May 10, 2014

අපි නොදන්න අයි-පෑඩ්

ලියන්න දේකුත් නෑ, වෙලාවකුත් නෑ. ඔන්න ඔහේ වල්පල් ටිකක් ලියලම දාන්නම්.

මුං මගේ සති-අන්ත නිවාඩු දවස් දෙකෙන් එකකට කෙලිය නෙව. මං සතියෙ දවස් පහක් මහන්සි වෙලා වැඩකරන පක්සියා ආයිබෝං. එහෙව් සතෙක් සති අන්තෙ එනතුරු ඉන්නෙ ඇඟිලි ගැණ, ගැණ. කඩේ යන්න, උයන්න,  ඇඳුම්-කැඩුම් හෝද ගන්න තියෙන්නෙ ඕය දවස් දෙක නෙව. සිකුරාදා නයිට් එක ඇදලා ඇවිත් හෙනහුරාදා  වලහ වගේ ආතල් එකේ බුදියනවා. රෑට ඔය කඩල එකක් එහෙම හදාගෙන , සිත්තර පටි දෙක තුනක් එහෙම බලලා, ඉරිදා  ෂපාන් එකේ  දිග ඇදිලා , අල ගෝනිය වගේ ඉඳගෙන යනවා හැලප කන්ට.  එතකොට තමා මයෙ බැස්ටි රී-චාජ් වෙලා, ඊලඟ සුමානෙ අදින්න ඇඟට පණක් එන්නෙ. එහෙව් නිවාඩු දවසට නෙව මුං කෙලියෙ?


ඔන්න මං , දැහැමින් , සෙමින් සිකුරාදා වැඩ කර, කර ඉන්න කොට ආව , අපේ මැනේජරයගෙ ගෝලය.
" බස්සො, අපි  ඉරිද වැඩ කරනව, එනවද?"
" බැහ්"
මූ ඒ වංගියෙ, හෙඩ් ලයිට් වැදිච්ච මුවා වගේ ඇස් දෙකත් ලොකු කරගෙන අහනවා ,
" හෑ, උඹට හොදටම ෂුවර්ද?" කියලා

" මොකෑ නැත්තෙ,  මට බැහ්"

" මැනේජර් තමා කිව්වෙ. මං දෙන්නම්  අහවල් ගෝලයවත් "සහයට ඩැනී" විදිහට, එනවද?"
" මට බෑ. මේ දවස්වල අපිට කොලිටි ඉෂුස් ගොඩක් තියනවා. ඔය අළුත් අයත් එක්ක වැඩ කරන්න ගියාම , ඔක්කොම එන්නෙ මයෙ කර පිටට"

ලාවුලු කාපු රිලව වගේ  බැල්මක් දාගෙන, පොර ලිස්සල ගියා. මං දන්නව ඔයෙ ගියේ මැනේජරයට කියන්න තමා කියලා. විනාඩි පහක් ගියේ නෑ, මැනේජරයා , කතා කලා ඔ‍ෆිස් එකට.

අපේ මැනේජරයා, පකිස්තානි. නියම හෙට්ටියා. උන්දැ නියම සේල් ටෝක් එකක් දීලා, මයෙ පිට අතගාලා, කොහොම හරි , මාව කැමති කරව ගත්තා, ඉරිද වැඩ කරන්න. ඔන්න ඔහොමයි පිංවත්නි, මයේ සති අන්තෙ නිවාඩුව වාෂ්ප වුනේ. ඒ නිසා අද කතාව හොඳ නැත්නම් මට බණින්න එපා.

මෙහේ බැංකු දෙකක් , අනිත් බැංකු වලින් කස්ටමර්ලව, බා ගන්න තරඟයක් පටන් අරං. ඔය දිය රෙද්දෙන් බෙල්ල කැපිලි කොහෙත් තියනව නෙව? එක බැංකුවක් දෙනව අයි-පෑඩ් මිනි එකක්, අනික දෙනවා සැම්සුන් ටැබ් එක. ඔය  පස්සෙ කියපු එකේ මගේ එකවුන්ට් එකක් තියනවා. මං ගත්තා කෝල් එකක්.

" මේ මට ආරංචි වුනා , ඔයාල  සැම්සුන් ටැබ් එකක් දෙනව කියලා"
" ඔව්, ඔව්, දෙනවා. කැමතිද අපේ එකවුන්ට් එකක් අරින්න"
" මට දැනටමත් එකක් තියනවානෙ"
" ඈ, එහෙනං සොරි ඩොට් කොම් තමයි, ඒක දෙන්නෙ අලුත් කස්ටමර්ලට විතරයි"
" ඒක හරිම අසාධාරණයි නෙව. හරි, මං එහෙනං තියෙන එකවුන්ට් එක කැන්සක් කරලා, එන්නම් අලුත් කස්ටමර් කෙනෙක් විදිහට. එතකොට හරිනෙ?"

