ගමන නොනිමෙයි ලෝකයේ මේ පුරුදු ජීවන මංතලේ..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..
වැටෙන මල් පෙති පාවුනාවේ සුළං රැළි ඔහෙ යන අතේ..
යළිත් ගහකොළ පාළු නෑනේ රිකිළි නංවා ලියැලැවේ..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..
කොහෙද සීතල ජලාශයක රැළි ගැටී ගැටී එයි සුළං වැදී..
අපේම සිරුරේ අපේම දහදිය නිවී නිවී යයි සුළං වැදී..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..
ගලා බසී දිය පහර සෙමින් වැලිතලා සදා සමතලා බිමේ..
හැපී ගලක යළි සලා වැටුම් දී නගා නගා හඬ දිවේ දිවේ.
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..
මං මේ උදේ කෑම වේල හොයාගන්ට කියලා හන්දියෙ බේකරිය පැත්තට යන්ට පාරට බැස්සා. මේං අපෙ බකුසු තඩියා ඉන්නවා සීයට අරගෙන පනහට දීලා වගේ. මොනව උනත් අපේ එකා නෙව . මං හිමීට කිට්‍ටු කලා.
Jun 10, 2012
Jun 9, 2012
බ්ලොගර් පොස්ට් සඳහා සංශිප්ත මුල් පිටුවක්..
මෙන්න අර යස අගේට තියෙන බ්ලොග් කන මකබාසව එක්කගෙන ආවා :).
බය වෙන්න එපා, මෙව්ව 100% ටැස් කොරාපුව, සැක නං බලන්නකො ඔය උඩතියෙන Home බොත්තම ඔබල. ඔය තියෙන්නෙ දිලිසි, දිලිසි යස අගේට.....( ඔබාගේ " චොප්පෙ අයියාගේ" කතාවෙන් උස්සන ලදී.. )
මම කොහොම වෙතත් ඔයාල , බොහොම මහන්සි වෙලා අපට බලන්ට ලිපි ලියනවා නෙව. ඔන්න අපි නිවාඩු දවසක, චැට් එකකට එහෙම පස්සෙ, දෙයියනේ කියල බ්ලොග් අවකාසෙ හැලප ගිල,ගිල යනකොට හොඳ ලිපියක් හම්බ වුනයි කියමුකො. ඒක බැලුව, ගියා. ඇයි අප්පේ තව කොච්චර නිල් කැට, පුස්පරාග වගේ ලිපි කීයක් ඔය බ්ලොග් වල වැලලිලා ඇත්ද? කාටද ඔය මී බෝල කරකවා, කරකවා, ඔව්වා හොයන්න ඇහැකි? මේකට උත්තරේ තමයි අද පාඩම:
අද බාස් උන්නැහේ කියල දෙන්න යන්නෙ, කොහොමද summary page එකක් හදාගන්නෙ කියල. මේක හැම පොස්ට් එකකින්ම ටික, ටික පෙන්නවා, හරියට ඔය සින්ඩිවල තියෙනව වගේ.හරිම ලේසියි. දැං ඉස්සර වගේ HTML එඩිට් කරගෙන නටන්න ඕනෙ නෑ. මේ පහසුකම Bloggerලම දීල තියනවා. හැබැයි , ඒක setting වල enable කරන්න ඕනෙ. මෙන්න මෙහෙම:

Apr 22, 2012
The Machine is Us
තාක්ෂණය නිසා ලෝකයට ලැබිච්ච හොඳදේ නරකට වඩා වැඩියි කියලයි මට නං හිතෙන්නෙ. හොඳම දේ තමා යම් නරකක් තියනවා නම්, ඒක තේරුම් ගත්තාම පසු කාළෙක හරි අපි ඒ දේ නිවැරදි කිරීමට උත්සාහ ගැනීම - ඔය පරිසරය සුරැකීම වගේ.
මේකත් ඒ වගේ අපට ලැබිච්ච හොඳ දෙයක් .අද බස්සො, බකමූණෝ පවා පල් හෑලි ලියන්නේ මේ නිසානෙ :))
ඔය පල්ලෙහා විඩියෝවෙ තියනවා විස්තරේ. ගුහාවල, චිත්‍ර ඇඳලා, පස්සෙ සෙල් ලිපි පුස්කොල පොත් හරහා ආපු අපේ ලේඛන කලාව අද මෙතනට ඇවිල්ලා තියනවා.

