Jun 4, 2014

දුක නැති කිරීමේ මාර්ගය

මේ දවස්වල කස්ටිය හෝ ගාලා දුක , සහ දුකට හේතුව හොයනව නෙව. අම්මපා , එව්ව කියවලා මගෙත් ඔලුව මඤ්ඤං වෙලා  ඉන්න අල්ල පනල්ලෙ, අද හැන්දෑ කොරේ  මං දැක්කා, දන්න කියක උගුඩුවෙක්ව.


මූ නිකං වට පිට බල, බල නැවති, නැවති යන විදිහට මට තේරුණා මේ නං යන්නෙ හොර ගමනක් තමයි කියලා.


" උගුඩු මචෝ, මේ බෑරක් යනවය?"

" ෂ්, ෂ්, කෑ ගහන්න එපා බෂ්ෂො.  මේ ඇඟේ පතේ අමාරුවට හොර පොළෙන් දෙකක් නමා ගන්න කියල යන ගමන්. උඹට ඕන්නං වරෙන් යන්න"

"හහ්, පෙනේද මූ ඒක කියන ලස්සන, හරියට සල්ලි දීලා බොන්න යනව වගේ"

" ඉතිං බෂ්ෂො ඒක නෙව , මං කිව්වෙ හොර පොළෙන්ය කියලා"

ඔය දෙණියෙ, ඕවිටට එහායින් තියෙන ලන්දෙ තියනවා නෙව කිතුල් මණ්ඩියක්. ගමේ එකාල, හොරාට ඕකෙ මදිනවා. මේ හොර තඩියා යන්නෙ, ඔය මදින කිතුල් රා මුට්ටියකට හොම්බ දාන්ට. 

" හා , හා යමන්කො. ඒක නෙමෙයි, උගුඩු මචෝ, උඹ දන්නවද දුකට හේතුව මොකක්ද කියලා?"

" ඇයි බං මං නොදන්නෙ? දුක , විතරක් නෙමෙයි, දුක නැති කිරීමේ මාර්ගයක් මං දන්නව"

" හුටා, අම්මපා  අපි උඹට සලකනව  මදි නෙව? හැබෑටමද උඹ ඔය කියන්නෙ?ඇත්ත කියපං ?"

"ඇත්ත තමා බෂ්ෂො. ආයෙ මං මොකටෑ උඹට බොරු කියන්නෙ, ආයෙ තෑගි ගන්නයෑ?"

හැබැටම මේකා රහත් වෙලා වත්ද? දැන් මේ කස්ටිය, රහත් වෙන, බුදුවෙන රේට් එකට , උගුඩුවෙක් රහත් වෙලා කිව්වත්, අපි ආයෙ නෑ කියන්නයෑ? නැහ්ද මං අහන්නෙ?

" හා, එහෙම නං කියපංකො දුකට හේතුව?"

" දුකට හේතුව පුක"

" චෑ, චෑ උගුඩුවෝ. එහෙම ග්‍රාම්‍ය විදිහට කියන්න එපා බං .කියපං පස්සා පැත්ත කියලා "

" ඒ වුනාට පුක කියන්නෙ කුනුහරුපයක් නෙමෙයි කියල තමා කකා කිව්වෙ"


" කකා දන්න ඉටි ගෙඩිය. දැං බලාපං ඕන කුණු හබ්බයක් ඉංගිරිසියෙන් කිව්වාම කොච්චර ලස්සනද? ඇයි උඹ දන්නෙ නැහ්ද, අර අකුරු හතරෙ  වචනෙ  හැම තිස්සෙම කියන ඇමරිකන් ගූගලයා, අපේ හැලපෙට දාපු සත්තම? ආයෙ කුණුහබ්බ ලිව්වොත් " ‍තෝව මකෝනව" කිව්ව නෙව?"

"හරි එහෙම නං දුකට හේතුව තමා, පස්සා පැත්ත"

" ඈ බොල , මැටි උගුඩුවෝ. කොහොමද එහෙම වෙන්නෙ?"

" හා මං කියන්නෙ බොරු නං, ඔහෙත් ඔය ඇටි කෙහෙල් ඇවරියක් , දෙකක්  කාලා බලනවකො"

ඔය උගුඩුවන්ගෙ ඇටි කෙහෙල් වලට තියන කෑදර කමත්, කෑවට පස්සෙ වෙන සැන්තෑසියත් නං මං අහල තියනවා.

ඕං ඔය ඇටි කෙහෙල් ඉදිලා සුවද එන කාලෙට,උගුඩුවත් එනවලු ගහ ලගට. හැබැයි ආවට කන්නෙ නැහැලු, කෑවොත් වෙනදේ දන්න නිසා.
කොහොම වුනත්, සුවද ඉවස ගන්න බැරිනිසා ගහදිගේ උඩට පහලට යනවලු, හොරැහින් බලබල " අපි අහුවෙයි ඕවාට" කිය කිය.පස්සෙ කියනවාලු "එකම එක ගෙඩියක් විතරක් රස බැලුවාට, මොනවා වෙනවාද කියලා".

