Apr 12, 2015

කාන්තාරයේ රෝස කුසුම සහ කතන්දර කියන පූසා

කතන්දර කියන පූසා:

"ඉතිං ඊට පස්සෙ සියල්ලෝම සතුටින් ජීවත් වුනා" පොත වැහුව පූසා කිව්වා.

"අනේ පලයං  පූසො යන්න. උඹ හැමදාම කතන්දරේ කියන්නෙ බාගෙට. දැන් බලාපං, ඔය පොතේ පහෙන් එකක්වත් ඉවර නෑ, උඹ කඩේ වැහුව නෙව", මෙච්චර වෙලා කතාවට හූමිටි තිය, තිය හිටිය බලු තඩියා කිව්වා.

" ‍තෝ නං මහ ගුණමකු වල් බල්ලෙක්. මෙච්චර කාලයක් බොට සතියට දවස් තුන ගානෙ කතන්දර කියපුව ගැන ගාණක්වත් තියනවද? උඹ හිතන්නෙ අර මහගෙත් එක්ක මේ වැඩේ  ගෙනිච්ච එක ලේසි පාසු කාරියක් කියලද? අම්මපා මට දැන් ඇතිවෙලා තියෙන්නෙ. මේ උලව් කතන්දර කියවිල්ල නිසා , මට කොච්චර නං දේවල් නැතිවෙලා තියනවද?" . පූසා නාහෙන් අඬන්න තිබා ගත්තා.

" හරි, හරි, මං එහෙම කිව්වට, උඹ හොඳ එකා වග මං නොදන්නවැයි? ඒක නෙමෙයි මොනවද උඹට  නැතිවුනාය කිව්වෙ? මේ මාලු ක‍ටු, හාල් මැස්සො ඔලු වගේ එව්වද?"බලු තඩියා ඇහැව්වා.


කාන්තාරයේ රෝස කුසුම : (sweet but toxic)

"ගිණියම් වෙච්ච වැල්ල, තද ඉර එලිය වැල්ලට වැටිලා  ඇස් කණවෙන තරමට දිලිසෙනවා. ඉඳහිටලා හුලං පොදක් හමනවා. ඒක සිසිල්  සුළං පොදක් එහෙම නෙමෙයි. රත් වෙච්ච හුලඟ , හරියට පෝරනුවක් ඇතුලෙ ඉන්න ගානයි.අනිත් හැමෝම වගෙ මාත් මේ අරාබියේ මරුකතරට ගියේ කහවණු හොයන්න"

 මං ඉස්සරහ මේසෙ  හිටපු හිනාවෙන බස්සා කිව්වා. උන්දැ එත්කොටත් හිටියෙ කරටි කැඩෙන්න ගහලා, නිකනුත් හිනාවෙන ගාණටයි.ඒ වෙනකොට එලියෙ හොඳටම හිම වැටෙනවා.එදා හිම කුණා‍ටුවක්  එනව කියල තිබ්බ දවසක්. එන්න, එන්නම හිම වැස්ස වැඩි වෙච්චි හන්දා , මං  ලඟ තිබ්බ අවන්හලට රිංග ගත්තෙ, මොනවා හරි උණුවට බොන්න තිබ්බ ඕනෙ කමට වඩා හිම වැස්සෙන් බේරෙන්න. ඔරවන් ඉන්න කොටත්, හිනාවෙනව වගේ පේන මේ හිනාවෙන බස්සට මං ‍රැව‍ටුනේ උන්දැ මාත් එක්ක බකුසු කමට හිනාවුනා කියල හිතාගෙන. එලියෙ හිම වැස්ස, කාළගුණය, ඝර්ම කලාපීය දේශගුණය හරහා අපේ කතා බහ අරාබි මරු කතර දිහාටත් ලඟා වුනා. පාඩුවෙ කෑම කන, බර වාහන රියදුරන් දෙදෙනෙක් ඇරුනාම, අවන්හලේ වැඩි සෙනගක් හිටියෙ නෑ.

"ඉතිං". මං හූ මිටි තිබ්බා.

