Jun 8, 2020

ස්වයංපෝෂිත සිහිනය

මට මුලින්ම ලිසී ව හමු උනේ කවදාදැයි හරියටම මතක නැත. ලිසී කීවට හරියටම නම ලී සීකීද (Li Ziqi)දන්නෙත් නැත. මොක උනත් ඔන්න ඔහේ දන්න විදිහට ලිසී කියලා කියංඤං. හැබැයි ඒ හඳවල් ගානකට කලින්. එතකොට ලිසී යූටියුබ් එකේ එච්චර ප්‍රසිද්ධ නෑ. හැබැයි ඒ වෙනකොටත් එයා චීනෙ නම් ප්‍රසිද්ධයි. ඔයාලා දන්නවා ඇතිනේ චීන ඉන්ටර්නෙට් එකට වැටක් ගහල තියෙන බව. ඔව්, ඔව් චීන මහා ප්‍රාකාරය තමා. ඒ නිසා, ඒ දවස්වල චීන Weibo සයිට් එකේ තිබ්බ එයාගේ videos youtube වලට පෝස්ට් කලේ වෙන ගොබිලෙක්. දැන් නං එයා youtube වල ඉන්නවා. ඉන්නවා විතරක් නෙමෙයි 10.7 million අනුගාමිකයො ඉන්නවා.
මට හිතෙන්නෙ මේ ස්වයංපෝෂිත කියන සංකල්පය තුලම අවුලක් තියනවා කියලයි. හා දැන් බලාන්ට, ස්වයංපෝෂිත කිව්වාම, හැමදේම තමන්ම හදාගන්න ඕනෙ කියන අන්තයට තල්ලු වෙන්නෙ නැහ්ද? අපි එහෙම වැටක් ගහ ගන්නෙ ඇයි? මට නං එන්නෙ නිකං  eco terrorism වගෙ හැඟීමක්. අපි එහෙම සීමා වැටවල් ගහ ගන්න ඕනෙමද?
හරි වචනෙ sustainable living නැත්නම් eco living වෙන්න ඕනෙ. අර ඉන්නෙ Off the Grid living කරන කස්ටිය. එහෙමයි කියලා සම්පූර්ණයෙන්ම සමාජයෙන් ඈත් වෙන්න හෝ වැරදිලාවත් ඉන්ටනෙට්, ස්මාට් ෆෝන් පාවිච්චි නොකර ඉන්නම අවශයම නෑ. මං හිතන්නෙ ලිසී වැටෙන්නෙ මේ දෙවනි කැටගරියට.  
දැන් අපි ලිසීව පොඩ්ඩක් මෙතන තියලා ලංකාවෙ ඊරියගමට යමුකො ප්‍රේමකුමාර එපිටවල හමුවෙන්න.