එක ගෙඩියක් කාලා, කියනවාලු " එකක් කෑවා නං තව එකක් කෑවාට මක් වෙනවාද" කියලා.කොහොමින් කොහොමින් හරි ඔක්කොම ගෙඩි ටිකට වගකියලා තමයිලු පස්ස බලන්නෙ.ඉතුරු හරිය හිතාගන්න පුළුවනිනෙ. බඩට කොන්ක්‍රීට් දාගත්තා වගේ තමයි. පස්ස අල්ලගෙන " දුකයි, දුකා..යි, මටනං බැරියෝ. ආයෙ නං කන්නෙ නැ‍තෝ" කිය කිය දුවනවාලු.

" හරි උඹ දුක, දුකට හේතුව දන්නවයි කියමුකො. හා එහෙනං කියපං බලන්න , දුක නැති කිරීමේ මාර්ගය?"

" ඇයි බං බෂ්ෂො, දුක නැති කිරීමේ මාර්ගය තමා තැටමීම"

මූ නං එසේ මෙසේ උගුඩුවෙක් නෙමෙයි නෙව? මං  මොන පුරස්සෙ ඇහැව්වත් , මූට   තියනවා නෙව උත්තර.

" හරි උඹ ඔච්චර දන්න එකා වෙච්චි. දුක දන්නවා, දුකට හේතුවත් දන්නවා, දුක නැති කිරීමේ මාර්ගයත් දන්නවා. එහෙව් එකේ මොන උලව්වකටද බොල ආයෙ , ආයේ  දුක  වළඳන්නෙ - ඒ කිව්වෙ ඇටි කෙහෙල් ගිලින්නෙ?"

" ඇයි බං, බෂ්ෂෝ, උඹ දන්නෙ නෑ නෙව  එහෙම දුකක් විඳලා  එලි බැස්සාම තියෙන සනීපයක්? කොටින්ම දුක නැත්නම් එතන කොයින්ද සැපක්?"

අම්මපා , බලාගෙන ගියාම ඒකත් ඇත්ත තමා. ඉන්තේරුවෙන්ම  මූ නං  අළුත් කඩේ පැත්තෙ ඉපදිච්ච උගුඩුවෙක් වෙන්ටෑ?

12 comments:

  1. ඔය උගුඩුවෙක්නේ ඔහොම කියන්නේ. බස්සෝ ඉතින් ඇටිකෙහෙල් කන්නේ නෑනේ?

    මට පේන්නේ බස්සාත් කලුවර වැටෙනකොට දෙකක් නවාගෙනද කොහෙද...:)

    ReplyDelete
    Replies
    1. නමා ගන්ට කියල නං තමා කිතුල් මණ්ඩිය පැත්තට මං ගැච්චුවෙ :)

      Delete
  2. බස්සා ගේ දුක ඉර පායා එළිය වැටීමයි.

    ReplyDelete
    Replies
    1. නෑ, නෑ ඉර පෑව්වට දුක නෑ. ඇයි බුදියන්ට පුළුවනි නෙව

      Delete
  3. //අළුත් කඩේ පැත්තෙ ඉපදිච්ච උගුඩුවෙක් වෙන්ටෑ//

    ඇයි පන්සලක ඉපදුනු එක්කෙක් වෙන්න බැරිද?
    පොඩි සාමනේර හරි ඇබිත්තය හරි කියයි පශ්චාත් භාගය දුකට සහ සැපට දෙකටම හේතුවෙනව කියල

    ReplyDelete
    Replies
    1. හැබෑටම, උගුඩුවෝ පන්සල් වලත් ඉන්නවාද?

      Delete
  4. අයියෝ බං උඹ නං පට්ට බස්සෙක්. මං කැමතිම කෑල්ල තමා - දුකට හේතුව පුක- කිව්ව එක.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකීව දැක්කෙ කාලෙකින්.

      Delete
  5. //" ඇයි බං බෂ්ෂො, දුක නැති කිරීමේ මාර්ගය තමා තැටමීම"//
    අම්මප ඇත්ත යකෝ.හිටපිය මාත් දෙකක් ළඟ නමාගන එනකල්.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ ආවොත් කිතුල් රා මුට්ටියකටම හොට දැම්මෑකි :)

      Delete
  6. දුක නැති කිරීමේ මාර්ගය උදේ ඉඳන් රෑ වෙනකම් දුකින් ඉන්නේ කියලා කියවන එක කියලායි මම හිතාගෙන හිටියේ මෙච්චර කල්.
    ඔය ශොපින් කරලා හෙම දුක හදාගන්නත් අපිට නම් හරි ලේසියිලු ඔන්න :D :D :D

    ReplyDelete
    Replies
    1. //ශොපින් කරලා හෙම දුක හදාගන්නත්...//

      මේ කියන්නෙ buyer's remorse කියන එකද?

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code