සේල්ස් රෙපාට කේන්ති ගියා " හහ්, අපි අහුවෙයි ඔව්වට,  එහෙම කපටිකම් වලට අපි ටැබ් දෙන්නෙ නෑ"

" හොඳයි, සෑර්. එහෙනං මං එකවුන්ට් එක කැන්සල් කරනවා"
" ඔව්, ඒකට තහනමක් නෑ. බ්‍රාන්ච් එකට ගියාම එයාල ඒක කරල දෙයි"
" හොඳයි, සුභ දවසක්. මං එහෙම කරන්නම්. ඔයාල විතරක් නෙමෙයි නෙව, ටැබ් දෙන එකම බැංකුව. මං යනවා අර අයි-පෑඩ් දෙන බැංකුවට"

මං ගිහින් ඒ බැංකුවෙ ඇරියා එකවුන්ට් එකක්. බොහොම සාදරයෙන් මාව පිලිගත්ත ඉන්දියන් බස්සියෙක්, වැඩේ කරල දුන්නා. 

සෑම දෙයකටම මිලක් ඇත, කියන දහම මං ඉගෙන ගත්තෙ මෙහෙන්. ඒක තව වරක් සනාත කරමින්, මං දැන ගත්තෙ ,අයි-පෑඩ් එක දෙන්නෙ නිකම්මත් නෙමෙයි කියලයි. මාසෙකට සූටි සුපියල් පාලොහක, එකවුන්ට් චාර්ජස් ගෙවන්න ඕනෙ, අවුරුද්දක්. ඒත් පාඩුවක් නෑ, නියම මිලයි, අලුතෙන් ගත්තාම වදින ටැක්ස් එකත් එක්ක බලන කොට.

ඔන්න ඕකයි කතාව. නිකං ලිස්සනව, ලිස්සනව වගේ ගතියක් දැනෙනව නං , කැටගරිය " නයා" කියලම දාගන්නකො :)

ප:ලි:
අපේ දෙළුම් විලේ නෝනා, අහලා තිබ්බා , " හෑ , බස්සො ඔහෙත් එහෙමද?" කියලා. ඒ අවංක පාපෝච්චාරණය වෙනුවෙන් මාගේ ප්‍රණාමය
http://photos1.blogger.com/blogger2/3196/3
773/400/Crawl%20On%201.jpg


15 comments:

  1. දැන් අනෙක් එකට ගිහින් account එකක් අරින්ට. එතකොට සැම්සුන් එකකුත් ගත්තු හැකිවෙයි. ඔය එකේ වැඩ කරලා ගන්න කීයක් හරි ඒකේ දාන්ට බැරියැ...අම්මෝ බස්සා ලඟ තියෙන සල්ලි ගොඩ...:D

    ලාවුලු කාපු රිලවෙක් දැකලා නෑනේ. මම දැකලා තියෙන්නේ හැලප කන බස්සෙක් විතරයි. :)

    ReplyDelete
    Replies
    1. week-end කියන එක ටයිප් වෙලා නෑ...:(

      Delete
    2. එහෙම හරි යන්නෙ නෑ. පේ චෙක් එක එවන්නත් ඕනෙ. සල්ලි ගොඩ? තියන ටික සුපියලේ කාසි වලට මාරු කර ගත්තොත් නං පොඩි වයින් ගොඩක් හදා ගත්තෑකි :)

      Delete
    3. //පොඩි වයින් ගොඩක් හදා ගත්තෑකි//

      කාසි දාල වයින් සෙලර් එකක් හදාගන්නව කියන එකද බන් මේ කියන්නෙ?

      Delete
    4. හුටා! වයි නෙමෙයි වැයින් :)

      Delete
  2. නිකන් මොනව හැර දෙනවා කිව්වා ගමන් පන කඩාගෙන පියාඹනවා බැස්සොත් එහෙනම්

    ReplyDelete
    Replies
    1. නැතුව , නැතුව . දුප්පත්කමට නෙව නෝනෙ, සල්ලි තියේ නං ඔහොම කරයිද? :)

      Delete
  3. සෑම දෙයකටම මිලක් ඇත කියන්නේ නිකන්ද බං ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔව් , හැමදෙයකටම.හරි මිලට ආවම ඔක්කොම විකිනෙනෙව, කියල කිව්වෙ කකා නේද?

      Delete
  4. //සිකුරාදා නයිට් එක ඇදලා ඇවිත් //
    එහෙම ආවහම කවුරුවත් නයිටි එක ඇඳලා එන්නෙ නෑද්ද?

    ReplyDelete
    Replies
    1. අපිට කොයින්දෑ, පූසෝ මාළු
      අපි යනවැයි මූදු ? :)

      Delete
    2. ඔව් ඉතින්
      Oscar Pistorius ට වුන දේ ගෑන හිතනකොට

      Delete
    3. ඔස්කා කිව්වෙ , මේ හන්දියෙ බේකරියෙ පාං බාස්ගෙ ගෝලය නේද? අපෝයි යස අගේට පිටි මෝලිය අල්ලපු කොලුවට මොකදෑ වුනේ ? :)

      Delete
  5. අකමැත්තෙන් නිවාඩු දවසෙ වැඩට ගියාට , සල්ලි හම්බවෙනකොට සතුටුයිනෙ නේද :)

    ReplyDelete
    Replies
    1. සතු‍ටුයි, සතු‍ටුයි , මොකෑ නැතිව? :)

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code