Apr 20, 2021

අමුතු සත්තු

 රට්ටු නං කියන්නෙ බස්සා අමුතු සතෙක් කියලයි. උලමා නැත්නම් යක් කුරුල්ලා කියන්නෙත් බස්සෙක් කියලයි සමහරු නං කියන්නෙ. ඒ කතාවෙ ඇත්ත නැත්ත මම නොදන්නව වුනාට, මට සමහරු "උලමා" කියලත් අමතලා තියන නිසා, බාගදා එහෙම වෙන්නත් පුළුවනි. ලෝකයාට මාව කොහොම පෙනුනත්, මට නං,  මම තාම  "මූකලං බස්සා."

ඔහොම කිව්වට, ඔය අමුතු සත්තු ගැන මගේ පොඩි මනාපයක් නැත්තෙමත් නෑ. මේ ඉන්නෙ එහෙම හාදයෙක්:


ඔහෙල දන්නව නෙව Lawyer ( සඤ්ඤක අවුල්ය)  මහත්තුරුන්ගෙ උඩෘත පාඨය -  I'll nail your a**, right on the court floor බව.  වැටවල් වලට තියල ඇණ ගහන්න කැමති මහත්තුරු හිටියත්, ඔය කස්ටියගෙම අතේ මිටිය වරදින්නෙ නෑ. මේ Lawyer මහත්තයා අමුතු හාදයෙක්. එයා කැමති අගුල් වලට. 

හ්ම්....  "ලාවුලු කෑ රිලවා" කියල ඉංගිලිසියෙන් ලියන්නෙ the cat who ate the canary කියල නේද?

AI -Artificial Intelligence  ගැන ලියන්න අදහසක් තියනවා. අනේ මන්දා, ඒ ගැන මගේ හැඟීම එච්චරම සුභවාදී නෑ. හැමතිස්සෙම සීරියස් පෝස්ට් ලියන එක නරක නිසා, මේක එව්වා තනුක වෙන්න දාන එකක්.

15 comments:

  1. ලෝකෙ හුඟක් අමුතු සත්තු ඉන්න බව මට ආයෙ මතක් වුනේ ලංකාදීපෙ තිවුන මේ ලිපිය දැකලා. හැබැයි අමුතු අපිද, මේ ලිපියෙ ඉන්න "සත්තු" ද කියන එක ප්‍රශ්ණයක් වුනත්, මේ මම අකමැතිම සත්තු ජාතිය.

    පාස්කු ඉරිදා

    මේකත් ලෝකයක්ද, මරතේලිස්!

    ReplyDelete
  2. බස්සා මුතුද අමුතුද අමු කැවිලද කියලා මං නං දන්නෙ නෑ. ඒත් අති ගෞරවාර්භ බස්තියන්තුමා එහෙමනං කියන්නෙ හැමදාමවගේ අපි අති දොහොත්මුදුන්දී පිලිගන්නං
    අපිට දන්වල තියන විදිහට එතුමා කැමති මෙහෙම ඇණ වෙන්න ඕනෙ
    https://en.wikipedia.org/wiki/Bondage_(BDSM)
    ඇණ කිලෝ එකකට වැඩි නං ඉතිං
    https://www.psychologytoday.com/us/blog/the-attraction-doctor/201506/3-reasons-why-we-dont-commit-relationships

    ReplyDelete
    Replies
    1. පලවෙනි කොටුවෙන් පෙනෙන්නෙ යෝග වියායාම් කරනව
      හරෝ හරා බැතිමතුනුත් ඔහොම එල්ලිලා ඉන්නව
      ලණු නම් ඇත, ඇණ පේන්න නැතැයි කියා මට හිතෙනව
      ලණුව දිරලා ඇතැයි හිතල හිමිහිට පල්ලං බහිනවා

      Delete
  3. ඉංග්රීසියෙන් කියන්නෙ
    Rilwan who ate roofing-tiles.

    https://www.names.org/n/rilwan/about#
    බස්සා උලමාට අමතරව රිලවෙකුත් වෙන්න පුලුවන් මේ අනුව.
    යූකේ ඉන්න උතුමාණන් සන්ෂයින් කියලත් තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. Sorry, Rilwan who ate light roofing-tiles.

      Delete
    2. පුස්තකාලෙ මයි කාලය ගත වෙන්නේ
      එකයි,,,ගත්කතුයි කියා කව්රුත් අමතන්නේ
      සිංගල් මෝල්ට් යූකේ වල හිඟ නෑනේ
      මොකටද..මූන්ෂයින් ගැන කරදර වෙන්නේ

      Delete
    3. රිලවා, රිල්වාන් සහ light roofing-tiles කතාව තේරුනේ නැත. ගැත්තාට සමාවී පහදා දෙන සේක්වා!

      රිලවා: එතකොට මුදලාලි ලාවුලු කෑවෙ අපි විතරමද?

      Delete
  4. ලා තණ කන ගොනුන් පහරන්නේ දියට
    ලා උලු කෑවාම මක් වෙයිදෝ xකට?

    ReplyDelete
    Replies
    1. වහලට ලා-උලු හෙවිල්ලන හන්දා
      කන්නට එපා-ප්‍රාජේ කිව්වද මන්දා

      Delete
  5. ලාවුළු ගෙඩියක් දැකපු කාලයක් මතක නෑ...

    ReplyDelete
    Replies
    1. ලාවුළු මම එච්චර කැමති කෑමක් නෙමෙයි. ගම්වල අය ලාවුළු උයන්නත් ගන්නවා, මට නං ඒත් කියන්න තරම් රහක් නෑ. ඒ නිසා නැහැයි කියලා අඩුවක් නෑ.

      Delete
    2. හැත්තෑ ගණන්වල හාල් පොලු, සීනි පොලු දාලා තියෙද්දී මිනිස්සු ඉදුණු ලාවුලු දාලා රසකැවිලිත් හැදුවා....

      Delete
    3. හ්ම්...ඉදුණු ලාවුලු රසකැවිලි වලට හොඳ ඇති, නමුත් කාලා නැති නිසා දන්නෙ නෑ. යමක් හිඟ වුනාම අපේ අය හරි ක්‍රියේටිව්. බාගෙට ඉඳුනු ලාවුලු පොල් වගේ ගාලා අරගෙන, අර හල් වල තිත්ත අරිනවා වගේ හෝදලා කෑම හැදුවා.

      Delete
    4. මම කාල තියෙනවා.. ඉදුණු ලාවුළු පිටි ගතිය වැඩි හින්ද කන්න අමාරුයි... ඉස්සර ගස් වලට පොලු ගගහ ගම වටේ යන කාලේ අහුවෙන හැම ගෙඩියම කාල බලනවනේ .. හෙහ් හෙහ් ...

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code