පරාදීස වල ඔටුවො නෑ. කාන්තාරවල බස්සො නෑ. සල්ලිකාර ඔටුවො රාමසාන් කාළෙට පරාදීසවලට යනවා, ආතල් ගන්න. එතකොට පරාදීස වල බස්සො කාන්තර වලට යන්නෙ ඇයි? ඔහෙල හිතන්නෙ, රට ඉඳි කන්න කියලද? නෑ . සල්ලි හොයන්න.
කොහොමත් මං පෞද්ගලිකව, ඔටුවන්ටත් , ඔටු නීතියටත් කැමතිම නෑ. ඇයි කියල ඇහැව්වා? මං පොඩි උදාහරණයක් දෙන්නම්: ඔටුවෙක්, බවලතෙකුට බලහත්කාරකමක් කලොත්, ඔටු නීතියට අනුව වැරදි කාරය බවලතා. බවලතා ඔටුවව කුලප්පු කරල තියෙනවා. ඔටු නීතියට අනුව, ඔටුවා සහජයෙන්ම උපාසක සතෙක්. එහෙම නෑ කියල ඔප්පු කරන්න නං, ඔටුව අහවල් වැඩේ කරන කොට වටවෙලා බලාගෙන හිටිය, තව ඔටුවො හතර දෙනෙක් කියන්න ඕනා, වැරැද්ද ඔටුවගෙ කියලා. කොහොමද සාධාරණේ? කොටින්ම, ඒ කියන්නෙ , අපිට කියල ඇරෝ ගන්න, උඹ මෙහෙ ආවෙ ඇයි කියලයි. බවලත්තු රිපෝට් කරල තියනවා. කැකිල්ලෙ ඔටු නීතියට අනුව, ඔටුව එලියෙ, බවලතා කූඩුවෙ.