" අරාබින්ට අපි කිව්වෙ ඔ‍ටුවො කියලා. ඒත් සුද්දො උන්ට කිව්වෙ පෙන්ගුවින්ලා කියලා. සුදුම සුදු ඇඳපු පිරිමියත්, කට්ට කලුවට කලු පොරෝගත්ත  භාර්යාවත් නිසයි එහෙම කිව්වෙ, ඔය සමහරුන්ට උන්ව දැක්කහම හසන්ල, අක්බාර්ලව මතක් වුනාට,  මට අදටත්  පේන්න බැරි ජාතියක්, මතක් වෙන්නෙම  ගල් වැද්දො.

"ඉඳලා හිටලා හොඳ අරාබියොත් හිටියට, සමස්ථයක් වශයෙන් එච්චර හොඳ මිනිස්සු නෙමෙයි. ඒත් උන්ගෙ ගෑණු, පුහ්, බලන්න එපෑ උන්ගෙ ලස්සන" මෝල්ගහක් ගිල්ලා වගේ පු‍ටුවෙ  කෙලින් වෙච්ච හිනාවෙන බස්සා කිව්වා.

" අම්මපා. ඒත් උඹ කිව්වෙ උන් හිටියෙ කලුවට මුලු ඇඟම වහගෙන කියලා. එතකොට ලස්සන දැක්කෙ. හැබෑටම උඹ ලෝගුව ඇතුලට රිංගුවා වත්ද?"  ඇස් දෙක පීරිසියක් විතර ලොකු කොරාන , මං අහිංසක තාලෙට ඇහැව්වා.

" ඔන්න ඉතිං උඹත් ඇහැව්වා පුරස්නයක්? බොල , මැටි බස්සෝ ලෝගු අස්සෙ රිංගන්න ඕනෙ නෑ උන්ගෙ ඇරිලා තියෙන ඇස් දෙක ඇති ඒ ටික කියන්න. අප්පා එහෙම ඇස්, එව්වා කතා කරනවා. බලනවා බැලිල්ලක්, මුලු සරුවාංගෙම දාලා පිච්චිලා යන්න. ඒත් අපි හිටියෙ බොහොම පරිස්සමින්, මොකද අරාබියො හරිම ඊරිසියාකාර ජාතියක්, ඒකටම හරියන උන්ගෙ ආගමික නීති." 

" ඔන්න ඔහොම ඉන්නකොට තමා මට එයාව මුණගැහුනෙ. එයාලත් අරාබි වුනාට, ලෙබනීස්. බටහිර උරුවට හැදිච්ච , ලෝගුව අඳින්නෙ නැති එයාලව, අනික් අරාබියො සැලකුවෙ දෙවන පුරවැසියො ගාණට. සමහර ලෙබනීස් අය ක්‍රිස්තියානි.....

යතාර්ය ප්‍රබන්ධ තරම් ලස්සන නැත. සිදුවූ සියල්ල බ්ලොග්වල ලිවීමත් සුදුසු නැත.
-අහිංසක සොල්දාදුවා  -

කතන්දර බාගෙට ඉවර කිරීමට , ලී බෝනික්කන්ට මෙන්ම බස්සන්ටද අයිතියක් ඇත.
-දොරකඩ ගහේ මූකලන් බස්සා -




26 comments:

  1. //ඔය පොතේ පහෙන් එකක්වත් ඉවර නෑ, //

    ඔරිජිනල් කතාව ලියපු නාකි පූසවත් ඉවරකරල නෑ.
    5/7 විතරයි. ඔහුත් කියවන්නන් මානසික වදයට පත් කිරීමට ඇබ්බැහිවූ වධකයෙක්. කතාව ඉවර නොකරම බාල්දියට පයින් ගැහීමට හා ගොවිපල මිලදීගැනීමට හැකියාව ඇත්තෙක්.

    ඔයවගේ කතා අහිංසක බල්ලන්ට කීමට විශේෂ ආසාවක් ඇත්තේ මීයන් නොමරා මරා සෙල්ලන් කරන පූසන්ට තමයි.

    බස්සොත් කොච්චර වෙජී කිව්වත් කන්නෙ මීයොම තමයි. බසු සෙල්ලන් ගැනනම් මං නොදනී

    ReplyDelete
    Replies
    1. ආන්න දැක්කද පිංවතුනි , ඔක්කොම කුණු බේරුවල බොක්කට වගේ අහිංසක බස්සට වරද පටෝපු ලස්සන?

