Jun 10, 2021

ලිස්සපු කමෙන්ටුව නිසා වුනු දික්කසාදය

ක්‍රිස්තු වරුස 2014 දී "මගේම නොවන අහවල් එක" පෝස්ට් එකට, අපේ  ප්‍රාජේ මැතිතුමා මෙහෙම කමෙන්ට් එකක් දාලා තිබුණා:

DGMB, when u are free could u pl let me know how to keep track of my comments? I regularly read several blogs (including yours - don't start preening ur feathers yet- read till end) and when I have time I read additional ones occasionally. But, I forget whether I had commented and if so, where.
I'm exhibiting my ignorance in a lonely blog (see ! :-))))
Seriously, I thought you'd be the best guy to ask bcoz of some of ur technical posts. Thanx.

කරුමෙට කකුල් අටයි කියැන්නැහෙ, ඔය කමෙන්ටුව මගේ "ස්පෑම්" එකට වැටිලා. රට්ටු මට "ගල් ආඳා" කියන එක සැබෑ නමුත්, මං ඉන්තේරුවෙන්ම කියා හිටිනවා, මම මේ කමෙන්ට් එක දැක්කෙ නෑ කියලා. හරි, හරි දැකලා දැන් ටික දවසක් වෙනවා තමා, ඒත් නොදැක්කා වගේ හිටියෙ, නොදන්න නිසයි. ඇයි දෙයි හාංදුරුවනේ, මා ගාව ඔය ඔක්කොටම උත්තර තියනවා කියල හිතන එක, මගේ වැරැද්ද වෙන්නෙ කොහොමද?

Jun 8, 2021

මුරපද, ඔන්ලයින් සාප්පු සවාරි සහ ජාල ආරක්ෂාව

සමහරු මට පැරනොයිඩ් මුකබානා කියල කියනවා. ඇත්ත, මම පෞද්ගලිකත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. මේ පුරුද්ද පටන් ගත්තෙ, සමාජයෙන් හැංගෙන්නමත් නෙමෙයි, හැකර්ලා, ස්කෑමර්ස්ලා ගෙන් බේරෙන්නයි.

අද අපි ගතකරන, සංකීර්ණ ජාලගත ජීවන රටාව ඒ හැටිම ආරක්ෂාකාරීයි කියල කියන්න බෑ. සමහර වෙලාවට ආරක්ෂාව සහ පහසුව අතර සමබරතාවයක් පවත්වා ගන්නත් වෙනවා. මම සැකුරිටි විශේෂඥයෙක් නූනත්, සාකච්චාවට විවෘතව තබා, මගේ ක්‍රමය ලියන්නම්. 100% ජාල ආරක්ෂාව ගැන සහතිකයක් නැති වුනත්, මේ ගැන යම් පමණකවත් අවධියෙන් සිටිය යුතුයි කියලයි මට හිතෙන්නෙ.

කම්මැලි සැන්දෑවක් සහ කෙටි චිත්‍රපට දෙකක්


සහජයෙන්ම කම්මැලි සතෙක් නිසාද මන්දා,  මගේ උනන්දුව "පුටුව කොනේ" තියාගන්න බැරි නං, මට දැන් චිත්‍රපටි බලන්නත් කම්මැලියි. බාගෙට බලපු එව්වා බර ගාණක් තියනවා. මේකට මගේ අලුත්ම විසඳුම තමා කෙටි චිත්‍රපට - කොටයි, රහයි.

May 30, 2021

පැන්ඩෝරාගේ පෙට්ටිය සහ කොරෝනා දේවී

ප්‍රොමේතියස් විසින් මිනිසා මැවුවෙ කොහොමද කියල ගූගල් ට්‍රාන්ස්ලේටරේ  කලේ මෙහෙමයි: සියුස් විසින් මිනිසා නිර්මාණය කිරීමේ කාර්යය ඔවුන්ට ලබා දෙන ලදි. ප්‍රොමෙතියස් මිනිසා මඩෙන් එළියට ගත් අතර ඇතීනා ඔහුගේ මැටි රූපයට ජීවය ආශ්වාස කළේය. පෘථිවියේ ජීවීන්ට වේගවත් බව, කපටි, ශක්තිය, ලොම්, පියාපත් වැනි විවිධ ගුණාංග ලබා දීමේ කාර්යය ප්‍රොමේතියස් විසින් එපිමෙතියස්ට පවරා ඇත.

මේ කතාව අපි, ඔහෙල දන්නව නෙව? ඒත් Stephen Fry මේ ග්‍රීක මිත්‍යා කතා පුරාවෘතයට නව අර්ථකතනයක් දෙනවා. එයා කියනවා සියුස්, මිනිස්සුන්ට දෙන්න එපා කියපු "ගින්දර" කියන්නෙ රූපකයක් ලු(Metaphor). දෙන්න එපා කිව්වෙ, ස්වයං විඥාණය සහ නිර්මාණශීලීත්වයලු. ඊට පස්සෙ, පැන්ඩෝරාගේ පෙට්ටගම ගැනත් කිව්වා. Stephen Fry කතාකරන කොට අහන් ඉන්න ආසයි. සොරි, ආයෙත් වීඩියෝවක් තමා. ඒත් මේක විනාඩි 6 ක් විතරමයි😊. Stephen කියන විදිහට, AI කියන්නෙත් පැන්ඩෝරාගේ පෙට්ටියක් .


