Nov 2, 2013

ආෂික්..







ලස්සන සිංදුව....තියෙන්නෙ මෙන්න මෙහෙම තේරුමක් කියල තමා, මගේ ඉන්දියන් යාළුව කිව්වෙ:

අනේ, පනේ දැන් නං මට ඔයා නැතුව ඉන්න බෑ
හප්පුච්චියේ, මට මොනව වෙයිද ඔයා නැති උනොත්

ඔයාගෙන් මාව වෙන් කලොත්
මයෙ ආතල් (ආෂිකී) කුඩේ කුඩු තමයි.


මේකෙ පෙන්නනව වගේ වහින වෙලාවක , හිරි ගඩු පිපෙන හීතලක ඔහෙලට මතක් වෙන්නෙ මොකක්ද?
ඇත්තම කියන්න, මට නං මතක් වෙන්නෙ , හොඳට දුම් දාන කෝපි එකක්... මොකද? දැන් මෙහාට වහිනව. ඒ මදිවට හීතල.

ඉතිං , බස්සෙක් උනාට මොකද. අපටත් මෙහෙව් වෙලාවට රොමැන්ටික් සිතිවිලි පහල වෙනව. නෑ, නෑ , බස්සෝ නං හයි-වේ එක මැද්දෙ ජොඩු දාලා ජැකට් එකෙන් ඔලුව වහගෙන ආශික් ගන්නෙ නෑ :), මොකද, මෙහෙ ඉන්න ඉන්න ඩැයිවර්ලා අනින එක අනිනවා, කෙලින්ම දිවිය ලෝකෙට වීසා ලැබෙන්නම.

අනේ මයේ, කෝපි පනේ මට නං මේ පට්ට හීතලට ඔයා නැතුව නං ඉන්න බෑ, උම්මා....හ්

ප:ලි:

සමහර සිංදු තියනවානෙ , අහපු ගමන් කෙලින්ම බස්සට පොල්ලෙන් ගැහැව්වා වගේ කෙලින්ම ඔලුවටම වදින. මේකත් , අන්න ඒවගේ එකක්. මුලදි එක වචනයක්වත් නොතේරුනාට ,මොකක්ද මන්දා හිත කීරි ගැහෙන ආෂික් එකක් දැනුනා.


ආදරයක් අමරණීය වෙන්න නං එකෙක් මැරෙන්නම ඕනෙ. මේ කතාවෙත් කොලුව මැරෙනවා. සමහර විට , එහෙම වෙච්ච එක හොඳා, නැහ්නං ඌට වෙන්නෙ ජීවිත කාලෙම නොමැරි මැරෙන්න. මට මතක් වෙනවා , කව්දෝ නුවණක්කාර අම්මා කෙනෙක් , දෝණියැන්දට දීපු උපදෙසක් : 

"After marriage, there is no such thing called 'earth shattering love', It is just ordinary love"
සතුට යනු, බලාපොරොත්තුවක් ඇතිවීමත් , ඒ බලාපොරොත්තුව ඉ‍ටුවීමත් අතර මිනිස් සිතේ ඇතිවන පහන් සිතිවිල්ලකි.
- නාඳුණන දාර්ශණිකයෙක් -

ආදරය යනු, පලමු දැකීමත්, කසාද බැඳීමත් අතරේ දෝලනය වන මොකක්දෝ "මෙව්වා" එකකි
-දොරකඩ ගහේ බස්සා -


8 comments:

  1. අනේ මයේ, කෝපි පනේ මට නං මේ පට්ට හීතලට ඔයා නැතුව නං ඉන්න බෑ, උම්මා....

    මේ ටිකට කොපිරයිට්ස් නෑ නේද බස්සෝ.
    මොකද මටත් ඕකම තමයි එම දවස් වල කියන්න තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. හපෝ, නෑ,නෑ, කොපි රයිට්ස් නැත.

      Delete
  2. කෝපි එකකුයි, පිරිමියෙකුයි ගත්තාම අඩු ගානේ බීලා ඉවර වෙනකල් වත් කෝපි කෝප්පේ ලඟ තියාගත්තු හැකි.

    අනිවාර්යෙන් කෝපි එක හොඳයි.:)
    උම්ම්මා....කෝපි එකට...

    ReplyDelete
    Replies
    1. හෑ, සීවරන් දෙයියනේ , අර " සත් සියක් මල් දම් ගොතා , සත් සියක් බන්ධන බලෙන් ගෙනාපු " ගෙම්බට නේද , කෝපි කොප්පෙන්ම දමලා ගැහැව්වෙ :)

      Delete
  3. ඇයි අනේ බස්ස ගෙ කැමති ම ගීතය... නින්ද නොයන සැන්දෑවේ :)

    ReplyDelete
    Replies
    1. අපෙ නැන්දගෙ දොරකඩ
      බක ,බක ගානා....
      මං බස්සා නෙමෙයි බකමූණා

      කැමතිම ගීතය:
      රෑ වැඩ මුරය අවසන් වන කනිසමට....)

      Delete
  4. "After marriage, there is no such thing called 'earth shattering love', It is just ordinary love" -which could however be ear shattering at times!

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් අද්දැකීමෙන් වගෙ කියන්නෙ :)

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code