Jul 4, 2012

බස්සා සහ සුරංගනාවි

ඕං ඔය පහුගිය දොහක උදේක, බේගලයක් ඇදබාපු මම, සුපුරුදු පරිදි පලමු නිදි වඩියට සැට් වුනා. මේ බේගල් කිව්වෙ අර කොටා බාන එව්වා. ඒකත් කොටා බාල, හොඳට අත්ත උඩ හරිබරි ගැහිලා දෙයියනේ කියලා ඇස් පියාගත්තා. මොන, මේං කණ ගාවම ඇහෙනව රූං,රූං ගානවා. ඇස් දෙක වහගෙනම හොඳට හඬ එන තැනට මානල දුන්නා හොඳ අත්ත‍ටු පාරක්. කව්දෝ "ඌයි" ගෑව. ඇස් ඇරල බැලින්නං සුරංගනාවියක්. කහපාට මල්පෙති වලින් හදාපු ගවුමක් ඇඳලා.

"අප්පට හුඩු, මටත් ටිකට් එක ඇදිලද? ඔයා දිවියලෝකෙන් පණිවිඩේ අරගෙනද ආවෙ?
" අනේ මේ ඔයා මොනව කියනවද මන්දා බස්z , මම ටින්කර් බෙල්, ආවෙ නෙවර්ලන්තෙ ඉඳලා."
" මාත් ඔය ටිංකරින් වැඩ ටිකක් දන්නවා නං තමා. ඇයි ඔයාටත් බ්ලොග් එකක් තියනවද. එහෙම නං කියන්න, පොඩි ටිංකරින් පාරක් දාලා දෙඤ්ඤං"
" එහෙම එකක් නෙමෙයි. දැං බලාන්ට, ඔයා ටින්කරිං බාස්, මම ටින්කර් බෙල්. මේ ඔයාට FB එක්වුන්ට් එකක් තියනවද?"
" මේ මඟුලක් කතා කරනව, බස්සො කවදද FB කෙරුවෙ"
" අයියෝ, අඩුම ගානෙ ස්කයිප්,චැට් එකවුන්ට් එකක්වත්?"
"මේ ටිංකරිං නෝනෙ, ඔව්වා මගේ නින්දට බාදා වෙන වැඩ. අපි, බස්සො, බස්සොන්ට නින්ද බොහොම වටිනව, තේරුනාද?. දැං ඔහේ ඔච්චර දුර ඉඳලා මගෙ නින්දට බාදා කරන්න ආවෙ ඕක අහන්නද?"
" මොකක්ද මෙයා, ඉඳලා හිටලාවත් ඔයාගේ සොෆ්ට් ස්යිඩ් එක පෙන්නන්නකො, කොක්කම දාන්නෙ නැතුව"
"අනේ මේ මගේ සොෆ්ට් ස්යිඩ් එක තිබිච්චාවෙ. කියන්නකො මට ඔයා ගැන?"
" මට මල්කැඩීම ගැන ගෞරව උපාධියක් තියනවා. එතකොට පැණි කළමනාකරණය ගැන පස්චාස් මෙව්වා එකකුත් තියනවා. එතකොට මං රාජකාරි කරන්නෙ බොහොම ඉහල තැනක"
"හුටා! ඔය මල් සාය කොටෙත් ඇඳගෙන ඉහල යනවයි කිව්වා. ඉතිං මල්, කුරුල්ලො පිබිදෙන එක අහන්නත් දෙයක්ද?"
" ඒක තමයි මෙයා. මේ සමහර නැහැදිච්ච කුරුල්ලො මට එව්වා මෙව්වා කියනවා නෙව"
" ඉතිං ටිං,ටිං නෝනෝ. මොන හත්තිලව්වකට ඔය ඔය, errrr..... එව්වා,මෙව්වා පෙන්නන්න ගියෙ?"
"ඔයා නං කියයි. මේ දවස්වල හරිම හොට් මෙයා. එහේ නෙවර්ලන්තෙ හැමෝම ඉන්නෙ එහෙම"
" නෝනෝ, මේක මූකලාන, නෙවර්ලන්තෙ නෙමෙයි. මේකෙ ඉන්ට ඕනෙ මේ සත්තුන්ට හරියන තාලෙට, ඔය නෙවර්ලන්ත මෝස්තර මෙහෙට හරියන්නෙ නෑ"
"ඒකනෙ මෙයා, මං ඔයාගෙ කන්ටැක්ට් ඉල්ලන්නෙ"




අවවාදය:
ඔබ අන්තර්ජාලය වෙත මුදාහල දෙය නැවත ගත නොහැක. ඔබ එය මකා දැමුවද එය ඉවත් නොවේ. මොනතරම් බලපෑම් ආවද, එය කොතරම් ආකර්ශණීය අදහසක් වුවද, ඔබගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලය වෙත මුදා හැරීමට ප්‍රථම දෙවරක් නොව, තුන්වරක් සිතා බලන්න.



28 comments:

  1. කිවුවත් වගේ බස්සන්ට මොන FBද නේද බොල.!?? හැබැයි මං දැකලා තියේ වගේ මතකයි FB එ‍‍කේ එහෙ මෙහෙ යනකොට හිටපු ගමන් බස්සො ඉන්නවා.. ;)

    ReplyDelete
    Replies
    1. ඒ වෙන බස්සෙක් :) හිම බස්සෙක් වෙන්ටෑ ;p

      Delete
  2. හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්ම්

    ReplyDelete
  3. මට දවස්වල දාලා තියන පෝස්ට් තේරෙන්නේ නෑ වගේ.:)

    ReplyDelete
    Replies
    1. Same with me.

