http://farm5.staticflickr.com/4068/4242246916_65d82a0642_z.jpg |
බඩේ ගාය, නොහොත් පස්සා පැත්තේ අමාරුව ගැන කියල පටන් ගත්තෙ,බස්සගෙ ප්‍රියතම කෑමක් වෙච්ච කඩචෝරු ගැන කියන්නයි. . කඩචෝරු වලට කැමති කෙනෙක්, අනිවා බඩේගායටත් කැමති වෙන්නම ඕනෙ, මොකද ඔය දෙක ගහයි පොත්තයි වගේ එකටම බැඳිච්ච දෙකක් නිසා. පොඩි කාලෙ කඩචෝරු කෑවෙ හොරෙන්, ඇයි දැක්කොත් බණිනවා " හා, කාලා වරෙන්කො, බඩේ ගාය හදාගෙන" කියලා. එහෙම කියල බස්සා ගේම අතහැරියෙ නෑ. ඌ කඩචෝරු කාලම, බඩ පදං කරගත්තා කොන්ක්‍රීට් කෑවත් දිරවන ගාණට.
එතකොට අර කෝච්චිය ඉස්ටේසමකට ඇල්ලුවම ඇහෙන කංකලු නාදය " වඩේ, වඩේ, ඉෂ්ෂො වඩේ ඒ..ඒ..... හප්පේ මතක්වෙන කොට තනි ඇහැට ඇඬෙනවා.. ආයිබෝං.
http://travelandfoodworldwide .files.wordpress.com/2012/10/20121028-192917.jpg |
http://migrationology.com/wp-content/uploads/2012/01/woodapple-fruit.jpg |
එක්තරා අයිතිහාසික වාදෙකට පුරසිද්ද නගරයක තමා , බකුසු ගමට කිට්‍ටුම ඉස්ටේසම තිබ්බෙ. කොච්චියෙ ඇවිල්ලා, ඉස්ටේසමේ ඉඳලා බස් නැවතුම් පොලට එන පාරෙ තිබ්බා බේකරියක් - ගල්කන්ද හෝටලේ. ඉස්සර ඔය හෝටලේ හවසට දාන, උණු, උණු මාළුපාන් වලට ගහන්න එකක් ඒ අහල ගං හතකවත් නෑ. හදන්නෙ ටිකයි, මොනවද ආයෙ විකිණෙන්නෙ උණු කැවුම් වගේ. එයින් එකක්, දෙකක් නිවාර්යෙන්ම බස්සගෙ බඩටත් ගියා.
http://2.bp.blogspot.com/-9lU8otM34zs /UJ7YYkXs_XI/AAAAAAAATHw/WD4aJSEKbt8/s 1600/kandy +sri+lanka+street+food+tour+ kottu+roti+hoppers+18-10-2012+2-29-35+PM.JPG |
මං හිතන්නෙ, මෙව්වා මෙච්චර රසයි කියල දැනෙන්න , අවස්ථාව සහ පරිසරය බලපානව ඇති. බොහෝ ඉස්සර කියවපු කෙටිකතාවක ඔන්න ඔහොම අදහසක් තිබුණා වගේ මතකයි.පාරක් අද්දර තිබුණු "දුවන ගිරියකට" මහත්තයෙක් ගොඩවෙනවා, හැමෝම ඒ කඩෙ තේ හරිම රසයි කියන නිසා. තේ බිව්ව මහත්තයා කියනවා තේ රස නැහැයි කියලා. මුදලාලි කියනවා " මේ තේ වල රස දැනෙන්නේ ' ඇඟ මහන්සි කරලා වැඩ කරන මිනිසුන්ට විතරයි" කියලා.
