මේ ගතවෙන්නේ, එච්චරම හොඳ කාළයක් නූනත්, හෙටත් ඉර පායනවා, මල් පිපෙනවා, කුරුල්ලෝ සිංදු කියනවා, අපි බයිල කියනවා. ඔව්වා ඔහොම තමා. මේවාත් එක්ක ජීවත් වෙන ක්‍රමයක් හදාගන්නව ඇරෙන්න වෙන විකල්පයක් නෑ. මිනිසාව ජීවත් කරවන්නේ බලාපොරොත්තුවයි, කියල කව්දෝ කිව්වය කියල මම අහල තියනවා. ඒක එහෙම නං, අපිට තාම අපේ බලාපොරොත්තු ඉතිරිවෙලා තියනවා කියල හිත හදාගන්න බැරි කමක් නෑනෙ?
සතුට කියන්නෙ, බලාපොරොත්තුවක් ඇතිවීමත්, එය ඉටුවීමත් අතර සිතේ ඇතිවන හැඟීමක් කියලා අර්ථකතනයක් තියනවා. ඒත් මං හිතන්නෙ සතුටෙ ආයු කාළය, බලාපොරොත්තුව ඉටුවීම පස්සෙත් ටික කාළයක් තිබිලා දියවෙලා යනවා කියලයි.
මේ කොරෝනා කාලෙ, මං නං බලාපොරොත්තු ගෙන්න ගන්නෙ තැපැල් මාර්ගයෙන්.මේ එහෙම ගෙන්න ගත්ත දෙකක්:
නිතරම ඇසෙන, කියන අසුභ කතා පැත්තක තියලා, මේ උත්සව සමයෙ මට හිතුනා, ටිකක් හරි හිතට සැනසුමක් ගේන දෙයක් කරන්න. අවාසනාවට බස්සොන්ට කලාත්මක හැකියාවක් නෑ. ඒ නිසා මට හිතුන, මම දැකපු, හිතට සැහැල්ලුවක් ගෙනාපු වීඩියෝ කීපයක්, ඔහෙලත් එක්ක බෙදාගන්න.
කතාකරන බල්ලෙක්: Foo....d, you are always on my mind