Jun 30, 2012

නින්ද නැති ‍රැයේ....


"නින්ද නැති ‍රැයේ" කියන්නෙ මං ආසම සිංදුවක්. ඒ වගේම "Sleepless in Seattle" කියන්නෙත් මං කැමතිම පිචෑර් එකක් - R.I.P Nora Ephron :(.

අපි ඉතිං කොහොමත් නිශාචර පක්සීන් නොවැ. ඒත් නින්ද කියන්නෙ අපි කාටත් අත්‍යවශ්‍ය දෙයක්. මට නං නොකෑවත් නිදා ගන්ට ඕනෙ. ඇයි අප්පේ නැතුව කොහොමද මේ නයිට් ශිප්ට් එක අදින්නෙ? මං සාමාන්‍යයෙන් නිදා ගන්නෙ කොටස් දෙකකට. උදේ හීල කොටා බාලා, පනිනව කෙලින්ම ඇඳට, ඊට පස්සෙ මොනවද විනාඩි පහෙන් බස්සා ෂපාන් එකට දොයි (ඔහෙලට කියන්ට, එහෙම සනීපෙට තද නින්දෙ ඉන්න කොට කෝල් කරල " R U sleeping?" කියල අහන ගල් ඉබ්බියොත් ඉන්නව ආයිබොං)



ඊට පස්සෙ දවල්ට කාලා, ඉන්ටනැට්ටෙ පොඩි හැලප පාරක් කාල එහෙම දානව දෙවන නිදි වඩිය.ඔය රෑ වැඩකරන අය හරි, මල ගෙවල් , පිරිත්, දාන ගෙවල් වඳින්ට බොහොම මනාප කස්ටියට , පොඩි ගුරු කමක් මේ: මං කිව්වට එහෙම කොටස් දෙකකට බුදියගෙන බලන්ට :)

සමහරුන්ට බුදියන්ට මහ විසාල ඇඳන් ඕනෙ උනාට හැමෝටම එහම ඕනෙ නෑ. මේ බලන්නකො:
මෙයා නං නයිට් ශිප්ට් එක කරල ඇවිල්ලා, නිදි මරගාතෙම චැට් කරන කෙනක් පාටයි.











බල්ලට පොල්ලෙන් ගැහැව්වා වගේ බුදියන ටොමියලෑ කස්ටිය

















ඉගෙන ගන්නා අයට උපදෙස්: ඔබට නින්ද යාම හොර නං පාඩම් පොතක් කියවීමට ගන්න. අත්දු‍ටුවයි, ප්‍රත්‍යක්ෂයි :)








නිද්‍රා යෝග ක්‍රමය










22 comments:

  1. හපොයි බං.. මට නං එහෙම දෙපාරකට නිදාගන්න බෑ, එක පාරින් කෙලලා අරින්න ඕන.. නැත්තං ඇගට දැනෙන්නෑ වගේ.. ඕකමයි මම නයිට් කොරන එක අතෑරලා දැම්මෙ.. :)

    නින්ද නැති රැයේ විතරක් නෙවෙයි, අර අන්තිමට තියෙන සිංදුවත් මගෙ ආසම සිංදුවක්.. බලලා තියේය සිත්තරපටිය.?? හදපාන..

    ReplyDelete
    Replies
    1. හඳපාන? අහලා තියේ. බලන්න ඕනෙ :D

      Delete
  2. සිංදුව මාර ලස්සනයි. ඔය වගේ සිංදු නිදාගන්න වෙලාවට ඇහෙනවානම්, පැය 24ක් එකට නිදාගත්තෑකි. :)

    ReplyDelete
  3. මමත් කැමති පිචෑර් එකක්නෙ sleepless in Seattle කියන්නෙ. ටොම් හෑන්ක්ස්, මෙග් රයන් එක්ක ඔය අධ්‍යක්ෂිකාවම කොරපු You've got mail අනිත් එක. ඔය දෙකම සුපිරි රොමෑන්ටික් චිත්‍රපටි.

    නින්ද නේද? ඕක ගැන අහන්න මගෙන්. නිවාඩු දාල දවල්ට නිදියන එකෙක් මම. ඉස්සර ප්‍රයිවෙට් කොම්පැණියක ඉද්දි දවස් දෙක තුන වැඩට නොයා නිදාගත්තු වෙලාවල් තිබුණා. අවුරුද්ද අන්තිමට නෝ පේ දවස් 20-25 වැටෙනවා. වැඩ දන්න නිසා ‍ජොබ බේරගෙන හිටියා. දැන්නං ඒ සෙල්ලං අමාරුයි. ඒ වුණාට ඔය නිවාඩුවක් දෙකක් එක දිගට වැටෙද්දි නිදාගන්න එක තරං ආතල් එකක් තවත් කොයින්ද?

    මම නං කොටස් වැඩි ගණනකින් නිදාගන්නවා. පාන්දර 6ට විතර නැගිටලා අවශ්‍ය වැඩ එහෙම කරලා ආයෙ නිදාගන්නවා පැය දෙකක් විතර. ඊට පස්සෙ ආයෙත් චිත්‍රපටියක් බලනගමන් නින්ද යාගෙන එද්දි ආයෙත් නිදි. ඔය වගේ දවසට 4-5 වතාවක් නිදාගන්නවා. මොකද මට නින්දෙ තියෙන ආතල්ම කොටස නින්ද යාගෙන එන ටික. අළුතෙන් නිදාගන්න එක තමයි ඒ නිසා සුපිරි.