මේ කතාවෙ යම් ඇත්තක් ඇතියි කියලා මට හිතුනෙ, කලකට පෙර, මැදපෙරදිගදි දැක්ක දර්ශණයක් නිසා. දවසේ ලැබිච්ච සුළු නිවාඩුවෙ, හෙවනකට වෙලා " චායි" එකක් රස විඳින, දුප්පත් ආසියාතික මහාමාර්ග කම්කරුවෙක්. ඔහු ඒක කොච්චර හිත් ඇදගන්න විදිහට බිව්වද කියනව නං, මටත් "චායි" තිබහවක් හැදුනා.අපේ රටේ තේ වැව්වට, ඉන්දියන් කාරයො තමා තේ හදන්න කප්පිත්තො.අර චායි කියයි මේ චායි කියයි. මට දැං මතක "ගරම් චායි" විතරයි. ගරම් චායි කියන්නෙ, කිරි තේකක්, පොඩි සැරකුත් එනවා, තව ඔය සුවඳ කුළුබඩු, සරක්කු එහෙමත් දාලා නිසා, අපූරු සුවඳකුත් තියනවා.ඉන්දියාවෙ ටී මේකර්ලා තමයි "චායි වාලා"ල.ඉන්දියන්කාරයො කියන්නෙ චායිවාලාලගෙ අඩිය, යාරෙට ඇදලා දාලා දෙන චායි එකේ කොලිටිය , ගෙදර හැදුවට ගන්න බෑ කියලයි.
ඉස්සර අපි චන්ද අහන්න නිදි මර,මර, ටීවී එකේ පිචෑර් බල, බල, කාපු කඩල මතක් වෙනව.ඉස්සො වඩේ නැති, කඩල කාරයො නැති, චායි නැති රටක ඉන්න වුනොත් , අපි මොකද කරන්නෙ? කඩල හදාගෙන කනව, මෙන්න මෙහෙම :
මේක මේ කම්මැලි බකුසු රෙසිපිය. හදන්න යන්නෙ විනායි පහයි. ඒත් හොඳ රහයි.
තම්බපු කඩල ටින් එක කඩල, කඩල ටික හෝදලා පෙරා ගන්න.
කඩල දීසියකට දමා, මයික්‍රොවේව් එකේ විනාඩි තුනක් වසා තම්බාගන්න.
උණු කඩල දීසියට, මාගරින් හෝ බටර් යහමින් දමා, චයිනීස් චිලි සෝස්, අලුත අඹරාගත් ගම්මිරිස්, අමුමිරිස් කෑලි ටිකක් දමා කලවම් කර ගන්න.
එච්චරයි. ගම්මිරිස් නං ඒවෙලාවෙම කොටපුව වෙන්නෙ ඕනෙ, නැත්නම් රහ නෑ
මං ඉස්සර් හරි ආසයි පිටෝටුවෙන් පලතුරු බීම බොන්න. දැන් නම් බොන්න හිතෙන්නේ නෑ.
ReplyDeleteපිටෝටුවෙ පලතුරු බීමවල කේස් එක, නරක් වෙච්ච පලතුරු, නරක කොටස ඉවත් කරල දාන එක. දෙවනි හරස් වීදියෙ මුස්ලිම් පල්ලිය ගාව තිබුණ පොල් වෙරලු අච්චාරු, සහ ඒ අයගෙ ෆලුඩා එක නං මරු
Deleteඅප්පේ මේ පානදුරේ බස්සෙක්ද? අපිත් ටවුන් එකේ ගල්කන්දෙන් හොඳ රෝස් පාන් කාල තියෙනවලු!
ReplyDeletetinned කඩල කන්නෙ බේකින් සෝඩා හැන්දක් එක්ක දියේ දාලා තම්බන් කෑවම නරකද?
ආං ඔය දියේ දැමිල්ලයි ,පෙඟිල්ලයි නෙව අපට අමාරු. තව ක්‍රමයක් තියෙනවා. ප්‍රෙෂර් කුකර්. හරි වෙලාවට බාන්න ඕනෙ. කොයි බස්සද නෝනෙ , ලිප ගාවට වෙලා ඔව්වා තැම්බෙන කං බකන්නිලං ඉන්නෙ. වංගියක් කඩල සුප් හැදුවට පස්සෙ, මට ටින් කඩල හොඳා කියල හිතුන
DeleteDGM, අපේ ඉස්කෝලේ ඉස්සරහ හිටියා තෙලේ බැදපු කොස් ඇට විකුණන කාන්තාවක්. මා ඉස්සර ඔය කඩචෝරු කන්න අප්‍රියයි. දවසක් මිත්‍රයෙක් කනවා දැකල කෑවා. පංකාදු පහයි!
