. මට එලෝ, එලෝ ගැහැව්වා. අනිත් එන්ජල්ලට කියල උනුත් දැක්ක තැන ගහන්න ගත්තා. මම දුන්නා හුරේ රන් එකක්. පස්සෙ කලින් සේව් ගේම් එකක් ලෝඩ් කරන්න වුනා. මුලදි සමහර තැන් වලදි ටිකක් බය වෙනවා. පස්සෙ යූ ටියුබ් එකේ අනිත් එවුන් බෝල රොබෝව එක්ක සල්සා ඩාන්ස් දාන කොට බය නැතුව ගියා.
අඩුම සෙටින්ග්ස් දා ගත්තාම සාමාන්‍ය කම්පූටරේක අවුලක් නැතුව දිව්වෑකි.
දවල් වෙලා ආයෙ එඥ්ඤං. මෙහෙට උදේ සිට වැස්ස.
ReplyDelete