Feb 27, 2015

වඳුරු කතාවක් සහ සිංදුවක්

ඔහෙලා දන්නවද  බස්සො පැවත එන්නෙ වඳුරන්ගෙන් බව? කව්ද කිව්වෙ ඇහැව්වා? නෑ ,නෑ චාර්ලිස් ගොයියා නෙමෙයි. එයා කිව්වෙ  ඒ මිනිස්සු ගැන නෙව?  අපි පියාඹන වඳුරො ජාතියක්ලු, ඔව්වා ගැන හොඳට දන්න හාදයෙක් තමා කිව්වෙ.

මං ඒත් කල්පනා කලා ,මට ඔය නොදන්න යමක් හම්බ වුනාම , මන්කි බිසිනොස් කරලා එව්වා චකබ්ලාස් කරන්නම හිතෙන්නෙ ඇයි කියලා?  දැන් තේරෙනව නෙව? ඕක මයෙ නෙමෙයි, ජම්මෙ වැ‍රැද්ද බව?

වඳුරයි කිව්වම, කතාවක් මතක් වුනා. මේක මේ  නඩු විභාගයක් ගැන කතාවක්:
http://activerain.trulia.com/
image_store/uploads/6/4/0/3
/8/ar123198792083046.jpg

නඩුකාරයා: මොකක්ද පැමිණිල්ල?

පැමිණිලිකරු: ස්වාමීනි, මේ විත්තිකාරයා  කිසිම හේතුවක් නැතුව මගෙ  හොම්බට ඇන්නා


නඩුකාරයා( විත්තිකරුට): යුශ්මතා වරද පිලිගන්නවද? ඇයි එහෙම හේතුවක් නැතුව පැමිණිලිකරුට පහර දුන්නෙ?


විත්තිකරු: වරද පිළිගන්නවා ස්වාමීනි. ඒත් හේතුවක් ඇතුවයි පහර දුන්නෙ. මේ පැමිණිලි කාරයා මට අවුරුද්දකට ඉහත චිම්පන්සියා කියල බැන්නා


නඩුකාරයා: ඉතිං ඇයි මනුස්සයෝ, ඒකට අවුරුද්දකට පස්සෙ ගැහැව්වෙ?


විත්තිකරු: මම ගිය සුමානෙ සත්තුවත්තෙදි තමයි ඉස්සෙල්ලාම චිම්පංසියෙක් දැක්කෙ


ආන්න බලාන්න, එහෙව්, දැකුම්කලු සත්තු ජාතියක් තමා වඳුරො. ඒ නිසා  , අපිට පියාඹන වඳුරො කියනව කියන එක ආඩම්බරයක්.මං පොඩි කාලෙ , ඔය චිම්පන්සියි, ඉස්පන්චියි අතර පොඩි පටලැවිල්ලක් තිවුණා. පස්සෙ මුලින්ම චිම්පන්සියෙක් දැක්කාම ඒක හරි ගියා

දැං මේ සමහරු බනිනවා නෙව, පොස්ට් කොට දානව කියලා. ඇයි දෙයියනේ ලියන්න දෙයක් නැහ්නං වෙන මොනවා කරන්නද? ඕන්න අද නං දිග පෝස්ට් එකක් ලියනවා කියලා පට්ටාං ගන්නවා, ලියාගෙන , ලියාගෙන යනකොට මඟදි හිර වෙනවා.  ආයි ඉතිං මොනවද, ආයෙ නෝ හෙල්ලුං, අර කූඤ්ඤෙ ගලෝපු වඳුරා  හිරවුනා වගේ තමා. දැං ඔහෙලට තේරෙනව නේද හේතුව? මෙව්වා අපේ ජම්මෙ වැරුද්ද බව?

දැං බලාන්ට. ඔහෙලා  අහල තියනව නෙව සිංදු? ඔය හැම සිංදුවකම වගේ  පේලි හතරෙ  කොටස් තුන හතරක්වත් තියනවා නෙව? එහෙම නැහ්නං, එකම  දේ රිපීට් කරල හරි  කොටස් ගාණ සම්පූර්ණ කරනවා නෙව? ඒත් ඔහෙලා අහල තියනවාද  පේලි හතරෙ එකම කොටසක් විතර තියෙන සිංදුවක්.  මොකෑ නැත්තෙ? එහෙම එව්වත් තියනවා. මට  හිතෙන්නෙ මේකෙ ගීත රචකයාත් , මං වගේම ලියාගෙන, ලියාගෙන යනකොට හිරවෙච්චි හාදයෙක්.මිනිහා සැලුනද? නැ, නෙව, හැදුව සිංදු කොටයක්. ඔය තියෙන්නෙ යස අගේට. එහෙම නං මටත් බනින්න එපා පෝස්ට් කොට දානව කියල. අහලා බලන්නකො, ලස්සන සිංදුව, කාගෙද කියල නං දන්නෙ නෑ


26 comments:

  1. සිංදුව නම් කියලා තියෙන්නේ අනිවාර්යෙන් වඳුරු බස්සෙක් :P

    ReplyDelete
    Replies
    1. "සීතල හුලඟ ගිනියම් වී හොට දනවා" කියනකොට , මටත් ඕක හිතුනා :)

      Delete
  2. ඒක සිංදුවක්මත් නෙවෙයි නේද? හරියට නිකං කවියකට මියුසික් දාලා වගේ..

