ඔබ ජේත්තුකාර ඉහල පැලැන්තිය ගැන දන්නවා නම්, සුරූපී හර්න්කාසල් සොහොයුරියන් තිදෙනා -මිස් ඇඩිලේඩ්, මිස් කැරොලයින් හා මිස් ජූලියා ගැන නොදැන ඉන්න හේතුවක් නෑ. ඒ අය අතරින් අන්තිම කෙනා, බාලම නමුත් හොඳම ආර්‍යාව බව මගේ අදහසයි. මම ඉස්සෙල්ලාම සේවයට ගියේ එයාලගෙ අප්පුච්චා - ලෝඩ් හර්න්කාසල් ලඟට. දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න ඕනෙ මේ කතාවට උන්දෑ අදාල නොවීම ගැන, මං ජීවිතේට දැකපු හැකරම කට සහ ලොකුම මූලග්ගාය තිබ්බෙ උන්දෑට.
මං මේ කිය කිය හිටියෙ, මං පේජ්-බෝයි කෙනෙක් ලෙස ඒ තරුණ ආර්‍යාවන්ගෙ සේවයට ගියා කියලයි. එතකොට මට යන්තං වයස පහලොවයි. ජූලියා ආර්‍යාව,
සර් ජෝන් වැරින්ඩර්ව(නැසීගිය) බඳින කල්ම මම එහේ හිටියා, . මේක මේ ඔහෙලත්, මාත් අතර විතරයි ඈ? ඔය සර් ජෝන් වැරින්ඩර් ඉන්නව නේද? පංකාදු මනුස්පයා, එයාට ඕන කලේ එයාව කලමනාකරණය කරගන්න කෙනෙක් විතරමයි. ඉතිං එයා හොයපු කෙනා එයාට ලැබුණා,අපේ පොඩි ආර්‍යාව එයාව පල්ලියට ඇදගෙන ගිහින් බන්දවව්ව ගත්තදා ඉඳලා, හොඳට කාල, බීලා , ආරපු සර් ජෝන්, අවසානෙ බොහොම සන්තෝසෙන් ඇස් දෙක පියාගත්ත.
මට කියන්න බැරි වුනා නෙව, මම සෑර් ජෝන්ගෙ ලඟ සේවයට ගිය කොටස. ජූලියා ආර්‍යාව , සෑර් ජොන්ව බැඳගත්තාම , මාව වැරින්ඩර් වලව්වට අරන් ගියා. අපේ ආර්‍යාව ගෙවතු වැඩ, සෑර් ජෝන්ගෙ වතුවල වගා කටයුතු ගැන උඅනන්දුවක් දක්වන බව දැක්ක මමත් ඒ ගැන උනන්දු වුනා. ඒකට තව හේතුවක් වුනේ, මම අඳ ගොවියෙක්ගෙ පුතෙක් වීමයි. කොහොමින් හරි මම සෑර් ජොන්ගේ වතුවල කංකානම් තනතුරක් දක්වා උසස්වීමකුත් ලැබුවා.
ඉන්න හිටින්න මටම වෙනම පොඩි ගෙයකුත්, උදේට වතුවල නිරීක්ෂණ සංචාරත්, හැන්දෑවට ගණන්පොත් තැබීමේ වැඩත්, ඉන්පසු දෙකක් නමාගෙන ,මගේ පයිප්පය දල්වාගෙන උඳුන ලඟ ගිණි තපින, වාසනාවන්තයකුට , තව මොනවද ඕනෙ කියල ඔබ අසාවි? මතක නෙව, ඊඩ්න් උයනේ සනීපෙට හිටිය ආදම්ට ඕනෙ උනදේ? හරි, ඔබ ඒ ගැන ආදම්ට දොස් කියන්නෙ නැහ්නං , මටත් දොස් කියන්න එපා.
