Jan 17, 2014

හිම




ඉස්සර කාලෙ දවසක
ඇසුව දින හිම කුමාරිගෙ කතාව
පෙරුම් පිරුවෙ නුඹ දකින්නයි
සුදෝ සුදු සුපිරිසිදු ..හිම

ගිණියම් වූ කතරක
කහවනු සොයනා විට
සිහින මැව්වේ නුඹ දකින්නයි
සුදෝ සුදු සුපිරිසිදු ..හිම


පහු පහු වන ටිට
කොහු, කොහු වනබව
අද මට සිහි කලේ නුඹයි
සුදෝ සුදු සුපිරිසිදු ..හිම

අතොරක් නැතිව ආ විට
ගමන දුෂ්කරයි බරබාගෙට
වලංගු නැත, පල්ලං පොල්ලට
ඇන්නොත්, අබ සරණයි මට


ගෙන්දගම් පොලොවට
හිම නයෙක් මෙන් පෙනුනට
අඩ හෝරාවක් හොඳටම ඇති
බීපු රන් කිරි කටින් එන්නට

පෙනුනාට නුඹ ලස්සනට
ආවොත් , දුක තමා මට
අමනාපයක් නෑ නාවාට
හිම, කන්න යැ බස්සොන්ට?


ප.ලි:
කයියක් වගේ එකක්. හොඳද ඈ? :)

13 comments:

  1. මේවා කයියක් වගේ විතරයි. හා හා
    මේ දවස් වල බොහෝ අය හිම ගැන අනේ අපි නම් ආසයි කියනවා දකිද්දි මට හොල්මන් වගේ. පුළුන් බෝල වගෙ අකියලා හිතාගෙන ඉන්නවා ඇති ඒකනේ ඔය නයි හෙම ලේසියෙන් ගෑවෙන්නේ.
    මටත් නම් හිම එපා... ඕනෙම නම් ඉතින් අවුරුද්දකට දවස් තුනක්.... ඒ හොඳටෝම ඇති....

    ReplyDelete
    Replies
    1. ඒක නෙව කියන්නෙ. ඕං ගෙදරට වෙලා අත්ත‍ටු දෙකත් පොරෝගෙන ඉන්නවා නං කාරි නෑ කියමුකො. හ්ම්..දවස් දෙක තුනක් නං කාරියක් නෑ තමා

      Delete
  2. කය්යක් වගේ නෙමේ කය්යක් තමා...හිම කුමාරිලත් ඉතින් ඔය වගේම තමයි. හී හී...

    මම නම් ආසයි හිමවලට. එලියේ හිම වැටෙන වෙලාවට ගේ ඇතුලට වෙලා, ගිනි උදුනක් ලඟ ඉඳගෙන, කෝපි බිබී පොත් කියවන්ට, බ්ලැන්කෙට්ටුවක් ඇතුලේ ගුලි වෙලා ඉන්න ගමන් එලියේ වැටෙන හිම දිහා බලාගෙන නිදාගන්ට, හිම වැටෙන්ට කලින් එකපාරට පරිසරය නිසල වෙලා යනකොට හොඳින් කන් දී ගේන ඉඳලා, අලුත් හිම වැස්සට දුවලා ගිහින් තෙමෙන්ට, සීතලට කබායක් ඇඳගෙන, හිස් වැසුම්, අත් වැසුම් ඔක්කොම දාගෙන, සුදුම සුදු පාට හිම කර, කරස් කියලා පොඩිකරගෙන ඇවිදින්ට.

    හම්මෝ තව ගොඩක් ජාති තියෙනවා. ඒවා මෙතන කියන්ට බෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම්..හ්ම් ඒකත් ඇත්ත. එහෙනං මං මෙහෙම කියන්නං.


      ඈත එපිට සඳ වටකර තරු පායනවා..
      සීත හිමේ, හිම වරුසා වැස්ස වහිනවා
      ගිනි තැප,තැප කෝපි බිබී පොත් කියවනවා
      සමහරු එලියෙ දුවලා හිමේ තෙමෙනවා

      ඇති විට අගේ නැති දහම මොනවට
      පැහැදිලි කලා නුඹ මට
      කණ පැලෙන්න රස්නෙ එනකොට
      නුඹ ආවා නං හොඳයි සිතෙයි මට



      හොඳද , ඈ? :)

      Delete
  3. :D :D :D මේ ටික උඩින් දාන්ට අමතක උණා...

    ReplyDelete
    Replies
    1. හුටා උඩ උත්තරේ, පොඩි ප්‍රින්ටින් බිස්ටේක් එකක්. බස්සාට සමාවී වදාරණ සේක්වා :)

      Delete
    2. හොඳ නෑ. කැතම කැතයි. කරුණා කරලා වෙන කවියක් ලියනවද?

      Delete
    3. ඔන්න අයින් කලා :)

      Delete
    4. ඔන්න දැන් නම් ලස්සණයි...:D

      Delete
  4. හොඳ යි හොඳයි... තව කයි ලියමු! දැන් බස්සො වැහිවැහැල නොවැ බ්ලොග් අවකාශේ ...)))

    ReplyDelete
    Replies
    1. අම්මපා. එච්චරටම ඉන්නවද? ඕං ඔය වෙලාවට තමා මට හිතෙන්නෙ හිකනලෙක් වෙන්ට :)

      Delete
  5. හිම කන්නත් පුළුවන්...

    Snow cutlet recipe

    අවශ්‍ය දෑ...
    භාජනයකට එකතු කරගත් හිම ග්‍රෑම් 500

    සාදන ක්‍රමය...
    හිම අහුරක් අතින් ගෙන හොඳින් බෝල කරගන්න. මේ ආකාරයට හිම සම්පූර්ණයෙන්ම බෝල කරගෙන වෙනත් භාජනයක අසුරන්න.

    සවස තේ පානය සඳහා හෝ රාත්‍රී ආහාරයෙන් පසු අතුරුපසක් සේ භාවිතා කල හැකිය.

    ReplyDelete
    Replies
    1. සිරාවටම, ආදිකාලෙ අයිස් ක්‍රීම් හදලා තියෙන්නෙ හිම වලින්.

      , wiki link

      ඉන්දියන් අයිස් ක්‍රීම් එකක් තියනවා කුල්පිද මොකක්ද කියලා. අයිස් ක්‍රෂ් කරලා, පාට පාට පැණි වර්ග දාලා හදන. අමුතුයි, හැබැයි රසයි. අයිස් ගන්නෙ හිම නැති හන්දා වෙන්ටෑ?

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code