ReplyDeleteඉස්සර පානදුර ලංගම නැවතුම් පොලේ හිටියා ඔතෙන්ටික් ඉඟුරු දෝසි කාරයෙක්. එයාම හදන ඒවා. ඒවා විකුනුවෙත් ඔහුටම ආවේනික ආකාරයකට. ඉඟුරු දෝසි! ඉඟුරු දෝසියි!! මෙන්න පැරණි රජ දරුවෝ කාපුවා!!! (අපි හිනා වෙනවා, එච්චර පරණ නම් ඕවා කන එක හොඳ නැහැ කියල).
ෂා.. අල දෝසි, ඉඟුරු දෝසි මෙව්ව නිසම රසකැවිලි තමා. මට මතකයි දෙහිවල හංදියෙ හිටිය විශේෂ රටකජු වෙළෙන්දෙක් ගැන.එයා අත කරකවල පොඩි නැටුමක් දාල තමයි කඩල ටික දෙන්නෙ. ඒ එක්කම තව කඩල ටිකක් ආයෙත් අරං" බෝනස්" විදිහට ආයෙ බෑග් එකට ඔබනව. මාර වෙළඳ උපක්‍රමයක් තමයි :)
Deleteතව නුගේගොඩ බෝගහ කිට්‍ටුව හිටිය කඩල වෙළෙන්දෙක්. හප්පා මාර වෙළදාමක් තමයි එතන් තිබ්බෙ. මට මතක විදිහට , හැන්දෑවට " ඇඟේ පත අමාරුවට" දෙකක් නමා ගන්න එන නුගේගොඩ පදික වෙලෙඳුන් සහ හුදී ජනයා තමා එයාගෙ පාරිභෝගිකයො
මම නම් එලියෙන් කන්ට ආසා නෑ...ටිකක් බයයි නිතරම වගේ බඩේ ලෙඩ හැදෙන හන්දා...
ReplyDeleteඅපෙ අම්මා නම් කඩල ටින් ගෙනත්, තෙල් ටිකක් ලිපේ තියලා ගම්මිරිස්, කෑලි මිරිස් දාලා කඩල ඒකට දාලා ටික වෙලාවක් තියෙලා ගන්නවා...මාර රහයි.
හැබෑට බස්සා පානදුරේ බස්සෙක්ද? :D :D
ඔය ලිපේ තෙල් දාන හරඹෙට දෙමල අය කියන්නෙ තාලිච්චියක් දානව කියලා. ඕකට කරපිංචා දාන්නම ඕනෙ.
Deleteහැබෑටම කුමාරිහාමි, නුවර කුමාරිහාමි කෙනෙක්ද ? :D
අර දාල තියෙන කඩචෝරු ටික දැක්කම කටට කෙළ උනනව.කරුමෙකට තියෙන්නෙ මගෙත් ඔය බඩේගාය ඕනේ වෙලාවක එන නිසා කඩචෝරු කන්නත් මිරිස් කන්නත් බැරිකමයි.අපේ අම්ම මට බඩේ අමාරුවක් හැදුන ගමන් යාලුවෙකුට කතා කරල අහනවා මොනාද අද කෑවෙ කියලා. ජීවිතේ දුකයි කියනවනෙ :)
ReplyDeleteඒ උනාට කඩෙන් කන හැලපයක් , වන්ඩුවක් එහෙම නම් දිරව ගන්න පුලුවන්.
ඒක නෙවෙයි බස්සො මම තරහයි , සිංදු 3ක් පෝස්ට් එකට මම දාපු කමෙන්ට් එකට උත්තර නැහැ :(
හුටා. අන්තිම එක හින්දා මට මිස් වෙලා. ඔන්න පොලියත් එක්කම තවත් කතාවකින්ම උත්තර දුන්නා :)
Deleteමම නං ඉතිං ගෙදර ගෑණි වගේ කඩල රැයක් වතුරෙ පොඟවල උදේට තම්බගන්නව.ළූණු මිරිස් තෙම්පරාදුවකුත් දාගෙන පොලුත් එක්ක ඇදබානවා.තව දෙතුන් දෙනෙකුටත් එක්ක හදන්න එපැයි.
ReplyDeleteඒ වුනාට ඉස්සර කඩල ආච්චි අපේ ඉස්කෝලෙ ඉස්සරහ තියාගෙන කැන්ද කොළේ ඔතල වික්ක කොන්ඩ කඩල මුල තරං රහට මට කවදාවත් කොන්ඩ කඩල තම්බගන්න බැරිවුනානෙ.