Apr 12, 2012
Kiss the Girl
කව්ද කියලා තිබ්බා සැමියෙකුට ලැබෙන්න පුළුවන් හොඳම බිරිඳ නම්. කතාකරන්න බැරි බිරිඳක් කියලා. බලාගෙන ගිහාම ඒකෙත් ඇත්තක් ඇති. හා, බොරු නං අහල බලන්නකො ඔය ඕන හස්බංඩෙක් ගෙන් ." අනේ දෙයියෙනේ, මේ උන්දැගෙ වෑර්ලස් එකේ දවසකටවත් බැස්ටි බහිනව නං, මට කනක් ඇහිල ඉන්න" කියලා නොහිතපු හස්බංඩෙක් ඉන්නවාද කියන එක සැකයි.
Mar 30, 2012
නා ගෙන ඉවරයි, හා! දැං සබන් ගා ගමු
කලින් සැරේ, අනුන්ගේ කලිසං තමන්ගේ වගේ ඇඳගෙන යාමට ගොස්, කොමෙන්ට් 200 පොස්ට් එකේ දී ඇදගෙන (අ)නා ගත්ත නිසා, මේ සැරේ ලියන්නේ
100% ටැස් කරපු එව්වා විතරය. ඕකට ටොමියා නං කීවේ " තෝ නාන්ට හොර නිසා, ඔහොමවත් නා ගන්න එක හොඳා" කියලාය.
Mar 22, 2012
අඳුනා ගත්තොත් ඔබ මා........
ඔය පින්තූරෙ ඉන්නෙ , Diogenes of Sinope. එයා පන්සලක තිබිච්චි නාන බාල්දියක ජීවත් උනත් උනාට එහෙමට අවතක්සේරු කරන්ට එපා - එයා දාර්ශණිකයෙක්. Cynic philosophy කියන්නෙ එයාගෙ දර්ශණය. දැන් අහන්ට එපා බල්ලොන්ට මොන දර්ශනේද - ඌරොන්ට මොන සෞඛ්‍යද කියලා. ඔය Cynic කියන වචනෙ බිඳිලා එන්නෙ පුරාණ ග්‍රීක් භාෂාවෙන්, තේරුම " සුනඛයෙක්- මෙන්" කියන එකයි. එයා කිව්වෙ ජීවිතේ තේරුම් ගන්ට නං ,සැප - සම්පත් ප්‍රතික්ශේප කරලා, සොභාව ධර්මයට අනුකුලව ජීවත් වෙන්න ඕනෙ කියලයි.
Mar 17, 2012
බලු වැඩ
සමහරු අපට බව්වා කියනවා, සමගරු බච්චෝ කියනවා. ගමේ ඉන්න අපි නං නිකම්ම නිකං බල්ලා. "මිනිසාගේ හොඳම මිතුරා" කියන නම්බු නාමෙ ලැබිලා තිබුනට, "බලු වැඩ" කියන්නෙ නං නම්බුකාර වැඩ නෙමෙයි. අපේ නම හම ගියාට එව්වා වැඩියක්ම කරන්නෙ අපි නෙමෙයි , මිනිස්සු.
Feb 20, 2012
බලු මහත්තය - Pooch in Boots
Feb 8, 2012
Part-time Lovers
We are undercover passion on the run
Chasing love, up against the sun
We are strangers by day, lovers by night
Knowing its so wrong, but feeling so right
I guess that two can play the game
Of part-time lovers
You and me, part-time lovers
මට මතක් වෙන්නෙ කාලෙකට ඉස්සර අඳුනන බළලෙක් කියපු කතාවක් ." මචං බෂ්ෂො, හොරා කන්න නං පුරුදු වෙන්න එපා. හැබැයි එක එක සැරයක් හොරා කෑවොත්, මඟුල් මේසයක් ඇරලා දුන්නත්, කුස්සියට පැනලා හැලිවලං පෙරල ගෙන කනවා මිසක්, වැදගත් විදිහට කනවා නං බොරු".සිංදුවෙ " Knowing its so wrong, but feeling so right " කියලා කියන්නෙ ඒකනෙ.
