Jan 26, 2014

ලෙලදෙන කොට පැනල ඇවිත් අපිව කයිද

ස්ථානය: කඩ මණ්ඩියෙ එළවළු ලෑල්ල යට...


එහි සැතපී සිටියේ, ලෝක ඉතිහාසයේ, එක්තරා කාලයක,එක්තරා අන්දමක කිසිම විප්ලවයක් නොකල, නිකම්ම නිකං, පරයා ඩෝග් වර්ගයේ, අයාලේ යන සුනඛයෙකි.. බල්ලා ඉඳහිට කන්පට ගසයි, හීනෙන් බුරයි. සමහරවිට  ඌ හීනෙන් පූසෙක් හෝ මීයෙක් පස්සේ පන්නනවා විය හැක. 

මේ සනිදා හිමිදිරි උදෑසනයි. කඩ  මණ්ඩිය පාලුවට ගොස්ය, තවම පෙරදා නිදාගත් නගරය අවදි වී නැත. මේ  පරිසරයේ නිසලබව බිඳුනේ, හංදියේ බේකරියේ පස්සා දොරින් මතුවූ බඩ තඩි පුද්ගලයෙකු, කාටදෝ බැණ වදින හඬකිනි.


" නොදකින්, අදත් මේ පරයා  පාං බාගයක් උස්සල නෙව. අම්මපා, මට  අහුවුනොත් ඕකව, කඩනවා අණ්ඩක්. බැල්ලිගෙ පුතා"

විදුලි සැර වැදුනා සේ, උඩ විසි වී ඇහැරුනු අපේ "ප්‍රොටැගොනිස්ට්" බලු තඩියා ( ස්තූතිය කකා) , ආ‍ඳෙක් සේ හෙමීට ලිස්සා, පල්ලං බසිනු පෙනේ.

ජවනිකා අංක 1:

හංදියේ නිත්‍ය සාමාජිකයින් වු,  පිං ගවයා, නිතරම පොර කන බළලුන් දෙදෙනා , සහ  හික්මීයා සිටියේ විනෝදයෙනි. ඔවුන්ගේ සිනාව,තැන්වල කෙරුනු පොර කෑම, වැනි දෑ හින්දා හරිම කඩිසරබවකුත් දැකගන්නට ලැබුනි. මේ අය අතරින් පිං ගොනාට හැමෝම බිය මුසු ගෞරවයක් දැක් වුයේ, උගේ ඇඟේ "පිං' කියා පච්චයක් කොටාගෙන තිබුණු බැවිනි.

පරිසරයේ මේ නිසලබව බින්දේ, ඉඳ හිට යන එන පෞද්ගලික බස් රියකිනි .හංදියේ නැවතූ  බස් රියක සංගීතයක් ඇසේ: 

පාර්ලිමෙන්තුවට බල්ලො බුරනවා
පාර්ලිමෙන්තුවට ඇතුලට සඳ පායනවා

සිංහයගෙ අතට කඩුව දුන්නෙ කව්ද
ලෙලදෙන කොට පැනල ඇවිත් අපිව කයිද


කන්දෙක උස්සා ඒ හඬට කන්දෙන  සුනඛයා  කල්පනාවකට වැටෙයි.
පිංගොනා , අසල කුණු ගොඩින් ඇද ගත් ගෝවා  කොලයක් තලු මරනු පෙනේ.

" ඈ බං ටොමියො, කාටදෑ,මේ හිමිදිරි පාන්දර , බේකරියෙ පාං බාස් දෙස් දෙවොල් තියන්නෙ? උඹට නේද?  අදත් උඹ පාං හොරා කෑවද?"

" පිස්සුද, බං, මං  ඔය අතමාරුවට නෙව  පාං කෑල්ලක් ගන්නෙ. මං ඉතිං බේකරියෙ " ඩේලි කස්ටමර්" නොවැ? ඔය බැන්නට පාං බාසා, මට හරි ආදරෙයි. බැල්ලිගෙ  පුතා කියලමයි කියන්නෙ. කොටින්ම , කුස්සිට රිංගල මාට්‍ටු උනොත්, මට ගහන්නෙ  ගල් බනිස් ගෙඩියකින් හරි පොල් බෑවකින් හරි තමයි. මාත් ඉතිං 'බෑහ්..' ගාලා , රිදුනා වගේ ඇක්ටිං පාරක් එහෙම දාලා, තුන් අණ්ඩෙන් අර ගහපු එකත් අරගෙනම තමා දුවන්නෙ"

