Jul 21, 2011

පමානොවී වැහැපන් වැහි වලාවේ....

බස්සා ඉපදිලා තියෙන්නෙ නොවැම්බර් මාසේ. අර හෝ ගාලා වහින්නෙ, ආන්න ඒ මාසෙ තමා. ඌ වතුරට හරිම කැමති සතා, පීනන්නත් දන්නවා. වැස්සට හරීම කැමතියි. ඌට මේ වැස්ස මතක්වෙලා තියෙන්නෙ, මේ දවස්වල තියෙන ගිරීස්මෙ නිසා. අද සැන්ටිගෙරේට්ම 37 යි. 47 වගේ දැනේවිලු. කෙලිය නේද? බඩුම තමා.

ඒ වගේද වැස්ස. ෂා, බෙනේට වෙලා , බූල් කෝට් එකක් පුම්බාගෙන, ෂපාන් එකේ බැස්සිට හේත්තුවක් දාලා, උණුසුම් කෝපි කෝප්පයක් "ෂෙයාර්" කරන්න තිබුන නෙව....

6 comments:

  1. image එක වෙනමම page එකක ඕපන් කරේ නැත්තං gif animation එක වැඩකරන්නෙ නෑ.. still image එක විතරයි පේන්නෙ.. මං බැලුවා මොකක්ද බොලේ මේ කියලා..

    ReplyDelete
  2. ඒයි යකඩෝ, මේ මයෙ ගජමිත්තර මුදලිතුමා නෙව. අප්පේ, සිරියාව, නෙළුම් මලක් වගේ..හෙහ්..හෙහ්. ඇයි බොලේ, මං තාම ටයිප් කරලවත් ඉවර වුනැයි. දැං බලාන්ටකෝ..වැඩකරනවා. ආපු ඊ-මේල් එකකින් ඉස්සුවෙ. හොරකම උනත් වෙලාවක්-කලාවක් ඇතුව කරන්ට එපැයි. ආං "චීන පටස්" ගොඩ බැහැලා, පෙරහැරත් ලඟම එනවා ඇති..

    ReplyDelete
  3. නොවැම්බර් කවදද දන්නේ නෑ බස්සා ඉපදිලා තියෙන්නේ නේද? නෑ ඒ කාලෙට කොච්චර වහිනවද කියලා දැනගන්ටයි ඇහුවේ...

    කවුද අනේ ඔය 'චීන පටස්' කියන්නේ???

    අර, අහිංසක, අසරන පොඩ්ඩිද?...:)

    ReplyDelete
  4. වැස්සකට ඉඩ ඇතත් - අහස් කුස දස අතම
    හිරුට එපමණ කුමට - පුංචි පෙදෙසක් ඇතිය
    සිනාසී සිනාසී - දෙතොල් ඉරි තැලෙද්දී
    හඬන්නට නොවේ නම් - කුමකටද නෙතු අපට

    ප්‍රේමකීර්ති සහෘදය ලියපු ගීතයක් මතක් උනා.

    ReplyDelete
  5. @ පොත්ගුල්ලා
    දැං ඔය අපේ බුරා සෑර් ඉන්නව නේද? එයා පොත් කාවා නෙව. දැං බලාන්ට, ඔයා පොත් විදගෙන, විදගෙන යනවා, එයා පොත් කාගෙන, කාගෙන යනවා. ඉස්සර අපේ හිටියා යාළුවෙක් "පොතා" කියලා, ඔයාලා තවම කියවල නෑ එයාගාව තියන පොත , මයෙ හිතේ. හැමෝගෙන්ම පොත් ඉල්ලගෙන යනවා, ඊට පස්සෙ කලින්ම පොත් "ගල්" කරනවා. ගෙදර පුස්තකාලයක් හදන්ට ඇති ගල් කරපු පොත් වලින්ම.

    ලස්සන සිංදුව, මං ආස සිංදුවක් තමා, "මුතුකුඩ ඉහලන මල් වරුසාවේ" කියන සිංදුවට. ඔය මුතු කුඩ තියනව නේද? එව්වා ඉහල ගෙන යන්නෙ නුවර මැනිකෙලා නේද? ;)))

    @ කුමාරිහාමි

    කොච්චර වහිනවද කියලා දැනගන්ට? ඇයි, හේනක්වත් කොටන්ට වත්දෑ, එහෙනං අපිටත් කියමු බලන්ට, මං දන්නවා හොඳ බස්සෙක්, ඌ පැල් රකින්න දෙයියා.

    ඒක නෙමෙයි, මැනිකෙ, මොකෑ ක‍ටු අත්ත තාම ආවෙ නැත්තෙ පටලැවෙන්න. අම්මපා උන්ද නං හොඳයි , ගොරෝන වෙලාවට මිදුලට තල්ලු කොරාන්ට..:))

    ReplyDelete
  6. අනේ මේ බස්සන්ට මොන මුතු කුඩද? මාව නම් ගොරොවනකොට මිදුලට තල්ලු කරන්න නම් හම්බවෙන්න නැහැ ඔන්න , මාව බේරගන්න කෙනෙක් ඉන්නව හොඳද:)

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code