Sep 9, 2016

What's going on?



"තොට මහසෝන ගැහුවද බොල, මේ  පාන්දර ජාමේ  මරහත තියන්න තිබා ගත්තෙ? "

අල්ලපු ගහේ බෙනෙන් හොට එලියට දාපු , මයෙ අසල්වාසි පොලොස් කොට්ටෝරුවා  එහෙම ඇහුව්වෙ, මම උදේ පාන්දරම අත්ත උඩට වෙලා , පිහා‍ටු , පුම්බලා, හොඳට ‍රැල් බුරුල් ඇරලා,, මෙන්න මෙහෙම කිව්වහමයි:
http://www.advalvas.vu.nl/sites/default/files/styles/large/public/nieuws/inspectie.jpeg?itok=k-22psu-

And I say, hey yeah yeah, hey yeah yeah
I said hey, 

what's going on?


"නෑ බං , මං මේ  කිව්වෙ , මේ ඇනෝමවුස් වලිය ගැන" මං එහෙම කිව්වා.


" හා , මං දැණගෙන හිටියා , උඹ කැරකිලා එන්නෙ මීයන් ගැන කතාවකට තමා කියලා"  පොලොස් කොට්ටෝරුවා කිව්වා.


" මං නෙමෙයි , ඇනෝමීයො ගැන කියලා බනින්නෙ - ෂර්ලොක් හෝම්ස්"


" හුටා, ඒ වංගියෙ ෂර්ලොක් හෝම්ස් මීයෝ අල්ලන රස්සාවට බැහැලද? "


" නෑ, නෑ මේ වෙන ෂර්ලොක් හෝම්ස් කෙනෙක්."


" මෙහෙමනෙ, ඔන්න ඇනෝමීයො වගයක් කමෙන්ට් දාලා. අපේ ෂර්ලොක් හෝම්ස් ගොයියා පැන්නා , ඇල්ලුවෙ නැතෑ මීයො ටික. උන් රට මීයො වගයක්ලු"

" නෑ, මං දැණගෙන හිටියා ෂර්ලොක් හෝම්ස් දස්ස හාදයා කියලා. හැබෑටම ඔය ලෝකල්  ෂර්ලොක් හෝම්ස් කියන්නෙ පූසෙක්ද?.
දැන් කොහොමද ඔය මීයො අල්ලන්නෙ? බැදපු පොල් කෑල්ලක් මී කතුරට තියල වෙන්ටෑ?"

" මඟුලක් කියනවා. දැන් කාලෙ මීයෝ එහෙම අල්ලන්න බෑ. එව්වට තියනවා  පුරාණෙ සිට පැවත එන පාරම්පරික  රහස් ක්‍රමවේද"

" ඒ කිව්වෙ?"

" එව්වා තියනවා. එහෙම හැමෝටම කියන්න බෑ. මේක තනිකරම ගණිතය මත පදනම් වෙලා තියෙන්නෙ.මීයගෙ උපන් වෙලාව  ද්විත්ව අනුකලනය කරලා , මේ ෆෝමියුලා එකට දැම්මහම , පටස් ගාලා පෙන්නනවා, මීයාගෙ ගෙදර ඇඩ්‍රස් එක"

" අනේ පලයං බස්සො ටොම්පච කෙලින්නෙ නැතිව?"

" හා , හා උඹත් ඔය කන්න තමයි ෂර්ලොක් හෝම්ස්ගෙන්. දැන්  වටේටම නෙලල, ඔහොම කියපු උන් හත් අට දෙනෙක්ම බිම"

" හැබෑටම බස්සො එයා ටක්කෙටම මීයො අල්ල ගත්තද?"

" මඟුලක් කියනවා. උන්දෑ අල්ලපු මීයෙක් නෑ. එයා අල්ලයි මීයන්ගෙ නැට්ට? පස්සෙ ,මීයොන්ට එන්න දුන්නා කියලා දොස්තර හොඳහිතට දුන්නා ඇස්ටි හැලෙන්න"

" දැන් මේ  උඹ මෙච්චර පරක්කු වෙලා මෙව්වා දාන්නෙ ඇයි? "


"මචං පොලොස් , මටත් පුළුවනි අපේ  අනිත් වැදගත්  ලියන මහත්තුරු වගේ " ඇවිලෙන වලියට පිදුරු නොදා" ඉන්න ."


