Feb 11, 2014

බම්බුම තමයි



http://i.dailymail.co.uk/i/pix/2012/03/12/article-2
113801-1221262D000005DC-261_634x437.jpg
ගසුයි , බස්සොයි අතර තියෙන්නෙ කකායි, මීයොයි ගහයි, පොත්තයි, අතර තියෙනවා වගේ කිට්‍ටු සම්බන්ධයක්. ඉස්සර බස්සො හිටියෙ ගස්බෙන වල. දැං ඉන්නෙ මෙන්න මෙහෙම:

පේනවනෙ වෙලා තියන සැන්තෑසිය. "typical industrial animal in a concrete jungle" 


කාලීන අවශ්‍යතාවය අනුව, එහෙම උනාට , බස්සට ගස් බෙන, කන්ද, ලන්ද, හැලප, ලැවරිය එහෙම අමතක වෙලා නෑ.


මං මේ කියන්නෙ ගම හොඳයි, නගරෙ හොඳ නෑ කියල නෙමෙයි. මේ දෙක සංසන්දනය කරන්න බැරි දෙකක්. දෙකටම ආවේනික වෙච්ච හොඳ  සහ නරක තියෙනවා. " ගම කනවා" කියල  කියන්නෙ , කන තරමක් කන්නෙ ගමම නිසා වෙන්න ඇති. එහෙම කිව්වට, ගමත් වෙනස් වෙන එක නවත්වන්න බෑ.නගරෙ ඉන්න අපි ගම වෙනස් වෙනවට කැමති නෑ. ඇයි, එතකොට අපි පුළුවනි නෙව, නගරේ තියන පහසුකම් විඳින අතරම ගමට නිවාඩුවට ගිහින් ගම කන්න :)


http://lankapura.com/wp-content/
uploads/cotta-road-c1915-Plate-434x273.jpg
මේ,බො‍රැල්ල -එකදාස් නවසිය බර ගණන්වල කොළඹ . කොළඹ වෙනස්වුනා වගේ ගමත් කාලීනව වෙනස් වේවි. , නගරෙ තියෙන් පහසුකම් ගමට යෑමත් සමඟම. එහෙම නං  ගම කන්නෙ නැතුව, ගම ‍රැකගන්නෙ කොහොමද? මට හිතෙන්නෙ,  මේකට උත්තරේ තියෙන්නෙ පරිසරය  සු‍රැකීමේ කියලයි. 

http://greenvillagebali.com/wp-content/uploads
/2011/06/Green-Village_Villa-2-2-650x432.jpg

වෙන මොකක්ද බලන්න යනකොට තමයි මේක දැක්කෙ. ඇඩ් එකක් උනාට , මේක ඩොකියුමෙන්ට්‍රි එකක්  වගේ  කියල මට හිතුනා
https://a1.muscache.com/
pictures/24014329/large.jpg

මිනිසුන්ගේ දිනෙන් දින වැඩි වෙන පාරිභෝගිකත්වය හමුවේ වියැකෙන අපේ සීමිත සම්පත් ගැන අසුබ පුවත් නිතරම ඇහෙන මේ කාලෙ, තාක්ෂණය අමුතුම ආකාරයකට යොදා ගැනීම ගැන මට ඇති වුනේ සතුටක්. බට නැත්නම් උණ කියන්නෙ තෘණ වර්ගයක්, පට ගාලා වැවෙනවා. බලන්නකො ලීයට  එලිය වැ‍ටුනාම තියන ලස්සන.








6 comments:

  1. අර උඩ බටයක් අස්සේ ඉන්න බස්සා දැක්කාම පුදුම දුකක් හිතෙන්නේ... :)

    ReplyDelete
    Replies
    1. ඈයි ඒ? ඌ ගොඩක් snug and cozy වගේ ඉන්නව. සමහර සත්තු ගොඩක් හොදට මිනිස් ක්‍රියාකාරකම් වලට හුරුවෙනව - red fox, cayote, .ලන්කාවේ- අලු කොබෙය්යා, cattle egret.
      එහෙම හුරුවෙන්න බෑරි සත්තු නෑතිවුනාම පුලුවන් සත්තු ඒ වාසියත් ගන්නව. මම මේ කියන්න සමහර සත්තු ගෑන විතරයි. සමස්තයක් වසයෙන් පරිසරය විනාශවෙනව.

      Delete
    2. ඔයා කියලා තියෙන්නේ ඇත්ත තමයි. ඒ උණාට පුරුදු නිදහස නැතුව, බයේ ඉන්න ගතියක් ඒ ඇස්වල තියෙනවා නේද? අනෙක බෙනේක බස්සෙක් ඉන්නකොට කොච්චර ලස්සණද? :)

      Delete
    3. දුප්පත් බස්සෙක් නේද? නැත්නම් බෙනයක් හොයා ගන්න කම්මැලි එකෙක්ද මන්දා ? :)

      Delete
  2. උනපුරුකෙ දාල ටොමියගෙ කෙලින් කරන්න බෑරිවුනාට බස්සගෙ පුලුවන් වෙයි ( අවශ්ය නම් )

    also check- http://hootowlhollow.blogspot.com/2011/03/bamboo-overview.html

    ReplyDelete
    Replies
    1. ඇද වුනත් බසු නැට්ට වගේද බලු වලිගෙ? කොච්චර වැඩ ගන්නවද? වලිගෙන් හිනාවෙන එක, හිතවත්මක, බය පක්සබව පෙන්න්න එක වගේ :)

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code