      පොත ලිව්වෙ කව්ද? නාකි පූසා. කතාව බාගෙට දුන්නෙ කව්ද? අනිත් පූසා. එතකොට toxic කතාවෙ ඉන්නෙ කව්ද ? ඒ අර අනිත් බස්සා

      මෙන්න කැකිල්ලෙ තීන්දුව: කව්ද වැරදි කාරයා? අර අහිංසක මූකලං බස්සා . කොහොමද යහපාලනේ? :)

      Delete
    2. //ඔක්කොම කුණු බේරුවල බොක්කට වගේ //

      බේරුවල බොක්කේ බූගෝලීය අයිතිහාසික මානසික ශාරීරික නීතිමය සාමාජීය හෝ අද්බූත ගතියක් ඇති ඔක්කොම කුණු ඒකට දාන්න.
      නැත්නම් ගොඩබිම හාරල හරි වෙන බොක්කක් හදල දායිනෙ. අපි දන්නෙ කොහොමද.

      අපි ලියල තියන එකක් කියවල කියන දෙයක් අහගෙන ඉන්න අහිංසක සත්තු. බස්සන්ගෙ බොක්කවල අසාමාන්ය අද්බූත පිටසක්වල ගතිය ගැන අපි දන්නෙ කොහොමද?

      Delete
    3. දෙපැත්තෙ කාරණ සළකා බලලයි දෙන්නෙ තීන්දුව උදහස්
      මූකලං බස්සොයි වැරදි කාරයෝ , සියලුම පූසෝ නිදහස් :)

      Delete
  2. ආන්න දැක්කද.. යමක් කිවුවහම ගෙම්බාට පොල්ලෙන් ගැහුවා වගේ තේරුම්ගන්ට ඉතින් බස්සෙක්ම ඉන්ට ඕන..

    ලෙබනීස් කියලා නේද කිවුවෙ..හ්ම් හ්ම්!

    ලෙබනනයෙ විතරක් නෙවෙයි අනිත් අරාබි රටවලත් ක්‍රිස්තියානි කමියුනිටි ඉන්නවා(? - තාම ඉන්නවා නේද? සමූල ඝාතනය වෙලා නැහැනෙ?) ඇයි බොලන් මේක නැගෙනහිර රෝම අධිරාජ්‍ය නෙවැ..

    ReplyDelete
    Replies
    1. The most informative historical fiction on the subject
      -http://www.amazon.com/Eagle-Saladin-Trilogy-Jack-Hight/dp/1848542992

      It was not only the Eastern or Byzantine Christians. From the time of the first Crusade there were flourishing Christian communities, originating from Western Europe and owing allegiance to Rome, in places (like Tyre and many more - see Outremer) for hundreds of years. Some survived in small numbers.

      Delete
    2. True. Even before Rome converted into Christianity, Armenia and Ethiopia named Christianity as their official religion.

      Delete
    3. I would like to read some stuff ( further than Wikipedia) about Nothern crusades- against Lithuanian pagans etc.

      Have read a bit about Cathars in France ( not pagans or infidels but heretics - a fascinating logical liberal version of Christianity) and have some books about Christianity vs Norse stuff but not the Lithuanian crusade.

      Delete
    4. @ බුරා

      "ගේට් වේ ‍ටු යුරොප්" කියල කියන තුර්කියෙත්, මායිම් රටක් වන ලෙබනනයෙත් ඇරුනාම,කැතලික් කමියුනිටි එකක් ඉන්න අනෙක් රට විදිහට මං දැනන් හිටියෙ ඉරානය. එහෙ නං රත්තරං පාට ඉසකෙස් තියන කස්ටිය පවා ඉන්නවා. බැලූ බැල්මට අරාබි රටක් සේ පෙනුනාට ඉරාන ජාතිකයෝ ආසියාතිකයො. ඔවුන්ගෙ පරම සතුරු අසල්වැසියා ඉරාකය අරාබි. සමහර විට එහෙත් කැතලික් කමියුනිටි එකක් ඇති.ඊශ්‍රායලයට මායිම් වෙලා තියන ජොර්දානය සහ සිරියාවෙත් ඇති.

      Delete
    5. ඇයි බං සයිප්‍රස්, සිරියා, ඉරාක්, ඊජිප්ට් මේ සේරගේම කැතලික්/ක්‍රිස්තියන් ඇරැබ්ස්ල ඉන්නව.

      Delete
    6. අතීතයේ යුරෝපයට සාපේක්ෂව , දියුණු තාක්ශණයක් තිබුණු මේ සමහර අරාබි රටවල් , මෙච්චර පසුගාමී වුනේ ආගම හින්දද මන්දා?

