Aug 1, 2011

සම්භාව්‍ය සහ අසම්භාව්‍ය


   


















ඉන්ටනෙට් වලින් මට ලැබිච්ච වටිනාම දේවල් අතර එකක් තමා සිංහල බ්ලොග් අවකාශය. උපන් බිමෙන් ඈත්වෙලා ඉන්න අපට ඒක වටිනාකම බොහොම හොඳට තේරෙනවා. ඒ විතරද? ඇයි මෙච්චරකල් හැංඟිලා හිටිය කොච්චර නං ලේඛකයො මේ නිසා එලියට ආවද? මගේ නං කිසිම බේදයක් නෑ, පිං දිදී හි‍ටු කියලා කියවනවා, ඉඩක් ලැබිච්ච ගමන්.

ඉතිං, ඔහොම කියව ගෙන යන කොට තේරිච්ච දෙයක් තමා, මේ ලිපි සම්භාව්‍ය සහ අසම්භාව්‍ය කියලා වර්ග වෙලා තියනවා කියන එක. අර පොත් ගුල්ලා කිව්වා වගේ" එක එක්කෙනාගෙ රුචිකත්වය වෙනස්" මාත් ඒ පෞද්ගලිකත්වයට ගරු කරනවා. නමුත් ප්‍රශ්ණෙ මේකයි, එහෙම කියලා අපි එක වර්ගයක් පහත් කියලා සලකන්න ඕනෙද කියන එකයි?

ඕනෙම දෙයක "හොඳ" දකින්න එයට ප්‍රතිවිරුද්ධ දේ තියෙන්න ඕනෙ. " ඉර-හඳ පායන ලෝකේ, ආලෝකය අතරේ, සැප-දුක සමබර වේ" කියලා කියන්නෙ ඒකනෙ. දුකක් නැත්නම් එතන සැපක් නෑ. හොඳට බඩගින්නෙ හිටියාම තමයි , කෑමවේලක නියම රසය දැනෙන්නෙ. මම මේ ලිපි කියවන්නෙ දැනුම ලබාගන්න, බැරෑරුම් කාරනා සාකච්චා කරන්නම විතරක් නෙමයි. දවස තිස්සේ මහන්සිවෙලා ගෙදර එන අපි වගේ සාමාන්‍ය බස්සොන්ට සැහැල්ලුවෙන් කියවලා දවසේ වෙහෙස මහන්සිය නිවා ගන්නත් දේවල් තියෙන්න ඕනෙනෙ.

මේ ලෝකෙ ලස්සන වෙලා තියෙන්නෙ, රසවත් වෙලා තියෙන්නෙ විවිධත්වය නිසා කියලයි , මගේ බකුසු මොලේට නං තේරෙන්නෙ. ලෝකය විවිධයි, විෂමයි, ගෝලාකාරයි කියන්නෙ ඒක වෙන්න ඇති.

මෙන්න "වම්බො‍ටු" සිංදුව. වා, පිත්, සෙම් කෝප නොකරන කෑම විතරක් හෙව්වොත් ජීවිතේ මෙලෝ රහක් නැති වේවිද?


                

5 comments:

  1. බස්සත් එක්ක 100% එකඟයි.

    ලස්සන සිංදුව....කවදාවත් අහලා තිබුනේ නෑ..... කියන්නේ බස්සා නෙමේ වෙන්ට ඇති නේද? හඬේ නම් බකුසු ගතියක් තියනවා......:D

    ReplyDelete
  2. බස්ස කියන කතාව හරි. ඔය හැම ජාතියම තියෙන කොට තමා විවිධත්වය මතුවෙන්නෙ. අනික බ්ලොග් එකක තමන් කැමති ඕනෑම දෙයක් ලියන්ට ඕනෑම කෙනෙකුට අයිතිය තියෙනව මයේ හිතේ. ඉතින් තම තමන්ගේ රුචි අරුචි කම් අනුව කියවන්ට ගැලපෙන ඒවා තෝරා ගැනීම වරදක් නැහැ. ඒකනෙ අපි හැම බ්ලොග් එකක්ම follow කරන්නෙ නැත්තේ. අනිත් එක එකම බ්ලොග් ටික follow කරන දෙන්නෙක් මට නං හම්බවෙලා නැහැ.
    බස්සගේ බ්ලොග් එකේ තියෙන සිම්පල්, විනෝදකාමී ගතියට මං කැමතියි.
    ස්ත්‍රී වාදී කෝණයෙන් ලියන කුමාරිහාමිගේ පෝස්ට් වලත් මං අපූරු රසයක් දකිනවා.
    දොස්තර නෝනගේ කතා නං කියල වැඩක් නෑ.
    හැමදෙනාවම සාකච්චාවකට පටල ගන්ඩ බින්දිගේ පෝස්ට් වලට මාර හැකියාවක් තියෙන්නෙ.
    සපතේරු උන්නැහැ කියන දේවල් අපේ ජීවිතේ දිහා ආපහු හැරිලා බලන්ඩ අපිව පොළඹවනවා.
    දුමීගේ කට කහන කතා වලට බඩ අල්ලන් හිනා වෙන්ඩ වෙලා.
    අර සඳරු මල්ලිත් පුදුම රචනා හැකියාවක් තියෙන කොල්ලෙක්.
    හුඟක් අයට ඇහැ ගැහිල නැති උනාට රෝස කුමාරිගේ, රෝස කැලේ කියවන්ඩ ආස හිතෙන බ්ලොග් එකක්.
    තව ඉතින් එමට.....
    අනිත් බ්ලොග් ගැන නොකිව්වට කව්රුත් අමනාප වෙන්ඩ එපා. බස්ස කියන්නැහේ විවිධත්වය හරි වටිනව.

    ReplyDelete
  3. @පොත් ගුල්ලා & පොකු
    මටත් හිතෙන්නෙ එහෙම තමා. කෙනෙක්ගෙ රුචි අරුචිකම් අනුව මේක හොඳයි , මේක එච්චරම හොඳ නෑ කියලා හිතෙන්න පුළුවනි, ඒකට අවුලක් නෑ. කෙනෙකුට හොඳ නැති දෙයක් තව කෙනෙකුට හොඳ වෙන්නත් පුළුවනි. ප්‍රශ්නෙ වෙන්නෙ කෙනෙක්ව හෑල්ලු කරලා කතා කලොත් විතරයි.

    ReplyDelete
  4. බස්ස ඔහොම පෝස්ට් එකක් දැම්මේ, අපි කව්රු හරි එහෙම වැරදිලාවත් කාවවත් හෑල්ලු කරල කතා කලාද?

    ReplyDelete
  5. සමහරවිට මං වැරදි වෙන්ට පුළුවන්. ඒත් මං කියවපු දේවල් අනුව එහෙම අදහසක් මට දැණුනා. මට ඕනෙ උනේ මේකෙ තවත් පැත්තක් තියෙන බව කියන්න විතරයි.

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code