Mar 15, 2021

බස්සා දුටු බුකිය

https://i.pinimg.com/originals/4c/8c/a6/4c8ca694652d1cc93da653662342b7f6.jpg

තැන තැන රවුමට ඉඳගෙන 
ඉඳහිට එබිකම් කර කර

ප්‍රවෘත්ති දැණගන්න ළමයි බුකි ගත වෙන්නා

බුකිය වටේ යන විට කවිපද කියැවෙන්නා


කොපර කොපර පිපිඤ්ඤා - පස්‌ස බැලුවොත් දෙසඤ්ඤා

"කැකිරි" කියල  ලියඤ්ඤා - හතර වටේ බෙදඤ්ඤා


පැණි මොර මල් පිපුණු රෑට -  බ්ලොග්වල ලිපි දැක්කදාට

බකුසු අපේ සිත් තුළ සතුටක් මතු වෙන්නා 

එවන් අසිරි සිරි දුටු සිත් පිනෙන් පිරෙන්නා


වෝල් එකේ ලියනවාලු - "ලැයික්" කියල කියනවාලු

හොඳ නං "ටැග්" - වලි නං "බ්ලොක්"

ප්‍රොෆයිල් ඇවටාර් මෙව්වා මොනවද මන්දා

"ඕල්ඩ් ඉස්කූල්" බකමූණෝ ඔව්ව නොදන්නා


වැටට කණුත් ඉන්දුවෙ අපි 

"හූම්" කියල දිව්වෙත් අපි

හරිම වැඩේ අද ළමයින් මේව නොදන්නා

වයිවාරණ "සකර-බුර්ග" බුකිය ගෙනැල්ලා

පසු සටහන: සඤ්ඤක වැරදි නං, අහිංසක පක්සියාට සමාව දෙන්ට ඈ?


17 comments:

  1. // ප්‍රොෆයිල් ඇවටාර් මෙව්වා මොනවද මන්දා
    "ඕල්ඩ් ඉස්කූල්" බකමූණෝ ඔව්ව නොදන්නා //

    හැබැයි ඉත්තිං මට ලාවට වගෙ මතකයක් තියේ DGM බස්සා කියලා Facebook ප්‍රොෆයිල් එකක් තිවුනා ඒ් කාලෙ...

    ReplyDelete
    Replies
    1. අතිගරු වන්දනීය බැස්ටියන් උතුමාණන් සඤ්ඤක අකුරු වගේ සරල දේවල් වලට එතුමාගේ අනභිබවනීය බුද්ධිය යොමු නොකලාට වචන ගැන අතිශයින්ම කෙයාර්ෆුල්. ඇණ පිලිබඳ පශ්චාත් උපාධියක් තියන උත්තමයෙක්නෙ. No one can pin his lordship down.
      එතුමා කිව්වෙ පෞරාණික පාඨශාලාගත බකමූණො ගැන මිසක් බස්සො ගැන නෙමෙයි. බස්සො ෆ්‍රී ස්පිරිට්ස්

      Delete
    2. "අනභිබවනීය" වෙන්න ඕනෙ මගෙ හිතේ
      (එක්ස්ට්‍රීම්ලි සොරි, මතක නැතිවුනා, කාගෙ කමෙන්ට් එකක් යටද මං ලියන්නෙ කියල. මතක්වුන ගමං චෙක් කලා)

      Delete
    3. \\...DGM බස්සා කියලා Facebook ප්‍රොෆයිල් එකක් තිවුනා...\\

      හුටා! තිව්නද? එකක් තිබිලා මැකුව කියල දන්නවා, නම මතක නෑ. ඒකත් හැදුවෙ අනිත් අයගෙ පෝස්ට් බලන්න ගියාම සකරබුරුගයා දෙන මල වදෙන් ගැලවෙන්නයි.

      බුකියන් නම මකන හැටි ඉගෙන ගන්න, වෙනමම ගූගල් උපාධියක් කරන්න වුනා. අන්තිමට කිව්වා "හහ් තෝ හිතුවට මැකුවයි කියලා, අපි මේක xxx කාළයක් තියාගන්නවා, හදිසියෙවත් තොගෙ හිත වෙනස් වෙයිද බලන්න කියලා.

