Aug 30, 2013

License to Wed

අපි ඔක්කොම් දන්නව නෙව කතාව?

ඕං ඉන්නව ගොබිල, රජගෙදර පරෙයියා වගේ. නිදහස් ජීවිතේ...
ඔහොම ඉන්න කොට තමා අපල කාලෙ ලබන්නෙ :)





ඔන්න ඊට පස්සෙ ගෙවල්, දොර වතු පිටි , පවුලේ වගතුග .....



එව්වත් ගැලපුනයි කියමුකො, දැන් තමයි හොඳම හරිය.. කඩු ෆයිට්....

මං විරුද්ධ කෙනක්ගෙ විවාහ වීමේ හෝ නොවීමේ අයිතිය ගරු නොකරන, නම් පට බඳින , පහත් කොට සලකන දූපත් මානසිකත්වයට විතරයි.

මං විවාහයට විරුද්ධ නෑ.
Go on,get on the train, baby....:)


Le' mee tell you the truth..

මං නෙමෙයි, රොබී විලියම්ස් තමයි කිව්වෙ.. -  -the license to Wed version :)


හොඳ විවාහයක් කියන්නෙ ආශිර්වාදයක් කියන්නෙ, එහෙම නම්, ඒ වගේම තමයි ඒකෙ අනිත් පැත්තත්.ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය කියන "හොඳ" විවහා බොහොම අල්පයක් වීමයි. මට නං වැඩියෙන් හමුවෙලා තියෙන්නෙ, ජීවිත කාළයක්ම එකට බැඳී හිටිය ආගන්තුකයො. සමහරු තමන්ගෙ සහකරුගෙ/ සහකාරියගෙ අඩුපාඩු අනෙක් අය එක්ක කියනවා. මං නං කරන්නෙ, එහෙම වෙලාවට හිමීට කතාව වෙනස් කරලා ලුහුටලා යන එකයි, මොකද ඒක නොකල යුතු මං අකමැති දෙයක් නිසා. වැඩිදෙනෙක් කියන්නෙ තමන් මේ බැඳි ඉන්නෙ දරුවො නිසා කියායි. දරුවන් වෙනුවෙන් තම සතුට කැපකලත්, ගෙදර අයවත් ඒ ගැන අගය කිරීමක් නොලැබෙන අය මට හමුවෙලා තියනවා.

මේ මොන කැපවීම කලත්, තම්න්ට වැරදුනොත් අඩුම ගණනේ ගෙදර අයවත් ඉන්නවා කියල හිතුවට. වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ, වැ‍ටුනාම ගෙදර අයගෙ කෙනහිලි කං විදින්න වෙච්ච අයත් මට හමුවෙලා තියනවා. දරුවො තවදුරටත් දෙමාපියන්ගෙ මහලු වියේ ඉන්ෂුවරන්ස් පොලිසි එක නොවෙන, විවාහවීම හෝ නොවීම සමාජ පීඩනයක් නොමැති කසාදය යනු "license to ..." නොවෙන, සමාජයක නම්, කවදා හෝ " කබාය ඉරිලා ඊට කමක් නෑ, කවුරු දකින්නද, කවුරු බලන්නද..." තත්ත්වයක් ඇති වේ යැයි බියක් ඇති කරගත් යුතු යැයි මා සිතන්නේ නෑ.

මේ ගැන කියන කොට මට මතක් වෙන්නෙ " The Bucket List" කියන චිත්‍රපටයයි.


ප.ලි:

බ්ලොගේ අප්ඩේට් නොකිරීමේ වරදට මකා දෑමීමට හැකි නිසා, ගූගලයාගෙන් බේරීමට ලියූ පෝස්‍ටුවක් නිසා පාඨකයෝ සමාවී උපේක්ෂාවෙන් බලන සේක්වා!

Video segments are from "Chennai Express" and  "License to Wed" movie trailers

12 comments:

  1. මං කිව්වම පොඩ්ඩි බඳින්න ඇත්තේ බස්සව කියලා උඹලා කවුරුත් විශ්වාස කළේ නෑනේ!