මේ අසම්මත ප්‍රේම කතා මෙච්චර රසවත් ඇයි? රසයත් සමඟ එන, අවදානම එයට උත්ප්‍රේරකයක් වෙන නිසාද?

හොරා කාපු කිසිම බළලෙක් ඇත්ත කියන්නෙ නෑ, ඒත් හොඳින් බැලුවොත්, රැව්ල් ගස් අතරි ගෑවිච්ච දැලි පේනවා.ගිය සතියෙ අපේ ටීම් ලීඩර් කෙනෙක් කියුබා ගියා වැකේෂන් එකට. මිනිහගෙ පැටිකිරිය දන්න අය නං කිව්වෙ, එයා තනියම ගියේ කියුබා සුරුට්‍ටු බොන්නම විතරක් නෙමයි කියලයි. වැඩේ කියන්නෙ, කොච්චරවත් ඇටි කෙහෙල් කාපු රිලවා වගේ මුඩ් ගහලා හිටපු හාදයා ආපහු ආවෙ , චන්දෙ කිට්‍ටු වෙච්ච අපේ දේසපාලු උන්නැගේ කෙනෙක් වගේ ප්‍රිය මනාපවයි. උන්දෑ මොල් කලන්තෙටත් බේත් කරගන්ට ඇති!
ගතානුගතිකව, කොටු පැනීම, පිරිමින්ට විශේෂ වෙච්ච වරප්‍රසාදයක් විදිහටයි සැලකෙන්නෙ, විශේෂයෙන්ම ආසියානු සංස්කෘතියෙ. ඒත්, වැඩේ කියන්නෙ මේ කිසිම පිරිමියෙක්ට තමන්ගෙ භාර්‍යාව ඒකට එකට එක කලොත් එය විඳ දරාගන්ට බෑ. මං මේවා දැකලා අහල තියනවා.ඒත් එහෙම කියලා ගෑණු අහිංසකයි කියලා මං කියන්නේ නෑ, මොකද පිරිමිටත් වඩා කිසිම හර්ද සාක්ෂියක් නැති විදිහට වැඩකරන්න දක්ෂ ගෑණු නිසා :p .
I've got something that I must tell
Last night someone rang our doorbell
And it was not you my part-time lover
And then a man called our exchange
But didn't want to leave his name
I guess that two can play the game
Of part-time lovers
You and me, part-time lovers
But, she and he, part-time lovers

චැහ්! මේව්වයෙ හරි වැරදි අහගන්ට අපේ ස'(ර්)ප්‍රියා වත් මේ සාවියට එන්නෙ නෑනෙ. ඒත් ජීවිත කාලයක් අපට පොවලා, දැන් අරටු බැහැපු "හරි මඟේ" වරදකාරී හැඟීම, මේ සමාජයේ "සාමාන්‍ය" දෙයක් වන හොරා කෑමේ නිදහස සමඟ ඉඳලා හිටලාවත් සටන් කරන්නෙ නෑ කිව්වොත්, ඒක ඇත්ත නෙමෙයි.
බඩගිනි වෙලා මා ගිය කල කැන්ටිමට
රස කෑමක් ආවයි මගෙ ඉදිරියට
නහය ලඟින් ගෑවී ගෙනගිය කලට
කන්දෝ, නොකන්දෝ කියලා සිතුනි මට
නිකං බොරු කියන්නෙ මොකටද අපිත් හොරා කාල තියනවා. අපේ ගමේ අල්ලපු වත්තේ, පංසල් වත්තෙ පොල් ගස්, තැඹිලි ගස් වලින් ඇහැව්වොත් ඒවට සාක්කි කියයි.
මේ සිංදුවෙන් කියවෙන්නෙ නං අසම්මත ප්‍රේමයක්, නැහ්නම් කොටු පැනිල්ලක් පිළිබඳ කතාවකුයි. ඒත් අසම්මතත් නැති, සම්මතත් නැති ප්‍රේම කතාවකුත් තියෙන්න පුළුවනිද? ඇයි බැරි සුදු සුදු මහත්තයගෙයි, අබංක කුසුමගෙයි කතාව. එතකොට සුදු මහත්තයක් පැන්නෙ කොටුද? නැත්නම් අබංක කුසුමගෙ අයියට අහුවුනාම සුදු මහත්තයා ආත-බුත කඩාගෙන දිව්වෙ ඇයි? කව්ද දන්නෙ , "පරම්පරාවෙ නම්බුව රැකගන්ට , මලයණ්ඩි" කියලා කවුරුහරි කිව්ව වත්දෑ කියලා?
