Jul 24, 2012

Anonymous බස්සා

ඉස්සර අපි කිව්වෙ :

“සසර වසන තුරු
නිවන් දකින තුරු
පින්කෙත හෙල රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා

කියලයි. දැං මේ ටික දොහකට කලියෙන් පටන්ගෙන තාමත් ඇදෙමින් පවතින , අපේ කස්ටියෙගෙ "අපේ කම" දැක්කාම, යලි උපදින්න කෙසේ වෙතත්, නැවත කවදහරි ලංකාවෙ පදිංචියට එන එකත් ආයෙත් සළකා බලන්ට වෙනවා. අර කව්ද කාගෙන්ද ඇහුවලු "ඇයි හැමෝටම 'අයියෙ, අක්කෙ, නංගියෙ ,මල්ලියෙ' කියන්නෙ?" කියලා. " ඒහෙම කියන්නෙ 'අපේ කමට'නෙ?" කියලා උත්තරෙත් ලැබුණයි කියමුකො. අර ඩුප්ලිකේට් ඇනෝනිමසාගෙ දාලා තිබ්බ අපේ "'අයියලගෙ, අක්කලගෙ, නංගිලාගෙ ,මල්ලිලාලගෙ" සංගිස්කුරුත දැක්කාම "අපේ කම" යස අගේට තේරුනා :D
අපේ ගම්තුලාන වල ඔය කුල බේද ටිකක් තිබ්බා, ඉඳලා හිටලා කැලෑ පත්තරයක් ගැහැව්වා. . අබිලිං ලා, සොපියලා ගමේ තේ කඩේ, පංසලේ බණ මඩුවෙ ඕපදූපයක් දෙකක් කියෙව්වා තමයි, ඒත් ඒකෙන් මිනිස්සුන්ට සසර කළකිරුනෙ නෑ. ගම -නගරය එකට යාවෙන කොට, කුල භේදය තුරන්වේගන යනකොට , මං හිතුව අපේ සමාජය දියුණුවෙයි කියලා. ඒත් දැං නම් ඒ ගැන සැකයි:

ලෝකය විවිධයි, විෂමයි, ගෝලාකාරයි.
ලෝකෙ නිකං රෝදෙ වගේ කැරකෙනව
අපි ආපහු පරණ තැනට පැමිනෙණවා :(

දන්සල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වල ය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී පුරයයි

නැත මුදලේ වටිනාකම්
බුහුමන් කරයි ශිල්ප ශාස්ත්‍රයටම
නැත පවුල්වාද, පිල් බේද, කුලවාද, දෑ වාද
නැත බදුබර, පවුල් බර ජීවන බර
මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ උපදින්න මතු වාසනා 


එහෙම උනයි කියලා බලාපොරොත්තු අතහරින්න හොඳ නෑ. 
මෙන්න මගේ ප්‍රාර්ථනාව:සයිබරය අර මුලින් තිබුණු තරඟ , මරාගැනීම් නැති, සුන්දර, ඇලිස්ගේ විස්මලන්තයම වේවා!

අර කෙහෙල් කොට්ටෝ කෙහෙල් කො‍ටුවේ චූටි මහතා කියල තිබ්බා" ඇත්තට හම්බ උනොත් ඔයාලා මට කතා කරන එකකුත් නෑ. ඒකට කමක් නෑ, මේ සයිබරයේදි අපි යාළුවො, ඒ ටික මට ඇති' කියලා. සරළයි වගේ පෙනුනට මේක loaded statement එකක්. 


ඇත්ත, අපි සැබෑ ලෝකෙයේ ඒ තත්ත්වෙට එන්න තරම් තාම දියුණු නෑ. ඒත් මේ සයිබරයේදි අපි ඊට වඩා දියුණුයි. ඒක නිසා මහත්වරුනි , කරුණාකරලා සැබෑ ලෝකයේ කුහකකම්, මේකට ගේන්න එපා. සයිබරයේ හැඳුනුම්කම්, සැබෑ ලෝකෙට ගෙනයන එක ඔහෙලගෙ වැඩක්, ඒත් මට නං මේ විවිධ සමාජ, අධ්‍යාපනික මට්ටම්වල ඉන්න අපි මෙහෙම එකට ඉන්න එක ඊට වඩා වටිනව.