      Delete
    7. Iranians = indo- Aryan = Persian = Zoroastrian = Parsee (in India/SL)

      Delete
    8. @DGMB
      1. Most of them are Greek/Syrian orthodox, not Catholic

      2. In early part of Middle ages they were much more liberal ( at least more scientific minded) than European Christians. The religion became too much a part of their lives thereafter. Even the Sinhalese were more liberal than the Victorians ( that's way after Middle ages). Well, the Europeans progressed to liberalism and the rest ( except for the Japanese, Thais and a few others) back- slided.

      Delete
    9. OK, got the picture. The separation of church and state must have had a big impact on that progress, then. Don't shoot me for saying this, but the way things going on with the religion in SL. we would be qualify to be the new Arabs, soon

      Delete
    10. @ ඉන්දික

      ඊජිප්තුවෙ ක්‍රිස්තියානි අය ඉන්න බව දැනගෙන හිටියෙ නෑ

      Delete
    11. Yep, we are in regress. Unless halted soon we might get a Buddhist version of Taliban.

      Delete
  3. මේ කතාවෙ ඉතුරු ටික කෝ ? :o

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වසන්තයා ගිල්ලා :)

      Delete
  4. අදනේ බොල මේක දැක්කෙ!!

    අරාබියෙ සුන්දර වස්තූන් බලන්න ලෙබනන් ඕනෙන් නෑ, මේ බහරේන් වරෙන් ලබන සතියෙ ෆෝමියුල වන් එකට.

    දකුණු ආසියාවෙ ස්ත්‍රීන්නෙ අධි මේද බඩේ සහ අත්යට තැන්පත්වෙනකොට මුන්ගෙ පස්සෙ සහ පපුවෙද කොහෙද ඒව ඩිපොසිට් වෙන්නෙ. සහතිකයි, මයෙ හාමිනෙත් පිලිගත්ත ඊයෙ ඔය කතාව සුපර්මාකට් එහෙකදි කිව්වම ( පිළි අරගෙන පස්සෙ කිව්ව ඒව කියන්න ඕන නෑනෙ ).

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් මට හිතා ගත්තෑකි . මොනව උනත් පිළිගත්ත එකම මඳැ :)
      බහරේන්? අම්මපා මං දැනගෙන හිටියෙ නෑ නෙව?

      Delete
    2. පස්සෙ කියපුව ඔය තැන තැන කියන්න යන්න එපා හරි නෑනෙ.ඒවා උඹේ බ්ලොගේම පෝස්ට් එකක් හැටියට දාපන්.

      Delete
    3. @හැලපෙ

      මසුරං වටින කතාව. ලඟ පාතක හිටියනන් වණ්ඩු ආප්පයක් අරං දෙන්න වටිනවා :)

      Delete
    4. මොන බොරුද ඉන්දික දකුණු ආසියාවේ නෙවේ බන් ප්‍රශ්නේ තියෙන්නේ අපෙයි ඉන්දියාවෙයි විතරක් වෙන්න ඇති. මොකෝ මාල දිවයින කියන්නේ යුරෝපයය. මේ ඉන්න උන්ගේත් අම්මපා ඇදක් පලුද්දක් කියන්න නැ. කඳේ සයිස් එකටම අතපය. ඒකට අපේ ඒවා ලබ්බට කෝටු ගහලා වගේ. බයේ බැ කොයිවෙලේ හරි කඳේ සයිස් එකට කකුල් දෙක කඩන් වැටෙයි කියලා :D

      Delete
  5. //කතන්දර බාගෙට ඉවර කිරීමට , ලී බෝනික්කන්ට මෙන්ම බස්සන්ටද අයිතියක් ඇත.//

    යකෝ මේක මේ අපේ පාඨක අයිතීන් උල්ලංඝනය කිරීමක්නේ,නිරුවත් කර පහරදීමක්නේ,පාඨක අයිතීන් වෙනුවෙන් යනවා ජිනීවා මේකද බස්සෝ යහපලානේ.?

    ReplyDelete
    Replies
    1. අනේ ආයිබෝං මේක මේ බ්ලොග් පිකටින් වියාපාරයක්, පැන්සොන් ගත්ත එකෙක්ව ආයි බාගන්න ඇහැකිද බලන්න :)

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code