Oct 9, 2016

අපි කන හැටි ලිපා දනී



මේ සිංදුවෙ  ජාඩි ගැන ඇහෙන කොට මට ජාඩි හොද්දෙ රහ ගැන මෙන්න මෙහෙම කියැවෙනවා:

හෙරලි පොලොස්
දෙල් , අ‍ටුකොස්
ජාඩි හොදිත්
එක්ක ගුඩුස්

සමහරු ඔතෙන්ට " කොරලි හොදි" කියල කිව්වත්, මං කැමති ජාඩි නිසා එහෙම දාගත්තා.

සුනාමියෙන් නැත්තටම නැති වෙච්ච බලපිටියෙ, කොස්ගොඩ,  දිරිය පවුලක් , දකුණේ සුප්‍රසිද්ධ ජාඩි, ගෘහ කර්මාන්තයක් විදිහට පටන් අරගෙන. දැන් පැකට් කරලා රට පටවනවා කියන්නෙ, හිටං. අපටත් පැකට් ජාඩිවත් කන්න වාසනාව ලැබේවා!

රටෙන් බැහැරව ඉන්න අයට විතරක් නෙමෙයි, ගමෙන් බැහැරව ගෙන්දගං පොලොවෙ පය ගහල ඉන්න අයට උනත්, තමන්ට ආවේනික කෑම නැතිවෙනකොට අර මොකක්ද  මෙව්ව එක එනව නෙව.
හිංගලෙන් ඕකට කියන්නෙ nostalgia කියලා. හරි ඉංගිරිස් වචනෙ හෙව්වා, මධුර ඩික්ෂනරියෙ කියන්නෙ " සාංකාව " කියලයි. මං නං ඒකට කැමති නෑ. මට ඇති   anxiety
එකක් නෑ නෙව?

කොච්චියා නියම  nostalgic පෝස්ට් එකක් ලියලා  . රහීමාවට පෙම් බැඳි සිහින දකින ඩීල්කාරයා  කියලා, ඕකෙ බැදපු ඉස්සො බනිස් මෙන්ම පරාටා,බිත්තර රොටි,ආප්ප, ඉඳි ආප්ප, බිත්තර කරි සහ පරිප්පු ගැනද කියවෙන්නේය, මෙව්වා කියවන විට නහුතයට  වැඩිවන අපේ  මෙව්වා එක සමනය කරගැනීමට , විකල්පයක් සෙවිය යුතුමය.

බිත්තර කරි  - ගොරකා පේස්ට් හැන්දක් දාලා කිරි හොද්දක් හදලාහිටං,  බිත්තර ගෙඩි දෙකක් අතාරින්න - checked

පරිප්පුව -  තෙම්පරාදු කරලා ගත්ත බකුස් පරිප්පුවේ , කියන්නට තරං වරදක් නැත  - checked

ජාඩි - අපට කොයින්දෑ පූසො මාළු, අපි යැනවැයි මූදු

පරාටා - අවුලක් නැත. කඩේ පැකට් ඇත - checked

බිත්තර රොටි - පරාටාවක්  සාස් පානට  දමා  මැදට බිත්තරයක් අතාරින්න - checked

"කොච්චි සම්බෝලෙකුත් එක්ක මඤ්ඤොක්ක තම්බලා කෑමක්" ගැන කමෙන්ට් එකක තිවුනා. කොච්චිම නූනත් , ඊටත් වඩා සැර නයි මිරිස්, තායි මිරිස් මෙහෙ තියන නිසා ඒකත් අවුලක් නැත.

කාලෙකට ඉස්සර මැදපෙරදිග රෙස්‍ටුරන්ට් එකක කෑමට ගියා. එයාලගෙ විශේෂ sizzlers.
 සාස්, සූස් ගාන, දුං දාන sizzlers  අත උඩ තියාගෙන , වේටර්ලා ගිණිකසයො වගේ එහාට මෙහාට ගියා. එක් කෙනෙක් , අපේ මේසෙටත් දුං දාන sizzler එකක් ගෙනත් අතෑරියා, ඒකෙ තිව්නෙ dessert  එකක්. චොකලට් කේක්  ගෙඩියක උඩට අයිස්කිරිං කෝප්පයක් අතෑරලා වගේ. හැබැයි දිවියලෝක රහයි. චොකලට් කේක් එක යන්තමට රස්නෙයි, අයිස්කිරීම යන්තමට  දියවෙමින් පැවතුනත්, සීතයි.  නම අහගන්න බැරි වුනා, පස්සෙ  හෙව්වාම දැණගන්න ලැබුනෙ "Baked Alaska" කියයි.

