Mar 18, 2021

The New Corporation, ගූගල් සහ ඇල්ගොරිතම

 සුජීව කොකාවෙලගෙ The null device බ්ලොග් එකේ ඉන්ටරෙස්ටින් ලිපියක් කියවන්න ලැබුනා


අතීතයේ සිට වර්තමානය දක්වා ඉතිහාසගත වෙලා ඉන්න "වීරයො" ගැන අලුත් මානයකින් බලන ඔහු දර-දිය ඇදපු "ෆුට් සෝල්ජ්ර්ස්ලා" ට ලැබිච්ච තැන ගැන සාධාරණ තර්කයක් මතු කරනවා. මේ වීරයොන්ගෙ ඇසින් ලෝකය දැකීමේ නැත්නම් ටිකදෙනෙක් විසින් අපේ අනාගතය තීරණය කිරීමේ පොඩි අවුලක් තියනවා. ඇයි, අපි උපකල්පනය කරනවා "වීරයො" හැමතිස්සෙම චෝයි,  බලන්නෙම ලෝකෙ හොඳ තැනක් කරන්න කියලා.

The New Corporation ඩොකියුමෙන්ට්‍රි එක කරපු කස්ටිය කියනවා ඒක එහෙම නෙමෙයි කියලා. සියට සීයක් එකඟ නූනත්, ඒ අය අහන ප්‍රශ්ණ එහෙම ලේසියෙන් මඟහරින්න බෑ.



මට වීරයෙක් වෙන්න බෑ, වෙන්න ඕනෙත් නෑ. වීරයො එක්ක ඒ හැටි අවුලකුත් නෑ. මම ලියන්නෙ ගූගල්ට පිංසිද්ධ වෙන්න. බුකියෙන් ගැලවුනත්, ගුගල්ගෙන් ගැලවෙන්න ලේසි නෑ. හරි වචනෙ "not worth",  ගුගල් සෑහෙන දෙයක් අපට දීලා තියනවා. අපි granted  කියල ගන්න "search"  අද කොච්චර දුර ගමනක් ඇවිල්ලා තියනවද ?



නමුත් ඒකෙන්. ගූගල් කියන්නෙත් Corporation එකක් කියන  fact එක, වෙනස් වෙන්නෙ නෑ. ගූගල් කියන්නෙ චැරිටි සර්විස් එකක් නෙමෙයි බිස්නස් එකක්. ප්‍රමුඛතාවය ෂෙයාර් හෝල්ඩර්ලා සහ ලාභය. පාරිභෝගිකයො වෙන අපි යම් මිලක් ගෙවනව. හැබැයි මදුරුව ලේ ගන්නවා වගේ දැනෙන්නෙ නෑ.එතකොට  ඔහෙලා අහවි "දැන්  මොනවද අපට කරන්න කියන්නෙ" කියලා. ඒ හැටි දෙයක් කරන්න බෑ, එක දෙයක් ඇරෙන්න. ආන්න ඒක ගැනයි මේ කියන්නෙ. 

" Information is Power"  කියන එක තව දුරටත් රහසක් නෙමෙයි. ඒක ගූගලුත් දන්නවා, ඇමසන්, MS විතරක් නෙමෙයි හුවාවෙයිත් දන්නවා. නැහ්නම් මිලියන ගාණක් quantum lab එකකට යට කරාවියැ?

ප්‍රශ්ණෙ තියෙන්නෙ මේ එකතුකරන දත්ත භාවිතා කරන විදිහ ගැන.  ඕක ලේසියෙන්ම අනිසි භාවිතයට ගන්න පුළුවන්. උදාහරණෙ චීනය.

මම චීනෙ දේශපාලන ක්‍රමයට කැමති නෑ. ඒත් චීනෙ සුපිරි ධනවාදයත්, රාජ්‍ය  ඒකාධිපති වාදයත් අතර බල අරගලය, බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. මතකනෙ "ජැක්-මා" . ඔව්, ඔව් අර සතපහ වගේ මූණ තියෙන හාදය තමා. CCP  එක ඇරියනෙ එයාට. තව "සතදහය" කොම්පැනියෙ ලොක්කෙකුටත් දුන්නා සබ්බුව. කතාවෙ කියවෙන්නෙ ජැක්-මා , සුපිරි ව්‍යවසායකයින් පුහුණු කරන පාසලැක් ආරම්භ කලා කියලයි. අසීමිත බලය ඒකරාශීවීම - දුන්නා බැස්ටිය.


