Aug 21, 2011

කව්ද බොලේ මේ ඇලිස්!


මේක මමත් නිතර පාවිච්චි කරපු වචන සැට් එකක් තමයි. ඔහෙලට බොරු කියන්නෙ මොකටෑ, තාමත් පාවිච්චි වෙනවා, හෙහ්..හෙහ්..


දැං බලාන්ට, ඕං බස්සා උගේ පාඩුවේ ඉන්නව කියලා. ඕං හිටි අඩියෙම ඔතෙන්ට කඩා පාත් වෙනවා ඇහැට කණට පේන ගෑණු සතෙක්, හුටා නේද? ඉතිං මොකක්ද ඉස්සෙල්ලම පහලවෙන සිතිවිල්ල. වෙන මොකක්ද,දැම්මා රබර් ඇහැ, ඉතිං "කව්ද බොලේ මේ ඇලිස්!" තමා.


ඕං ඔය නිසා මං මේ කියමනේ සුල මුල හොය හොය හිටියෙ, අපේ කකුල් දෙකේ මකරා දාලා තිබ්බ කොමෙන්‍ටුවක් දිගේ ගිහින් තමා ඔරිජිනල් එක හොයා ගත්තෙ.



Sally called when she got the word,
And she said: "I suppose you've heard - About Alice".
When I rushed to the window,And I looked outside,
And I could hardly believe my eyes -
As a big limousine rolled up Into Alice's drive... 


Twenty-four years just waiting for a chance,
To tell her how I feel, and maybe get a second glance,
Now I gotta get used to not living next door to Alice...

And Sally called back and asked how I felt,
And she said: "I know how to help - Get over Alice".
She said: "Now Alice is gone, But I'm still here,
You know I've been waiting For twenty-four years..."
And the big limousine disappeared... 

ඔහෙලට කියන්ට, ඔය ඇලිස්ලා නං මේ එනවා , මේ යනවා, එච්චරයි. හැබැයි ගොයියෝ, ඔය අතර ඉන්නවා එක ඇලිස් කෙනෙක්, උන්දැ තමා "ද ඇලිස්", මං මේ තාමත් හොයනවා.සමහර විට එයා "සැලී" වෙන්ට ඇති.

අපි හැමෝම "ඇලිස්" ව හොයනවා. සමහර විට අපි, නොදන්නව උනාට , මේ ලඟටම වෙලා " පුරු,පුරු" කියකිය ඉන්න සැලී, ඒ ඇලිස් වෙන්ට බැරිත් නෑනෙ. හා නැත්ද මං කියන්නෙ. තියෙන්නෙ අර තඩි බකුසු ඇස් දෙක හොඳට ඇරලා බලන්ට විතරක් වෙන්ටත් බැරි නෑනෙ.
 
ආන්න එදාට අර තඩි ලිමොසීන් එක අන්තරස්දාන වෙයි.. 




                    

ප.ලි:
අර මොකක් හරි හොඳ දෙයක් කරන්න ගිහිල්ලා, ඒකට බැනුම් අහන එකට කියන්නෙ "වඳින්න ගිය දේවාලෙ ඔලුවට කඩා වැටෙනව " කියලා නේද? ආන්න ඒක තමා ආයිබෝං මේ මටත් වුනේ, මේ.. ඔහෙලටත් එහෙම වෙලා තියනවද? මං තාම සුං බුං වලට යට වෙච්චි ගමන්..පොඩි උදව්වක්..   

21 comments:

  1. සමහරවිට අර 'ඇලිස් ගෙ විස්මලන්තෙ' ඉන්න ඇලිස් ද දන්නෑ නෙව බං.. :)

    පලි: The girl next door පට්ට ෆිල්ම් එක නෙවැ, මගෙ fav එකක් තමා..

    ReplyDelete
  2. //සමහරවිට අර 'ඇලිස් ගෙ විස්මලන්තෙ' ඉන්න ඇලිස් ද දන්නෑ නෙව බං..//
    මටත් වෙලාවකට එහෙම හිතෙනවා තමා. අපි මේ බොක්කෙන්ම දෙනවා. උන්දැ නං ඉන්නෙ "විස්මලන්තෙම"මා,මේ ලෝකෙ නං වෙන්ට බෑ

    ReplyDelete
  3. ගොඩක් අයට ඇලිස් හොයන්න ගිහින් ළඟ ඉන්න සැලි පේන්නේ නැහැ . සුන් බුන් වලට යටවූ බකුසු හාමිට අපේ සාතිශය සංවේගය .

    ReplyDelete
  4. "ද ඇලිස්" නාවත් මොකෝ ඇලිස්ල යනව එනවනම්.....

    ReplyDelete
  5. "තනිකඩ ජීවිතේ" කියලා තියනවා වගේ 'ද ඇලිස්' හම්බ නූනත්, ලඟ ඉන්න සැලී නොපෙනුනත්, අනෙක් ඇලිස්ලා යන, එනවා නම් ඒ මදෑ.

    වඳින්න ගිය දේවාල කැඩා වැටෙන්ටත් පුලුවන්. සමහර දේවාලවල දෙව්දුවලා පැනලා ගිහින්, පුදසුන් ගරා වැටෙන්ටත් පුලුවන්. ඒත් මොකෝ...ඇලිස්ලා යන, එනවනම්...:)

    ReplyDelete
  6. අනේ මේ බස්සොත් ඇලිස්ලා ගැන බලා ඉන්න එකේ අනිත් අය ගැන කුමණ කතාද.....

    ReplyDelete
  7. බකුසු අය්යේ,

    අර බෙනේ ඉන්න කෙනා ඇලිස්ද? සැලීද? නැත්නම් බකුසු වෙසින් ආපු දෙව්දුවක්ද?