May 27, 2021

අපරාධ, නීතිය සහ දඞුවම්

 2015 දෙසැම්බර් 11 වෙනිදා අපේ සාවියේ නත්තල් සාප්පු සවාරියක් ගිය තරුණියකට, අමුත්තෙක් මැරෙන්නම ඇන්නා. මිනීමරුවා, දැක්කොත් දෙවරක් බලන්න හිතෙන, සුරූපී උපාධිධාරිනියක්. කලින් කිසිම අපරාධ ඉතිහාසයක් නැති ඇය, මානසික ආබාධයක් යටතේ නිවැරදිකරු වුනා. තවම එලියට දැම්මෙ නෑ, ඒත් ලඟදිම එහෙම වෙයි. ඩවුන්-ටවුන් ප්‍රසිද්ධ බැංකුවක සේවය කල, මේ හිටපු ගමන්  පිහියෙන් අනින සුරූපී ආර්ථික උපදේශිකාවගේ සේවය ලබාගන්න, කිසිම බස්සෙක් කැමති නොවෙන එක වෙනම කතාවක්.

May 15, 2021

තැපෑලෙන් ආ රොබොට්ටා

මගේ රොබොට්ටා අද තැපෑලෙන් ආවා. රොබොට්ටෙක් ගන්න ආසාව, කාලෙක ඉඳලම මගේ හිතේ තිබුණත්, නොගත්ත හේතුවක් තිබුනා. හෝතම්බුවා සහ රට්ටු මොනවා හිතා ගෙන හිටියත්, බස්සො එහෙම ආවට ගියාට බඩු ගන්නෙ නෑ. හරි, හරි  ඒ ඉතිං සුපියලේ, දෙකේ චීන පූසො නෙව? මම මේ කියන්නෙ, මිල අධික භාණ්ඩ ගැන. ඒකට, වෙනම ක්‍රමවේදයක් තියනවා.

May 14, 2021

පාරිසරික පද්ධති, ඉංජිනේරු අලි සහ හිඟන අලි

මේක අලි කතාවක්. අද ලංකාවෙ අලින්ගෙ තත්ත්වය සෝචනීයයි. ඇත්ත, ඇපෙත් නැතුව ගෙදර ගිය අලින්ගෙ තත්ත්වයත් සෝචනීයයි තමා. එව්ව ඉතිං අර නිල් බාල්දියට වැටිච්ච නරියගෙ දක්සකම නෙව, හිටං? ඒත්, මේ කියන්නෙ කකුල් හතරෙ අලි ගැන.


May 11, 2021

ටොලාගෙ ලැපා, නේවාසික හැකර් සහ මකන කෑලි තාක්ෂණය

ටොලා ගැන මම කලින් ලියල තියනවා "ගිම්හානයේ ආ අමුත්තා" පොස්ට් එකේ. ටොලා අමුතු චරිතයක්, ඒත් නියම "ජොලි ගුඩ්" හාදයා. "හැපී ගෝ ලකී" දර්ශණයට අනුකූලව ජීවත් වෙච්ච ටොලාගෙන්, මමත් යමක් ඉගෙන ගත්තෙ නෑ කියල කියන්නත් බෑ. ඒත් අද කියන්න යන්නෙ ටොලා ගැන නෙවෙයි, ටොලාගෙ ලැපා ගැන.

ඒ ටොලා ගූගල් "සොයා" ගත්ත  අලුත. අපට පරණ නිවුස් වුනත්, ටොලා ගූගල් ගැන කොච්චර පැහැදුනාද කියනව නං, මෙන්න මෙහෙමත් කිව්වා: " දැන් මං කියනවට, නිකමට 'පස්සා පැත්තේ අමාරුව' කියල ගහල බලන්න, ගූගල් පටස් ගාලා, විස්තරත් කියල අත් බේතුත් දෙන්නෙ නැත්ද කියල." ටොලාගෙ ගූගල් පිස්සුවට උදව්කලේ ලැප්ටොප් එකක්. එච්චරම පරණ එකක් නූනත්, ඔය ලැපේ කී-බෝඩ් එකේ අවුලක් ආව.

May 9, 2021

මංමුලාවූ කූඹියා සහ වෙල් ෆැන්ටා තාක්ෂණය

ලැබෙන පාඨක ප්‍රතිචාර කියෙව්වාම , මට හිතෙනවා ඔහෙල මාව, අතට අහුවෙන හැම දෙයක්ම ගලවන "ඉත්තෑ අමාරුවක්"  තියන බස්සෙක් කියල හිතාගෙන ඉන්නව කියල. පැටියා කාලෙ අපේ ගෙදර ඈයොත් හිතාගෙන උන්නෙ ඔහොම්මමයි කියහංකො.

"මූට දෙයක් අහුවුනොත් ඉවරයි, ගලවල කාබාසීනියා කරන තුරු නින්ද යන්නෙ නෑ" කියලයි එයාල කිව්වෙ. ඉතිං මං කල්පනා කලා, නිදහසට  කාරනා කියන්න.

May 6, 2021

දුකට කියන ටෙක්නිකල් විරිදු

පළමු ව මම වැන්ද බුදුන්, සිහි කර ගෙන ඒ ගුණ කඳ
දෙවනුව ව සද්ධර්මේ උතුම්,  මුදුනත් කර මෙන්න වැන්ද
තෙවනු ව මහ සංඝරත්නෙ, වැඳ සුරන් ට පින් දී සොඳ
කියනවා අපි බස්සගෙ සූදුව, කවියෙන් කර ප්‍රබන්ධ