හැලපෙගෙ කඩල ආච්චි ගැන කිව්වාම මට මතක් වෙන්නෙ අපේ ගමට ආව කඩල කරත්තෙ. හප්පේ එව්වයෙ රහ. වෙනම බෝතලයක තියාගෙන ඉන්න " ටේස්ට්" ටිකකුත් දාන්නද කියල ඇහැව්වාම , බස්සා "හූම්, හූම්" කිව්ව වග මතකයි
Deleteමේ කඩචෝරු ලිස්ට් එකට අනිවා එකතුවෙන්න ඕනි දෙයක් තමයි සරුවත්. අර ගරම් චායි කියන්නේ උණු තේ කියන එකට . කුළුබඩු දාලා හදන එකට කියන්නේ මසාලා චායි කියල
ReplyDeleteඅන්න හරි, මසාලා චායි තමා. සරුවත් කිව්වාම මට මත්ක් වුනේ අර අයිස් ක්‍රෂ් කරලා, පාට , පාට පැණි ජාති දාලා හදල දෙන ඉන්දියන් අයි පලම් . තව පානි පූරි එහෙම :)
Deleteස්තූතියි තිලකෙ
ඇයි බස්සයියෙ.. අයිස් ක්‍රෂ් කරල හදන පලංවලට කියන්නෙ කුල්ෆි නේද? මෙහෙ හේග් පාරෙ තියෙනව ඉන්දියානු කඩචෝරු තියෙන කඩයක්..අන්න යනව නං තැන!
Deleteමාත් හිතන්නෙ කුල්‍ෆි තමා. මේ සාවියෙත් ඉංදියන් ගොයියො සූ ගාලා, පඳුරකට ගැහැව්වොත් හතර පස් දෙනෙක්වත් විසික්ක වෙන ගාණට,. කුල්‍ෆිත් නැති වෙන්න බෑ. අහල බලන්න ඕනෙ යාලු ගුජරාතිය ගෙන් :)
Deleteමගේ ඉන්දියන් යාලුවාගෙන් ඉගෙන ගෙන මාත් හදනව මාසාල චායි . ඒගොල්ලන්ගේ එව්වා තරම්ම රස නැතත් තරමක් හොඳයි. පොඩි කාලේ නම් කඩචෝරු කන්න මාත් සැහෙන ප්‍රසිද්ධයි . හැමදාම බුල්ටෝ කාල කඩේ අක්ක අම්මට කේලම් කිව්වා . ඉස්සර අයිස්ක්‍රීම් කාරයින්ගෙන් අයිස්ක්‍රීම් ගන්න එපා කියල තහනම් කරලා තිබ්බේ. කැළණි ගඟේ වතුරෙන් හදන්නේ කියල . දැන් නම් ඔය ටැප් වලින් එන්නෙත් කැළණි ගඟේ වතුර තමයි.. හැබැයි ඒ කාලේ බීවේ ළිං වතුරණේ.. අපි හොරාට ඔය අයිස්ක්‍රීම් කෑවා . ඉස්කෝලේ ළඟ අච්චාරු ආච්චිගෙන් අච්චාරු කෑවා .ගල් සියඹලා මගේ ආසම දෙයක් . මීගමුවේ දුරස්ථ ගුරු පුහුණුවට යද්දී පාරේ අයිනේ කඩේකින් රසම රස ඉස්සෝ වැඩේ කෑවා
ReplyDeleteපස්සේ ඔය බැක්ටීරියා වයිරස් ගැන වැඩිය ඉගෙන ගන්න ගියාට පස්සේ ඔව්ව කන එක ටිකක් අඩු වුනා. පාර අයිනේ විකුණන අඹ අන්නාසි කන එක නම් ඉස්කෝලේ කාලෙම එපා වුනා ., චිත්‍ර ටීචර් දවසක් කිව්වනේ අඹ කපන මිනිහෙක් පිහියෙන් දත් හාරනවා දැක්ක කියල ඊක් ..
අපේ උන්ද නම් ගෝල්ෆේස් ගියහම නානාගේ කඩෙන් ඉස්සෝ වඩේ කන්න ඕන කියල නහින්න හදනව. හරි අමාරුවෙන් නවත්ත ගන්නේ . කඩචෝරු කතා නම් එමටයි ..
