Apr 18, 2015

එදත් පක්සියා, අදත් පක්සියා


මට කතන්දර ලියන්න බෑ කියල හොඳටම තේරුනට පස්සෙ,  අත්ත උඩට වෙලා  බුම්ම ගෙන ඉන්න කොට , ආව නෙව මයෙ අසල්වාසී බ‍ටු මීයා.

" මොකද බොල නිකං නයා මැරිච්ච අහිකුණ්ටිකයා වගේ ඉන්නෙ"

" නෑ බං , බලාපං අනිත් එවුන්  අර වසන්තෙද මොකද්ද එකට එකසිය ගාණට ලියනවා,  මාත් ඉතිං දන්න තාලෙන් මොනවා හරි ලියන්න හැදුවා, හරියන්නෙම නෑ නෙව?"

ඔය මී කස්ටිය හොඳ ලේඛකයො.  පොත් ලියන්න ඔස්තාර්ල. ලියනවා නිකං  මැල්ලුම් ගාණට.

" එක නෙමෙයි, මී මචෝ, බැයිද මට පොඩි  තල්ලුවක් දෙන්න? නිකං  පොඩි ආදර්ශයක් වගේ එකක්, හොඳ කතාවක් ලියන්න  මාත්තුරුකාවක් වගේ එකක්?"

" බස්සෝ, හොඳ කතා කාරයෙකුට  තමන් දකින ඕනම දෙයක් කතාවකට පෙරලන්න ඇහැකි.මතක නෙව අපිත් එක්ක ගහයි, පොත්තයි වගේ හිටිය හාදයා. එයා බ්ලොග් එකක කමෙන්ට් එකක් දාන්න ගියත් , ආපහු එන්නෙ මාත්තුරුකා  දෙක තුනක් හොයාගෙන.උන්නැහෙව ආදුරුසෙට ගනින්. හා,දැං බලාපං මෙන්න මේක. බලල කියාපං උඹට හිතෙන දේ"




" අම්මට හුඩු, කව්ද බං ඒ ගිණි කිකිලි? ඇඟේ බූල් තියෙන කස්ටිය කියල නේද කිව්වෙ? අපේ නැටිලස්.... එක්කො ඕනෙ නෑ, අයෙ මොකටෑ මං ඔව්වා කියන්න ගිහිල්ලා ඉල්ල ගෙන කන්නෙ? 

" බොලං, මැටි බස්සෝ තොට නං ලේඛන කලාව කියන එක ගෑවිලාවත් නෑ, අර අසරණ  නැට්ට නැති සතාව  මේකටත් පටලන්න නේද හැදුවෙ?. හරි , එහෙනං මෙන්න මේක බලල කියාපං හිතෙන දේ?"



" බුදු අම්මෝ"

" හෑ, එච්ච්රමද හිතෙන්නෙ?"

" නැතුව? අර වගේ තඩි යකඩ බෝලෙකින් පහරදීලා, බවුමික මොකද්ද එක උල්ලංගනය කරලා, කලිසම ඔලුවෙන් ගැලෙව්වාම , වෙන මොනවද කියවෙන්නෙ?"

" ‍තෝ බස්සෙක් නෙමෙයි, පොලොස් කොට්ටෝරුවෙක්. මේ වගේ එකක් දිහා ප්‍රවීණ ලේඛකයො වගෙ බලන්න ඕනෙ අමුතු කෝණෙකින්"

"හරි, ඉතිං උඹම ඔය අමුතු කෝණෙන් බලල කියපංකො එහෙනං?"

" කතාව පටන් ගන්න ඕනෙ ප්‍රධාන නලුවගෙන්"

" හරි, ඒ කිව්වෙ අර කලිසම නැති වෙච්ච කොලුවගෙන් නෙව?"

" නෑ, එයා නෙමෙයි ප්‍රධාන නලුව"

" හෑ, එතකොට " දැක්කද  ජම්ප් එක" නෝන ද?"
ප්‍රධාන නලුව

" ඔය මං කිව්වෙ, මෙව්ව පේන්න  කලා ඇසක් ඕනෙ කියලා? බොහොම බැරෑරුම් විදිහට මං දිහා බලපු බ‍ටු මීයා කිව්වා. "ප්‍රධාන නලුව ඉන්නෙ බොහොම පොඩි වෙලාවයි.  බෝලෙ ජනේලෙ වදින්න ටිකකට කලින්, එයා  බලල, පැනල යනවා"

"අම්මපා , බලාපංකො මට එහෙම එකෙක් හිටියද කියලවත් මතක නැති හැටි?"