    ReplyDelete
  8. සින්දුවට නං මමත් ආසයි. කාලයක් මම රාජකාරි කරපු කොළඹ කොටුවේ තිබ්බ ශාඛාවක Pipe Music හරහා නිතර ඕක ඇහුනා. ඒකෙ නං හැබැයි මොකද්ද අසභ්‍ය කෑල්ලකුත් තිබුණ.

    මං හිතන් හිටියෙ බස්සට ඇලිස් නෝනෙක් ඉන්නව කියලයි.

    ReplyDelete
  9. @ Bindi
    පෙනුනත් වැඩක් නෑ, උන්දලා ඔක්කොම එකයි නෙව. අපේ සාතිශය සංවේගය, අනිච්චාවත සංඛාරා, කියලා ඔය මලකුත් පූජාකරලම ගියා නං

    @TJ
    බස්සොන්ට එහෙම TJ වෙන්ට බෑ නෙව, අපේ බෙනවල හීටර්ස් නෑ

    @නීතා
    අනික් අය කිව්වෙ...?

    @සමනලී
    මාත් හිතා හිටියෙ නං එහෙම තමා. දැං බලාන යනකොට, මන්තර සෑස්තරෙත් දන්නවා වෙච්චි, කුවේණි වෙන්ටත් බැරි නෑ

    @ පොත් ගුල්ලා
    තියනවා, තියනවා, ඒක තමා පාටි වර්ෂන් එක. අර කස්ටියම "Alice?Who the (cough, cough) is Alice? කෑගහලා කියන එක නොවැ.

    //මං හිතන් හිටියෙ බස්සට ඇලිස් නෝනෙක් ඉන්නව කියලයි//
    ඔහෙට කියන්නට ලොක්කා, ඔහේ තියා මාත් මෙච්චරකල් හිතාගෙන හිටියෙ එහෙමනෙ :)

    ReplyDelete
  10. කියන්න බැරිදේ හිතන්නකෝ.....

    ReplyDelete
  11. බස්සෝ ඔයා මොකද එක එක්කෙනාට එක එක විදිහට සලකන්නේ, කමෙන්ට් කරණ හැමෝටම එක විදිදහට උත්තර දෙන්න ඕනේ නේද? වැඩේ කැතයි ඈ...

    ReplyDelete
  12. හ්ම්.... පොඩ්ඩිට උත්තර නොදුන්න එකට මගෙත් විරෝදය.......

    ReplyDelete
  13. බස්සා නම් ගල් බස්සෙක් වෙන්නැති අපේ පොඩ්ඩි අක්කට මෙහෙම සලකන්න. ගල් බස්සෙක් නෙමෙයි. ගල් බමුනෙක් කීවා නම් හරි මයෙ හිතේ. මගෙත් බලවත් අප්‍රසාදය.

    ReplyDelete
  14. හුටාස්, මට ලමාතැනීව මඟෑරිලා නෙව. අනේ මගේ එහෙම බේදයක් නෑ, ඔය කාටත් මං කියන්නෙ හූම්..හූම්

    ඔය ඇලිස්ලා ඉන්නව නේද? කතාවක් තියනවා, එයාලා පාරෙ බස් වගෙයි කියලා, ඒ කියන්නෙ එකක් මිස් උනොත් ඊළඟ එකේ ගියෑකි කියන එක නොවැ. හැබැයි ඔය අතර තියනවා එක බස් එකක් අපිව ගෙදර අරන් යන, ආන්න ඒ බස් එක නං මිස් කරගන්ට එපා. මිස් උනොත් ඉතිං , අඹ සරණයි.

    ReplyDelete
  15. මොකක්ද මේ දේවාල කතාව? දෙව්දුව පැනලා ගියා නං, ටක්කෙටම පනින්න ඇත්තෙ දෙයියෙක් එක්ක මිසක් බස්සෙක් එක්ක නං වෙන්ට බෑ :)

    ReplyDelete
  16. ටවුමෙ ගහක බෙනයක් හොයගත්තනම් ඕන බස් එකක ගිහිල්ල කූඩුව ලන්ගින්ම බහින්න පුලුවන් (බස් ගොඩාආආආආයි....) ඉතිරි ටික ඉතින් පියාබන එකනෙ තියෙන්නෙ...

    ReplyDelete
  17. බස්සට දේවාල කතාව හරියට තෙරිලා නෑ. පොඩ්ඩි කීවේ සමහර වෙලාවට වඳින්ට ගිය දේවාල ඇඟට කඩන් වැටෙනවා. සමහර වෙලාවට කාගෙ හරි හිත ඇතුලේ තියන දේවාලෙක වැඩ වාසය කරන දෙවියෙක් හරි දෙව්දුවක් හරි පැනලා යනකල් එයාලා දන්නේ නෑ කියලා. හේතුව තමයි වඳින්ට එන ජනතාව දැක්කාම දෙවිවරු අමතක වෙන එක. ඒ වගේ කතාවකුත් තියන හන්දයි එහෙම කීවේ. බස්සාගේ සිංහල හොරයි නේද?......:D

    ReplyDelete
  18. //බස්සාගේ සිංහල හොරයි නේද?//
    Huh, pot calling the kettle black!

    ReplyDelete
  19. දැන් මෙතන මොකක්ද වෙන්නේ? :)

    ReplyDelete
  20. හා, හා , ඔය ලමයා කලබල වෙන්න එපා. මේ අර හා ගුලට රිංගපු ඇලිස්ද? මං මූකලං බස්සෙක්, ඉන්නෙ සයිබර්ලන්තෙ, කුමාරිහාමිගෙ වලව්වෙ. මෙහාට එන පාර කිව්වෙ හාවෙක්ද?

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code