ඒත් නත්තල් පප්පගෙ සාවියෙ ජීවත් වෙනවා නම්, සීත කාලෙ කියන එක ජීවිතේ කොටසක් විදිහට හිතන්න වෙනවා. මේ ඍතු හතර ජීවන චක්‍රයක්. කෘමීන් පාලනය, වැටිච්ච කොලරොඩු දිරාපත් කිරීම වැනි වැඩ කොටස කරන්නෙ සීත කාලෙ.
අර දුක-සැප නිති පෙරලේ කියල කියනව නේද? ඒ කියන්නෙ දුක නැහ්නම් පෙරලෙන්න සැපක් නෑ , කියන එක නෙව?
හෑ, තේරුණේ නෑ කිව්වා? හොඳයි මෙහෙම හිතමුකො. සැප-දුක කියන්නෙ රෝදයක් කියලා උඩ බාගෙ සැප. යටබාගෙ දුක. දැන් ඔය එක බාගයක් නැතිවුනොත් මොකද වෙන්නෙ? රෝද බාගෙකට පෙරෙලෙන්න බෑ නෙව?
අවුල් වෙච්ච බස්සෙක් |
පොතේ හැටියට, අපි විසි වෙනිද ඉඳන් නිවාඩු. ඔය කාලගුන සැන්තෑසිය දන්න නිසා මමත් හරි-බරි ගැහිලා උන්නෙ එහෙමයි.කොහොමින්, කොහොමින් හරි අපේ බොසා මයෙ තවත් දවස් දෙකකට කෙලියා. මොනව කරන්නද? ඒ වැඩිපුර දවස් දෙකේ සල්ලි වලින් මම, මටම නත්තල් තෑගි දෙනවා කියලා හිත හදාගෙන ඇදලා දැම්මා ඒකත්.
මෙන්න ගත්ත එක තෑග්ගක්. වැඩිය නෑ, ගෙඩි සුපියල් පනස් හතයි.
දැන් ඔහෙලා හිතනවා ඇති , මූට නං බාගෙට පිස්සු කියලා. ඒකෙත් ඇත්තක් නැත්තෙමත් නෑ. ඒත්, බස්ස සහ දොර අගුල්වලට බොහොම පරණ අතීතයක් තියනවා.
බොහොම කාලෙකට ඉස්සර බස්සා පන්නිපිටිය පැත්තෙ තියන මාධ්‍ය ආයතනයක වැඩ කරන කාලෙ ඒ කිට්‍ටුව පදිංචි වෙලා හිටියා. ගෙවල් අයිතිකාරය හිටියෙ ඒ කිට්‍ටුව.
දුක හිතෙන මූණක් |
" මම මේ ගේ , හොඳ කෙනෙක් ලැබුනෙ නැති නිසා වහලයි තිබුනෙ. ඔහේ හොඳ කෙනෙක් වගේ පේනවා" එහෙම කිව්වෙ ගෙවල් අයිතිකාරයා. බස්සගෙ අහිංසක මූණ දැක්කාම උන්දැට එහෙම හිතෙන්න ඇති.
වහල දාලා තිබ්බ ගේ , සම්පූර්ණයෙන් බස්සට කුලියට දුන්නෙ බොහොම සාධාරණ ගාණකට. විසාල ගේ, බස්සා විතරක් එක කාමරයක. කෑම කඩෙන්. දවසෙන් වැඩිවෙලාවක් රස්සාවට ගෙවිලා, නිදාගන්න විතරක් ගෙදර ආපු නිසා ප්‍රශ්නයක් වුනේ නෑ. නැත්නම් හරියට හොල්මන් බංගලාවක ඉන්නව වගේ තමා.
එක්තරා ඉරණම්කාර හෙනහුරාදා උදෑසනක, සුපුරුදු පරිදි නාගත්ත බස්තියං, තුවාය පිටින් , හෝදපු ඇඳුම් වනන්න එලියට ගියා. ආව හුලඟක්, වැහුනෙ නැතෑ දොර පටස් ගාලා. මෙන්න මේ චිත්‍රය හිතේ මවා ගන්නකො.
ඔහෙලා දන්නවා නෙව, අර ලාබ කොළඹ පේව්මන්ට් තුවා. ආන්න ඒ වගේ තුවා කොටයක් ඇඳගත්ත ,තෙත රෙද්දක් අතින්ගත් අඩ නිරුවත් බස්සෙක්, බාගෙට කටත් ඇරගෙන, වෙච්ච දේ අදහගන්න බැරුව, වැහිච්ච දොරක් දිහා බලාගෙන ඉන්න අසරණ විලාසය.