මේ පහත කොටස උපුටා ගත්තේ ඉකොනොමැට්ටාගේ රොබින්සන් කෲසෝ සොයායාම පෝස්ට් එකෙන්.
ප්‍රේමකුමාර එපිටවල ගොඩක් ප්‍රසිද්ධ වෙලා හිටියේ මුද්‍රා නාට්‍ය, බතික් වගේ දේවල් වලට. එහෙත් අපිට වැදගත් වුනේ වෙනත් දෙයක්. ඒ ඔහු විස්තර කළ ඔහුගේ ස්වයංපෝෂිත ජීවිතය. කුඹුරෙන් හාල්. වත්තෙන් එළවලු. ඒ විතරක් නෙමෙයි අර මට පොඩි කාලේ වදයක්ව තිබුණු අනෙක් මූලික ප්‍රශ්නත් ඔහු විසඳාගෙන. ඇඳුම් හදා ගන්න කපු කටින යන්ත්‍රයක්. වෙන එකක් තියා කඩදාසි හදලා ඒ කඩදාසි වල මුද්‍රණය කරන එකත් කරන්නේ ගෙදරමයි. ගෙදර කිවුවට සෘතුව අනුව ජීවත් වෙන්න රම්‍ය, සුරම්‍ය, සුභ කියලා ගෙවල් තුනක්ම තියෙනවා. කියන විදිහට අන්තිමට ඉතිරි වී තියෙන එකම ප්‍රශ්නය කාර් එකට පැට්‍රෝල් ගහන එකයි.
මහත් බලාපොරොත්තු තියාගෙන ගියත් අපිට මුලින්ම පවා දකින්න ලැබුණේ කඩා වැටී තිබුණු ස්වයංපෝෂිත ආර්ථිකයක්. නිවස ඉදිරිපිට හදා තිබුණු රම්‍ය සුරම්‍ය කුටි, කාලයකින් පාවිච්චියට ගෙන නොතිබුණු කපු කටින යන්ත්‍රය, මුද්‍රණ යන්ත්‍රය වගේ දේවල් පෙන්නුවා මතකයි. ක්‍රියාත්මක කර පෙන්නුවේනම් නැහැ. ක්‍රියාත්මක කළ නොහැකි වීමට හේතු පමණයි අපට ලැබුණේ
අපේ ස්වයංපෝෂණ සිහිනය කඩා වැටුණේ කිහිප වරක් අසා කුඹුරු ගැන දැන ගැනීමෙන් පසුවයි. කුඹුරු පොළොන්නරුවේ. මිනිස්සු දම්මවලා වැඩ කරනවාමේ තමයි මම රොබින්සන් කෲසෝ පන්නයේ ස්වයංපෝෂණය වීමක් ගැන බරපතල ලෙස හිතපු අන්තිම අවස්ථාව. අපි කිහිප දෙනෙක්ට රොබින්සන් කෲසෝලා වෙන්න බැරිකමක් නැහැ. නමුත්, එය ඉතාම අකාර්යක්ෂම නිසා මේ වැඩේ කළ හැක්කේ වෙන මොන ක්‍රමයකින් හෝ සැලකිය යුතු වත්කම් ප්‍රමාණයක් එකතු කරගෙන සිටින ධනවතෙකුට පමණයි
.
උපුටා ගැනීම අවසන්.....
වෙජිටේරියන් අවවාදය :  ලිසී  ඉස්සව පොල්මුඩ්ඩෙන් හෝදලා(crayfish වෙන්නැති), හැබැයි උයන්නේ නං පණ පිටින් :) 

ප්‍රේමකුමාර එපිටවලට සැබැ කරගන්න බැරිවුන ස්වයංපෝෂිත සිහිනය, ලිසී නම් සැබෑ කරගෙන තියෙන විදිහයි, මේ වීඩියෝ වලින් පේන්නේ. වත්තෙන් , අසල කැලෙන් එළවලු. කපු, වූල් වත්තෙන්ම. සමහර වුල් සහ කපු රෙදිත් වියනවා, ස්වභාවික වර්ණ යොදලා රෙදි පාට කරනවා . සමහර රෙදි කඩෙන් වෙන්නටත් බැරි නෑ. මෙතන පුරාජේරු සුරංගනා කතා කියන්නෙ නෑනෙ? කතා නෑතුව, කරන දේ කරල පෙන්නනව, එච්චරයි.ඔයාල ලිසී ගැන ටිකක් හාර ඇවිස්සුවොත් තේරෙයි, ලිසී මේ ජිවන රටාව පටන් ගත්තෙ ධනවතෙක් විදිහට නොවන බව. අවුරුදු අටේදි දෙමාපියන් නැතුව, ආච්චි සීයා ගාව හැදිලා රස්සාවට නගරෙට ගිය, සීයගෙ මරණෙන් පස්සෙ ආච්චිචව බලාගන්න එන ගැමි කෙල්ලක්, ධනවතෙක් වෙන්න බෑනෙ?

දැන් මේකතාව ඇත්තද? ඉකොනොමැට්ටා ප්‍රේමකුමාර එපිටවලගෙ සුරංගනා කතාව ඇත්තද කියල බලන්න පේරාදෙණියෙ ඉඳන් ඊරියගමට ගියා නේ? ඔහෙලට නං මේ කතාවේ ඇත්ත නැත්ත හොයන්න ඊට වඩා බොහෝ දුර යන්න වෙනවා. හරියටම කියනව නං දකුණු චීන Sichuan ප්‍රාන්තයට.

දැන් එතකොට විචිකිච්චාව හැදිච්ච කට්ටිය එහෙ ගියාද? ගියාද කියලත් අහනවා දහස් ගාණක් ගියා. මොකක් කිව්වා මසුරන් දෙනවා කිව්වත් යන්නෑ කිව්වා? දැන් නෙවෙයි වාහෙ. මේ කියන්නේ කොරෝන හැදෙන්න ඉස්සෙල්ලා.