මම ඇහැ ගහගෙන හිටිය කෙල්ල තමා, මයෙ ගෙදර වැඩට වලව්වෙන් එවාපු කෙලී -සැලීනා. බිරිඳක් තේරීම ගැන, අපේ පැරණි කියමනක් එක්ක මං එකඟ වෙනවා. බලන්න ඇය කෑම, හොඳට හපලා කනවද? පොලවෙ හොඳට පය ගහල ඇවිදිනවද? කියලා, එච්චරයි. සැලීනා මේ අංස දෙකෙන්ම කිසිම අඩු පාඩුවක් තිබ්බෙ නෑ. මේ තීරණයට, මගේම සොයා ගැනීමක් වෙච්ච තව හේතුවක් තිබුණා. සැලීනාගෙ සේවය වෙනුවෙන් මට මාසිකව සෑහෙන ගාණක් ගෙවන්න වුනා. සැලීනා මගේ බිරිඳ වශයෙන් , ඇයට මට ඒ සේවාවන් නොමිලේ සපයන්න වෙනවා. මම බැලුවෙ ඒ කෝණයෙන් - ආදරය බිඳක් මුසුකල ආර්ථික විද්‍යාව!
කල්යල් බලලා, මම මේ අදහස අපේ මැඩම්ට දැම්මා. " මම මේ
සැලීනා කෙල්ලව හිතේ කරකවල බැලුව , මැඩම්"මම කිව්වා" මට හිතෙන විදිහට ඇයව තියා ගන්නවට වැඩිය බැඳගන්න එක ලාබයි, මැඩම්". හොඳ හැටි හිනා වුන අපේ ආර්‍යාව මට අවසර දුන්නා. මමත් සැලීනට වචනෙ දැම්මා. ඔබ පුදුම වෙයි , ඔබ කොච්චර ටිකද ගෑණු ගැන දන්නෙ කියලා, ඈ දෙපාරක් හිතෙන්නෙ නැතුවම " හා" කිව්ව නෙව?
මගේ තනිකඩ ජිවිතේ කාලය අවසාන වේගන එනකොට, ඔය කොයි චන්ඩියටත් එන හැඟීම මටත් ආවා - හිටිය විදිහට හිතූමතේ ජීවිතේ ඉන්න තිවුණ නං කියලා. අපේ රටේ විවාහ පොරොන්දුවක් කියන්නෙ, නීතිමය බැඳීමක්. මම සැලීනට, පිහාටු පුරෝපු මෙට්ටෙකුයි, සිලිං පනහකුයි වන්දියට දෙන්න යෝජනා කලා,මේ මර උගුලෙන් ගැලවෙන්න. විස්වාස කරන්න, මේ මෝඩ ගෑණි "බැහ්" කිව්ව නෙව?
මං මේ කිය, කිය හිටියෙ මොකක්ද? ආ, හරි දියමන්තිය නැතිවෙච්ච හැටි ගැන නෙව?
-Chapter I ,THE LOSS OF THE DIAMOND
-THE EVENTSRelated by Gabriel Betteredge,
House-Steward in the service of Julia, Lady Verinder
Year 1848
පොතේ නම The Moonstone, ලිව්වෙ විල්කි කොලින්ස් වර්ෂ 1868 දි. ලෝකයේ ප්‍රථම රහස්පරීක්ෂක නවකතාව කියලත් මතයක් තියනවා. A detective story with a dash of romance, මට හිතෙන්නෙ එහෙමයි.
ඔය පඳුරු තැලිල්ල හොයා ගත්තෙත් විල්කි කොලින්ස් කියලයි මට නං හිතෙන්නෙ. පොත කියෙව්වොත් ඔබත් මා එක්ක එකඟවෙයි. කතාවෙ මේ හරිය කියන,වැරින්ඩර් මන්දිරයෙ ප්‍රධාන ගෘහ සේවක, ගබිරියෙල් උන්දෑ පඳුරු තලන්න,වංගු ගහන්න දෙයියා.බලාගෙන ගියාම පඳුරු තැලිල්ල පුරාණේ සිට පැවත එන වැදගත් චාලිත්තරයක් නෙව, ඔය කස්ටිය යස අගේට තලල තියෙන්නෙ පඳුරු එකදාස් අටසිය ගණන් වල? ඉතිං , ඔබ ඒ ගැන විල්කි කොලින්ට දොස් කියන්නෙ නැහ්නං , අර අහිංසක හැලපයට මුකුත් කියන්නත් එපා.