      මතුපිට අර්ථය නං වැටහෙනවා. ඒත් යටි පෙළ තේරුම් ගන්න අමාරුයි.

      Delete
    2. @පොකු
      කොහෙ තේරෙන්නද මේ දවස්වල යන ගිණිකෙළිවල හැටියට:)

      Delete
    3. @පොත් ගුල්ලා
      නිකං විනෝදට ලියපු එකක්, පොඩි අවවාදයකුත් එක්ක:)

      Delete
  4. Replies
    1. මනමේ නාට්‍යයේ දෙබසකින්.

      "තට ඇත්තේ මානයට වඩා මෝඩ කම යයි හඟිමි."

      Delete
    2. හික්ස්! මොනා කරන්නද අප්පා.. මෝඩයො කියලා මරන්නයැ.. ඔන්න ඔහේ ආතල් ගත්තදෙන්.. :D

      Delete
    3. කොළොම්පුරෙන් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම
      කොළොම් තොටට ගොඩබස්සේ අමනකමයි ඒ වෙනුවට :))

      Delete
  5. මේ පෝස්ට් එකයි ඒ පෝස්ට් එකයි දෙකම පොඩ්ඩි ගැන . වෙනස ඉතින් කියන්න ඕන නැහැනේ . පොඩ්ඩි ට මට දෙන්න පුළුවන් හොඳම අවවාදය ඔව්වට උත්තර බඳින්න යාම තේරුමක් නැහැ . ලියන්න වෙන හොඳ පෝස්ට් එකක් . හිතට අමාරු ඇති තමයි . අතීතයෙන් මතක අහුලපු දිල් ට වුන වැඩේ මතකනේ . එච්චර හිත හය්ය කෙනෙක් බ්ලොග් එක වහලම දැම්ම . මට දුක මන් ඒ දවස්ටිකේ පර්ත් වල හිටියේ .බ්ලොග් බැලුවෙම නැහැ . වචනෙකින් වත් උදව්වක් කරන්න බැරි වුණා . මන් කියවන්න බලනකොට බ්ලොග් එකට යන්නත් බැහැ .



    බස්සෝ...ටින්කර් ගේ ඇඳුම කොළ පාටයි නේද .

    ReplyDelete
    Replies
    1. Tinker in the Peter pan has green dress. I know better , Bassa doesn't watch cartoons than me..D

      Delete
    2. @Bindi
      මිනිස්සු කියන්නෙ කලු-සුදු චරිත, අපිත් ඇතුලුව. ඒත් වෙනස අපි හොඳ මිනිසුන් වීමට නිරන්තර උත්සාහයක් ගන්නවා. අසාධාරණය විරුද්ධවීම ඉන් එක කොටසක්. අතාත්වික ලෝකයේ උනත් ඔබලා අතර සිටිම මටසතුටක්

      Delete
    3. @පොත් ගුල්ලා

      Me :)))))

      Delete
    4. අපි කොහොම දෑ දන්නේ තව ටින්කර් කෙනෙක් ඉන්නවයි කියල.
      මම කතා කලේ ඔය උඩ තියෙන පින්තුරේ ඉන්න ටින්කර් ගැන.

      Delete
  6. huh, I don't watch cartoons than U? U wish :). My nick name was "Cartoon XXXX" once upon a time :D

    ReplyDelete
    Replies
    1. Huh! wanna bet u both watch cartoons than me..??

      Delete
    2. හරි, එහෙනං කියපංකො "සමුරායි ජැක්" කියන කාටූන් එකේ එපිසෝඩ් ටිකක් හොයාගන්න විදිහක්. යූ-ටියුබ් කියල නං කියන්න එපා, ඒකෙ තියෙන්නෙ ටිකයි :)

      Delete
    3. මේන්න මෙතනින් බාගන්ට.. මේක 9.5GB DVD Rip එකක් (Season 1,2,3,4).. ඕකම පයිරට් බේ එකෙත් තියෙනවා කියලා කමෙන්ට්ස්වල කියලා තියෙනවා, මම බලන්න ගියේ නෑ.. මෙහෙ පයිරට් බේ බ්ලොක් කරලා තියෙන්නෙ, ප්‍රොක්සියකින් යන්ට කම්මැලියි.. :)

      Delete
    4. අම්මපා උඹ නං දෙයියෙක් :) .

      Delete
    5. නැතුව නැතුව.. බොලා නොදන්නවට ඔය සමහර රටවල මගෙ නමින් දේවාලත් හදලා තියෙනවා.. අපි ඉතිං වැඩිය ප්‍රසිද්ධියට කැමැති නැති නිසා ඔවුවා වැඩිය කියන්න යන්නෙ නෑ.. :)

      Delete
    6. හැබෑටම ? සුවර් එකටම මීකොන් ගංතීරේ පැත්තෙ නං එකක් ඇති :)

      Delete
  7. Replies
    1. මාත් ගියා ඔයාගෙ ලිපි කියවන්න. "මගෙ මැණික් කැටේ" කියලා ලස්සන කවි ටිකක් දැකලා , මීයගෙ බොලෙ ගෙවෙන කං කරකෝ,කරකෝ පහලටම ගියයි කියමුකො. හුටා! එතන තිබුනෙ බලු තඩියෙක්ගෙ පිංතූර සැට් එකක් නොවැ? :(

      Delete
  8. :) හ්ම්ම් හ්ම්ම් ..... ලස්සනයි

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code