මෙන්න  Baked Alaska සාදන ක්ෂණික ක්‍රමය = බකුසු ඉස්ටැයිල් :

බ්‍රවුනීස්  දෙක , තුනක්  මයිකෝවේව් එකේ තත්පර 15 රත්කර ගන්න. දැන් ඩබල් ක්‍රීම් වැනිලා අයිස්ක්‍රිම් මේස හැඳි දෙක, තුනක්  ඒ උඩට දමා ආයෙත් තත්පර 8 මයික්‍රොවේව් කරගන්න. උණු , උණුවෙම වළඳන්න.

අවවාදය: බ්‍රවුනීස් කර නොවීමටත්, අයිස්කිරිං දිය නොවීමටත්,  තප්පර ගාණ වැදගත්ය. 

  මෙහෙම ලිව්වාට මං හුඟක් කෑම කන සතෙක් නෙමෙයි, මෙන්න මගේ මොටෝ එක:
eat like a bird and sleep like a bear

තුනෙන් එකක අනුපාතයට  "තරබාරුව" ප්‍රශ්ණයක් වෙච්ච අපේ සාවියෙ , මැස්සො බීපු ගොයං ගහ වගේ ඉන්න එක සරීර සවුක්කියට ගුණ වග බස්සො හොඳටම දන්නවා. මම දැන් වැඩිපුර කන්නෙ එලවලු. මස්. මාළු කෑම අඩුයි. "දුං ගැසූ සොසෙජස්" පැකට් ෆ්‍රිසර් එකේ තියනවා හදිස්සියකට ගන්න. තව ඔය සැමන් ටිං කීපයක්, වේලිච්ච හාල්මැස්සො පැකට් කීපයක් තියෙනවා, ඒ හොඳටම ඇති. මෙහෙම එලෝලුම කාගෙන, කාගෙන ගිහිල්ලා හිටපු ගමන්  මස් කන්න හිතුනාම පිලිස්සූ සැව්ලෙක් හරි නැට්ට කොටා හරි ගෙනැල්ල  ඇද බානවා, එච්චරයි. පැෂන් මොඩල්ලා කන්නෙ එහෙමලු, ජොස්තර ඇට්කින් තමා කිව්වෙ.

disclaimer: මස්, මාළු නොකෑමෙන් පමණක්  තරබාරුව  වලක්වාගත නොහැක. අඩුකල යුත්තේ පිටි කෑම - starch ය.  මස්-මාළු නැතිව කෑමෙන් , උස්මුරුත්තාවට එනතෙක් වැලඳීමේ පුරුද්ද පාලනය කරගත හැක

මේ , ඔහේලත් දන්න ‍රැසිපි තියනවා නං දාන්න , ඈ?

22 comments:

  1. //මස් කන්න හිතුනාම ..... හරි නැට්ට කොටා හරි ගෙනැල්ල ඇද බානවා// තරහා වෙන්නේ නැතුව නැට්ට කොටා කියන එකේ මේකේ තේරුම කියලා දීහන්කො.

    ReplyDelete
    Replies
    1. @ Buru

      long time no see. ඇයි දැන් ලියන්නෙ නැත්ද?

      Delete
    2. @කුරහන් හේනේ මල් මල්ලී

      ඔව් නැට්ට කොටා කියන්නෙ ඌරට තමා

      Delete
    3. බසුතුමාට වගේ කොහෙද අපිට...
      අපිට කොහේ නැට්ට කොටාල ;)
      ලියවෙන්නේ නෑ දැන් සිංහලත් චොර දැන්.
      ජාඩි ගැන අහලා තිබ්බට කාලා නෑ නොව. බෝඩ් කෑලිත් දැකලා තියෙනවා ගාල්ලේ පැත්තේ ඒ වුනාට මොකක්ද කියලා දන්නේ නෑ. මම හිතුවේ වේලපු මාළු කියලා.
      ඔය නැට්ටකොටා උයලා කන්නෙත් නෑ මම නම්. මම ඉතින් හැම් ඇන් බ්‍රෙඩ් ළමයෙක්නේ උපන්දා පටන්. ජූලි අගෝස්තු සැප්තැම්බර් වෙනකම් ඒවා ගිලලා ගිලලා දැන් අලි පැටවෙක්ටත් එහා. මේ ඔහේට විතරයි කියන්නේ ඈ හරි.. :) :)

      Delete
    4. මටත් දැන් ලියන්න කම්මැලියි අප්පා. අලුත් අය හොඳට ලියනවා නෙව, ඒ මඳැ?