" හෑ , ඒ මොන ඇන්නෑවකටද බොල වලියට පිදුරු දාන්නෙ ? හරක්ට කන්නද"



" අනේ මංද බං, එයා නං නිතරම කිව්වෙ "සම හරක්" කියලයි. දැන් යන විදිහට පිදුරු කන්නෙ හරක් විතරමද කියලයි සැක?"

" දැන් මොකක්ද උඹ මේ කියන්න තෙපර බාන්නෙ? උඹ කියන්නෙ , ඔය පුරාණ දේශීය ක්‍රමවේද ඔක්කොම බොරුයි කියලද?

" නෑ එහෙම කියන්නෙ නෑ. හරිද නැත්ද කියන්න මං දන්නෙ නෑ. ඒත් මං එකක් දන්නවා, මිනිස්සු මානසිකව වැ‍ටුනාම  ඔව්වා වලට ඇදිලා යනවා. මාත් එහෙම කරල තියනවා..එතකොට බොහෝවිට ඒ අයව  ගසා කනවා. 


 දැන්  ඔව්වා ගැන උනන්දුවක් නෑ. මට  අදාල නෑ, කවුරු හරි එව්වා විස්වාස කරනවා නම්, ඒක ඒ අයගෙ කැමැත්ත. ඒත් මෙව්වා ගැන අදහස් දක්වන්න ඉඩ තියෙන්නෙ ඕනෙ. ඒක  තර්ජනය කරලා නවත්වන්න හදනවානම්, මං විරුද්ධ අන්න ඒකට.  


I may not agree with what you have to say, but I'll defend to the death your right to say it. 
- Evelyn Beatrice Hall -

12 comments:

  1. බර කාලෙකට පස්සේ බස්සා බැස්සා නේද එළියට? මම ඒත් බැලුවා ඇයි බස්සා අපේ පැත්තේ නොඑන්නේ කියලා . ඒ කාලෙට පස්සේ අපේ බොල්ග් එක අලුත් කරා . මේ තියෙන්නේ අලුත් ඇඩ්රස් එක... http://helmalu.blogspot.com.au/2016/09/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඔව්, වොව් කලකට පස්සෙයි අත්ත උඩට බැස්සෙ .
      ෂා යස අගේ ඇති අත්දැකීමක් නෙව ලියල තියෙන්නෙ.

      කොලෙජ් යනකාලෙ මටත් හිටියා ඔහොම හොඳ යාළුවො සෙට් එකක්. රස්සා වලට අපි ඈත් වුනාට පස්සෙ ඒ යාලුකම් දිගටම තියාගන්න අමාරු වුනා. ඒත් අදටත් මට එයාලව මිස් වෙනවා. එකට ෂොපින් ගිය හැටි, ලාබ හොට් ඩෝග්ස් කකා සේල් වලට සබ්වේ එකේ ගිය හැටි එහෙම.

      මං හිතන්නෙ ඔයාගෙ යාළුව මට්සි වගේම තමා අපේ නඩේ හිටපු එකම කෙල්ල ක්‍රිස්ටීන්

      Delete
  2. හෑ, ශර්ලොක් හෝම්ස් කියන්නෙ මීයො අල්ලන කෙනෙක්ද? අර ප්‍රයිම් හෝම්ස් වගේ ගෙවල් හදන කොම්පැණියක් නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. ඉස්සර යස අගේට , ඔය මොකක්ද රස්සාවක් කොරල පනං හතරක් හොයාගෙන හිටිය මනුස්පයා. මීයො තමා උන්දැව කෑවෙ. අර කව්දෝ කුප්‍රකට දේසපාලුවෙක් කිව්වැහෙ" මිනිස්සු ඇවිත් චියර් පාර දානකොට, රෙදි ඇඳලද ඉන්නෙ අමතක වෙනවා, මරාගෙන මැරෙන්න උනත් ගටක් එනවා" . ආන්න එහෙම එකක් උනා වෙන්ටත් පුළුවනි. සංසාරේ හැටි ඔහොම තමා සෑර් :)

      මේ වගට

      ගාල්තැන්නේ බසුමහත්තයා

      Delete
  3. මේ බස්සව දැක්ක කල්! බස්සා මළා කියලා අර අල්ලපු ගහේ කොට්ටෝරුවා දාපු ලියමං දෙකත් මට මගඇරිලා නෙවැ. ඒ දෙකත් කියවලාම ආවා.