මේ ඒක නෙමෙයි , ඔහෙලටත් ඔය " part-time love " වගේ දේවල් වෙලා තියෙනවද? නෑ මං මේ කිව්වෙ, ඔය නිකං මේ ඉන්නවා, මේ නෑ වගේ හැඟීමක් එන එව්වා.
මුනිවත හොඳයි, දෙබසින් දුක වැඩි හින්දා
Feb 3, 2012
යා දෙක නොරත රත....
සමග පෑසීමෙක් නැත”
මේකෙ තේරුම "රත් වූ යකඩයන් නොරත් වූ යකඩයක් සමග පෑස්සීමක් නැත." කියලයි කියන්නෙ, කියලා තියෙන්නෙ අලගියවන්න මුකවෙටිතුමා. තේරෙන බාසාවෙන් කියනවා නං " අනේ පනේ, අලි දෙඤ්ඤං, කොටි දෙඤ්ඤං" කිව්වත් නොගැලපෙන සමාජ මට්ටම් දෙකක ඉන්න දෙන්නෙක් අතර පහුවෙලා හරි ප්‍රශ්ණ මතුවෙනවා කියන එකයි.

මේක ඇහුව විතරයි, මෙච්චර වෙලා කියෝ කියෝ හිටපු බස්සගෙ කට ඉබේම වැහුනා. ඌ ගියා ක්ලැසික් බස්සා මූඩ් එකට. යාළුව අහන ප්‍රශ්ණ වලට "හූම්..හූම්.." කියලා කිව්වා
"මොකද බොල උඹට උනේ, බස්සා වගේ "හූම්..හූම්.." ගාන්නෙ"
" හූම්.."
( යටි සිතින් - හහ්, 'හූම්..හූම්..' නොගා මම 'ක්වැක්, ක්වැක්' ගාන්නයෑ, මම බස්සෙක්නෙ)
බස්සගෙ හිතේ, විදුලි වේගයෙන් චිත්ත රූප පෙලක් මැව්නා. ලොකු ගෙයක්, සැඳෑ සාදයක් සහ ගතින් කෙසේ වෙතත්, හිතින් තනි වෙච්ච කුරා කුහුඹුවෙක්......
"හැබෑටම මචෝ එහෙම වෙයිද?"
" කොහොම වෙන්නද? මොකක්ද? වමාරපිය,වමාරපිය මට තේරුනා බොට මොකක් නමුත් පටලැවිල්ලක් තියෙන බව, ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ ඉන්න කොට"
" නෑ, මම මේ කිව්වෙ, අර සිංදුවෙ වගේ..කුරා කුහුඹු මිනිසා..."
" ආයි අහල, අන්වා ඩෙෆා. මං දන්න ඔහොම කේස් එකකුත් තියනවා"
"ඒ කිව්වෙ?"
" මගේ බැචෙක්, දෙන්නම මෙහෙ ආවා. කෙල්ලට මූට වැඩිය සිරා පෝස්ට් එකක් සෙට් වුනා, කෙල්ල හරි බ්‍රයිට්. මූ හොඳට කැපිලා පේන හාදයා. වැඩ කරන තැන, විරුද්ධ පක්සයෙන් බලපෑම් ආව. මූත් ඉතිං නිකං ඉන්න නැතුව ඇති, අඩු ගානෙ මල් කඩන්නවත් ඇති. එහෙන් මෙහෙන් වැඩේ කෙල්ලගෙ කණට ගියා. එදා ඉඳන් මූ ගෘහ මූලික"
"ඒ කිව්වෙ?"
" ඒ කිව්වෙ උගුඩුවෝ, ඌ ගෙදර ඉඳන් උයනවා, අස්-පස් කරනවා, ලමයි බලනවා. ගෑණි රස්සාවට යනවා. දැන් ඌ වැඩිය අපිත් එක්ක සෙට් වෙන්න එන්නෙ නෑ, අපි කාඩ් ගහයි කියලා බය ඇති"
"හූම්..හූම්.."
Subscribe to:
Posts (Atom)