    මැණික නිදාගන්න එකත් ඉතිං සදාතනික ලෙසම මරු එකක්.

    ඕං බලන්න කැමති මාතෘකා ගැන කියවන්න තියෙන උනන්දුව ;-)

    ReplyDelete
    Replies
    1. //මොකද මට නින්දෙ තියෙන ආතල්ම කොටස නින්ද යාගෙන එන ටික. අළුතෙන් නිදාගන්න එක තමයි ඒ නිසා සුපිරි//

      පෙරාපු ඇත්ත :))

      තව ක්‍රමයක් තියනවා. ඔය උදේ පාන්දර වැඩට යන්න එලාම් එක වදින කොට හිතෙනව නේද , අනේ දෙයියනේ තව ටිකක් නිදාගන්ට තියෙනව නං කියලා. නිවාඩු දවසටත් එහෙමම එලාම් එක තියන්ට, ඊට පස්සෙ එලාම් එක වදින කොට දෙන්ට හොඳවයින් පාරක් අත දිග ඇරලා, ස්නූස් බටන් එකට, ඊට පස්සෙ ෂපාන් එකට අනිත් පැත්ත හැරිලා බුදියගන්ට :)

      Delete
    2. හික්ස්ය! මම එහෙම තමා කොරන්නෙ බොලං.. එලාම් එක repeat everyday දාලයි තියෙන්නෙ, ඒත් නැගිටින්නෙ ඒක වැදිලා පැයකට ‍දෙකකට පස්සෙ.. හරියට එලාම් එක වදිනකොටම නැගිටින්නෙ සෙනසුරාදට විතරයි.. :D

      Delete
    3. අපිත් එහෙමයි . ඔන්න මන් එලාම් එක සෙට් කරන්නේ උදේ පහට . විනාඩි දහයෙන් දහය වදිනවා . හීනෙන් වගේ ස්නුස් බටන් එක ඔබ ඔබ 6 වෙනකම් නිදා ගන්නවා .ඔය කොටස් වශයෙන් නිදා ගැනිල්ල ඉගැන්නුවේ අපේ බනිලගේ තාත්ත

      Delete
    4. එලාම්!!!! අපේ ගෙදර නම් අම්මා ඇවිත් උදේට ඇඳෙන් ඇදලා දානකල්, පොඩ්ඩි නෙමේ නැගිටින්නේ. නිවාඩු දවස්වලට පැය 12ක් විතර එක දිගට නිදනවා...:)))

      Delete
    5. කවර කතාද? ;-)

      Delete
  4. ඒලෙවෙල් කරන දවස්වල පැය 24ක් එක දිගට නිදාගෙන ඉදලා හරි බිස්නස් පොත අතට ගත්තම විනාඩියෙන් මම දොයි.
    දැන් නම් ඒ තැන අයිති වෙලා තියෙන්නේ මැනේජ්මන්ට් වලට :D :D

    ReplyDelete
  5. "නිදාගන්න බෑ - ඇඳේ පොලු ටික නෑ
    වඩුවො ඇවිත් පොලු හදල දියව්"

    දන්න කෙනෙක් මේකේ ඔරිජිනල් සින්දුව කියන්ඩ බලන්ඩ.

    There was a spelling mistake. So had to delete the comment and re-posted.

    ReplyDelete
    Replies
    1. නෙලා ගන්න බෑ - මගේ අත දිග නෑ
      අනේ ඒත් තව මල් පිපියන්

      ඕකට තව සිංදුවක් තියෙනවා හැබැයි..

      "මට කා ගන්න බෑ - මගේ බඩ ඉඩ නෑ
      අනේ ඒ තව බත් බෙදපන්.." :D

      Delete
  6. නිදියන එක නම් මටත් උපතින්ම ලැබී ඇති දායාදයක් . ඕන තැනක ඕන වෙලාවක නිදා ගත හැකි . අපේ ළමයි දෙන්නත් අපරාදේ කියන්න බැහැ දැන් 9. 30 යි . තාම නිදි . ලස්සන පින්තුර ටික .

    ReplyDelete
    Replies
    1. මේ මොනව කියනවද නෝනෙ :). ආයි අහල, අපි කුම්භකර්ණගෙන් පැවත එන ජාතියක් නොවැ?

      Delete
    2. හුටා! ඕක කාටවත් ඇ‍හෙන්න කියන්න එපා.. දැන් ට්‍රෙන්ඩ් එක අපි රාවණාගෙන් පැවතෙනවා කියන එක..

      Delete
    3. ඉතින් මොකෝ කුම්භකර්ණ කියන්නේ රාවණාගේ සහෝදරයෙක්නේ.:)

      Delete
  7. අනේ නින්ද කියන වචනෙ ඇහෙනකොටත් ආසයි, ඒත් මට නම් නින්ද හරි අඩුයි. කොච්චර රෑ වෙලා නිදාගත්තත් උදේම ඇහැරෙනවා :(

    ReplyDelete
    Replies
    1. එහෙනං හොඳයි නෙ. උදේම ඇහැරුනාම , දවසම ඉතුරුයි. ඇඟටත් හොඳ ප්‍රභෝධමත් කමක් දැනෙනවා. :)

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code