අම්මලා දරුවන්ගෙ අරක්ශාව ගැන අධිකව සැලකිලිමත් වෙන එක ස්වාභාවිකයි. එත් මල් වගේ දරුවන් හැදුවොත් වෙන්නෙ එයාලගෙ ප්‍රතිශක්තිය වැඩෙන්න තියෙන අවස්ථාව අඩුවෙන එකයි.
Deleteහැමදේම නූනත්, යම් පමණකට ඔව්වා වලට ඉඩදියුතුයි කියල තමයි දොස්තරලත් කියන්නෙ :)
තොපි නම් කියයි. ඔය මොකක් හරි එකක් කාපු ගමන් අර ලෙඩෙයි මේ ලෙඩෙයි හැදෙනවනේ. නැත්නම් මම කොයි තරම් ආසද ඔය දකින දකින කෑම කන්න. ඒ වුනාට මෙහෙම කාපු කාපු හැමදේ ගැනම කියලා අපේ අහිංසක හිත් තලන එකලට බොලාටත් පනිස්මන්ට් තියෙන්න එපැයි. බඩවත් රිදීයන්. (බඩේ ගාය කියන්නේ මොකක්ද?) කොහෙද ඉතින් බයටම අපි කාලා නෑනේ. (කෑවොත් ඉතින් මට බඩු බනිස් කියලා දන්න හින්දා කන්නේ නෑ. )
Deleteඒක නෙව නෝනෝ මං කිව්වෙ බඩ පුරුදු පුහුණු කරන්ට ඕනෙයි කියලා. එතකොට ඔය පුරස්සෙ එන්නෙ නෑ නෙව. බඩේ ගාය කියන්නෙත් බඩ රිදෙන එකටම තමා. පලාතෙන්, පලාතට කටවහර වෙනස් නෙව.
Deleteඅනිවා එකගයි!
Deleteබඩ සීසන් කරගන්ඩ ඕනේ ටින්ටෙස් ඇණ කෑවත් දිරවන්න.
@ boo pale
Deleteහරි, ඒක තමයි එකම ක්‍රමේ හිතේ කහටක් නැතුව කඩචෝරු රසවිඳින්න :)
හැ ..උඹ හිතාගෙන ඉන්නේ අපි කොහොම මෙච්චර උස් මහත් උනා කියලද?. ඔය කඩචෝරු කාරයන්ට පින් සිද්ද වෙන්න තමා. හොඳට ට්‍රේනින් කරලා ගත්තොත් තාරයි වැලියි කෑවත් හෙනයක් නෑ.
ReplyDelete"මෙතුමා ඉතින් සැලෙයිද ඔය ඉඳිඅප්ප 20 කට දුන්න පිගාන කැන්ටිමේ අයියට "දාන්න අයිය තව 20 ක්" අම්මපල්ල අපේ කැන්ටිමේ අයියා හදන හොද්දත් එක්ක ඉඳිඅප්ප නෙවේ කළුගලක් උනත් පොඟවගෙන කන්න පුළුවන් එතරමට සුවඳයි රසයි ඔය හොද්ද. තක්කාලි, හාල්මැස්සෝ, ලීස්, අල තව ඔය රටේ තියන අඩුම කුඩුම ඔක්කොම දාල තමයි ඔය හොද්ද හදන්නේ. ෂාහ් .. මතක් වෙනකොටත් ඔන්න බඩගිනි එනවා. කොහොම හරි කිසි ගේමක් නැතිව ඒ 20 ත් කාල ඉවර කරා. එත් ඉතින් මෙතුමාට නම් දැනුනෙවත් නැ මොනවා හරි කෑවා කියල තව සල්ලිත් තියන එකේ මොන මඟුලක් හරි කියල දුන්න පිගාන තව සැරයක් "දාන්න අයිය තව විස්සක්" ඔන්න බොලේ කැන්ටිමේ පොරගේ මුණ තමයි ඒ වෙලාවේ බලන්න තිබ්බේ. "
කිරි අප්පට බස්සො කොටපි. අර කියපු හාල්මැස්සො. තක්කලි හොද්ද එක්ක ඉඳි ආප්ප මරන්න ඇහැකි. නියම පෝස්ට් එක, මං බුක් මාක් කලා. හෙට උදේ ආපු ගමන් කියවලා කොමෙන්ට් එකකුත් දාඤ්ඤං.
