Jul 28, 2011
සුදට සුදේ සුදු රෙදි පොරවාගත්, සැදහැතියන් .....
හා, ඇගියො ආරංචිද?
කළු එතනගෙ කෙලී මැණිකගෙ පලහිලව්ව
සිදාදියෙන් ආපු බෑනා , යන්නම ගිහින් කියන්නෙ
මැණිකගෙයි, මුදලාලියගෙයි හුටප්පරේ ආරංචිවෙලා
ඕකිට හොඳ වැඩේ, මහ නැට්‍ටුක්කාරි
ඉන්නෙ දෙකට ගනින්න බෑ වගේ
අනේ අනිච්චං ගමට ගිය කලක්
මහ අම්මණ්ඩිත් හරිම මාන්නක්කාරි
රං බණ්ඩ ඉන්නෙ ඉන්නෙ උඹලගෙ ගේ ගාව නේද
මොකද, ඇසිලියො බිසෝ පේන්ට නැත්තෙ
හැබෑටම, අර අල්ලපු ගෙදර එකා එක්ක?
හප්පුච්චේ අර කොලු පැටියට යන කල දසාව
සොපියගෙ කෙලී දැං පන්සලේමයි
කොච්චෝරවත් ආවාසෙ අස්සෙ රිංගන්නෙ
අනේ මයෙ කට, උන්දැගෙ සර්දාව
පොඩි හාමදුරුවොත් වටේ කැරකෙනව නෙව
ඔන්න , බොලවු ලොකු හාමදුරුවො එනවා
මේ උන්නාන්සෙටත් ඕන නැති කෙං ගෙඩියක් නෑ
ගනින්, ගනින් ඔය නවගුණ වැල මෙහාට
සබ්බේ සත්තා භවන්තු සුඛි තත්තා
බුදු හාමදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ.....
නිවන් දකින්නට පිං මඳි වෙන්නැති
ඒකයි තවමත්, සංසාරේ.........
21 comments:
ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පිටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code
Subscribe to:
Post Comments (Atom)
සබ්බ පාපස්ස අකරණං
ReplyDeleteකුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධානුසාසනං... :)
අනේ බං උඹේ ඔය දකුණු පැත්තෙ තියෙන Blog Archive එකේ format එක වෙනස් කරපංකො.. පරණ පෝස්ට් බලන්ට ගියාම එපාවෙනවා..
ReplyDeleteසාධු...සාධු...සාධු....
ReplyDeleteමේ බණ අස්සේ බූරා මොනවා කතා කරනවද දන්නේ නෑ...:)
ෆෝමැට් එක වෙනස් කරන්ට? කොයි එකටද?
ReplyDeleteහුටාස්, ඔය කෙලල තියෙන්නෙ තාප්පෙටයි බවුන්ඩේසමටයි දෙකටම.. දැන් හිතෙනවා තිබුන විදිය හොදා කියලා.. :D
ReplyDeleteමං කිවුවෙ බං, ඕක හදන්ට බැරිද මාසෙ පෝස්ට් ටික ඔක්කෝම දිගට ලිස්ට් එකක් වගේ එන්න, දවස දවස වෙන්කොරන්නෙ නැතුව..?? සාමාන්‍යයෙන් එහෙම නේද වෙන බ්ලොග්වල තියෙන්නෙ..??
හී හී හී හී ඊඊඊඊඊඊඊඊඊඊ.....:D
ReplyDeleteයකෝ මේක හරි වැඩක් නෙව. ඔහෙල තුන්දෙනාම එකම වලව්වේද පදිංචිය, ලිව්වා විතරයි අනෙක් පැත්තට කොමෙන්ට්.
ReplyDeleteමොනා උනත් හොඳ බණ පද ටික. බස්ස ගිය පෝයට ලැග්ගේ බණ මඩුවෙ යට ලීයෙද?
මේ දවස්වල බස්සිත් ගෙදර නෑ වගේ, දිගට හරහට බ්ලොග් ලියන්නෙ.
