Jun 17, 2021

මලබාරි නයිට්ස් සහ ආඩතෝඩ එළුවා

ආඩතෝඩ කියන එකේ තේරුම "එළුවන් නොකන" කියලා අහල තියනවා. මේක දෙමල වචනයක්ලු. ඇත්ත නැත්ත බලන්න, එලුවෙක්ගෙන්  ඇහැව්වාම, ඌ කියාපි එහෙම ගහක් දැකලා තියා අහලවත් නෑ කියලා. අද බේතකට ගන්නවත් අඩාතෝඩ ගහක් නැතුව ඇති තමා. හැල-යක්ඛ බාසාවෙන් පාවට්ටා , අගල් ආධාර කියලත් කියනව වුනාට, මූකලං බස්සොන්ට එව්වා ආඩතෝඩම තමා.

අපේ වත්තේ, ආතා හිටවපු ආඩතෝඩ ගහක් තිබුණා. ඉඳලා හිටලා, ආයුර්වේද බෙහෙත් වලට ගන්නවා ඇරුනාම වෙන ප්‍රයෝජනයක් ගැන දන්නෙ නෑ. 

බකුසු අප්පුච්චා දුන්නා එකටත් බැස්ටිය. අපරාදෙ කියන්න බෑ උන්දෑට ගස් පේන්න බෑ. දවල්ට කාලා, පොරවත් අරං එනකොට ගස් වෙව්ලනවා. එදාට ඉතිං තවත් අසරණ ගහක් නේනගං යනවා. රඹුටන් ගහ, බෙලි ගහ, වැලි අනෝද ගහ, මුරුංගා ගහ සහ කතුරු මුරුංගා ගහත් , තව අඹ ගස් කීපයකුත්, උන්දෑ අතින් නිවන් දැක්කා. ඉස්සර ඉඩම් වලට නම් තිබ්බා, අපේ ඉඩමෙ නම "දෙල් ගහ වත්ත." . වත්ත මැද්දෙ, ලොකු බෙනයක් තිබ්බ,  තැම්බුවාම පිටි වගේ වෙන ගෙඩි බර වෙච්ච රටදෙල් ගහක් තිබ්බා. එයාටත්, අපේ ලොක්කගෙ පොරෝ පාරෙන් බේරෙන්න බැරි වුනා. 

බෙන වලට ගස් වලට ආදරය කරපු බස්සෙක් වෙච්ච මම, මේ ගැන ලොක්කත් එක්ක කොච්චර හබ කලත්, එයා ලොක්කා නිසා මම පැරදුනා. පස්සෙ , කාමරංකා ගහත් වැලිගංපිටි ගියා. ගස් හිටෙව්වෙ ආතලෑ පරම්පරාව, අපේ අප්පුච්චා ගස් හිටෙව්වද කියලා, කිසිම මතකයක් මට නෑ, ඒත් එයා ගස් කපන්න නං දෙයියා. ඒකට කිව්වෙ "වත්ත සුද්ද කරනවා" කියලයි. අපේ ආතා බිව්වෙ සුරුට්ටු. මේසෙ යට ඉඳලා, වැටිච්ච අප්පුච්චාගේ සිකරැට් බට් එක උරලා මාට්ටු වෙලා ගුටි කාපු බකුසු පැටියාට, වේලිච්ච කොල වලින් සුරුට්ටු ඔතන්න පිහිට වෙච්ච, අපේ ආඩතෝඩ ගහ අදටත් ආදරෙන් සිහියට එනවා.

මේක ගස් ගැන කතාවක්මත් නෙමෙයි. හිංගල බාසාවෙ බොහෝ වචන වල දකුණු ඉන්දියානු සම්භවයක් තියනවා. තමිල්නාඩුවට අල්ලපු ප්‍රාන්තය කේරලයෙ ඉන්නෙ මලබාරි. අපේ අප්පුච්චාගෙ දකුණු ලකේ ගම්මානෙ තිවුන කන්දෙ විහාරයෙ, ගල් පිලිමෙ හදන්න මලබාරි ගල්වඩුවො ආ බව පැරැන්නො කිව්වා. මේ මලබාරි, මතුරපු ගල්කටු වලින්, පහසුවෙන්ම පිලිමය නෙලුව බවත්, කලු බළලෙක් ආ නිසා, දවසක් උයපු කෑම ඔක්කොම විසිකල බවත් කිව්වා. පිලිමෙ නෙලන්න කලුගල ගේන්න, අලි කරත්තයක් පාවිච්චි කලා කියලත් කිව්වා.

ආඩතෝඩා වගේම මලයාලිත්, ලංකාවෙ හිඟයි. ඒත් දෛවයට අනුව, අරාබියෙ මරුකතරෙදි මට මේ අපූරු මලයාලි /මලබාරින්ව ඇසුරු කරන්න චෑන්ස් එකක් ලැබුනා.වෙළදාමට දක්ස, මේ මලබාරීන් කෙතරම් උගත් වුනත්, අතට අහුවෙන ඕනම රස්සාවක් පිලිගන්න මැලි වුනේ නෑ. මේ මලබාරින් ගැන අනිත් ඉන්දියන්කාරයො කියන කතාවක්.