Deleteඑක වංගියක් ඔය උඩරට පැත්තෙ යනකොට, මීදුම පිරිච්ච පට්ට හීතල උදේක, පාර අයිනෙ තිබ්බ ලෑලි කඩේක බංකුවක ඉඳගෙන ඔය කියන දිවිය බෝජනේ දුං දාගෙන කෑව. ඒකෙ රස තාමත් මතකයි.
ඕනෙම කෑමක රසය වැඩිවෙන්න අවස්ථාව සහ පරිසරය බලපානව කියන එක මං විස්වාස කරන කොන්ස්පිරසි තියරි එකක්. බඩගින්න, වෙහෙස , හීතල මේ කෑම වලට හොඳ උත්තේජක.
තව කියන්න තියනව , දැන් මට බඩගිනියි :)
ඉඳලා ඉඳලා අද උදේ හොස්පිටල් එකේ ඉන්න ගමන් බ්ලොග් එකක් කියවන්න කියලා ෆීඩ්ලි එකට ගොඩ වුනා.
ReplyDeleteදැක්කේ මේ මගුල. එවෙලේ බස්ස්සගේ කෑලි ගලවන්න විතරයි හිතුනේ. සිංහලෙන් කොමන්ට් කරන්න බැරි හින්දා බස්සගෙ අපිහාටු නොගැලවෙව්වේ.
;)
ඔය වඩේ තියෙනවා නේද? එකම දවසක් මගෙ යාළුවෙක් පොලොන්නරුවේ ගිහින් මම ඔයාට බඩුවක් ගත්තා කියලා බොහොම රහසින් පරෙස්සමින් හොරෙන් කීවා. මාත් කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතිව ( ඇයි මොන රටේද තමන්ගෙ යාළුවෙක් ඔය වගේ හොයන්නෙ බලන්නේ නැතිව ආස දේවල් දෙන්නේ.) මම කටේ දාගත්ත විතරයි. හැපුවෙත් නෑ වෙන්න ඕන. මට දැනුනා දිව්‍ය ලෝකෙන් එහාටත් පිච්චෙනවා හුස්ම හිරවෙනවා ගින්දර එක දිගට එනවා වගේ. ( මම හිතන්නේ මම ඒ කාලේ ඔය යාළුවෝ මට මිරිස් කවපු හැටි පෝස්ට් එකකුත් ලියලා තියෙනවා. ) එදා නම් තව පොඩ්ඩෙන් මම වමනේ දාපු දැවිල්ලටයි බය වෙච්ච විදිහටයි තව පොඩ්ඩෙන් මැරෙනවත් එක්ක. ( වඩේ කියලා මගේ යාළුවා අරන් තියෙන්නේ ගමේ මනුස්සෙක් හදන අර අරක්කු බොන මිනිස්සුන්ට හෙම තියෙන කොච්චි දාපු වඩේයි. හිතපල්ලකෝ ඉතින් මිරිස් කරලක් දැක්කත් හූයි ගාන මම අරවා කටේ දාගත්තා කීවම. එදා ඉඳනුත් හරි දැන් දෙවියන් වහන්සේ ලංකාවේදි ඇවිත් කෑමක් දුන්නත් හොඳට හොයලා මිසක් කටේ දාන්නේ නෑ. දැන් මම කන්න ආසා වුනත් මගෙ යාළුවෝ බනිනවා ලෙඩ වෙලා චොර වෙලා දඟලන්නේ නැතිව හිටපන් කියලා. එහෙම කියලා උන් ඔක්කොම අරන් කනවා. නැතිව මම පව් කියලාවත් උන් මම ඉස්සරහා නොකා ඉන්නෙවත් නෑ. ඔන්න අපේ යාළුවෝ :)
ටික ටික සැර ජාති කෑවම, කොච්චි වුනත් කන්න ඇහැකි. වඩේ ,හොඳ සැර සම්බෝලයක් එක්ක කාලා, වැඩි සීනි ප්ලෙන් ටී එකක් බීල බලන්න :)
ReplyDeleteඒක හරියන්නේ නෑ බස්සෝ. එතකොට ලිව එක කෑගහනවා ඌව බේරගනින් කියලා. මෙවෙලෙත් වෝනින් එකක් ලැබිලා ඉන්නේ. මම හිතන් ඉන්නේ ඕවට පිං තියෙන්නත් ඕනේ. මම නම් මිරිස් කන්නම ඕනේ නෑ ඕන මඟුලක් කාපු ගමන් චොර දන්න කාලේ ඉඳලාම.