මම සංශයවාදී, අඥාතවාදී බස්සෙක්. තේරෙන බාසාවෙන් කියනවා නං හැමදේම ප්‍රශ්ණ කරන එකෙක්. වීරයො චෝයි, Corporation චෝයි . සිස්ටම් එක ඒක බලාගනීවි, සෙල්ෆ් රෙගියුලේට් වෙලා ගාණට බැලන්ස් කර ගනීවි,කියල එකක් මගේ පොතේ නෑ. හෑ, ඇයි කියල ඇහැව්වා? එහෙම තමා Boeing ලත් කිව්වෙ. ඔය සෙල්ෆ්-සර්ටිෆයි කරගෙන ඇන්නෙ. අපි මේ කතාකරන්නෙ දෑවැන්ත සහ බලසම්පන්න යාන්ත්‍රණයක් ගැන.සමහර කොම්පැණි වල ආදායම, සමහර රටවල් වලටත් වැඩියි. 

වැඩිදෙනාගෙ කැමැත්තට ගරු කිරීම වගේම හැමදේම ප්‍රශ්ණ කරන එකෙන් යම් තරමකට පාලනයක් වෙනවා කියල මට හිතෙනවා. Take the red pill...and stay in Wonderland, or find the rabbit hole and see  how deep it goes, And yeah, learn to read between lines.





23 comments:

  1. හ්ම්ම්ම් හ්ම් හ්ම්....
    කෝ ජැක් මා..?? එයැයිගෙ අම්මා තාම ජීවතුන් අතරද දන්නෑ? ඔඩරේට දැන් මාසෙකුත් පැනලා තමා බඩු ටික පිළිවෙලකට අතට හම්බුන්නෑ...අරුන්දට කිඹුහුම් නොයවා ඉන්න මම ලොකු උතසහායක නිරත වෙලා ඉන්නෙ මේ දවස් වල..

    ReplyDelete
    Replies
    1. මෙහෙමනෙ සෙන්නා. කොම්පැනියෙ නම අලිබාබා. අලිබාබා කියන්නෙ හොරුන්ගෙත් හොරෙක්. එතකොට, අනික "කූඹි" කොම්පැනිය. උන් ඊට එහා :)

      චීන අවුරුද්ද වැටෙන්නෙ, අවුරුද්දෙ මුලට. ඒ අස්සෙ කෝවිඩ් නිසා වෙන පමාව. මගේ බඩුත් පරක්කුයි, හැබැයි එනවා

      Delete
  2. ලෝකය පෙරළෙයි - කාලෙ ගෙවී යයි - වෙනස් වෙවී යනවා
    පෙරදි වගෙ නෙවෙයි - හරීම අමුතුයි - දැනන් ඉන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. කුකුලො අඬනවා - ඉර පායනවා - නරියෙකුත් මෙහෙට එනවා
      වැඩිය ලියන්න - නම් බැහැ ගොයියෝ - සඤ්ඤක වරදිනවා

      . අපේ බැක් යාඩ් එකට නරියෙක් එනවා. අපේ "ආදි වාසියා" මට පෙන්නුවෙ. බල්ලෙක් වගේමයි, පොඩියි, ලස්සනයි. මං හිතන්නෙ නෑ උන් බස්සොන්ට කැමතියි කියලා. සූජානං සරීරෙ මං හෙමීට ලුහුටලා ගියා.

      ට්රූ ඉස්ටෝරි. මං මුසාවක් කියනවා නං, අල්ලපු ගහේ කොට්ටොරුවට හෙන ගහන්න ඕනෙ.

      Delete
  3. ඇයි මේක ලිව්වෙ?
    - හැමදේම annoying විදිහට ප්‍රශ්න කරන ඒලියන් කෙනෙක්

    ReplyDelete
    Replies
    1. රයිගං පත්තුවේ බක මූණා..ය
      සමහරුන්ට DGM බස්සාය
      කවි කර කියන්නේ දෑහින් දුටු දේය
      දොලොස් වසක් බ්ලොග් ලෝකයෙ උන්නාය

      අන්ඩ කවර් CID ඒජන්ට්ය
      මිෂන් වලට නෙක,නෙක නම් තිබුණාය
      කන්න කැමති පලතුරු නං චෙරි බෙරිය
      ඕං රාළෙ පැටිකිරියම ලිව්වාය

      වඳිනට ගිය කළට පුරාණ දේවාල
      ගමේ චන්ඩි ලෝඩ් බුරා සිටියාය
      පරණ කතාවක් එලියට පැන්නාය
      අයි හෑව් ද රයිට් ටු බී සයිලන්ට්..ය

      Yours truly

      දොරකඩ ගහේ මූකලං බස්සා aka DGM බස්සා

      Delete
    2. Some skeletons in the cupboard dude PJ. We've decided to let bygones be bygones. ;-)

      Delete
    3. You, good sir, have just made my day. :)

      Delete
    4. Lord Bur,
      Some grudges are cherished and enjoyed by all parties concerned including the bystanders.
      Also, eel-owl hybrids are hardly ever cornered.

      Lord Bastian, my day is made on rare occasions when eel owls are (almost) nailed.

      Delete
    5. Let's cut to the chase. It's no brainer, that I did have an ulterior motive to write a blog post this fast. I had to cover my tracks, to save my own a**. Extremely sorry for the collateral damage, Comrade.