නීල් ආමස්ට්‍රෝන් හඳට ගිහින්, කොඩිය හිටෙව්වාම, ඇහුනලු සද්දයක්. බැලින්නං මලබාරියෙක් "චායි,චායි" කිය, කිය තේ විකුණනවලු. මලබාරින්ගෙ පෙනුම විතරක් නෙමෙයි, කේරලයෙ පරිසරයත් ලංකාවට සමානයිලු. එක මලබාරියෙක් හිටියා, මේකා මාත් එක්ක හිටපු ගමන් උන්ගෙ බාසාවෙන් කියෝගෙන යනවා. මගේ ඇරිච්ච කට දැක්කාම, සොරි කියලා සුද්දගෙ බාසාවට මාරු වෙනවා. කේරලෙත්, මූකලං බස්සො ඇති නේද? කාන්තාරෙක තියෙන උතුරන ලෝදිය හැලියක් වගේ තිබ්බ,ඒ කර්මාන්ත ශාලාව, ක්ෂේම භූමියක් වුනේ, එහෙම හමුවුන මිත්‍රයො නිසා තමා. (උද්දච්ච, කම්මැලි අරාබි කාරයොගෙයි,යම පල්ලොන්ගෙයි වෙනසක් නොපෙනුන නිසා තමා, මම සල්ලි ටිකක් හොයාගෙන, එතනින් චුත වුනෙ) 

අනිත් හාදයා කුමාර්. එච්චරම තාක්ෂණික දැනුමක් නොතිබ්බාට, උපන්ගෙයි විදුලි කාර්මිකයා. කතා කරන විදිහ අහන් ඉන්න ආසයි. මාත් ඉතිං ආතල් එකක් ගන්න මෙහෙම අහනවා: ආ, කුමාර් ඉතිං දැන් වැඩ ඉවරවෙලා මොකක්ද කරන්නෙ?

ම්ම්ම්ම්.....ගොයිං ස්ට්‍රේට් හෝම් (අතින් කෙලින් යන හැටි පෙන්නීම), ආප්ටර්(ඔලුව ඔරලෝසු බට්ටාසේ වැනීම) වන් බාත, වන්  ඩ්‍රින්ක, වන් ෆුඩ

අනිත් හාදයා, සෝමෂේකර් "සෝමු" බාස්කරන්. මලයාලි බාසාව කතා කරන්න නහයත් පාවිච්චි වෙන බවත්, "ඩ්" යන්න වෙනුවට "ඩ" යන්න, කාඩ-බෝඩ ලෙස කියවෙන බවත් , කිව්වෙ සෝමු තමයි. Industrial electronics ගැන පලපුරුද්දක් නොතිබුණ මට, කර්මාන්ත උපකරණ තාක්ෂණය, ගුරු මුට්ටි නැතුවම ඉගැන්නුවෙ එයා තමා. ඉන්දියාවෙ න්‍යෂ්ටික විදුලි බලාගාරයක ,කලින් වැඩ කරල තිබුණ ඔහු, ඒ ක්ෂේත්‍රයේ විශේෂඥයෙක් වගේම, දක්ශ ගුරුවරයෙක් වුනා. යාබද ප්‍රාන්ත නිසා, දෙමල සහ මලයාලම් එක වගේ උනත්, සමහර යෙදුම් වෙනස් කියලයි, ඔහු කිව්වෙ. මම හාරාඇවිස්සුවාම ඔහු මෙහෙම කිව්වා.

මලයාලි බාසාවෙන් , මම ඔබේ "සාරම්" ට ආසයි කියන එකෙන් අදහස් වෙන්නෙ, මම ඔබේ කතා විලාසයට ආසයි කියන එකලු. ඒක දෙමලට හැරෙව්වාම " මම උඹේ ගෑණිට ආසයි" වෙනවලු. බඩුම තමා!

පොල්. තේ, රබර් තියෙන, වලව්වල අලි ඉන්න, සරම් අඳින, ලංකාවට සමාන, කේරලය බලන්න යන්න මම "බකට් ලිස්ට්" එකට දාගත්තා.දුර ඉඳලා සුන්දර කේරලය අත්විඳින්න ඕනෙ නං, මෙන්න මේක බලන්න:

ඒත් අපේ ලාල් කාන්ත සහෝදරයා(brother from a different mother) මෙහෙම කියනවා නෙව?"මම ජිනීවා වල ලෝක කම්කරු සම්මේලනයට ගියා, ඔය පිටරට ගියාම, අපි නවතින්නේ අපේ පක්ෂ සාමාජිකයින්ගෙ ගෙවල් වල නෙව? මට පෙන්නන්න බැරි වැඩේ, උන් පණදාගෙන හදලා, කිරිබත්, ලුණුමිරිස්, ඇඹුල්-තියල් වගේ කෑම මට කව්වන්න හදන එකටයි. මම කෙලින්ම කියනවා" මම මෙහෙ ආවෙ, ලංකාවෙ කෑම කන්න නෙමෙයි, මෙහෙට ආවේනික කෑම කන්නයි"" කියලා. බලාගෙන ගියාම, ඒ කතාවත් ඇත්ත නෙව? ඒ සහෝදරයට, ධනපති කෑම රස බලන්න විචිකිච්චාවක් ආව, එච්චරයි. ඕං ආයෙත් අවුල් වුනා, ඒ සැරේ මගේ කේරල ගමන, බකට් එකේ ගැට්ට උඩට නැග්ගා.

එකම අවුල, අපි වගේ සිම්පල් බස්සෙකුට විචිකිච්චාවක් ආවොත්, රට්ටු "ඇයි ගැලෙව්වෙ, ඉත්තෑ අමාරුවද?" කියල අහන එක නෙව? දැන් බලාන්ට, මං කොච්චර අබංක බකමූණෙක්ද කියලා? මේ ලිපියෙම කොච්චර පෞද්ගලික විස්තර ලිව්වද? ඇයි එතකොට, ලෝකයා මට ගල් ආඳා කියන්නෙ? බසු වරෙත්තුව කියලත් කිව්වා කියහංකො. 