"ඇක්ටිං කිව්වා. ඔන්න ගොයියෝ දියුණු කර ගන්නව නං වැඩේ. කෙලින්ම කවුන්සලේටම යන්න ඇහැකි"

" කවුන්සලේ කිව්වෙ අර අපේ කස්ටිය බුරනවැයි කියලා , බස් සිංදුවෙ කියපු පාර්ලි හෝන්තුවද?"" ඒක නෙමෙයි, බොස්, ඇයි අපේ කස්ටිය  ඒකට බුරන්නෙ? එහෙම නං මාත් සපෝට් එකක් දෙන්න එපෑ?"

" හී...හෙහ්..හෙහ්. හෝන්තුව  නෙමෙයි බොල, පාර්ලිමේන්තුව. ඒක මේ  උඹලා අපි වගේ හුදී ජනයාට  ඔට්‍ටු වෙන්න පුලුවන් තැනක් නෙමෙයි බොල. ඒකට යන්න, විසේස සුදුසුකං තියෙන්නෙ ඕනෙ"

" විසේස සුදුසුකං  කිව්වෙ?"

දැන්, දැන්  මේ දෙන්නාගේ කතාවට, අහුමුළුවල සිටි මීයෝ, අසල ගසක සිටි වඳුරෙක් සහ පෙර කී බළලුන් දෙදෙනාද එක් වේ.තමන්ට  ප්‍රේක්ෂකයින් වැඩිවන බව දක්නා පිංගොනා, අං දිග ගෝණෙකු සේ කඳ කෙලින් කොට උස් හඬින් කතා කරයි.

"විසේස සුදුසුකං  කිව්වෙ, රටේ නං දරාපු 'පොරක්' වෙන්න ඕනෙ කියන එකයි"
" ඉතිං  බොස්, කොහොමද එහෙම පොරක් වෙන්නෙ?"

"හොහ්..හොහ්, ඇයි උඹටත් පොරක් වෙන්න හිතුනද? බොල  පොරක් වෙන්න නං, ආස්චර්ය භාණ්ඩ කන්ටේනර් ඒකක් , දෙකක්වත් ගෙන්නන්න ඕනෙ. පාවිච්චි කරපු භාණ්ඩ නං අඩුමගානේ හාර සීයේ පාටිය වත් ගන්න ඕනෙ. නැත්නම්, ඉතිං රත්තරං කිලෝ දෙක තුනක වැඩිං ගිෆ්ට් එකක් දෙන්න ඕනෙ. ආං එතකොට පුළුවනි, ඕන ලොක්කෙකුට බැස්ටිය දීලා 'මට මතක නෑනෙ' කියන්න. හැබැයි, ලෙමන් ෆෆ් නං, පෙට්ටියක් හොඳටෝම ඇති"

" අර ලෙමන් ෆෆ් පෙට්ටිය කොටා බාන වැඩේ නං මටහ් පුළුවනි නෙව, බොස්?"

"මං හිතුව ‍තෝ බඩජාරි කොමට ඕක කියයි කියලා. හහ්.. හිතුව මඳි, ලෙමන් ෆෆ්  කාලා පොරක් වෙන්න. බොල, ඒ විතරක් මඳි, කවදාවත් සීගිරි නොගිය  ගිරවෙකුට විතරයි ලෙමන් ෆෆ් කාලා පොරක් වෙන්න ඇහැකි"

කතාව අසා සිටි වඳුරා ඔලුව කසමින්  :
" මටත් හිතෙනව, බොස් පොරක් වෙන්න. මං හිතන් ඉන්නෙ  දෙල් ගහ ලඟ කූඹි ගුලට  බැස්ටිය දෙන්න. හැබැයි දෙන්න ඕනෙ ධර්මෙන්. මගේ කල්පනාව 'නංවමු කොලනිය' කියලා ව්‍යාපෘතියක් අරඹලා බලෙන්ම ආධාර  එකතු කරන්න. මෙහෙම හිටියට කිසිම වගතුවක් නෑ, ලොක්කා." 