      Delete
    6. Damaged who, my enigmatic aristocratic friend?

      Delete
    7. //..my day is made on rare occasions when eel owls are (almost) nailed//

      😂😂😂.I didn't see that coming

      Delete
  4. හූම්ම්... මටත් කාලෙක ඉඳං හිතිලා තියෙන්නෙ. ඔය ඉතිහාසගත වීරයන්ගෙ වෙනම ඇජෙන්ඩා එකක් තිබුණය කියල... ඒක ඉතිහාස ප්‍රබන්ධ විසින් වහල වෙනම පින්තූරයක් හුදී ජන පහන් සංවේගයට පළ කරනව. ඒ ප්‍රබන්ධ කාරයන්ගෙත් තියෙන්නෙ වෙනම ඇජෙන්ඩාවක්...

    ReplyDelete
    Replies
    1. හ්ම් ....+++++++++++( අනුග්‍රහය ධන.. එක්කො ඕන් නෑ)

      සැටිපිකේට් ට්රූ. ඔය කියනව වගේම හිත සසල කල සිද්දියක් මම දැක්කා. ඉස්සෙල්ලාම කියන්න ඕනෙ, මම ජාතිවාදයට විරුද්ධයි කියල.

      කලකට ඉහත මම දැක්කා මොකක්ද නාසි වීඩියෝවක් ගැන සංවාදයකදි, සුද්දො කට්ටියක් ජර්මන් හාදයකුට වට කරගෙන නෙලනවා. ජර්මන් හාදය අන්තිමට මෙහෙම කිව්වා " ඉතිහාසය ලියවෙන්නේ ජයග්‍රාහකයන් අතිනි" කියල.

      ඊට පස්සෙ මම මේක දැක්කා:
      Russian veteran recalls their crimes in Germany

      මට, "මේකත් ලෝකයක්ද කරතේලිස් " කියල හිතුන.

      Delete
    2. https://scholarlycommons.law.case.edu/cgi/viewcontent.cgi?article=1078&context=jil

      The Crime of Genocide Committed against the Poles by the USSR

      Delete
  5. Replies
    1. Hallelujah! Finally,"In Time" becoming a reality. Aha, another "Hero".
      Agree with this part, though:
      For some, one man's utopia is their dystopia. I think he got me covered :)

      In Time Full Movie

      Delete
  6. බස්සා මේකට කැමැති වෙයි කියලා හිතුනා. Forget the religious crap within the story.

    Lovely People: A short graphic novel by Minna Sundberg

    ReplyDelete
    Replies
    1. "Bunnies living in a social credit system"

      හෙහ්, හෙහ් ඒක නං ඕන බස්සෙකුට නැගලා යන මාතෘකාවක්. ස්තූතියි, හෙමීට බලන්නම්.

      Delete
  7. මෙච්චර ලිපි සෙට්ටේකක් මට මිස් වුනේ කොහොමද කියල මම මේ කල්පනා කලේ.. ගිය මාසෙම මම බ්ලොග් බලල නැද්ද කොහෙද හෙහ් හෙහ් ...

    ඔය තියරි කොහොම උනත් මිනිස්සුන්ගේ පරිබෝජන වාදයට සපෝර්ට් කරන්න පුළුවන් කෙනා දිනනවා...

    කොහොම උනත් අපේ ජිවිත කාලේ හෙන ආතල් ගැජට් සහ ටෙක්නොලොජි දකින්න ලැබීම ගැන තියෙන පුදුමාකාර සතුට සහ තව තව වැඩියෙන් ඒවා දකින්නත් අත් විඳින්නත් තියෙන ආසාව සහ පුළුවන් උනොත් අභ්‍යවකාශ චාරිකාවක් යනකම් අල්ලගෙ ඉඳලම මැරිලා යන්න තියෙන ආසාව හින්ද මම නම් ඔය මොන කොම්පැනියටවත් දොසක් කියන්නේ නැහැ .. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක දැක්කෙ පහු වෙලා. හෙහ්, හෙහ්. මම ටිකක් කම්මැලි බස්සෙක්, මේ දවස්වල ලිව්වට, සාමාන්‍යයෙන් වැඩිය ලියන්නෙ නෑ. මිස් වෙන්න ඇත්තෙ ඒකයි.

      මටත් තියෙන ප්‍රශ්ණෙ ඔය ගැජට් වලට තියෙන ආසාව තමා. අභ්‍යවකාශය ගැන පුදුමයකුත්, උනන්දුවකුත් තිබ්බාට, එයින් එහාට ආසාවක් නෑ. අපි මේ පෘතුවිය කියන comfort zone එකේ තියෙන ආතල් එක වෙන තැනක තියෙනවා නං ඒක මනින්න වෙන්නෙ ආලෝක වර්ෂ වලින් කියලයි මට නං හිතෙන්නෙ. ඒ නිසා තියෙන "ලබු කැටේ" රැක ගන්න තමයි වැඩිය කැමති.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code