ආ , වැලම සුපියල් තුනයි, චීන බඩු ආවා. මේං කැඩිච්ච හාදයා, දැන් ගිණිකසයා වගේ වැඩ😊

If it ain't broke, break it. So, you can make it!

පිංතූර අනුග්‍රහය: අන්තර්ජාලයෙන් සහ මූණුපොත

58 comments:

  1. ඉත්තෑ අමාරුව..
    ඔහෙට මම කිව්වයි කියල හිතාගන්ඩ.
    මේං මං ගියා

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. එසේම වේවා හැට්ටර් මලේ. අවුලක් නෑ, ඉත්තෑ අමාරුවෙන්ම, පෝස්ට් දෙකක්ම තලා ගත්තා😊.

      Delete
  2. https://animals.mom.com/ornamental-plants-that-goats-wont-eat-6010419.html

    එළුවෙක් නොකන කොල ජාතියක් හොයා ගන්න එක , බස්සෙක් නොකන මීයො ජාතියක් හෝ බස්සෙක් පින් ඩවුන් කරන්න පුලුවන් ඇණයක් හොයාගන්නව වගේ එකක් තමයි.

    ටික කාලෙකට ඉස්සර අලුත් කඩේ පාර්ක් කරල තියන වාහනවල බොනට් (ඇමරිකාවෙ හුඩ් වුනාට කැනඩාවෙ බොනට් නේද? ) උඩ නැගල ලඟ තියන ගස් වල කොල කන එළුවො දකින්න හිටිය

    ReplyDelete
    Replies
    1. එලුවා ක්‍රෝටන් කොලත් කනවද? කාලෙකට ඉස්සර, කව්ද හුදී ජනයාට ක්‍රෝටන් කොල කවන්නත් හැදුව නේද?

      අනිත් පලාත්වල කොහොමද මන්දා, මට නං හුඩ් ම තමා. අප්පා බලාන්ට එපෑ, අපේ අල්ලපු ගෙදර කලු අක්කගෙ බොනට් එක? ඩිකියත් ඒකටම දෙවනි නෑ.

      Delete
    2. ඩිකී = බ්‍රිටිශ් ඉන්ඩියන් මං හිතන්නෙ, බ්‍රිටිශ් = බූට්, ඇමරිකන් = ට්‍රන්ක් , කැනේඩියන් වෙනස්ද?

      https://trueafrica.co/article/lengths-zim-women-will-go-beautiful-ass/
      https://en.wikipedia.org/wiki/Steatopygia
      https://en.wikipedia.org/wiki/Cultural_history_of_the_buttocks

      Delete
    3. //The trunk (North American English) or boot (British English) of a car is the vehicle's main storage or cargo compartment, often a hatch at the rear of the vehicle. It's also called a tailgate.

      In Indian English the storage area is known as a dickey (also spelled dicky or diggy), in South-East Asia a compartment.//

      https://en.wikipedia.org/wiki/Trunk_(car)

      Delete
    4. https://grammarist.com/interesting-words/car-hood-and-car-bonnet/

      Delete
    5. ඔව්, ට්‍රන්ක් කියල කියනවා. සෝඩා-පොප්, පෙට්‍රල් ෂෙඩ්- ගෑස් ස්ටේෂන්, ටොයිලට්- වොෂ් රූම් සහ ඩබල්-ඩබල්- සීනි 2 + කිරි 2 , ටිමීස් -ටිම් හොටන් වගේ වචන ඇරෙන්න, මම නං කියන්නෙ මට ඕන විදිහට තමා. එතකොට ඇස් ලොකු කරලා, හොම්බ ඉස්සරහට දික් කරලා "එක්ස්කියුස් මී" කිව්වාම, හරි විදිහට කියනවා.

      Delete
    6. හෙඩ් ලයිට් / හෙඩ් ලෑම්ප්, රේල් වේ / රේල් රෝඩ් ?

      Delete
    7. ඔව්, තව වචන ඇති, දැන් ඒවා වැඩිහරියක් සාමාන්‍යකරණය වෙලා.

      Delete
  3. ආඩතෝඩ බෙහෙතකි ගුණ දෙන මහරු
    සෙමට බැට දෙතිය විදිහට හරි නපුරු
    දැන් නැහැ හැම තැනම පාවට්ටා පඳුරු
    ඒ පැණියෙන් කරයි, සෙම නම් දුරින් දුරු

    ReplyDelete
    Replies
    1. kumbalangi nights බලන්නම ඕනි. හොඳ කට්ටියක් ඉන්නේ... පුළුවන් නං දවසේ පැය 24ත් වැඩි කරලා දෙන්නකො!

      Delete
    2. ආඩතෝඩ, තිත්ත නැතිවෙන්න උයන ක්‍රමයකුත් තියෙනවද? රහ කොහොම වෙතත් ගුණ නං ඇති. අපි වේලිච්ච කොල සුරුට්ටුව ගැහැව්වෙ, ඒ ගුණේට නෙව? ඒත් මාට්ටු වුනා නං, බඩුම තමා.😂

      Delete
    3. ආඩතෝඩ උයන බවක් නං මම අහලා නෑ. නමුත් කොළ කිහිපයක් කලවම් පලා මැල්ලුමට ගැලපෙයි කියලා හිතනවා.

