සරල අනුවර්තී චලිතයක
ජීවිතේට කිසිම අලුත්
ගැම්මක් නෑ බං
යංතං ඇති,අද ඉරිදා
වැඩට යන්නෙ හෙට සඳුදා
කඩල කකා දෙකක් නැමුවෙ
ඒක නිසයි බං
බොරු කියන්නෙ මොකටෑ බං
හිටු කියලා මරාගත්ත
සුනාමි කාලෙත් ඉඳහිට
මතක් වෙනව දැං
වලියක් නැති ජීවිතයත්
පරිප්පු නැති හෝටලයක්
කියල කව්ද ගල් ඉබ්බෙක්
කිව්ව නේද බං
පල්ලම ඉවරයි දැන්නම්
නිශ්චිත නෑ ඉදිරියෙ මග
ඇන්ජිම නැවතිලා වගෙයි
ගෑසුත් නෑ බං
හොඳ වෑයින් පයින් එකක්
දෙන්න ඕනෙ මයෙ පස්සට
ඇංජිම කික් ස්ටාර්ට් වෙන්නෙ
එතකොට නෙව බං
කිව්වා වගේ නෙවෙයි බොලේ
වැඩේ අමාරුයි කරන්න
බස්සට පොඩි හැලුප් එකක්
දෙන්න බැයිද බං
ජීවිතේට කිසිම අලුත්
ගැම්මක් නෑ බං
යංතං ඇති,අද ඉරිදා
වැඩට යන්නෙ හෙට සඳුදා
කඩල කකා දෙකක් නැමුවෙ
ඒක නිසයි බං
බොරු කියන්නෙ මොකටෑ බං
හිටු කියලා මරාගත්ත
සුනාමි කාලෙත් ඉඳහිට
මතක් වෙනව දැං
වලියක් නැති ජීවිතයත්
පරිප්පු නැති හෝටලයක්
කියල කව්ද ගල් ඉබ්බෙක්
කිව්ව නේද බං
පල්ලම ඉවරයි දැන්නම්
නිශ්චිත නෑ ඉදිරියෙ මග
ඇන්ජිම නැවතිලා වගෙයි
ගෑසුත් නෑ බං
හොඳ වෑයින් පයින් එකක්
දෙන්න ඕනෙ මයෙ පස්සට
ඇංජිම කික් ස්ටාර්ට් වෙන්නෙ
එතකොට නෙව බං
කිව්වා වගේ නෙවෙයි බොලේ
වැඩේ අමාරුයි කරන්න
බස්සට පොඩි හැලුප් එකක්
දෙන්න බැයිද බං
නෝ ප්‍රොබ්ලම් එකට දෙකක්
ReplyDeleteදෙඤ්ඤං දුම් විසි වෙන්ටම
පොඩියක් දැන් අනිත් පැත්ත
හැරියන්කෝ බං
කොහොමද ඕනැයි කිවුවේ
ජිම් පප්පා ස්ටැයිල් ද
නැත්තං අපෙ ගජමෑන්ට
මගෝඩිසා දුන්න වගෙද
අනේ, අම්මෝ හොඳටම ඇති
Deleteමට දැන්නම් හොඳටම හති
ඇණේ ඇවිත් පොරි හැලෙන්න
දුන්නා දෙකක් දැං :)
මං මේ ඇණේ නැද්ද කියල අහන්න පහලට ස්ක්‍රෝල්කරා විතරයි.
DeleteA glutton for punishment?
Death wish?
Masochism?
Bored to death?
වැඩිය කිට්‍ටුවෙන් යන්නෙ "bored to death" කියන එක :)
DeleteOK. face a 12 bore and see.
DeleteNice knowing u. So long buddy.
12 bore ? බුදු අම්මෝ :)
DeleteSo long ??? එහෙම කියන්නෙ දීර්ඝ විරාමයකට නේද?
විරාමය කොච්චර දීර්ඝද කියල ඇණේගෙන්ම අහගන්නකො.
Deleteඅපි මොකටද අනුන්ගෙ S&Mවලට හොට දාන්නෙ
දීර්ඝ විරාමයක්? අපිට කොයින්ද එහෙම සැපක්?
Deleteනිවාඩු අතින් නම් , අපි හරිම දුප්පත්. අවුරුද්දටම දවස් 15.
පියාඹන වඳුරෙක්ගෙන්, හොට තියන primate ට සුභ පැතුම්
Summer holidays. Winter holidays. Take them my avian friend !
Deleteසෙල්ෆ් ස්ටාට් ඇති කලේ
ReplyDeleteකීක් ස්ටාට් කුමට මලේ
නැතුවට බස්සන්ට මොළේ
පයින් ගහන්ට හොඳ නැහැනේ රාළේ
බස්සන්ගෙ මොලේ
Deleteහොඳා දාන්නට ඇලේ
සීතල වැදුනු කලේ
හෙම්බා ගහයි බොලේ
බස්ස්ගේ මොළේ
Deleteදැම්මොත් ඇලේ
පල් වෙයි ජලේ
මාළුවෝ මැරේ
මොකද්ද අවුලක් ඔය බකුසු මොලේ තියනවා
Deleteහිටපු ගමන් , පටස් ගාලා හොට කසන්න ගන්නවා
කෑලි, බෑලි ටිකක් වෙන්න ඕඩර් කර තියනවා
යසට තියෙන , දේවල් වල නැති ලෙඩ-දුක් හොයනවා
බස්සෝ දැන් දිග කතාවක් ලියන්න කාලය හරි
ReplyDeleteඔව් තිලකෙ, ලබන සතියෙ දිහාටවත් මොනවා හරි කොටන්න බලන්න ඕනෙ
Deleteකොච්චර කෙරුවත් අන් අය
ReplyDeleteඇන්ජිම යලි නවතිනවා
අමාරුවෙන් උඹම එකක්
ගහ ගනිංකො බං
මෙන්න මෙහෙම කෝපි එකක්
Deleteමේ පැත්තේ තියනවා
සති අන්තේ ,ඒක බීලා
හැකිදැයි ට්‍රයි කරනවා
සීතලට ගල් වෙලා වාගේ
ReplyDeleteබස්සගේ මොළේ
දමල ගත්තොත් හරි යයි
ගහ මුල "මී " ගුලේ
Pied piper වගෙයි හිටියෙ මීයන් අතරේ
Deleteඒ ආතල් මී සැට් එක දැන් නැහැ මිතුරේ
Time for a lady ser bastion.
ReplyDeleteU will have all the fights u can handle . Guaranteed :P
අත්දැකීමෙන් වගෙ කියන්නෙ :)
Deleteමේ අහන්න කියලයි උන්නෙ. අපේ පිංඇති විරුද්ද පක්සය, වලි වලදි ආවුද වසයෙන් පාවිච්චි කරන්නෙ, කොසු, ඉදල්, හැඳි, වලං, පිඟන් නෙව. අර අගවල් රටේ කස්ටිය මොනවයි පාවිච්චි කරන්නෙ?