    Flying Monkey

    ReplyDelete
    Replies
    1. හෑ, කවියකට මියුසික් දම්මාම ඒක සිංදුවක් නෙමෙයිද?
      අර පියාඹන වඳුරා නං නියමයි:)

      Delete
    2. මියුසික් දැම්ම පලියට හැම කවියක්ම සිංදුවක් වෙන්නෙ නෑ..

      Delete
    3. කොහොම වුනත්, හරිම දුක්මුසු ගතියක් තියන මියුසික් දාපු කවියක්. මං කැමති ඒකයි.

      මියුසික් දාපු කවියක් කිව්වම, නිකං සොසේජස් දාපු කොත්තුවක් වගේ හැඟීමක් එන්නෙ නැහ්ද?

      Delete
  3. ජම්මෙට වැඩිය පුරුද්ද ලොකු බවයි අපි නම් අහලා තියෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඔය වඳුරොත් බිමින් ගමන් යන්න හරිම අකමැති කස්ටියක් නෙව? :)

      Delete
  4. Replies
    1. මට හිතෙන්නෙ, Java Runtime, Adobe Flash, Shockwave වගේ එකක අඩුපාඩුවක් ඇති බින්දිගෙ කොම්පීතරේ. ඔන්න මම URL ලින්කුවක් පහලින් දැම්මා

      Delete
    2. iPad වල පේන්නෙ නෑ තමා. බුරුස් උන්නැහැගෙන් තමා අහන්න ඕනෙ ඇයි කියලා

      Delete
  5. Knew ser Bastian was a unique fellow but not this unique :-o. So you are an owl monkey?
    Very rare species.
    But in retrospect,it explains why you joined the nights watch.

    ReplyDelete
    Replies
    1. මම නෙමෙයි අර නැට්ට නැති උන්නාන්සෙ තමා කිව්වෙ :)

      Delete
    2. අර නැට්ටකටත් වඩා දිග නහයක් තියන උන්නාන්සෙද? බුර්ට වටින්නෙ නෑ එහෙම වඳුරන්ට අපහාස කරන්න. අපි දන්න එක්කෙනෙක් ඉන්නව කන්ද උඩ ජිම් එකේමයි ඉන්නෙ චිම්පන්සිටත් වඩා කලුයි. එයාට වුනත් තරහයයි

      Delete
    3. ආන්න දැක්කද අර අසරණ බුරාට බෝලෙ පාස් කරපු හැටි? අනිත් එක්කෙනා කලු වුනාට දැකුම්කලුයි කියන්නෙ :)

      Delete
  6. ඇත්ත වශයෙන්ම මේ බස්සන්ගේ වඳුරු ස්වාභාවය හොම්බට ඇනීමක් නිසා සිදුවූ බවට උපකල්පනය කිරීමට හැකියාවක් පවතී. මුලදී කපුටෙක් වගේ ලස්සනට හොටක් හා දිග මුහුණක් තිබුනු බස්සා ටැක්නිකල් පෝස්ට් කාටවත් නොතේරෙන විදිහට ලිවීම වැනි කාරණයක් හෝ ඇණයක් උරණවීම වැනි හේතුවක් උඩ හොම්බට ඇනීමකට පාත්‍රවී දැන් හොම්බ රිවට්වූ හැලි වඳුරු ස්වාභාවයක් ගෙන ‍යලට මහට පෝස්ට් දැමීම කරන්නේයයි සිතීම සාධාරණය.

    ReplyDelete
    Replies
    1. හහ්, කපුටෙක් වගේ නේද? :)

      ඉස්සර නං තිබුනෙ ත‍ටු සැට් එක පරිස්සම් කරගන්න විතරයි, දැන් ඒ මදිවට හොම්බත් පරිස්සම් කරගන්න වෙලා නෙව?

      Delete
  7. අනේ මන්දා/////////////////

    ReplyDelete
    Replies
    1. තේරුනේ නැත්නම් සමාවෙන්න ඕනෙ, මේකෙ අතීත කතාව නැතුව. ඇත්තම කිව්වොත් මේක (වඳුරු) පවුලේ කතාවක් :)

      Delete
  8. අදමයි ආවේ.... ඇට් සින්දුව අහන ගමන්

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා

      Delete
  9. dgm බස්සව දැකලා තිබ්බට කමෙන්ට් එකක් දාන්න බ්ලොගේට එන්න බැරි වුණා.. හි හි ෂෝයි,,

    ReplyDelete
    Replies
    1. ඒකට මොකද? අද ආව නෙව :)
      සාදරයෙන් පිළිගන්නවා

      Delete
  10. හි..හි.. පොඩ්ඩි අක්කගෙන් පාර අහගෙන අදයි මේ පැත්තට ආවේ..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code