අනුන්ගෙ ගමක්, අහල පහල දන්න කියන කිසි කෙනෙක් නෑ. අර තුවා කොටේ ඇඳගෙන කොහොමද පාරදිගේ ගෙවල් අයිතිකාරගෙ ගෙදරටවත් යන්නෙ . ඔන්න ඔය සිදුවීමෙන් පස්සෙ ඉඳන් බස්සා දොර අගුල් ගැන සෑහෙන උනන්දුවක් ඇතිකර ගත්තා.
දොර අගුල් විවිධයි, විශමයි, ගෝලාකාරයි. ඒත් රැවටෙන්න එපා. හැම එකම එක වගේ නෑ. සමහර එව්වා බොහොම භයානකයි. නිකම්ම ලොක් වෙනවා. එලියෙන් අරින්න බෑ යතුරු නැතුව.
දොර ලොක් වීමේ පරිප්පුව වලඳා ඇත. එය වින්ටරයක් වීම අමතර වාසියක් විය. අපෝ මතක් කරන්න එපා.
ReplyDeleteහෙහ්, හෙහ්. වින්ටර් එකේ එලියෙ හිටිය නං සනීප ඇති තමා :). ඉස්සර කරන්නෙ බැල්කනියෙන් ගිහින් ජනේලෙන් රිංගනවා. දැන් ඒක කරන්න බැල්කනියක් නෑ. මේ කෙලිය හැමදාම කරන්න බෑ, අප්පා.
Deleteමේ තියෙන්නෙ බස්සට වෙච්ච දේ ගැන වීඩියෝ එකක්.
ReplyDeleteඒකත් නියමයි. මං මේ කල්පනා කලේ , මං එහෙන් ගියාට පස්සෙ, ඔය දොර අරවගේ ගැල්ලමයින්වත් එලියට දාලා ලොක් කරන්න ඇති නේද? :)
Deleteඇත්තටම එහෙම වුනාම පුදුම අසරණකමක් දැනෙනවා. මොලේ ඔවර්ඩ්‍රයිව් මෝඩ් එකට යනවා. ඊට පස්සෙ , එක එක විසඳුම් පෙරහැර වගේ එන්න ගන්නවා. හරි එක තෝරගත්තොත් ගොඩ. මේ කියන ගේ තිබුණෙ පාරෙන් ටිකක් උඩට වෙන්න. ලොක් වෙච්ච දොර තිබ්බෙ ගෙදර අනිත් පැත්තෙ, ඒ නිසා පාරෙ ගිය අයට පේන්නෙ නෑ
බශ්ශා කියන්නේ අර ඩුඩයියා ලිව්වා කතා වල ඉන්න "ඇන්ඩි"ද දන්නේ නැහැ.ඔය ඇන්ඩියා කියන නසරාණියයි,පොරගේ තාත්තායි දෙන්නා ඔය වගේ දොර ලොක් කරන් නටපු නාඩගමක් ගැන ලියලා තිබ්බා මතකයි.
ReplyDeleteඔහොම අපේ ගෙදර දොරවල් ලොක් වුනාම අපි කරන්නේ කොමාන්ඩෝ ගේම් එකක් දීලා වහලෙන් බැහැලා දොර අරින එක.
හහ්, වහලෙන් බහිනවා? දැං බලාගෙන ගියාම මේ යස්ස දොර අගුල් සෑහෙන සිරි ලාංකිකයො සංඛයාවක් එලියට දාලා දොර වහල තියනවා නෙව?
Deleteඔහෙට කියන්න , මටත් ඒ අදහසම පහල වුනා. ඒත් වහලෙ තිව්වෙ ෂීට් සහ ඒක අනුන්ගෙ ගෙදරක්, නිසා ඒ අදහස අත් ඇරියා. මං කලේ බිලී පිත්තක් හදලා යතුරු කැරැල්ල , මාලු බාගත්ත එකයි.
ඒ කස්ටිය යන්නෙ දුක හොයාගෙන කියල. ඇයි, උන්දලා දන්නවා ඊළඟට සැප කනේ - ඔය ඇවිල්ල ආගම් සැට දෙකෙන් එක කුලකයක්.... අහුවෙන්ට එපා ඔය දරුසොනේට.
ReplyDeleteඅර දෙරේ seen එකනම් පට්ට... ඔහෙට කෙල උනත්. හි හි.