සමහරු ආරූඩ නම් නැතුව නියම නමින් එනවා. ඒක ඒ අයගෙ කැමත්ත. හැබැයි, ඒක ලොකු කමක් කියල හිතන එක ඔහෙලගෙ නුවණක්කාර කම. මේක අපේ මෝඩ වෙන්න පුළුවනි, හැබැයි ඒක අපේ අයිතිය, ඒකට ගරු කරන්න. පාලකයෙක් හැටියට විවේචන තිබ්බත්, මං අගේ කරන අප අතර නැති කෙනෙක් මෙහෙම
කියලා තිබ්බා:"Stay foolish, Stay hungry."ඒ නිසා ඇත්ත නමින් එන්න, එළියට එන්න වගේ ඉල්ලීම් අසාධාරණ බව මගේ හැඟීමයි, මන්ද අදහස, ලිපිය මිස, ලේඛකයාගේ අනන්‍යතාවය අපට අදාල නොවන නිසා.

ඒ නිසා දැනට මං දොරකඩ ගහේ බකුසු තඩියම තමා :) 

මේ පිංතූරෙ නම් කරලා තිබ්බෙ මෙහෙම:

අල්ලපු ගෙදර පූස පල්ලා. මේක කලේ අර අසම්ජ්ජාති පූසො සැට් එක තමා!  කියලයි :)))









Disclaimer:  මෙහි පූෂා යනු හුදෙක් නාමයක් පමණක් බවත්, පූෂන් උපහාසයක් කිරීමේ අදහසක් නැති බවත් සියලු පූෂන් වෙත දැනුම් දෙමි.

25 comments:

  1. දැන් මොකක්ද මෙදා පාර කේස් එක..!!??

    ReplyDelete
    Replies
    1. මොනවත් කේස් එකක් නැතිව මේ බස්සා බොරුවට නිකං ලෙඩදාගන්නවා වගේ.

      බස්සා කාටද මේ ෂෝ එක පෙන්නන්න හදන්නේ :)

      Delete
    2. වෙන කාටද? ඔහෙලට තමා:), වෙන කවුරුත් එන එකක් යෑ?

      Delete
  2. මොන කේස්ද ලොක්කා. නිකං හිතුන ලියල දැම්මා , එච්චරයි :)

    ReplyDelete
  3. ඇයි බං උඹට දවල් ඩියුටි වැටුනද මේ ටිකේ?

    ReplyDelete
    Replies
    1. නෑ බොල මෙහේ තාම පට්ට දවල් :)

      Delete
  4. සහතික ඇත්ත!
    බ්ලොග් ලෝකේ අපි හිතුව තරම් සුන්දර නෑ...

    ReplyDelete
    Replies
    1. ඒක සුන්දර හෝ අසුන්දර කරවන්නේ අප විසින්මයි. අකමැති නං නොයා ඉන්න, ඒත් අපගේ ‍තෝරා ගැනීමේ නිදහසට බාධා කරන්න එපා, කියන එකයි මට කියන්න ඕනෙ වුනේ

      Delete
  5. “A wise old owl sat on an oak; The more he saw the less he spoke; The less he spoke the more he heard; Why aren't we like that wise old bird?”

    old එක වෙනස් කරගෙන කියවන්නකෝ, මේක මම ලියපු එකක් නෙවෙයි.

    මටත් බස්සෙක් වෙන්න ඇත්නම් :D

    ReplyDelete
    Replies
    1. බස්සෙක් වෙන්න හරිම ලේසියි. කියන කියන එකට හූම්, හූම් කියන එකයි තියෙන්නෙ:D

      Delete
  6. අරුනි ලියලා තියනදේට සම්පුර්ණයෙන් එකඟයි. නින්ද යන්නේ නැත්නම්, අර බොලිවුඩ් ෆිල්ම් එකක් බැලුවා නම් හරිනේ. බාගයක් බලද්දි නින්ද යනවා. අපරාදේ මේ වගේ තමන්ගේ වචනයි, කාලයයි නාස්ති කරන්නේ.