Deleteඕක වෙන්න ඇත්තේ වැඩි පරෙස්සම් කරලා කියලා දැන් මාත් හිතනවා. මගේ යාළුවගේ අවෘරුදු දෙකේ පොඩි එකා හොඳට මිරිස් කනවා මට විතරයි බැරි මඟුල.
මලා :( . එහෙම නං ඒ වගේ ලයිෆ් ස්ටයිල් එකකට පුරුදු වෙනව හැර වෙන විකල්පයක් නෑ. බලාගෙන ගියාම ඒක ඔය හිතන තරම්ම නරක නෑ.
Deleteඋදාහරණයක් විදිහට අපි සුද්දෙක් ගමුකො. එයාට අපි තරම් සෑරට් මිරිස් කන්න බෑ. පොඩ්ඩක් වැඩි වුනොත්, හායි, හූයි ගාලා උඩ පනිනව. ඒත් කන එක නවත්තනවද? නෑ නෙව අඬ, අඬ කනවා. මෙතන තියෙන්නෙ අඬන්න වෙන ප්‍රමාණයේ වෙනස විතරයි.
ඒත් කන්න එපා කියල වෛද්‍ය උපදෙස් ලැබිල තියනව නං ඒක වෙනම කතාවක්. ඒත් මං අහල තියන හැටියට,තුනපහ, මිරිස් වලින් ශරීරයට වැඩක් මිස අවැඩක් වෙන්නෙ නෑ
ඔය වෛදය උපදෙස් වුනත් ගලේ කෙටූ අකුරු වගේ ජාතියක් නෙමයි. අද එපා කියනව හෙට කන්න කියනවා.
කාලෙකට ඉස්සර කිව්වා " අපෝයි පොල්තෙල් කටේ තියන්න එපා කියලා. දැන් කියනවා,පොල්තෙල් ආසියාතිකයො කල්පාන්තයක් තිස්සෙ පාවිච්චි කලත් කවුරුත් මැරිල නෑ ලු :)
එතකොට අම්මල පොඩිකාලෙ පොඩි එවුන්ගෙ බඩ සුද්ද බෙහෙත් දෙන එක. කාලයක් ඒක එපා කිව්වා, බඩේ තියෙන ශ්ලේෂ්මල මොකක්ද උලව්වක් හේදෙනව කියලා. මේ ලඟදි මෙන්න මෙහේ දොස්තර නෝනෙක් කියපි , එහෙම කරන එක හොඳයි, බඩේ වැඩිවෙන අවශ්‍ය සහ අහිතකර බැක්ටීරියා පාලනය කරන්න කියලා. කියපු එකක අමතර දේ , බඩ සුද්ද වුනාට පස්සෙ, යෝගට් ටිකක් කන්න කිව්වා, අරහොඳ බැක්ටීරියා ආපහු වැඩිකර ගන්න
මම නම් ඉස්සර පිටකොටු ගියොත් අර මගි පාලම යට කඩෙන් ෆලූඩා එකක් බොනවම තමයි.. ඉස්සෝ වඩේ.. හෆ්ෆේ මතක් කරන්න එපා අෆ්ෆා..
ReplyDeleteමම නං ෆලුඩා බිව්වෙ මුස්ලිම් පල්ලිය ලඟ කඩේකින්. එයාල හදන ෆලුඩා වෙනස්, ඒ වගේම රහයි
Deleteඉස්සර ඉස්කෝලේ යන කාලේ අපේ හන්දියේ වඩේ කඩයක් දැම්මා. මාත් හැමදාම ඉස්කෝලේ ගිහින් හන්දියෙන් බැහැලා වඩේ 2 ක් කනවා. ඔහොම කාලයක් යද්දී මම කල්පනා කළා මේක නම් හරියන වැඩක් නීම එකක් තෙල් කෑම අනික වියදම.
ReplyDeleteගෙදරින් හම්බෙන්නේ බස් එකේ යන්න ගාණට සලි. සීටීබීයක්වත් ආවොත් තමා ඉතින් සීසන් එකෙන් ගිහින් ඒ සල්ලි ඉතුරු වෙන්නේ. ඉතුරු කරන්න තියෙන කීයක් හරි වඩේවලට ගියාම මොකද වෙන්නේ කියලා.
