Jun 12, 2021

කොරන්ටයින් කවි

මරදානට පායන සඳ
ලස්සනදැයි කියන්න
මා නොදකින ඒ පුරසඳ
ඔබට හැකිය දකින්න

අදුරු ලලා වහිනා කල
මහරගමම තෙමෙන්න
බැරියර් යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...

රාළාමිල අත වනාවී
එපා අහක බලන්න
කෝවිඩ් මතකය ගුලි කර
බේරෙ වැවට දමන්න

චාමිල, හැලපෙල,  ඉවාන්ල
ඉන්නවදැයි  බලන්න
පරණ පෝස්ට් කියවන කොට
තනි ඇහැට ඇඩුනා කියන්න

අල්ලපු වත්තටත් අපේ
ඩෙල්ටා ආව කියන්න
අපේ ගමට පායන හඳ
හැකි වෙයිද ආයෙ දකින්න

උම්බලකඩ වඩේ එකක්
ඉස්සො වඩේ හපන්න
ඩොංගා කාලා ලොකට් කියන
පලතුරු රස බලන්න

උගුරැස්ස, දිවුල්, වැල වරකා
හරකා වගේ ගිලින්න
ආයෙත් ඉස්සර වාගේ
චෑන්ස් එකක් ලැබෙන්න

අපේ පිං අවසාන වෙලා, බොලොග් ලෝකෙන් චුත වෙච්ච, "බීටල් බෙයිලි"  ගේ කවියක් කියෙව්වා. එතන මසුරන් වටින පෝස්ට් ටිකක් තිබ්බත්, යන්න අමාරුයි. බාගයක් කියෝගෙන යනකොට හඳුන් පොත "කීං " ගානවා. ඔව්, ඔහෙල නොදන්නව වුනාට, බස්සොන්ටත්, අමාශය, පිත්තාශයට අමතරව හදවතකුත් තියනවා. අපි මොන කවියොද, කරතේලිස්?

බීටලයාගේ  "සැගවුණ සිතුම්"   කවි පන්තිය.
ඊළඟට  මොලේ කුරුවල් කරපු "අහිමි සඳ" කතාව.  එතකොට "උපන්නාට මේ ලොව වැනෙනවා විනා" කියල කිව්වෙ, කන් පාත් වෙන්න දෙකක් නමාගත්ත කවියෙක්ද, ආයිබෝං?


සියලු සංස්කාරක ධර්මයෝ අනිත්‍යයයි. සංසාරේ බොහොම දිගයි!

8 comments:

  1. මං ලගදි බැස්ටියංතුමාගේ පරණ පෝස්ට් තුන හතරක් ආයිත් කියෙව්වා. තව බ්ලොගර්ස්ලා දෙතුන් දෙනෙක්වත් ඒගමන් විසිට් කලා. පුදුම කමෙන්‍ට් තොගයක් !

    ReplyDelete
    Replies
    1. කාලය මැව් වෙනසක අරුමේ...

      Delete
  2. බ්ලොග් ලියන්න හිත හදා ගන්නත් සෑහෙන මෙව්වා එකක් දෙන්න ඕනෙ.. ලියාගෙන යනකම් පුළුවන් උනාට නතර වුනාම ආයේ පටන් ගන්න හෙන කම්මැලියිනෙ... බොහෝ අයට වෙලා ඇත්තේ ඒක ..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වලටත් එක්ස්ෆයරි ඩේට් තියනවා කියන තියරි එක ඇත්ත වෙන්නත් ඇහැකි.

      Delete
  3. පුදුම වැඩකි අද නං වුණෙ සකි සඳිනී
    කියවද්දී හිත එහෙ-මෙහෙ දිව් බැවිනී
    කමෙන්ටුවට අදහසකුත් නැති හෙයිනී
    ඒ බව ලියමි, කවියෙන් මම මේ ලෙසිනී

    ReplyDelete
    Replies
    1. ආප්ප බාන්නැහෙ පෝස්ටු එන හන්දා
      මෙහෙම ලියන එක,හරි වැරදිද මන්දා
      අඩු ගානේ ඔහෙලාවත් එන හින්දා
      බ්‍රේක් එකක් ගනු කිව්වා අපෙ නැන්දා

      Delete
  4. ඒ කතාවයි මේ කවි ටිකයි දෙකම මාරයි . බිටලයට මොකද වුනේ ,එහම අහන්නත බහ. අපටත් වැඩ වැඩියි තමයි

    ReplyDelete
    Replies
    1. ඒ හැකියාව මට නෑ, ඒත් මෙහෙම හරි ලියන්න උනන්දුව ගන්නෙ ඒව බලල.

      වැඩ වැඩිද? එපා වෙලාද? බුකිය ගිල්ලද? අනිත්‍යද? එක්ස් ෆයරි තියරියද? කියලා හරියටම දන්නෙ නෑ, ඒත් නැති පාඩුව නං සැරේටම දැනෙනවා😒

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code