කීපවිටක් සිනමාවට නැගුවත්, පොත මාර රහයි කියල කිව්වෙ අසල්වාසී එළුවෙක්. මාත් ඒකා එක්ක එකඟ වුනා. එක හේතුවක් ,කතාව ඉදිපත් කරන විදිහ: කතාවට සම්බන්ධ විවිධ අයගේ ලිපි, සටහන් මඟින්. අර බ්‍රෑම් ස්ටෝකර්ගෙ , ඔරිමජිනල් ඩ්‍රැකියුලා පොතේ ඉට්ටැයිල් එකට. පරිසරය වැනිල්ල, කුතුහල , සංත්‍රාසය ඒ වගේමයි, භීෂණ රසය ඇර. කතාවෙ ප්ලොට් එක මේක නෙමෙයි, මේ ඒකට අවශ්‍ය වේදිකාව තනන කොටස්. මට නං වැඩියම රස මේ කොටස්. සිනමාවට ගන්න කොට කප්පාදු කරල තියෙන්නෙත් මේ කොටස්.
කොහොමත් වික්ටෝරියානු යුගයේ එංගලන්තය, මගේ ප්‍රියතම කාලයක්. ගල් ඇතුරූ මාවත්, නිරන්තර මීදුමින් වැසුනු නගර වල ගෑස් වීදි පහන්, අස්ප කරත්ත, පිලිවෙලකට ඇඳපු මිනිස්සු, අඳුරු පටු මාවත් මේ ඔක්කොම මගේ හිතේ ඇති කරන්නේ චමත්කාරයක්. ඒ පරිසරය අනුගතවෙලා මේ කතාව රස විඳින්න බලන්න කියලයි මම කියන්නෙ. හොඳම දේ ඉංග්‍රීසි පොත කියවන එක. සියවස් එකහාමාරකට ඉස්සර ලිව්ව පොතක් වුනත් , පොතේ භාෂාව හරිම ලස්සනයි.මේ පොත සිංහලට පරිවර්තනය කරල තියනවා " චන්ද්‍රකාන්ති පාෂාණය" වගේ නමකින්, අඩුගානේ ඒකවත් හොයාගෙන කියවන්න.
අවුරුදු 50 වැඩි නිසා කොපි රයිට්ස් නෑ. The Moonstone pdf කියල ගුගල් කලාම හොයාගත්තෑකි. මෙහෙම පොත් නොකියවපු "ඔය දෑස් , මක්කටෙයි?"
මං මේ කිය කිය හිටියෙ, මං පේජ්-බෝයි කෙනෙක් ලෙස ඒ තරුණ ආර්‍යාවන්ගෙ සේවයට ගියා කියලයි. එතකොට මට යන්තං වයස පහලොවයි. ජූලියා ආර්‍යාව,
සර් ජෝන් වැරින්ඩර්ව(නැසීගිය) බඳින කල්ම මම එහේ හිටියා, . මේක මේ ඔහෙලත්, මාත් අතර විතරයි ඈ? ඔය සර් ජෝන් වැරින්ඩර් ඉන්නව නේද? පංකාදු මනුස්පයා, එයාට ඕන කලේ එයාව කලමනාකරණය කරගන්න කෙනෙක් විතරමයි. ඉතිං එයා හොයපු කෙනා එයාට ලැබුණා,අපේ පොඩි ආර්‍යාව එයාව පල්ලියට ඇදගෙන ගිහින් බන්දවව්ව ගත්තදා ඉඳලා, හොඳට කාල, බීලා , ආරපු සර් ජෝන්, අවසානෙ බොහොම සන්තෝසෙන් ඇස් දෙක පියාගත්ත.
මට කියන්න බැරි වුනා නෙව, මම සෑර් ජෝන්ගෙ ලඟ සේවයට ගිය කොටස. ජූලියා ආර්‍යාව , සෑර් ජොන්ව බැඳගත්තාම , මාව වැරින්ඩර් වලව්වට අරන් ගියා. අපේ ආර්‍යාව ගෙවතු වැඩ, සෑර් ජෝන්ගෙ වතුවල වගා කටයුතු ගැන උඅනන්දුවක් දක්වන බව දැක්ක මමත් ඒ ගැන උනන්දු වුනා. ඒකට තව හේතුවක් වුනේ, මම අඳ ගොවියෙක්ගෙ පුතෙක් වීමයි. කොහොමින් හරි මම සෑර් ජොන්ගේ වතුවල කංකානම් තනතුරක් දක්වා උසස්වීමකුත් ලැබුවා.