මේකේ ඇත්ත නැත්ත ටක්කෙටම කියන්න නම් මන් දන්නෑ. මොකද මම එහේ ගිය එකක්යැ? මාත් ඔය වීඩියෝ වලින් පෙන්නන ටිකතමා දන්නේ? මේ වෙනකොට ලිසී කෝටිපතිනියක්. එහෙම කෙනෙක් මෙහෙම අල්පේච්ච ජිවිතයක් ගත කරයිද? හැබැයි ලිසී කියන්නෙ පට්ට ටැලන්ට් අම්මණ්ඩි කෙනෙක්. එහෙම අය එන්නෙ , නැවකට එකයි.

ලිසී මාකට් කරන්නේ, මොන හත්තිලව්ව තිබුනත් satisfied වෙන්නැති මිනිස්සුන්ට හීන වෙන්නත් පුළුවන්. බලාගෙන ගියාම ඒකෙත් වැරද්දක් නැහැ නේ ? මොකද හොලිවුඩ්, බොලිවුඩ් කරන්නෙත් හීන විකුණන එකම තමා.

එතකොට දැන් එයා යූටියුබ් එකේ ඉන්නේ කොහොමද? එයාට චීන මහා ප්‍රාකාරය නැද්ද? එව්වට තමා පින්වත්නි politics කියලා කියන්නේ. චීන polity bureau එක මේක චීනෙ ප්‍රමෝට් කරන්න හොඳ අවස්ථාවක් කියලා ප්‍රොපගැන්ඩා එකක් විදිහට යූටියුබ් යන්න දුන්නා වෙන්නත් පුළුවන්.
ජෙෆ් බෙසෝස් ගේ concept එකක් අරගෙන ජැක් මා අලිබබා හැදුවා.එහෙව් එකේ ලිසීගේ concept එක අරගෙන වෙනම එකක් හදන එක අවුලක් නෑනේ?


ලිසීගේ වගේම මේකත් ඇත්තට නැත්තද කියල මං දන්නෙ නෑ?  දැනගන්න ඕනෙත් නෑ.  දෙකම හීන විදිහටම තියාගන්න කමා මං කැමති. ඒකත් වෙනම ආතල් එකක් ඈ.


Disclaimer: මෙව්වා බලලා, මේ කොරෝනා පීඩනය පිට, නැට්ට උඩදාගෙන, තියෙන ලබුකැටෙත් දමා ගහල,  ස්වයංපෝෂිත සිහිනෙ හොයාගෙන  ගිහින් කෙලව ගත්තාට, කිසිම මූකලන්  බස්සෙක් වග කියන්නේ නැත.

9 comments:

  1. https://discourse.ceylonica.org/

    ReplyDelete
    Replies
    1. Call me dumb, if you will, but for the life of me, I couldn't get what that link means. Nevertheless, thank you so much for the encouragement, always.

      Delete
    2. Rest assured that you aren't dumb. I revel in meaningless nonsense.

      Delete
  2. බස්සා මමත් අහම්බෙන් දැකලා ලිස්කි බලන්න සෙට් වුණා. පුතයි මායි දෙන්නම බලන්නේ. ඒ හැම වගාවක්ම (බඩ ඉරිඟු, අල, බෝංචි) තියෙන්නේ කිට්ටුව වෙන්නත් ඒ හැම දේම ලිසී තනියම කරනවා වෙන්නත් බැරි බව තේරෙනවා බලද්දී. ඒත් ලිසී වැඩ කරද්දී තියෙන අතේ හුරුව නිසා පොඩි authentic ගතියක් තියෙනවා (නැහැ කියලා අපි දන්නවා වුණත්) චීනේ ගැන වැඩි විස්තර මෙලෝ දෙයක් දන්නේ නැති වුණත් ඒ videos වල පොඩි 'විය හැකි' බවක් තියෙනවා. (චීනේ ගැන හොඳට දන්නා අයට සමහරවිට ඒවා අවුල් ඇති) ඒ නිසා මම ඒවාට කැමතියි. අපි හැමෝගෙම ඇතුලේ ඉන්නවා මං හිතන්නේ එළවලු වවාගෙන කන්න, රෙදි වියාගෙන අඳින්න කැමති ප්‍රාථමික මනුස්සයෙක්!
    බස්සා දෙවෙනියට දාලා තියෙන ලංකාවේ video පෙළත් මම කලින් බැලුවා. ඒ ගෑනු ලමයාටත් අතේ හුරුව නම් තියෙන බව පේනවා. ඒත් අපි ලංකාව ගැන දන්නා නිසාද මන්දා ඒවායේ මට නම් authentic ගතිය අඩුයි. අරම එළියේ පෝරණු පොඩ්ඩවල් හදපු ගෙවල් තියෙනවද? ඒ හදන සමහර කෑම බීම ජාති කවදාවත් දැකලාවත් නැහැ. ලිසී ව කොපි කරන්න ට්‍රයි කරපු එකක්ද කියලාත් හිතෙනවා. (පෝරණුව, ආච්චි කෙනෙක් හිඳීම වගේ දේවල් ) හැබැයි සෑහෙන්න මහන්සි වෙලා නම් තියෙනවා, ඒ නිසා අගය කරන්න ඕන