      //..... දැන් අලි පැටවෙක්ටත් එහා. මේ ඔහේට විතරයි කියන්නේ ඈ ...//

      :):)

      Delete
  2. see food වලට මාරු වුනා නම් ලේසියි. Eat whatever you see. (not sea)

    ReplyDelete
    Replies
    1. ඒ දකින, දකින see food කන්නෙ කාක්කො, බස්සො සෙමි- වැජිටේරියන් සත්තු :)

      Delete
    2. http://www.greenowlcafe.com/

      http://www.vegetariantimes.com/recipe/wicked-cool-olive-owls

      Delete
  3. ආව්. බස්තුමා ෆැෂන් මොඩ්ල් එකක් ආ!
    අපිටනම් දන්න කාලෙ ඉඳලා ඔබතුමා මොඩ්ල් එකක් තමයි. ඔබතුමාගේ ෆෑන්ඩම් එකට වගේ ෆැෂන් එකට නෙමෙයි, ඇත්තටම.
    කකුලුවො ඉස්සො එක්ස්පෝර්ට් කරන කොම්පැනියක ඇලකන්ද පාරෙ අවුට්ලට් එකක පැකටඩ් ජාඩි විකුණනවා. මං ගිය දවසෙ තිබුනෙ කුම්බලා කූරි විතරයි. ඒත් හොඳයි. මං හිතන්නෙ මැද පෙරදිගට යවනවා.

    ReplyDelete
    Replies
    1. ෆැෂන් මොඩ්ල්? හහ්, කොහොමද කැට් වෝක් එක? :)



      Delete
    2. //පැකටඩ් ජාඩි විකුණනවා.....මං හිතන්නෙ මැද පෙරදිගට යවනවා//

      ඔහොම යනකොට අපිටත් ජාඩි කන්න චෑන්ස් එකක් එන්න බැරි නෑ :)

      Delete
  4. ලොකුකමට කියනවා නෙමේ බශ්ශෝ.මසක්,මාලුවක්,කරවල කැල්ලක් නැතුව බත් ඩිංගක් කන්න නම් අමාරුයි ගොයියෝ.

    ReplyDelete
    Replies
    1. මේ මොනවා අහනවද ආයොබෝං . මටත් ඔය සැන්තෑසියම තමා උනේ. අඩුම ගානේ කරෝල කෑල්ලක පුළු‍ටු රහ නැතුව , බත් කටක් උගුරෙන් පහලට ගියේ නෑ. දැනට උනත් අර හදිස්සියට ගන්න කියලා සොසේජස්, හාල්මැස්සො තියාගෙන ඉන්නෙ ඒකයි.

      ඒත් හොඳ වර්ගයේ හාල් ( ඒ කියන්නෙ උයනකොට සුවඳ ගහන) වලින් උයාගත්ත උණු, උණු බතක් එක්ක, මුරුංගා කොළ මැල්ලුමක්( මෙහෙ එව්වා සුඛෝපභෝගී කැමක් ) නං නිකම්ම වැළඳුවෑකි. තව ඔය මදි පාඩුවට, තෙල්දාපු බණ්ඩක්කා ටිකක් එහෙම හදා ගත්තාම , නිකම්ම ලිස්සල යනවා

      Delete
  5. Replies
    1. you are welcome.

      ඔහෙට කියන්න, මගේ වැඩෙත් ඔහොම හීන බලන එක තමා. කලින් සැරේ නං අත්තෙන් බිමට වැට්ලා ට්කාක් විතර අවුල් වුනා නෙව

      Delete
  6. හෙරලි පොලොස්
    දෙල් , අ‍ටුකොස්
    කොරලි හොදිත්
    එක්ක ගුඩුස්//////

    මම දන්න එකෙක්ගේ රෙස්ටොරන්ට් එකේ ඕක තමයි ඉස්සරහම ගහලා තියෙන්නේ. බඩ කුල්මත්වෙන පෝස්ට් එකක් බං.
    හොඳට තක්කලි, ලූනු දාලා තික් එකට හොද්ද හදලා උතුරන කොට නෝන්ඩි නැතුව අමු බිත්තර දෙකක් කඩලා තමයි මම හොද්දට දාන්නේ. පානුයි,සම්බෝලයි එක්ක හොදි ඇතිලියම කන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඒකත් අත්හදා බලන්න හොඳ ක්‍රමයක් බිත්තර කිරි හොද්දට. ස්තූතියි

      Delete
  7. බකුස් බාප්පා නැගිටලා කෑමත් අරගෙන.. හැක්

    ReplyDelete
    Replies
    1. නැතුව, නැතුව. නැගිට්ට එකේ ඔන්න ඔහේ පෝස්ට් එකකුත් කොටලම දැම්මා...හැක් :)

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code