    බස්සටත් හිට්ස් ඕනි වෙලාද දන්නේ නෑ.:D

    ReplyDelete
    Replies
    1. හිට්ස්? මේ අවාරෙට කජු වැටෙන්නැහෙ කමෙන්ට් වැටෙන මේකට?
      ඔන්න තව කන්ට පුළුවන් ජාතියක් නං තව කමක් නෑ කියමුකො :)

      Delete
  7. චඃ මන් නම් ඔය මල ඉලව් හුටපට කියවල නිකන් ඉන්නවා . සමහර විට කියවන්නෙත් නැහැ . නමින් ඉන්න හරි නොඉන්න හරි ඔලුවෙන් හිටගන්න හරි එක එක එක්කෙනාට ඇති අයිතිය ඉස මුදුනින් පිලිගන්නවා . මොකෝ පොඩි සන්දියේ ගේ ළඟ කොස් ගහේ හුම් හුම් ගාපු බස්සෝ කවදාවත් ඇහින් දැකල තියෙනවය .

    ReplyDelete
    Replies
    1. ඔය අසම්ජ්ජාති බස්සො ඔහොම්මමයි. කොස් කොල ගොඩේ වහන්වෙලා "හූම්, හූම්" ගාන්ට ඇති :D

      Delete
  8. ඔන්න මමත් ආවා..
    යකෝ මෙ ටොමියය් ,, බස්සයි කිඹුල්ලුද?

    ReplyDelete
    Replies
    1. නෑ, නෑ . දවසක් අලි මඩුවට දඩාවතේ යන කැහැ‍ටු බලු නකුටෙක් ආව. ඒ ඇඳුරුං කමට තමා ඌටත් මේකෙ පොස්ට් කොටන්න දුන්නෙ :)

      Delete
  9. මේක loaded statement එකක්. // ඇඩෙනවා මේ වගේ කතා කියනකොට. නෑ මං නිකමට අහන්නෙ සාමාන්‍යයෙන් මේකේ පෝස්ට් එකක් දාපුවාම සාමාන්‍යයෙන් කීදෙනෙක් විතර බලනවද? :)

    අද නං ගෙදර කට්ටියටත් එක්ක පෙන්නන්න ඕනෑ. උන්දැලැ දන්නැ තාම මේ රාලගේ තරම....!

    ReplyDelete
    Replies
    1. අය්යෝ සුලු දෙයක් නේ... උඹේ ඊලඟ පෝස්ට් එකට මේකෙ ලින්ක් එකක් දාපන් එතකොට හැමෝම මේකත් බලාවි...

      Delete
    2. සාමාන්‍යයෙන් කීදෙනෙක් විතර බලනවද නේද? සූ ගාලා 5 දෙනෙක් විතර :)

      Delete
  10. අපිත් ලංකාවෙ කට්ටිය හොඳද ? මාලුවා කට හින්ද නහිනව කියල නම් අහල තිබුණ. බලාගෙන යනකොට බස්ස‍ටත් එහෙම වේවිද මන්දා. හි හී

    ReplyDelete
    Replies
    1. බස්සො නහින්නෙ හොට නිසා නෙව, සමහරු මට, තනි තට්ටෙන් වහලෙ එල්ලලා බොක්සිං ගහනවා කියලත් කියල තියනවා :)

      Delete
    2. අම්මපා! එහෙමත් කියන එවුං ඉන්නවද.!? මුංව දීයාම කන්ට එපායැ.. බකුසු ප්‍රඥප්තියේ, මූකලං බකුසු පරිච්ඡේදයේ, 'ඉ' ඡේදයේ අංක 1.2.1 දරන වගන්තියට අනුව ඒක බරපතල ලෙස බකුසු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවැ..

      උඹට කවදාවත් හිතිලා නැද්ද තනි තට්ටෙන් පියාඹන්ට..?? මං ‍මේ නිකමට ඇහුවුවෙ..

      Delete
    3. ඔය ඇවිත් ඉන්නෙ, එක්කෝ අබ කාලා නැහ්නං නහය දෑව :)

      Delete
  11. හැට්ස් ඕෆ් බස්ස අයියෙ!!!!

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code