      ඔන්න ඊට පස්සෙ මයෙ ඊමේල් එක වැනසුවා " ආං අරයා ස්ටේටස් අප්ඩේට් කලා,ආන්න අලුත් ෆොටෝ ඇඩ් කලා" කිය කිය ස්පෑම් එවලා. මම එතකොට දැණ්ගෙන හිටියා වැරදිලාවත් ඒවට ක්ලික් කලොත්, ඔටෝමැටිකලි රී-ඇක්ටිවේට් වෙන බව. මාත් ඉතිං ගල් ආඳා නිසා කෝටුවෙ ගිය ඉබ්බා වගේ අයින හපාගෙන හිටිය මිසක් කට ඇරියෙම නෑ.

      අපේ සංශයවාදී (Skepticism) බකුසු දර්ශනය අනුව, මට නිකාන් විචිකිච්චාවක් ඇතිවුනා ඇයි මේකා මෙච්චරම ඇකමැති මකනවට කියලා. හරි, හරි ඒක උන්දැගෙ ආදායම් මාර්ගය තමා. ඒත්....

      Delete
    4. //"අනභිබවනීය" වෙන්න ඕනෙ මගෙ හිතේ...//

      Karma is a bitch :) Heee....Haaa

      Delete
    5. Pra Jay බස්සො ෆ්‍රී ස්පිරිට්ස් කිව්වාම, මට මතක් වුනේ මම කැමතිම මෙන්න මේ ෆිල්ම් එක
      A Walk in the Clouds

      ඇයි කියල නං අහන්න එපා. තනි තට්ටෙන් බාල්කෙ එල්ලලා බොක්සිං ගැහුවත් , කියන්නෙ නං නෑ

      Delete
    6. //කියන්නෙ නං නෑ//
      The natural reaction of your lordship.

      //මාත් ඉතිං ගල් ආඳා නිසා//
      The mouth may not lie, but the tongue ....

      Delete
    7. මොනවද අම්මේ අකුරු ජාතියක්, බ්ලොග් ලිපිවල කව්දෝ ලියලා...
      කව්රුද අම්මේ ඒව ලියන්නේ.. සඤ්ඤක අක්ෂර හැඩ කරලා..

      පුතා දන්නෙ නෑ, කොරෝනා කාලෙට ජංජාලේ හරි වැඩ කෙරෙතී
      බකමූණෝ බණකතා ලියා..ද්දී, xxxxවරු උන් ඇණ ගසතී

      Delete
    8. ග්‍රීස් ගා ගත් nostalgic ගල් ආඳා

      Delete
  2. අනේ බොගෙ සිංදු...!

    ReplyDelete
    Replies
    1. ඔය බලාපංකො ඉතිං,"බ්ලොග්වල ලිපි දැක්කදාට
      බකුසු අපේ සිත් තුළ සතුටක් මතු වෙන්නා.." කියල කිව්වෙ බොගෙයි පැතුම්ගෙයි බ්ලොග් මතක්වෙලා තමයි

      Delete
    2. හා එහෙනං...

      සෑ වෑව්...!!!

      මාාාර සිංදුව ඈ. තව තව ලියවේවා!

      Delete
  3. Replies
    1. සම්ප්‍රදාය කඩ නොකරාට මගේ බකුසු ආචාරය..

      Delete
  4. ඕල්ඩ් 'ඉස්කූල්' කියලා කිව්වෙ ඇයි? 'ස්'උච්චාරණය කරන්න බැරි බස්සෙක්ද? (තරහ යන, අන්තවාදී බස්සෙක්ද කියලා ටෙස්ට් කරනවා මේ)

    ReplyDelete
    Replies
    1. මූකලං බස්සොංගෙ උපන් ගෙයි දෝෂයක් තමා අනවශ්‍ය මහප්ප්‍රාණ/සඤ්ඤක. ඔය "ඉ"යන්නත් ඒකෙ කෑල්ලක්. අර වරහං ඇතුලෙ තියෙන කොටසට, අපේ සාවියෙ කියන්නෙ "හීං සැරය" කියලා :)

      Delete
    2. හා හා හා... හොඳ, හීලෑ බස්සෙක්.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code