අද අපි ගතකරන, සංකීර්ණ ජාලගත ජීවන රටාව ඒ හැටිම ආරක්ෂාකාරීයි කියල කියන්න බෑ. සමහර වෙලාවට ආරක්ෂාව සහ පහසුව අතර සමබරතාවයක් පවත්වා ගන්නත් වෙනවා. මම සැකුරිටි විශේෂඥයෙක් නූනත්, සාකච්චාවට විවෘතව තබා, මගේ ක්රමය ලියන්නම්. 100% ජාල ආරක්ෂාව ගැන සහතිකයක් නැති වුනත්, මේ ගැන යම් පමණකවත් අවධියෙන් සිටිය යුතුයි කියලයි මට හිතෙන්නෙ.
Jun 8, 2021
මුරපද, ඔන්ලයින් සාප්පු සවාරි සහ ජාල ආරක්ෂාව
කම්මැලි සැන්දෑවක් සහ කෙටි චිත්රපට දෙකක්
සහජයෙන්ම කම්මැලි සතෙක් නිසාද මන්දා, මගේ උනන්දුව "පුටුව කොනේ" තියාගන්න බැරි නං, මට දැන් චිත්රපටි බලන්නත් කම්මැලියි. බාගෙට බලපු එව්වා බර ගාණක් තියනවා. මේකට මගේ අලුත්ම විසඳුම තමා කෙටි චිත්රපට - කොටයි, රහයි.
May 30, 2021
පැන්ඩෝරාගේ පෙට්ටිය සහ කොරෝනා දේවී
මේ කතාව අපි, ඔහෙල දන්නව නෙව? ඒත් Stephen Fry මේ ග්රීක මිත්යා කතා පුරාවෘතයට නව අර්ථකතනයක් දෙනවා. එයා කියනවා සියුස්, මිනිස්සුන්ට දෙන්න එපා කියපු "ගින්දර" කියන්නෙ රූපකයක් ලු(Metaphor). දෙන්න එපා කිව්වෙ, ස්වයං විඥාණය සහ නිර්මාණශීලීත්වයලු. ඊට පස්සෙ, පැන්ඩෝරාගේ පෙට්ටගම ගැනත් කිව්වා. Stephen Fry කතාකරන කොට අහන් ඉන්න ආසයි. සොරි, ආයෙත් වීඩියෝවක් තමා. ඒත් මේක විනාඩි 6 ක් විතරමයි😊. Stephen කියන විදිහට, AI කියන්නෙත් පැන්ඩෝරාගේ පෙට්ටියක් .
May 27, 2021
අපරාධ, නීතිය සහ දඞුවම්
2015 දෙසැම්බර් 11 වෙනිදා අපේ සාවියේ නත්තල් සාප්පු සවාරියක් ගිය තරුණියකට, අමුත්තෙක් මැරෙන්නම ඇන්නා. මිනීමරුවා, දැක්කොත් දෙවරක් බලන්න හිතෙන, සුරූපී උපාධිධාරිනියක්. කලින් කිසිම අපරාධ ඉතිහාසයක් නැති ඇය, මානසික ආබාධයක් යටතේ නිවැරදිකරු වුනා. තවම එලියට දැම්මෙ නෑ, ඒත් ලඟදිම එහෙම වෙයි. ඩවුන්-ටවුන් ප්රසිද්ධ බැංකුවක සේවය කල, මේ හිටපු ගමන් පිහියෙන් අනින සුරූපී ආර්ථික උපදේශිකාවගේ සේවය ලබාගන්න, කිසිම බස්සෙක් කැමති නොවෙන එක වෙනම කතාවක්.
May 15, 2021
තැපෑලෙන් ආ රොබොට්ටා
May 14, 2021
පාරිසරික පද්ධති, ඉංජිනේරු අලි සහ හිඟන අලි
මේක අලි කතාවක්. අද ලංකාවෙ අලින්ගෙ තත්ත්වය සෝචනීයයි. ඇත්ත, ඇපෙත් නැතුව ගෙදර ගිය අලින්ගෙ තත්ත්වයත් සෝචනීයයි තමා. එව්ව ඉතිං අර නිල් බාල්දියට වැටිච්ච නරියගෙ දක්සකම නෙව, හිටං? ඒත්, මේ කියන්නෙ කකුල් හතරෙ අලි ගැන.
May 11, 2021
ටොලාගෙ ලැපා, නේවාසික හැකර් සහ මකන කෑලි තාක්ෂණය
ඒ ටොලා ගූගල් "සොයා" ගත්ත අලුත. අපට පරණ නිවුස් වුනත්, ටොලා ගූගල් ගැන කොච්චර පැහැදුනාද කියනව නං, මෙන්න මෙහෙමත් කිව්වා: " දැන් මං කියනවට, නිකමට 'පස්සා පැත්තේ අමාරුව' කියල ගහල බලන්න, ගූගල් පටස් ගාලා, විස්තරත් කියල අත් බේතුත් දෙන්නෙ නැත්ද කියල." ටොලාගෙ ගූගල් පිස්සුවට උදව්කලේ ලැප්ටොප් එකක්. එච්චරම පරණ එකක් නූනත්, ඔය ලැපේ කී-බෝඩ් එකේ අවුලක් ආව.
May 9, 2021
මංමුලාවූ කූඹියා සහ වෙල් ෆැන්ටා තාක්ෂණය
"මූට දෙයක් අහුවුනොත් ඉවරයි, ගලවල කාබාසීනියා කරන තුරු නින්ද යන්නෙ නෑ" කියලයි එයාල කිව්වෙ. ඉතිං මං කල්පනා කලා, නිදහසට කාරනා කියන්න.
May 6, 2021
දුකට කියන ටෙක්නිකල් විරිදු
May 3, 2021
විකල්ප තාක්ෂණය - NiMH බැටරි
ඔය කන්ට්රෝලරේ වැඩ කරන්නෙ AA බැටරි දෙකකින්. බැටරි බැහැගෙන එනකොට, ඉස්සෙල්ලාම අනතුරු හඟවනවා. ඒත් ඇහුවෙ නැත්නම්, කෙලින්ම ඔෆ් කරලම දානවා. මේක නරක දෙයක් නෙමෙයි, එහෙම කරන්නෙ කන්ට්රෝලරේ ආරක්ෂාවට. නමුත් ප්රශ්ණෙ වෙන්නෙ 1.5V බැටරි වෙනුවට 1.2V NiMH පාවිච්චි කරන්න ගියාමයි. කන්ට්රෝලරේ මොනිටර් කරන්නෙ බැහැගෙන යන වෝල්ටීයතාවය. දැන් හිතාගත්තෑකි නේද කන්ට්රෝලරේ 1.2V NiMH බැටරි කන්නෙ ඇයි කියලා?