පාට එරන්වන් ගඟබඩ කොකුන්නේ රෑට බතට චිකන්ද , අද තියෙන්නේ? |
ඉන්න හිටින්න මටම වෙනම පොඩි ගෙයකුත්, උදේට වතුවල නිරීක්ෂණ සංචාරත්, හැන්දෑවට ගණන්පොත් තැබීමේ වැඩත්, ඉන්පසු දෙකක් නමාගෙන ,මගේ පයිප්පය දල්වාගෙන උඳුන ලඟ ගිණි තපින, වාසනාවන්තයකුට , තව මොනවද ඕනෙ කියල ඔබ අසාවි? මතක නෙව, ඊඩ්න් උයනේ සනීපෙට හිටිය ආදම්ට ඕනෙ උනදේ? හරි, ඔබ ඒ ගැන ආදම්ට දොස් කියන්නෙ නැහ්නං , මටත් දොස් කියන්න එපා.
මම ඇහැ ගහගෙන හිටිය කෙල්ල තමා, මයෙ ගෙදර වැඩට වලව්වෙන් එවාපු කෙලී -සැලීනා. බිරිඳක් තේරීම ගැන, අපේ පැරණි කියමනක් එක්ක මං එකඟ වෙනවා. බලන්න ඇය කෑම, හොඳට හපලා කනවද? පොලවෙ හොඳට පය ගහල ඇවිදිනවද? කියලා, එච්චරයි. සැලීනා මේ අංස දෙකෙන්ම කිසිම අඩු පාඩුවක් තිබ්බෙ නෑ. මේ තීරණයට, මගේම සොයා ගැනීමක් වෙච්ච තව හේතුවක් තිබුණා. සැලීනාගෙ සේවය වෙනුවෙන් මට මාසිකව සෑහෙන ගාණක් ගෙවන්න වුනා. සැලීනා මගේ බිරිඳ වශයෙන් , ඇයට මට ඒ සේවාවන් නොමිලේ සපයන්න වෙනවා. මම බැලුවෙ ඒ කෝණයෙන් - ආදරය බිඳක් මුසුකල ආර්ථික විද්‍යාව!
කල්යල් බලලා, මම මේ අදහස අපේ මැඩම්ට දැම්මා. " මම මේ
හපල කනවද බලන හැටි |
මං මේ කිය, කිය හිටියෙ මොකක්ද? ආ, හරි දියමන්තිය නැතිවෙච්ච හැටි ගැන නෙව?
-Chapter I ,THE LOSS OF THE DIAMOND
හහ්, එව්ව හඳේ මාත් එක්ක? |
House-Steward in the service of Julia, Lady Verinder
Year 1848
පොතේ නම The Moonstone, ලිව්වෙ විල්කි කොලින්ස් වර්ෂ 1868 දි. ලෝකයේ ප්‍රථම රහස්පරීක්ෂක නවකතාව කියලත් මතයක් තියනවා. A detective story with a dash of romance, මට හිතෙන්නෙ එහෙමයි.
Dinner is served, Sir |
කීපවිටක් සිනමාවට නැගුවත්, පොත මාර රහයි කියල කිව්වෙ අසල්වාසී එළුවෙක්. මාත් ඒකා එක්ක එකඟ වුනා. එක හේතුවක් ,කතාව ඉදිපත් කරන විදිහ: කතාවට සම්බන්ධ විවිධ අයගේ ලිපි, සටහන් මඟින්. අර බ්‍රෑම් ස්ටෝකර්ගෙ , ඔරිමජිනල් ඩ්‍රැකියුලා පොතේ ඉට්ටැයිල් එකට. පරිසරය වැනිල්ල, කුතුහල , සංත්‍රාසය ඒ වගේමයි, භීෂණ රසය ඇර. කතාවෙ ප්ලොට් එක මේක නෙමෙයි, මේ ඒකට අවශ්‍ය වේදිකාව තනන කොටස්. මට නං වැඩියම රස මේ කොටස්. සිනමාවට ගන්න කොට කප්පාදු කරල තියෙන්නෙත් මේ කොටස්.
