May 14, 2014

ගරිල්ලා මාකටින්

http://pepecasals.files.wordpress.com/2008/07/guerrilla-marketing
-ikea-bus-stop-new-york1.jpg
ගරිල්ලා මාකටින් කියල කියන්නෙ , සම්ප්‍රදායක නොවන , ඒත්  නිර්මාණාත්මක වගේම ආකර්ශණීය වෙළෙඳ උපක්‍රමයක්. මේ පිංතූරෙ තියෙන්නෙ IKEA  වලින් කරපු එහෙම එකක්:

මට මේක මතක් වුනේ , අපේ සමහර සහෝදර බ්ලොග් රචකයො , බ්ලොගෙ මාකට් කර ගන්න විඳින දුක දැකලා. 


තමන් අමාරුවෙන් ලිව්ව බ්ලොගෙ , මාකට් කරගන්න ඕනෙ කියන එක , මට නං අවුලක් නෑ. ඒත් ඒක නිර්මාණාශීලි ලෙස නොකලොත්, වෙන්නෙ ඇනෝලගෙන්  රෙදි ගැලවෙනකන් බැණුම් අහන්නයි.

මට හිතුනා, මේ  ගැන පොඩි රිසර්ච් පාරක දාන්ට.දැම්ම හොම්බ කකාගෙ  බ්ලොග් එකට. කකා ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙව? ගරිල්ලා මාකටින් දෙයියා -  ඉඩක් ලැබුනොත් , මේ ඔහෙලගෙ , අපේ කටෙත් ලින්ක් එකක් ඔබල යයි. මේ තියෙන්නෙ බඩු. ඔය හොයා ගත්ත එක තමා පහල එල්ලල තියෙන්නෙ "You may also like  " කියල.

දැන් ඔය සමහර ජනප්‍රිය බ්ලොග් රචකය ඉන්නවා නෙව, "ඔන්න මං ලිව්වා, ඕනෙ නං බලාපල්ලා" ස්ථාවරයෙ? ඒ අයට නං මේක අදාල නෑ. අනෙක්, අපි වගේ  සාමාන්‍ය සත්ත්වයින්ට මේක එච්චර නරක නෑ. ඒ වගේම කියවන්නන්ටත් පහසුයි  නෙව?

LinkWithin  කියන්නෙ , ඉස්සෙල්ලා  WordPress වලට හදපු විජට් එකක්. දැන්  බ්ලොගර් වලටත් සපෝට් කරනවා. 

ඒත් පොඩි කොස්සක් තියනවා.මේක කියල තියන විදිහට,පොත් විදිහට කරගෙන ගියාම, සමහර බ්ලොගර් ටෙම්ප්ලේට් වලට වැඩකරන්නෙ නෑ.  මෙන්න මෙහෙම හිරවෙනවා:


මේකෙන් ගොඩ යන්න ක්‍රමයක් තියනවා. මේ පෙන්නන දෙවනි පේජ් එකෙ, ඇඩ්‍රස් බාර් එක ක්ලික්  කරන්න. ඊතලයෙන් පෙන්නල තියන ඉලක්කම් 7 නොම්බරේ කොහේ හරි ලියල තියාගන්න. දැන්  අංක 1 යටතේ තියන "Install Widget" ක්ලික් කරන්න.



එතකොට එනවා, මෙන්න මේ පේජ් එක  . ඊතලයෙන් පෙන්නල තියන "Edit Content" එක  ක්ලික් කලාම දිගහැරෙන  කො‍ටුව  හිස්. ඕක තමයි ලෙඩේ. දැන් ඔහොමම  තියෙද්දි "Add Widget" ක්ලික් කලොත්, අර මං කලින් කියපු   error page එක තමා එන්නෙ.


මේක ගොඩ දාගන්න කරන්න තියෙන්නෙ මෙච්චරයි. මේ පහල තියෙන  code එක කොපි කරගෙන  අර හිස් කො‍ටුවෙ අලවන්න. දැන් XXXXXXX කියන කොටස වෙනුවට  කලින් ලියාගත්ත නොම්බරෙන් දාන්න. නොම්බරේ අග තියෙන ; මකන්න එපා.

<script>
var linkwithin_site_id = XXXXXXX;
</script>
<script src="http://www.linkwithin.com/widget.js"></script>

<a href="http://www.linkwithin.com/"><img src="http://www.linkwithin.com/pixel.png" alt="Related Posts Plugin for WordPress, Blogger..." style="border: 0" /></a>


දැන්  Add Widget ක්ලික් කලාම , ඔබේ බ්ලොග් එකේ  Layout page එකට යාවි. දැන් තියෙන්නෙ  Save arrangement කිලික් කරලා save කරගන්න එකයි. එච්චරයි.