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනෙ ඕකමයි. වීඩියෝ බලල පුළුවන් නම් කමෙන්ට් කියවන්න. සමහර කමෙන්ට් වලට දවසම හිනා වෙන්න ඇහැකි. එක්කෙනෙක් කියනවා, ලිසී ඔහොම ගිහින් ස්නෝ වයිට් වගේ සත්තු,කුරුල්ලො එක්ක කතා කරන්න ගනීලු.

      මම අගේ කරන්නෙ ලිසීගෙ ටැලන්ට් එක. මුලදි එයා තනියමයි, කැමරා සෙට් කරලා ෂූට් කරලා එඩිට් කරලා තියෙන්නෙ. මට නන් ඒ වීඩියෝග්‍රැෆි පර්ෆෙක්ට්.

      ලන්කාවෙ එකේ කියලම තියෙනවා. Inspired by 李子柒 Liziqi and Dianxi Xiaoge කියලා. මම ඉතින් සෑහෙන්න ට්‍රයි කරනවා
      judge නොකර තියෙන විදිහට රසවිදින්න,ඒත් අර කිව්වැහෙ කියාපු ෆීලින් එක එන එක නන් වලක්කන්න අමාරුයි. හොඳ නිරීක්ෂණයක්, මලී.ස්තූතියි

      Delete
    2. සමාවෙන්න මම තාම මේ බින්දුව හොයනවා Keyman phonetic keyboard එකේ. හොයාගත්ත ගමන් හරියට ල0කාව කියල ලියන්නම්.

      යුරේකා! හම්බවුනා. ලාංකාව සිංහල බිංදුව පිංගොනා පංකාදුයි.

      Delete
  3. මාත් දෙදාස් හයේ විතර උත්සාය කළා ගෙදර වවාගෙන කන්ඩ. මොකද, ඒ කෑම ශුවර් සහ නොමිලේ නිසා. වත්තෙ හිටවලා, ගොම පොහොර එහෙමත් දැම්මා. වැඩේ කියන්නෙ මෑ, කරවිල ආදී වැල් ටිකක් ලොකු වෙලා මළා. බණ්ඩක්ක එක ගහක් ඉතුරු වුණා. ගෝව දඬු ගොලු බෙල්ලො කෑව. ඉතිං මං හිතාගත්තා මට අත්ගුණේ නෑ කියල.

    ReplyDelete
    Replies
    1. මම ගොවියෙක් නූනත්, මේකට උත්තරේ Genetically Modified (GM)crops ම තමා. මේකෙ BT crops කියන වර්ගය නං මතභේදයට තුඩු දෙන මාතෘකාවක්. ඒත් පාරිසරික වෙනස්වීමට, කෘමිසතුන්ට ඔරොත්තු දෙන්න, වැඩි පලදාවක් ගන්න වෙන ප්‍රායෝගික විකල්පයක් ඇතැයි මං හිතන්නෙ නෑ. කරිජ්ජ වලටත් ඔරොත්තු දෙන වී වර්ගයක් අත්හදා බලන බවට ප්‍රවෘතියක් දැක්කා. වැඩේ හරිගියොත් අපේ පුරං වෙච්ච කුඹුරු ට්ක අස්වද්දන්න ඇහැකි වෙයි.

      කොහොම වුනත් කෘමිනාශක නාවල හදන, බැබලි, බැබලි ඉන්න, නොදන්න සුපර් මාකට් එලවළු වලට වඩා නං හොඳ වේවි.

      Delete
    2. හ්ම්ම්...

      භෝග අලුත් වෙන්න ඕනෙ. ඒ උනාට ලාභය සහ ව්‍යාපාර ඒකට මැදිහත් වෙනකොට තමා බලු වැඩ සිදු වෙන්නෙ.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code