      තලපත්පිටියේ හිතවතෙකුගේ ගෙදර වටේ පාවට්ටා පඳුරු කිහිපයක් පරෙස්සමෙන් තියාගෙන හිටියා. එයාගේ පුතාට සෙම ගතිය වැඩියි. සෙම ගතිය වැඩි දවසට ඒ පුතාම පාවට්ට කොළ කිහිපයක් කඩලා උණු වතුරට දාලා බොනවලු!

      Delete
    4. අහල තියෙන විදිහට සෙම, අසාත්මිකතාවයට එරෙහිව ඇඟේ ප්‍රතිශක්තිකරණයේ අතුරු ඵලයක්. ගිරීස්ම ඉර්තුවෙ, මෙහෙ සමහරුන්ට සැරටම තියෙනවා. ගෙවල්වල තියෙන පිටි වගේ තුනී දූවිල්ලත් හේතුවක් කියල කියනවා.

      Pollen Forecast බකුසුලන්තය

      Delete
    5. රත ගාය කියන්නෙ, ආස්මිකතාවයක් නේද? අනුරාධපුරේදී , අඹ එකසිය ගාණට කෙලල ඇරලා. පස්සෙන්දා ඇස් අරින්න බැරුව ඔහොම එකක් වුනා වගේ මතකයි.

      Delete
    6. රත්තයා කියලත් කියනවා රතගායට. ඉස්කෝලෙ යන කාලේ දකුනු අතේ වෙදඟිල්ල, සුළු ඇඟිල්ල දෙකේ ගෙඩි දාලා පස්සේ සැරව එන්න ගත්තා. ඕකට ක්‍රීම් එහෙමත් ගෑවා.(ගෙදර තිබ්බ ඒවා නෙමේ ඩොක්ටර් කිව්ව ඒවා) පස්සේ පාවට්ටා,නිදිකුම්බා සහ තව කොල ජාති උණු වතුර එකක දාලා ඒකෙ අත ඔබාගෙන හිටියා. ඔහොම ටික දවසක් කරාම හරිගියා.

      Delete
    7. ගම්වල අලිහක්ක, රත් හඳුන් දෙහි ඇඹුලෙන් උරච්චි කරලා ගානවා. පොඩි අසනීප, ඔය අත්බේත් වලින් හොඳ වුනා කියල මතකයි

      වැඩිය ප්‍රසිද්ධ නැති, ඒත් අත්දුටු අත් බේතක්, ඉදිමුම් වලට: විට කන්න ගන්න හුණු සහ මී පැණි මිශ්‍ර කරලා ගෑම. මිශ්‍ර කරන කොට රත් වෙනවා ලෙසටම.

      Delete
  4. ලාල් කාන්ත කියපු එකම මාත් කියල තියනව පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයින්ට.
    ඒත් කවුද මට කිව්වා සමහරු අපි එන එක පාවිච්චි කරනවලු තමන් ආස ශ්‍රී ලාංකික කෑම ලොකු ෆීස්ට් එකක් හදන්න.

    මාත් අවුරුද්දක් විතර හිටියොත් ආස වෙයි ආයිත් ලාංකික රස බලන්න. ඒත් මට තියන සති දෙක තුනට එහෙ කෑම ට්‍රයි කරන්න තියන චාන්ස් එක අත් ඇරල මෙහෙ හැමදාම කන බත් සම්බෝල් කරි කන්න නම් කිසිම කැමැත්තක් නෑ.

    අනිත් එක එහෙ සෝෂල් ගැදරින් වලට යන එක. එහෙ අමුතු හෝ ඉන්ටරෙස්ටින් තැන් දකින්න, අත් විඳින්න තියන සීමිත කාලය නාස්ති කරගෙන මගෙ යාලුවන්ගෙ තව එහෙ ඉන්න ශ්‍රී ලාංකික යාලුවන් නෑදෑයන්ගෙ ගෙවල්වල ගිහින් කාලා බීලා ලංකාවෙ දේශපාලනය, ටෙලි ඩ්‍රාමා ආදිය ගැන කතා කිරීම බෝරින් හා සීමිත කාලෙ නාස්තියක් මට, ඒගොල්ලන්ට ආස දෙයක් වුනාට.
    ( මං ඉතින් හුඟාක් ප්‍රිවසි පැරනොයිඩ් නැතිවුනත්, 80% විතර ඇන්ටි සෝෂල්නෙ බැස්ටියංතුමා )

    //කලු බළලෙක් ආ නිසා, දවසක් උයපු කෑම ඔක්කොම විසිකල බවත් කිව්වා//

    ????? හෑ... මං හිතං හිටියෙ ඒක යුරෝපීය පැරණි විස්වාසයක් කියලනෙ. ඉන්දියාවෙ / ලංකාවෙත් තිබුනද? කොලෝනියල් බලපෑමෙන්ද?
    https://en.wikipedia.org/wiki/Black_cat
    https://www.thesprucepets.com/black-cat-folklore-554444

    ReplyDelete
    Replies
    1. කලු බළලාට කොහොමත්, ගම්මුන්ගෙ ඒ හැටි මනාපයක් නෑ. කොහොමත් බල්ලා වගේ නෙමෙයි, බළලා පුරු, පුරු ගගා ඔලුව අපේ ඇඟේ උලන්නෙ ආදරේට වඩා "සෙන්ට් මාක්" කරල "Hippity, hoppity now you are my property" කියන්නයි. පස්සෙ ගමනක් ගිහින් ආවම, ආයෙ ඉව කරල බලනවා, වෙන බැළලියෙක් එක්ක "චීට්" කරල තියනවද කියලත්.