ඒත් පුරුද්ද නම් අතාරින්නම බැරිවුනා. අන්තිමට ටික කාලෙකින් කඩේ වැහුවා :D
මෙයාට වඩේ දීලා එයාලට පාඩු වෙන්ට ඇති. :D
Deleteමටත් ආපු ප්‍රශ්නෙ තමා, වඩේ කඩේ , වැහුවද, වැහුනද කියන එක :)
Deleteඔය වඩේ ගැන කියන කොට, උම්බලකඩ වඩේ ගැනත් කියන්න ඕනෙ. ඉස්සො වඩේ තරම් දීර්ඝ ඉතිහාසයක් නැති වුනත්, ඒතත් රසයි
මට නම් බඩේ ලෙඩේ උපරිමයට තියනවා.... ට්‍රිප් එකක් ගියොත් ඉවරයි... මට නමකුත් දාල තිබ්බ "රේමන්ඩ්" කියලා...
ReplyDeleteගල්කන්දෙන් අපිත් කාල තියනව, හැබැයි අපි වැඩි හරියක් පාන් බනිස් ගනන් පුරුදු වෙලා හිටියෙ "මාෂා" (නම හරිද මන්දා) බේකරියෙන්. ඊට අමතරව ඩිලාජ්, එතකොට ඉස්ටේසම කිට්ටුවම තව එකක් තිබ්බා, එවගෙන් බත් ගෙනත් කන එක... පොළ පැත්තෙන් යනකොට තියන පොඩි පොඩි හෝටල් වල කොත්තු එහෙම කනවා.
එතකොට ගම්පහ ඉන්න කාලෙ ඉසුරු කේටර්ස්.. හැබැයි නියම කඩචෝරු කෑම තියෙන්නෙ කෝච්චිවල යනකොට, ඉඳිආප්ප මුල්, වඩේ, මඤ්ඤොක්කා... අලපෙති බැදලා... පොඩි කාලෙ හෝ ගාන පොකුන බලන්න ගෝල්පේස් ගියහම, කඩල... කොට්ට කිලංගු... කොටුවේ නවගිරි හෝටලෙන් ෆලූඩා... නුවර ඉන්න කාලේ, ක්ලොක්ටවර් එක පිටිපස්සෙ පෙට්ටි කඩ වලින්.. මුස්ලිම් හෝටලෙන් බිත්තර රොටී...
කඩචෝරු කතාවගේම තමයි.. ඕවා කාලා බඩේ අමාරුව හැදිලා ටොයිලට් හොයාගෙන ගිය කතා... ඒවා වෙන වෙලාවක කියමු නේද :)
මාෂා නම් මතක නැහැ...ඩිලාජ් එකේ චයිනීස් බත් එක නම් නියම රහයි...තෝසේ වඩේ හදන තැනක් තිබුනා 'මා' කියලත්...ෆලුඩා නම් කොච්චරවත් පෙවෙන්නේ කොළඹ රස්නේ අව්වේ ඇඳුම් ෂොපින් ගිහින් මාන්සි උනාම! වැල්ලවත්තේ බොම්බේ ස්වීට්ස් වගේ නමක් තියෙන තැනකින් මායි අම්මියි රස කර කර ෆලුඩා බොන්නේ!
Delete@තිසර
Deleteඅපෙත් හිටියා ඔහොම යාළුවෙක්. ගමනක් යන්න බෑ, මේකා කරන්නෙ ටොයිලට් රිංගන එකමයි. ඇත්ත, කොච්චිවල තියෙන නොයක් වර්ග වල කඩචෝරු රස විඳින්න නම්, හොඳ පදම් වෙච්ච් බඩක් තියෙන්නම ඕනෙ. .
ඔය මුස්ලිම් අය හදන ෆලුඩා එක වෙනස්, ඒ වගේම රහයි. එකට මොන , මොනවද අමුතු දේවල එකතු කරල තියෙන නිසා රස වැඩියි. කොහොමත් මුස්ලිම් අයගෙ වටලප්පං සහ බුරියානි කියන්නෙ, වෙනමම කෝස් එකක් නෙව.
මෙන්න මේක තියනව කතාව:
No Reservations: Sri Lanka Day 5 – Biriyani