@පොත් ගුල්ලා,
ReplyDeleteඑක වලව්වේ නේන්නම්. ඒක දැනගන හිටියේ නැද්ද? පොඩ්ඩි තමයි වලව්වේ පොඩි කුමාරිහාමි....:D..
බූරා තමා ආරක්ෂක කටයුතුවල ප්‍රධානියා. (එයා ආරක්ෂා කරන්ට ඕනේ පොඩ්ඩිව. පිස්සුද ඒවා වෙන්නේ නෑ.) බස්සා ඉතින් දොරකඩ ගහේ මූකලං බස්සා. (D.G.M) එයා තමා ඔත්තු බලන්නේ. වලව්වට හොර මීයන්ට එහෙම එන්ට දෙන්නෙම නෑ....ඒ උනාට වැඩක් නෑ. (රහසින්)පොඩ්ඩි වලව්වේ නැති උනාම එයාලා අලි මඩුවේ රා බොනවා. ඔය අහිංසක ලෙන්චිනා කෙලී තමා පොඩ්ඩිගේ කනේ ඔයටිකවත් තියන්නේ...:)
බකුසු බණ ගැන නම් ඔයා අහලා ඇතිනේ....හාමුදුරුවරු පරාදයි...බැස්සි ඉන්නවා නම් උන්දැට ඔච්චර උඩ පනින්ට හම්බවෙන්නේ නෑ තමයි....:D
අනේ මන්දා මේ බස්සාගෙ වැඩේම අනුන්ගෙ ඕපදූප හොයන එකමයි,බොරුවට බණදෙස දෙස හී හී හී....
ReplyDeleteබණ ටික නං පංකාදු පහයි කොලුවෝ. මේ ලෝකේ දෙයක් තේරුනේ නෑ...හෙහ්...හෙහ්...හෙහ්...
ReplyDelete@බුරා
ReplyDeleteඔන්න "පරණ පෝස්ට්" කියලා එකක් ඇටෙව්වා. ඒකෙන් කලින් ලිපි වල preview එකක් බලන්න පුළුවනි. එහෙම නැතුව මාසයක පොස්ට් ටික එකදිගට වැල වගේ එකම පිටුවකට ලෝඩ් වෙන්නද ඕනෙ. ඒත් මං හිතන්නෙ උපරිම 10යි ලෝඩ් වෙන්නෙ.
@පොත් ගුල්ලා
ReplyDeleteමං ඇවිල්ලා, ඔය ඉඳල හිටල දෙකක් නවා ගත්තට, ආයිබෝං පිනට දහමට බොහොම ලැදි සතා නෙව. ඕං ඔය පහුගිය පෝයට ලෙංචිනාලෑ නඩේ සිල්ගන්ට ගියා නෙව. අනේ ඉතිං,මාත් ඒ පස්සෙන් ගියා බණ පදයක් දෙකක් අහගන්ට කියලා. ගොහින් බණ මඩුවෙ හරි බරි ගැහිලා ලැග්ගා. ඕං අපේ උපාසක අම්මලගෙ "ධර්ම සාකච්චාව.". මාව එහෙම්මම අනාගාමී උනා.
බොලේ, D.G.M. කියන්නේ දොරකොඩ ගහේ මූකලන් කියන එකද?
ReplyDeleteමන් මෙච්චර කල් හිතන් හිටියේ මූ Deputy General Manager බස්සෙක් කියලයි.
මොනව උනත් දැන් ඉතින් බස්ස අනාගාමී වෙලා නිසා ලබන ආත්මෙ කෙලින්ම බ්‍රහ්ම ලෝකෙම ඉපදුනහැකි.