කොහොමත් වික්ටෝරියානු යුගයේ එංගලන්තය, මගේ ප්‍රියතම කාලයක්. ගල් ඇතුරූ මාවත්, නිරන්තර මීදුමින් වැසුනු නගර වල ගෑස් වීදි පහන්, අස්ප කරත්ත, පිලිවෙලකට ඇඳපු මිනිස්සු, අඳුරු පටු මාවත් මේ ඔක්කොම මගේ හිතේ ඇති කරන්නේ චමත්කාරයක්. ඒ පරිසරය අනුගතවෙලා මේ කතාව රස විඳින්න බලන්න කියලයි මම කියන්නෙ. හොඳම දේ ඉංග්‍රීසි පොත කියවන එක. සියවස් එකහාමාරකට ඉස්සර ලිව්ව පොතක් වුනත් , පොතේ භාෂාව හරිම ලස්සනයි.මේ පොත සිංහලට පරිවර්තනය කරල තියනවා " චන්ද්‍රකාන්ති පාෂාණය" වගේ නමකින්, අඩුගානේ ඒකවත් හොයාගෙන කියවන්න.
ඔහෙල දන්නව නෙව , මං කම්මැලි බකමූණා වග, කම්මැලියාට දිවැස් තිබේ කියල කතාවකුත් තියන නිසා , මං ගියා පරිවර්තනය කරන්න ඕනා කොටසත් අරගෙන ගුගල් දෙයියා හම්බවෙන්න. ඔය තියෙන්නෙ උන්දැගෙ පරිවර්තනය,
අවුරුදු 50 වැඩි නිසා කොපි රයිට්ස් නෑ. The Moonstone pdf කියල ගුගල් කලාම හොයාගත්තෑකි. මෙහෙම පොත් නොකියවපු "ඔය දෑස් , මක්කටෙයි?"
ෂා,නියම පින්තුර ටික.එක දැක්කාම හරි අසාවක් තමයි ඇති වුනේ ඔය කියන පොත ගැන.
ReplyDeleteපිංතූර නං වික්ටෝරියන් යුගයේ මන්දිරවල සේවිකාවන්ගෙ ඔයිල් පේන්ටින්, ඉන්ටනෙට් එකෙන් හොයාගත්ත එව්වා
Deleteබස්සෝ......කියවන්න ආස හිතුනා. මම මේ දවස්වල ඉන්නේ Midsomer Nortonකියලා හරි ලස්සන පැත්තක ටික දවසක්. මේ පලාතයි. දැන් තියෙන සීතලයි, උඹේ පොතයි ඔක්කොම කලවමේ හිතට වදිනවා. යන්නට ඕනෑ කඩමංඩිය වෙත..... :
ReplyDeleteකඩමංඩිය වෙත කිව්වෙ හිරිපොද වැස්සක් වැටෙනව වත්දැ? :) ලස්සන පලාතක් බව පේනවා, ඉන්ටනෙට් එකෙන් බැලුවෙ
Deleteබස්සෝ....ඇත්තටම ලස්සනයි. පලාතට වඩා මේ තරුණයින්ගේ සහ මේ පරම්පරාව හිතන විදිහ ඊටත් වඩා ලස්සනයි. මේ සියලු දේවල් වඩාත් සුන්දරවෙන්නේ පාලනය කරන අය වෙතින් නෙමේ. ජීවත්වෙන මිනිස්සු අතරින්. මම කියන්නේ ලොකු කතාවක පොඩි කොටසක්. තමන් ගැන හිතන්න දර්ශන, රාජ්‍යය, ආන්ඩු, පවුල් කියලා ඒවා ඕන් නැහැ. මේ සියලු දේ තමන් සතුයි . පිස්සු හැදෙන ටෝක්ස් දෙන්න හිතෙනවා බං. ටෝක්ස්වලට වඩා ප්‍රැක්ටිස් එක මරු නිසා මම මාරුවෙන්නම්. අපි ලියමු.!!!
Deleteඑංගලන්තෙ සුද්දො ගැන මගේ ඒ හැටිම පැහැදීමක් නැති වුනත්, රටක් වශයෙන්, සමාජයක් වශයෙන් එංගලන්තයට මගේ විශේෂ කැමැත්තක් තියනවා. ලෝකයට බොහෝ දේවල් දායාද කරපු රටක්.
Delete"අවුල් වන්නට පෙර" අපේ දේශීය මෙනු එකට, වෙනසකටත් එක්ක, නිකං අතුරුපසට වගේ ඔය කතාවත් රිංගවන්න බැරිද?
http://www.imdb.com/title/tt0117080/
ReplyDeletehttp://www.victorianweb.org/authors/collins/dickens1.html
Deleteඔව් ෆිල්ම් සහ ටීවී සීරීස් කීපයක්ම හදලා තියනවා. But, for me, the book and a lil' bit of imagination is the best.
Delete