මාත් ඔන්න ඔහේ එකක් එල්ලගත්තා. ඔහෙලත් එල්ල ගන්ට ඈ? මොකද , මේ කියවන අපි වගේ කම්මැලි බස්සො  කැමති නෑ බ්ලොග්වල පරණ පොස්ට් අවුස්සන්න. මෙහෙම පිංතූර එක්කම තොරණෙ විස්තරේ තියේ නං, සලකලා බලඤ්ඤං :)

පුඩිම: ඉස්සෙල්ලම මේක ගොඩදාගන්න ක්‍රමේ හොයාගත්ත එකාට. Google සර්ච් කලොත් , මේ ගැන පෝස්ට් හැට හුටාමරක් එන නිසා කව්ද  කියල හරියටම දන්නෙ නෑ

17 comments:

  1. මට පේන්නේ අද බස්සට නිවාඩු. නැත්නම් අර ලස්සණ බස්සි ලඟ නැති හන්දා නින්ද යන්නේ නෑ.:D

    මේකත් ගරිල්ලා මාකටින් පාරක් නේද?

    ReplyDelete
    Replies
    1. නිවාඩු නෙවෙයි, වැඩට ගියේ නෑ. ඔව්, ඔව් පොඩි අත්හදාබැලීමක් :)

      Delete
  2. මීට වඩා නරකද අනේ ඔය අල හොදි වගේ කෑමක් හදන්ට ඉගෙන ගන්න එක....:D :D

    ReplyDelete
    Replies
    1. අලහොදි විතරක් නෙමෙයි, ඇඹුල්තියල් එහෙමත් හැදුවා මෙන්න තැන්:

      මාලනීගෙ කුස්සිය
      Rice & Curry

      Delete
    2. මාලනීගෙ කුස්සිය නම් හොඳයි මාත් බැලුවා . තෑන්ක්ස් බස්සො උදව් කරනවට බැන බැන හරි :)

      Delete
    3. බැන්නෙ නැහ්. grrrrrrrr.... කියල නං කිව්වා තමා :)

      නෝ ප්‍රොබ්ලමෝ.. , ආයෙත් අවශ්‍ය වුනොත් කියන්න. grrrr.. කියල හරි කරල දෙඤ්ඤං :)

      Delete
  3. ගරිල්ලා මාකටින් ඉතින් නැතුවමත් බැහැනේ..

    ReplyDelete
  4. IKEA නම් යන්න වෙයි ඉස්සරහට මට සැහෙන්න .

    ඔය ගැජට් එල්ලිල්ල මට මහා කම්මැලි වැඩකි. නමුත් මේක නම් හොඳා වාගෙය

    ReplyDelete
    Replies
    1. එල්ලලම බලන්නකො. බින්දිගෙ පරණ පෝස්ට් වල කොච්චර වට්න දේවල් ඇද්ද අපට මඟ ඇරිච්ච. මේ කම්මැලි බස්සො, බකමූණො ගැනවත් හිතල එල්ලන්ට :)

      Delete
  5. මගෙත් ඔය ගජේට් පහේ වැඩ කෑලි ගැන කැමැත්තක් තිබ්බට මාර කම්මැලියි අප්පා, මොනාවත් කියවනවා ලියනවා ඇරුනම . කොහොමත් ස්තුතියි මේවා මෙහෙම හොයලා දානවට.

    ReplyDelete
    Replies
    1. තිලකෙට නං මෙව්ව අත්‍යාවශයම නෑ. ඒත් එල්ලුවොත්, අපට මඟෑරිච්ච පරණ පෝස්ට් කියවන්න, මේක හොඳ උත්ප්‍රේරකයක් වේවි

      Delete
  6. Replies
    1. හුම්.. හූම් , මට නිකමට වගේ හිතුනා ඔහේට දුරින් හරි අපේ නෑ කමක් ඇතියි කියලා :)

      Delete
    2. නොදන්නාකම සහ නොතේරීම වෙන වචනවලින් නොකියා හ්ම්ම්ම් කිව්වහම ක්ලාසි නේ?

      Delete
  7. මම නම් අහල තියෙන්නෙ බස්සො හ්ම් හ්ම් කියනව. grrrr කියල නෙවෙයි :)

    ReplyDelete
  8. ඒ හැම එකටම හූම් කියන්නෙ සාමාන්‍ය බස්සො. මං මූකලං බස්සා නෙව :)

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code