ප්‍රශ්නයක්: බ්‍රහ්ම ලෝකෙ බස්සො ඉන්නවද..?? උංට කියන්නෙ බ්‍රහ්ම බස්සො කියලද..?? දැං ඔය කොයි බ්‍රහ්ම ලෝකෙටද බස්සා යන්නෙ..?? සිත මිස කය නැති එකකටද, නැත්තං කය පමණක් ඇති එකටද..??
ReplyDelete@බස්සා,
එහෙම එකක් නෙවෙයි බං මං කිවුවෙ.. ඔය දකුණු පැත්තෙ තියෙන්නෙ Blog Archive කියලා කොටුවක්, ආන්න ඒකෙ පරණ පෝස්ට් පෙන්නන විදිය ගැනයි.. සාමාන්‍යයෙන් වෙන්නෙ current month එකේ පෝස්ට් ටික list එකක් විදියට පහළට පෙන්නනවා, ඊට කලිං ඒවා මේ මාසෙ මෙච්චරයි කියලා counter එකක් විදියට පෙන්නනවා.. උඹට උදාහරණයක් ඕන නං බලාන්ට ගිහිල්ලා වලවුවෙ Blog Archive එක..
@බුරා
ReplyDeleteඅනාගාමී උනානං ඉතින් පොතේ හැටියට යන්ඩ තියෙන්නෙ හිත මිස කය නැති බ්‍රහ්ම ලෝකෙකට තමා. කය නැති කොට ඉතින් එතන බස්සෙකුත් නැහැ නොවැ. නිකන්ම බකුසු හිත විතරයි. ඒකටත් වෙන මොනවවත් හිතෙන්ඩ බෑ. ධ්‍යානයට සම වැදිල ඉන්නව මිසක. බ්ලොග් ලිවිල්ලටනං සොරිම තමා.
@පොත් ගුල්ලා
ReplyDeleteචෑ, චෑ, කය නැති එක හරියන්නෙ නෑ. මං ට්‍රාන්සර් එකක් ඉල්ලනවා, සකෘදාගාමි වෙන්ට
අනාගාමී තත්ත්වෙ ඉඳලා සකෘදාගාමී තත්ත්වෙට යනවා කියන්නෙ බොල transfer එකක් නෙවෙයි, demotion එකක්.. :)
ReplyDeleteඩිමෝෂන් වුනාට කාරියක් නෑ, ලොක්කා. මයෙ බූල් සූට් එක නැතිකරගෙන කොහොමද? :)
ReplyDeleteබූල් සූට් එන නෙවෙයි, යකඩ සූට් එකත් යන දාට දාලා යන්ට වෙනවා දරුව.. තෘෂ්ණාවෙන් මිදෙන්න.. :)
ReplyDeleteඑහෙමයි, අපෙ හාංදුන්නේ. එහෙං සූට් එකක් ගන්න ඇහැකි වෙයිද? එහෙ ගියදාක, බැස්සිටත් විසා ගන්ට කියල තමා හිතාගෙන ඉන්නෙ නං.
ReplyDeleteහැබෑට ඉතින් කය නැති උනොත් මාර ප්‍රශ්නයක් තමා. ඔය අපේ ගෞතම බුදුහාමුදුරුවෝ බුදු වෙලා ඉස්ඉස්සෙල්ලම බණ දේශනා කරන්ට ලැස්ති වෙලා බැලුවෙ තමන්ට තාපස කාලෙ යමක් කමක් කියලදීපු අලාර කාලාම සහ උද්දක රාම පුත්ත කියන තවුසෝ දෙන්න කොහෙද කියලලු නෙව. බලනකොට එක්කෙනෙක් 3 වැනි අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ, අනෙක් එක්කෙනා 4 වැනි අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ. ඉතින් ලඟට ගිහින් බණ කිව්වත් අහන්ට විදියක් නැහැ නෙව. ඒ ඇත්තන්ට රූපයක් නැති නිසා ශ්‍රවන ඉන්ද්‍රියක් නැහැ. ඒක නිසා බණ කිව්වට වැඩක් වෙන්නේ නෑ.
ReplyDelete