" මෙන්න මෙහෙමයි කතාව" උගුර පාදපු මීයා කිව්වා. "ඔය කෙල්ලගෙ බළලා , කොලුව හොරෙන් අරන් යනවා. ඒක තමයි අර බෝලෙන් ගහන්නෙ ජනේලෙ කැඩෙන්න. ඊට පස්සෙ ජම්ප් එක දාලා කාමරේට පනිනවා , කාමරේ දොර ලොක් කරල නිසා, බළලව අල්ල ගන්න"

" එතකොට අර කලිසම?"

" ඇයි, බොල, ඒ වගේ නසරානි වැඩක් කරපු එකෙකුට කලිසමක් ඇඳගෙන හිටියෑකියෑ. එක්කො උන්දැම ඒක ගලව ගන්නවා, ඇත්නං  කෙල්ල ඒක ගලවනවා ඔලුවෙන්"

මට නිකං ඔලුව කැරකෙනව වගේ තේරුනා, මං හිතන්නෙ මාව අත්තෙන් පහලට වැ‍ටුනෙ, ඔලුව පහලට හිටින්න වෙන්න ඇති

26 comments:

  1. යකඩෝ මේක නොවැ වසන්තේ.

    ReplyDelete
    Replies
    1. අර බෝට්‍ටු පාටිය නේද? හැලපෙටත් ගියෑකි, සරුවාගෙම බුල් තියේ නං :)

      Delete
  2. හෙහ්, සෑහෙන්න දරුණුවට ඔළුව වැදිලා වැටුන පාර..

    ReplyDelete
    Replies
    1. ආයෙ අමුතුවෙන් අවුලක් වුනේ නෑ. ඉස්සර ඉඳලම අවුල් නෙව:)

      Delete
  3. කිසිම දෙයක් තේරුනේ නෑ... :O

    ReplyDelete
    Replies
    1. හප්පේ ඇති යංතං. මං ඒත් මේ බයෙන් හිටියෙ:)

      Delete
    2. වේජිටේරියන් බස්සො මීයො දෙක දෙක අල්ලනව කියල පූසො කියනව

      Delete
    3. ඔව්ව පූසොන්ගෙ බේගල් :)

      Delete
  4. @ PJ, a hot girl with the most unconvincing indian accent ever wants you in her boat :P
    damn if this was true, all the gyms in all the countries of the world would not have any windows left :P :P

    ReplyDelete
  5. ඇඟේ බූල් තියන කට්ටිය
    https://www.rhbabyandchild.com/catalog/product/product.jsp?productId=rhbc_prod405411

    ReplyDelete
  6. නිකං කරකවලා අතඅැරියා වගේ දැනෙන්නේ අැයි බං?????

    ReplyDelete
    Replies
    1. ටක්කෙටම ඔලුව පහලට ඉන්න අත්තක් උඩ ඉඳ්න් බිමට වැටෙන්න ඇති :)

      Delete
  7. දෙය්යෝ සාක්කි

    ReplyDelete
    Replies
    1. ඔය ගස් වල වාසය ඔහොම තමා. හදිස්සියෙ කලන්තයක් ඇල්ලුවොත් , කෙලින්ම බිම

      Delete
    2. කවුරු ඇල්ලුවහමද කලන්තෙ?

      Delete
  8. අයෙමත් වැටුනොත් නම් මොනවා වෙයිද දන්නේ නෑ .. හිහී ... :D next tym u can use a helmet :P :P

    ReplyDelete
    Replies
    1. ඊලඟ සැරේ අත්තෙන් බිමට බැහලම කතා කරනවා :)

      Delete
  9. මොකක් ගැනද අනේ මේ.....මගෙත් ඔළුව කොහේ හරි වැදුනා වගේ

    ReplyDelete
    Replies
    1. //ඔළුව කොහේ හරි වැදුනා වගේ//

      එහෙම වැදිච්ච එකක් ගැන තමා :)

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code