      Delete
    2. https://owlchatter.com/do-owls-mate-for-life/

      Delete
    3. ගම් වහරෙ "හිරයක්" ගන්නවා කියල කියන්නෙ, කට කහනවටෑ?

      බස්සාගේ escape route

      Delete
    4. https://emmaclairesweeney.com/2015/10/15/owl-song-at-dawn-captured-by-legend-press/

      Delete
    5. ලංකාවෙන් එන අමුත්තන්ට, ලංකාවෙ කෑම කවන එක, සමහරවිට හොඳ හිතින්, නොදැනම කරන වැරැද්දක් වෙන්න ඇති. එක්කෝ අර කිව්ව වගේ, යටි අරමුණක් තියනවත් ඇති. අපි මේ දානයක් දෙනව වගේ ෆීස්ට් එකකුත් හැදුව, දැන් කාපිය කියල හිතනවා ඇති. නැත්නම්, "කොහොමද ලතා, මගෙ දේශීය සූපශාස්ත්‍ර දැණුම" කියල පේන්නන්න කරනව වෙන්නත් පුළුවන්. විසඳුම සරලයි: එන්න කලින්ම, කෙලින්ම කියන්න ඕනෙ" ලංකාවෙ කෑම ඇරෙන්න, ඕන පු*ක්" කියලා.

      Delete
    6. ඒත් එහෙම එන සමහර අමුත්තන් ඉන්නව ඇති වේල් දෙකක් බත් , සම්බෝල නැතුව ඉන්න බැරි අය. මං දන්න අය නම් නෑ. ඒත් කියවල තියනව එහෙම අය ගැන.
      A different species from me. I'm part alien anyway noh.

      Delete
    7. ආපු අමුත්තවත් දක්කගෙන, යාලුවොන්ගෙ ගෙවල් ගානෙ,ලංකාවෙ දේශපාලනය, ටෙලි ඩ්‍රාමා කතා කරවන්න ගෙනියන එක නං, වස වැරැද්දක් තමා. මෙහෙම අවස්ථාවකවත් බත්,සම්බෝල හොයනව නං ඒක අවාසනාවක්. ඒත් අත්දැකීමෙන්ම දන්නවා, කෑමක රස කියන්නෙ, බඩගින්න+අවස්තාව+පරිසරය මත සෑහෙන්න වෙනස් වන දෙයක් බව. ඔය රහස කල්පනාවෙන් පාවිච්චි කලොත්, විච්චූරණ නැතත් සරල කෑම වේලක් වුනත් හොඳට රස විඳින්න පුළුවනි.

      එක එක්කෙනා කාපු රසම කෑම, කොහේදිද කෑවෙ, සාකච්චා මේසයට හොඳ මාතෘකාවක්. මට පොස්ට් එක ලියන්න ඇහැකි. මොකද හිතෙන්නෙ අදහස ගැන? කස්ටිය කියාවිද, නැත්නම් වෙනද වගේ හොර බළල් ක්‍රමවේදයට ලුහුටලා යාවිද?

      Delete
    8. PraJay සර්, දවස් දෙක තුනනං කෝමහරි අල්ලං ඉන්ඩ ඇහැක් හැබැයි සුමානෙ ඉන්නකොට මිශෙලින් ෂෙෆාලගෙන්ම කෑවත් බට්ටිකක් මිරිස් සැරට මක්කවත් බඩට වැටුන්නැත්තං ඉතිං බඩගින්නේ වගේ තමා.
      ජයවේවා!
      Myself Hattor

      Delete
    9. බත් ටිකක් බඩට නොවැටුනොත්, ඒ අවුල පස්සා පැත්තේ බිසිනස්-එන්ඩ් එකට ලෙසටම දැනෙන ගතියක් ඇත. වෙනත් කෑම රස බැලීමට බාදාවක් නැත, දිගටම නං කන්ට බැරිය.

      කෑමට පත්තියම් නැතත්, හැම බත් වර්ගයම කන්න කැමති නැත. කන පිඟාන සුදු සහ තුනී වීම, බකුසු කෑම රුචියට බොහෝ සේ බලපාන්නේය.

      -අබංක බස්සා-

      Delete
    10. Mr. Hector, විවිධ කෑම තියනවනම් මට නම් මාස දෙක තුනකින් විතර තමයි ආපහු පුරුදු බත් කරී ආසාව එන්නෙ.
      ලෝර්ඩ් බැස්ටියං, මං බත් කන්නෙ අනන්නෙ නැතුව. එක බොහෝදුරට එක කටකට බත් සමග එක කරියයි හෝ බැදුමයි. ඔක්කොම අනනවා දකිනකොටත් අප්සෙට්නෙ මට. කිව්වනෙ ඒලියන් කියලා.

      Delete
    11. වෙනත් විදිහෙ කෑම හැදුවොත් හෝ කන්න එක්කරගෙන ගියොත් ඒ වගේ 'ලුනු ඇඹුල් නැති කෑම කන්නෙ කොහොමද' වගේ පොඩි පොඩි විවේචන එන්න පුලුවන්. උදාහරණයකට මාලු (fish) ලන්කාවෙ හදන විදිහට මිරිස්, ලුනු ඇඹුල් විදිහට මිසක් බේක් කරලා, පෑන් ෆ්‍රයි කරලා කන්න කැමති අය අඩුයි.අපේ palate එක හැඩ ගැහිලා ඒ විදිහට. මගේ යාලුවෙක්ගෙ නෑදෑ ලමයෙක් ඇවිල්ල හිටිය, එයාට උදේටත් බත් සහ සම්බෝල කන්න ඕනෙ හදිස්සියකටවත් cereals, ඕට්ස් කන්න කැමති නෑ.