පිං ගොනා තප්පු ලෑවා.
" ආං ඔහේට තේරුනා කතන්දරේ. මේ ටොමියො, ආන්න එයාගෙන්වත් ඉගෙන ගනින් පොරක් වෙන හැටි"

" ඕනෙ නෑ බොස්, ඒක ඇරිච්චාවෙකො. එතකොට සිංහයගෙ අතට කඩුව දුන්නෙ කව්ද?"

" මොකක් කිව්වා? අනේ බං, මං නං නෙමෙයි. අර බල සේනා කස්ටියවත්ද දන්නෙ නෑ?"

" දැන් එතකොට 'ලෙලදෙන කොට පැනල ඇවිත් අපිව කයිද?'"

" එව්වා කියන්න බෑ ටොමියො. ඇවිත් කෑවොත්, රතුපස් කන්න තමයි වෙන්නෙ"

ප.ලි:  නොතේරේ නං, බැන්නාට අමනාපයක් නැත :)
 පැහැදිලි කරදීමට නොහැකි බව  කරුණාවෙන් සළකන්න .
කතාවේ ටැම්ප්ලේට් එක හොරා කෑවේ .....ගෙනි. දන්නෝ දනිති :)


10 comments:

  1. //"හොහ්..හොහ්, ඇයි උඹටත් පොරක් වෙන්න හිතුනද? බොල පොරක් වෙන්න නං, ආස්චර්ය භාණ්ඩ කන්ටේනර් ඒකක් , දෙකක්වත් ගෙන්නන්න ඕනෙ. පාවිච්චි කරපු භාණ්ඩ නං අඩුමගානේ හාර සීයේ පාටිය වත් ගන්න ඕනෙ. නැත්නම්, ඉතිං රත්තරං කිලෝ දෙක තුනක වැඩිං ගිෆ්ට් එකක් දෙන්න ඕනෙ. ආං එතකොට පුළුවනි, ඕන ලොක්කෙකුට බැස්ටිය දීලා 'මට මතක නෑනෙ' කියන්න. හැබැයි, ලෙමන් ෆෆ් නං, පෙට්ටියක් හොඳටෝම ඇති"// සුදු වෑන් එකක් එනෝ!!!

    ReplyDelete
    Replies
    1. හැබෑටම හංගපු මස්ක‍ටු පෙන්නන්නත් එක්ක යාවිද :)

      Delete
  2. මට තේරුනේ නෑනේ. මේ කතා කරන්නේ කරන්ට් පොලිටික් ඉන් ශ්‍රී ලංකා නම් ඉතින් නොදැන ඉන්න තරමට හොඳයිළු.

    ReplyDelete
    Replies
    1. නෝනෙට මෙව්වා අදාල නෑ නෙව. මයෙ කට කොකියන්න ගත්තා, ඒක නිසා ඔන්න ඔහේ බුරලම දැම්මා :)

      Delete
  3. තේරුනේ නෑ. :)

    කතාවේ ටැම්ප්ලේට් එක හොරා කෑවේ .....ගෙනි. දන්නෝ දනිති :)
    (හැබෑට මෙහෙමත් වැඩ කරනවනේ මේ ටොමියා )

    ලඟදිම මගේ lawyer ගෙන් ඔබේ lawyer ට ලියුමක් ලැබෙනබව කරුණාවෙන් සලකන්ට.:D:D

    ReplyDelete
    Replies
    1. නඩු කියන්න සල්ලි නැ‍තෝ.
      හිලව්වට, සැකුරිටි වැඩක් නං කල හැක :)

      Delete
  4. පිං ගව / සුදු අලි PCවලට පොර කති.
    බුරන බලු සේනා ගිනි අවුලුවති.
    බස්සො විතරයි නෑත්තෙ

    ReplyDelete
    Replies
    1. මොකෑ බස්සො නැත්තෙ,ඉන්නව ? බස්සො තමා චංදෙ දාන්න, ඒකටත් "හ්ම්", මේකටත් "හ්ම්" කිය, කියා :)

      Delete
  5. අනේ අපි දන්නේ නැහැ ටොම්ස් .

    ReplyDelete
    Replies
    1. මාත් කතා කරන්න අකමැති මාතෘකාවක්. ඒත් අවාසනාවට, අකමැති වුනත්, අපේ ජිවිත වලට සෑහෙන බලපෑමක් කරනවා නෙව?

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code