    ReplyDelete
    Replies
    1. මලේම නෑ. යන්තං එලොව ගිහින් මෙලොව ආවා :)

      Delete
  4. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනි ඉන්න බස්ට අපෙත් උපහාරය හිටං.

    ReplyDelete
    Replies
    1. නැතුව, නැතුව. මං බස්තියන් පයින්ම ආව, හිටං

      Delete
  5. රෝමන් කාලේ සූත්සේයර්ස්ලා ( ඔර්ගර්ස් ද කොහෙද කිව්වෙ ඒගොල්ලන්ට ) කුරුල්ලන් හා සිව්පාවුන්ගේ අතුණුබහන් හා ලිවර් එක බලලා අනාවැකි කිව්වා.
    බස්සො ගත්තද කියලා ෂුවර් නෑ මට.
    කොහොමවෙතත් වෙලාව බලලා, රාහුකාලෙ ඇරලා, ශනි, සිකුරු , ප්ලූටෝ හා තිර්ඩ් රොක් ෆ්‍රොම් ද සන් එලයින් වෙන වෙලාවට, ජම්බෝල ගෙඩියක් ගිරයෙන් කපලා, සෙත් කවියක් රැප් කරලා, හෙන රජ තයිලයෙන් තෙම්පරාදු කරපු හත් මාලුවක් වලඳලා වාලම්පූරියක් පිඹලා මේවගේ පෝස්ට් ලියනු කියල තමයි හිමාල අඩවියේ විශ්ව ශක්තියෙන් නාඩි වාක්‍ය වල ලියලා තියෙන්නෙ. නැත්නම් කම් බස් !

    ReplyDelete
    Replies
    1. ඔබතුමා දැකීමත්, නාඩි වාක්‍ය අවවාදය ලැබීමත් සතු‍ටුදායකය.
      වසරේ හොඳම කමෙන්ට්කරුටත් බස්සෙකු මෙන් "හ්ම්ම්" ගාන්නට සිදුවීම අසතු‍ටුදායකය

      Delete
    2. බසු පදවිය ලැබීමට තරම් වාසනාවන්ත නොවූ මට හ්ම්ම් ගෑමට සිදුවන අවස්තා-
      1. පෝස්ට් එක හරියට නොකියෙව්ව විට
      2. පෝස්ට් එක නොතේරෙන විට
      3. කියන්න දෙයක් එන්නේ නැතිවිට
      4. වාදයක් නම් මොකා හරිද, මොකා වැරදිද, කොයිතරම් වැරදිද නොතේරෙන විට.
      5.මට මෙලෝහසරක් නොතේරෙන ඇනෝ දැමීමේ අවශ්‍යතාවය හා ඒ පිලිබඳ රහස් පරීක්ෂන අවශ්යතාවය පිලිබඳ කතාකරන විට
      6. බස්සන් සමග කතා කිරීමට පුරුදුවන විට


      මට කවුරුවත් තර්ජනය කලේ නැත. එසේ කලොත් කට වසා ගෙන සිටීමට පුරුද්දක් මට නැති බව මගේ සිංහල ටයිපින් ඌණතාවය සහ/ හෝ කුසීතබව පිලිබඳව අතීතයේ වූ විද්වත් සාකච්චා වලදී ඔබතුමා දැක ඇත.


      කෙසේ වෙතත් ඔබතුමා ආයිත් ලිවීමට පටන් ගැනීම ඉමහත් සතුටකි. මා කමෙන්ට් කිරීමට කැමතිම බ්ලොග් එක මෙය බව මා මීට ඉහතදීද පවසා ඇත.ඒ ඔබතුමාගේ ඔබ්වියස් දැනුම හා ලිවීමේ දක්ශතාවටත් වඩා ඔබතුමාගේ සෙන්ස් ඔෆ් හියුමර් නිසාය. Even recently, I told Thisara that I miss the light-hearted banter at DGMB's.
      Welcome back ! Hmmm

      Delete
    3. දීර්ඝ පහැදිලි කීරීම සතු‍ටුදායකය

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code