      මාලු (හෝ මස්) සහ හොඳ සැලඩ් එකක් වගේ ආහාර වර්ග දෙකක් තුනක් විතරක් කන්නත් අපේ අය අකැමතියි. ප්‍රාජේ කිව්වා වගේ සමහර වෙලාවට හිතෙනවා කොහොම ඔය වගේ ගොඩක් අනාගෙන කන්නද කියලා. තැනකට ගිහිලා අපි ටිකක් වෙන්න බෙදා ගත්තත් හොස්ට් කෑගහනවා ඔහොම ටිකක් කන්නෙ ඇයි කියලා. ඒවා අපි පුරුදු වෙලා තියෙන විදි.

      'ආපු අමුත්තවත් දක්කගෙන, යාලුවොන්ගෙ ගෙවල් ගානෙ,ලංකාවෙ දේශපාලනය, ටෙලි ඩ්‍රාමා කතා කරවන්න ගෙනියන එක නං, වස වැරැද්දක් තමා': අමුත්තො හිටියත් නැතත් හුගක් අයගෙ social calendar එකේ තියෙන්නෙ ඔච්චර තමයි.

      Delete
    12. ඒලියන්? ම්හු...වෙන්න බෑ, ඔය ක්‍රමේට කෑම කාලා තියෙන්නෙ බොහොම ටික දෙනයි. මූලාශ්‍ර සොයාගන්න නැත. මතකයෙන් ලියමි.

      රාජ භෝජනයට, වරකට වෑංජන හතලිහක් පමණ තිබුණි. අවුලුපත් බලන රාළ සියලු රාජභෝජන "කට ගෑමෙන්" පසු, පැයදෙකක් නිදාගනියි. උන්දෑ අභාවප්‍රාප්ත නූනොත්, රජ බොජුන් මේසයට වඩියි. පලමුව දියවඩන නිළෙමේ, රජුගේ අත දොවා, රන් පිඟානට අලුත් කෙසෙල් කොලයක් එලයි. ඉන්පසු බත් හැන්දක් සමඟ, එක වෑංජනයක් බෙදනු ලැබේ. මේ ආකාරයට අත දෙවීමත්, අලුත් කෙසෙල් කොලයත්,බත් හැන්දත්, ඊළඟ වෑංජනයත් දිගටම සිදුවේ.

      හපන්නෙ නැතුව, කිඹුල කිරිමැටි ගිලින්නැහේ, ගිල්ලද කියල නං දන්නෙ නෑ.

      Delete
    13. බාගදා...ඒකත් ඇත්ත. ලෝටස් ලියල තියෙන්නේ. රටගිය ඇත්තන්ගේ ආගන්තුක සත්කාර කතාවේ, අනිත් පැත්ත. හැට්ටරේ අමුවෙන්ම ලිව්වැහෙ, "අපේ ගුහාවෙ ලගින්න ආව නං, කාපිය දෙන විදිහට" කියන එකත් ඇත්ත. එතකොට දැන්. මොකක්ද ඇත්ත? සොරි, ඒක නං, අඥාත බස්සෙකුගෙන්, මේ කපේදි දැණ ගන්න ලැබෙන එකක් නෑ.😂

      Delete
    14. මම නම් කියනවා ලංකාවෙ කෑම නැතුව වෙන මොනව හරි කියලා. එකක් දෙකක් රස නැත්නම් ටිකක් කාලා කන්න පලතුරු යෝගට් නට්ස් චොක්ලට්, ක්‍රිස්ප්ස්, බයිට්ස්, බඩපිරෙන්න බොන්න බියර් සයිඩර් වයින් තියනවනෙ. අනිත් එක කවුද ගෙදරට වෙලා ඉන්නෙ ඇවිදිනවනෙ එතකොට ස්නැක්ස්, හොට් චොකලට් කෝපි තියනවනෙ. ලංකාවෙත් බත් දාගැබක් සයිස් නොකන එකේ, එහෙදි මොකටද?

      කවදද ෆුඩ් පෝස්ට් එක ලියන්නෙ ?

      Delete
    15. බුදු අම්මෝ මිස්ටර් නෙලුම් හැමදාම උදේට බතුයි සම්බෝලයි ඕනෙ අය ඉන්නවද???
      ඒකත් හැමදාම සීරියල් හෝ ඕට්ස් කනවා වගේ කරුමයක්නෙ. සීරියල් හෝ ඕට්ස් කනකොට අඩු ගණනේ වෙනස් පලතුරු හෝ නට්ස්වත් දාගන්න පුලුවන්. බතුයි සම්බෝලයි විතරක් හැමදාම? හිරේ ඉන්න ඕනෙ පිංවතුන්නෙ !
      මට නම් අද උදේ කාපු දේම හෙට උදේත් තියනකොට සෑහෙන්න ඩිප්‍රෙසිං

      Delete
    16. //කියනවා ලංකාවෙ කෑම නැතුව......රස නැත්නම් ......පලතුරු යෝගට් නට්ස් චොක්ලට්, .....බොන්න බියර් සයිඩර් වයින්ස්නැ...... හොට් චොකලට් කෝපි තියනවනෙ//

      හෙහ්, හෙහ් ඔබ වහන්සේ නං නියම ගල් ඉබ්බෙක්. කට්ට බොහොම ඝණයි. ඔය නියමෙට කළමනාකරණය කරගෙන තියෙන්නෙ සිටුවේෂන් එක?