    ReplyDelete
    Replies
    1. සොඳුරු සිත (වත්) හිතුවලු පොඩ්ඩි බැන්දේ ප්‍රියන්ත කියලා. වලව්වේ තව නොබැඳපු කොල්ලෝ කීප දෙනෙක්ම හිටියා අමිල... :D:D

      Delete
    2. මාත් කිව්වා පොඩ්ඩි බැන්දෙ ගෙඹි නිළෙමෙව කියලා, කෝ කවුරුත් විස්වාස කලේ නෑනෙ. තව සමහරු කීවා පොඩ්ඩි බැන්දෙ අහවලාව කියලා.

      ඒ කොහොම වෙතත් මේ පෝස්ට් එක, පොඩ්ඩි ගැනවත් බැඳිල්ල ගැනවත් නෙමෙයි නෙව. සිත්තර පටි දෙකක් සහ නොබැඳ සිටීමේ අයිතියට එන සමාජ බලපෑම සහ අවදානම ගැනයි මට කියන්න ඕනෙ වුනේ :)

      Delete
    3. නොබැඳ සිටීමේ අයිතියට///

      එහෙම එකක් මේ ලංකාවෙ තියෙනවද.......????? හි හි

      Delete
    4. ඒක තමයි ප්‍රශ්ණෙ. මෙව්වා වෙනස් වෙන්න නම් සමාජ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ.

      Delete
    5. උඹට කියාන්ට අමිලයෝ, මාත් ඕක සැක කොලා.. ඒත් අනුන්ගෙ ඕපාදූප අපට මොක‍ටෙයි කියාලා මං ඕවා තැන් තැන්වල කියන්ට ගියේ නෑ.. ඒත් ඉතිං බස්සාගෙ මේ පෝස්ට් එකෙන් මගේ සැ‍කේ ස්ථිර වුනා.. :D

      Delete
    6. මඟුලක් කියනවා :) කොහෙද බොල මේකෙ පොඩ්ඩිගෙ මඟුල ගැන කතාවක් තියෙන්න? ආරංචියෙ හැටියට නං පොඩ්ඩි බැන්දෙ උස් වැටකයියාවෙන්ලු :).

      ඒ ක නෙමෙයි. බුදු සන්තෝ බුරම්පියෝ උමව දැක්ක කල්? කොහෙද බොල මකබෑවිලා හිටියෙ? අම්මපා බාප්පා දැක්කා වගේ සං‍තෝසයි :)

      Delete
  2. මම හිතුවේ පොඩ්ඩි බැන්දෙ මුහුදු කියලා ? :D :D :D

    ReplyDelete
    Replies
    1. හෑ, එතකොට ගෙම්බට මොකෑ වුනේ ?

      Delete
  3. ඔහෙලට කියන්න, දැන් අපිට වල් ‍ටුවර් එකක් වත් යන්න නිදහසක් නෑ. පොලෝසියට මාට්‍ටු වුනොත් ඇල්ලුවා, බැන්දුවා.

    [im]http://www.boondi.lk/CTRLPannel/ArticleImages/OMRC/Sri%20Lankan%20Police%20Dog%20Marriage.jpg[/im]

    බලු හද හඳුනන ලංකා පොලීසිය

    ReplyDelete
  4. ඇයි බොලං බ්ලොගේ බේරගන්ට උඹ ඔච්චර මහන්සි වෙන්ට ඕනයැ.!? ඔය නිවාඩුපාඩු තියෙන දවසක පෝස්ට් 6-7ක් ලියලා දාලා, ඔටෝ පබ්ලිෂ් කරහං මාස දෙකෙන් දෙකට ටයිමින් දාලා.. උඹට අවුරුද්දක් විතර නිකං ඉන්ට පුළුවන්.. :)

    ReplyDelete
    Replies
    1. හෑ, පෝස්ට් 6-7ක්. හුහ්, එහෙම ලියන්න නං ඉතිං හොට කපාපු පැස්බරෙක්ම වෙන්ට ඕනෙ :)

      ඊට ලේසියි , බැකප් එකක් අරගෙන තියා ගන්නව. මැකුවොත්, ආයෙ එකක් හදලා අපිලොඩ් කරනවා. කම්මැලිකම කියන එක අපේ ජාතික උරුමෙ නොවැ? :)

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code