මේ දවස්වල මගේ ලෝකෙට පායපු සඳත් බැහැල ගිහින්. හරියටම කියනවා නං, කලු වලාවකින් වැහිලා. සමහර වෙලාවට අපිට තියෙන දේවල අගය තේරෙන්නෙ, ඒවා තවදුරටත් අපි ලඟ නැති උනහම නේ. හැමදාම ආදරේ ගැන, නැත්නම් විරහා ගීත ගැන කියන හින්දා, අද මට හිතුනා වෙනස් දෙයක් ගැන ලියන්න.කවදාවත්ම නිදා නොගන්න මේ කාර්මික නගරයේ රෑ වැඩ මුරය කියන්නෙ , මට අමුතු දෙයක් නෙමෙයි. ඒත් මේ මගේ පැල් රැකිල්ල ගැන කතාවක් නෙමෙයි.
මේ අපේ අයියලා "ගාමන්ට් කෑලි" කියලා "ආදරයෙන්" හඳුන්වන, ඉඳලා හිටලා පඩිය සොච්චමක් වැඩි කරලා ඉල්ලුවාම , පොලිස් බැටන් වලින් කෘතගුණ සලකවන, ඒත් රටේ විදේශ විනිමයෙන් වැඩිකොටසක් ලබාදෙන, සන්නාලියන්ගේ කතාවයි....
අහන්න මහතුනි, අපේ කාලයේ කුමාරිකාවන්ගේ කඳුළු කතාව....
Jul 14, 2011
1 comment :
ඔබට කමෙන්ට් ලෙස පිංතූරයක්/ ලින්ක් එකක් / වෙබ් පිටුවක් දැමීමට අවශ්‍ය නම් පහත කෝඩ් එක කොපිකර ගන්න.
link to the code
Subscribe to:
Post Comments
(
Atom
)
ලස්සන, ඒවගේම දුක හිතෙන ගී පද වැලක්....ගීය අහනකොටම කතාව තේරිලා ඉවරයි. හරිම පව්...
ReplyDeleteඊලඟට මෙන්න මේ කතාව...
//අපිට තියෙන දේවල අගය තේරෙන්නෙ, ඒවා තවදුරටත් අපි ලඟ නැති උනහම නේ//
බස්සෝ උනත්, මෙන්න මේ වගේ දේවල් තේරුම් ගන්න එක කොච්චර එකක්ද?......:D