      කොළබ "මාතර බත් කඩ" වල උදේට, ගියොත් ටයි පොලු දාගත්ත මහත්තුරු, රතු කැකුළු බත් පොල් සම්බෝලත් එක්ක ගිලින, මනරම් දර්ශණය බලා ගත හැක. එහෙම හාදයෙක් මෙහාට ආවෙ, වංගෙඩි/මෝල් ගස්, අඩුම-කුඩුම ඔක්කොම අරගෙන. ඇහැව්වාම කිව්වා" සම්බෝලයක්වත් 'තලා' ගන්ට නැත්නම්, මක්කටෙයි?" කියලා.

      ෆුඩ් පෝස්ට් හෙමීට ලියන්න ඕනෙ,

      Delete
    17. ප්‍රාජේගෙ ඒ ලිස්ට් එක ශෝක්. ඒවා හුඟක් අය බත් සහ කරිවලට supplement මිසක් substitute විදිහට ගන්න කැමති නැහැ කියලා මම හිතුවෙ... ඒලියන්ම තමයි. (මිස්ටර් නෙලුම් කියලා තියෙන්නෙ මටද. I am no මිස්ටර්, BTW. Presume it's not a prerequisite to be commenting here).

      Delete
    18. Mrs, Madam, Miss, Reverend ? :-)

      Delete
  5. අඩේ නෝ, ලාල්කාන්ත සහෝ ජිනීවා ගොහින් ලංකාවේ උන්ගේ ගෙවල්වල ඉඳලා එවුං ලංකාවේ කෑම කව්වනවා කියල වොරි වෙනවාලු.
    චයිනීස් කඩේ කොහෙද ලොකු සර් මසල වඩේ .
    ඒරටේ කෑම කන්ඩ ඕනෙනම් හෝටලේක ඉඳල ඕන ඕන ජාතියේ රෙස්ටොරන්ට් වලින් කන්ඩෑකිනේ. අපි එපා කියනවද නෑ නේ. පොඩි එකාගේ ආසාවනේ.
    ෆුඩ ගැන කියනකොට සර් මලබාරින්ගේ ඉන්නවා සිරියන් ක්‍රිස්ටියන්ස්ල. එතනින් හැදිලා තියෙනවා මරු ෆුඩ් මෑෂප් එකක්. මටන් පෙපර් ෆ්‍රයි හෙම එයාලගේ වැඩ. තවත් විස්තර ඕනෙමනං බලාන්ඩ Rick Stein's India, Madurai and Kerala.
    දැන් ඔය බකට් එක පුරවන්ඩ ගියාම කේරළේ විතරක් රවුං ගහන්ඩ එපා පුලුවන්නං යන්ඩ තමිල්නාඩුවේ මහාබලිපුරම් හෙම බලාගෙන පුඩුචේරි (පොන්ඩිචෙරි) වලට. අපේ පළාතෙන්ම ප්‍රංස කාරයෝ ඇන්කර් එක ගැහුවේ එහෙ. French cuisine ඔරිජිනල් ඕ ඉන්ඩියන් ව'ශන්.සුවර් එකටම අර (හෝත+) අඹුව නං කැමති වෙයි වැඩේට.
    ලොකු සර් ඔය කිව්ව පිචර් එක මටනං ටිකක් ස්මුත් මදි, පොල්ලෙන් ගහනවා වගේ හැබැයි ඒකෙත් මරු ගතියක් තියෙනවා. ඕඕ යේස්.
    වෙලාවක් තිබ්බොත් බලාන්ඩ Unda, ඔව් අපි සිංහලෙන් කියන උණ්ඩ ම තමා. අන්න පිචර්. ලොකු සර් ඕක බැලුවොත් කියන්ඩ Mammootty ටිකක් මහින්ද මහත්තය වගේ කියල හිතෙන්න මට විතරමද කියලත් ඈ?
    රායිට්, ලොකු සර් දැන් මේකේ ඉත්තෑවො කීයක් ඉන්නවද? බි.පෙ.සි.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. අඩේ අර Rick Stein ඩොකියුමෙන්ට්‍රි එක නියමයි අප්පා. මුලු එකම යූ-බටේ තියනවා. කාලෙකට ඉස්සර Unda වගේ ඇක්ෂන් එව්වා බැලුවෙ පැනලා. ඒත් ඔහෙට කියන්න මලේ, මේ කොරෝනා කේස් එක ආපු ගමන් මගේ රසඥ්ඥතාවය වෙනස් වුනා නෙව? මටත් නොදැනිම මොකක් හරි මාර්ගඵලයක් ලැබුනා වත්දෑ? අර අරහත් උන්නාන්සෙ , කිව්වෙ ඕක මනින්න මීටරයක් නෑ කියලා?

      හ්ම්..පොන්ඩිචෙරී ඉන්දියන්-French cuisine ඇහෙන කොටම රහයි කියල හිතෙනවා. ස්තූතියි ඔත්තුවට, තව හොයන්න ඕනෙ. ආ, මේකත් එක්ක දැන් ඉත්තෑ පොස්ට් දෙකයි😊

      Delete
    2. Unda ඇක්ෂන් නෙවේ කොමඩි ලයින් එකේ යන එකක්.
      ජයවේවා!
      Myself Hattor

      Delete
    3. තැන්කිව් ඔත්තුවට, එහෙනං බලඤ්ඤං.

      Delete
  6. හරියට හරි! ආඩ- තෝඩ! එළුවා නොකන!
    හරි දැං බහිමු වැඩේට.
    මොකක්ද වැඩේ?
    වෙන මොකක්ද ලියන එක මිසක්!

    ඉස්සර ගමේ බුවාලා ගංජා ඔතන්න ගත්තේ කාප්පෙ. කාප්පෙ කියන්නේ යාපනේ සුරුට්ටුව ඔතල එන කවරෙ , රැපින් එක ! ඌක සීරුවට ගලවලා ගංජා ටික දාලා ඔතා ගත්තාම වටේ ට දහ දෙනෙකුට උනත් ගැහැව්වෑකි ලු හඳේ හාවා ගාවා නතර වෙන්න. මොකද ඒකාලේ ග\ජ මිටියත් දැන් වාගේ මන්දපෝෂනේ හැදිලා තිබ්බේ නෑ. පෘෂ්ඨිමත්ව හිටියා. මදි පාඩුවට හීනියට කපලා වේලා ගත්තු බැවිල ටිකක් හරි අර සුරුට්ටුවෙන්ම පොඩිත්තක් හරි නැවිකට් සිගරට් දුංකොළ හරි භාවිතා කලා. මේ කාප්පෙ හින්දා දැං වාගේ ඇද්ද ගමන් උල් වෙන්න ඇවිලිලා යන එක වුනේ නැහැ.
    කාප්පෙ හොයා ගන්න බැරි උනාම එතුවේ ඔය බස්සාගේ මාතෘකාවෙන් හෙව්ත් ආඩතෝඩා කොලෙන්. මොකද අර කාප්පෙ තිබුනු බොහෝ ගුණාංග තිබිලා තියෙන්නේ ආඩතෝඩා වල! ඔය අගල් ආදර කථාව ඇවිත් තියෙන්නේ ඒකාලේ බෑවුම් ඉඩම් වල කාණු කැපුවාම උඩු පැත්තේ ඉවුර කාණුවට කඩා වැටෙන එක නවත්වන්න හිටවලා තියෙන්නේ ඔය අගල් ආධාර ගහයි.
    පාවට්ටා කියන්නේ අපේ දේශීය නම. උද්භිද විද්‍යා නාමය Pavetta indica කියලා . මෙ අන්තිමට ඉන්ඩිකා කියන කොටසෙන්ම තේරුම් ගන්න පුළුවන් එක දෙයක් තමයි මේ ගහ අපේ රටට ආවේනික වූ ගහක් නොවන බව. උදාහරනයක් විදියට අඹ වල උද්භිද විද්‍යා නාමය Mangifera indika මැන්ජිෆේරා ඉන්ඩිකා. මෙරටට ආවේණික අඹ නම් කෙරෙන්නේ Mangifera zeylanica මැන්ජිෆේරා සිලනිකා කියන නමින්.
    අනික "පාවට්ටා" කියන නමම ගත්තාම ද්‍රවිඪ ඌරුවක් නේද තියෙන්නේ.
    එතකොට තේරෙණ දෙයක් තමයි ඇත්තටම දෙශීය නම අගල් ආධාර බව!
    මෑත භාගයේදී අපිට පාවට්ටා සෙට මෝල් උනේ "පාවට්ටා තල් සූකිරි පැනියෙන්" කැස්සට අපි කැමතිම එකක්. මොකද කැස්ස හොඳ උනත් නැතත් තල් සූකිරි පැනියෙ රහට තියෙන කැමැත්ත. අර මං කලින් කිව්ව ගංජා ලවර්ස්ලාත් තල් සූකිරි පැනියට දැක්වූයේ අප්‍රමාන ආදරයක්.
    බලන්නකෝ එකෙත් හැටි? මොන හොඳ දෙයක් හැදුවත් අපි ඒක අවභාවිතා කරන අපූරුව? මදන මෝදක ගුලි, කොරෙක්ස් ඩී සියල්ලටම උනේ ඔය දේම තමයි.
    හැබැයි දැං මුළු ලෝකෙම ගංජා වලට පොඩි මානුෂික මුහුණුවරක් දීගෙන යනවා. අපේත් බොහෝ මහත්වරු ඒකට හිටගෙන සපෝර්ට් එක . වැඩේ හරි ගියොත් ආඩ තෝඩා, අගල් ආධාර හෙවත් පාවට්ටා වලටත් හොඳ කලක් යාවි කියලයි මටනම් හිතෙන්නේ.
    ලාල් කාන්තගේ කථාව ගැනත් පොඩිත්තක් ලියන්නම්. මීට වසර විසි ගානකට පෙර එනම් එකදාස් නවසිට අනූ හතරේ මම ඉංදියාවේ මදුරාසි නගරයට ගියා. මමත් එක්ක ගිය කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් ෆ්‍රයිඩ් රයිස් වළඳද්දී මම එහේ ඔරිම ජිනල් සයිවර් කඩේකට ගිහිං ඒකේ කැශියර් කූඩුවේ හිටිය බුවාට දන්න ඉංග්‍රීසියෙන් කිව්වා "මම මෙහේ දවස් හතක් ඉන්නවාය! දවස් හතේ වේල් විසි එකම මම් උඹලගෙ කඩෙන් කනවාය! මට මේ වේල් විසි එකට ජාති විසි එකක් උඹලට දෙන්න පුළුවංද?" කියලා. ඌ එක පාරටම මගෙන් ඇහුවා උඹ සිරි ලංකාවෙංද?" කියලා. මමත් "ඔව්!" කිව්වාම මේ යකා මහ හයියෙන් "ඒ රාජා ඉංජ වාග ඩා!?" කියලා කෑගැහුවා. මෙන්න එතනට ආවා සුදු සරම කැහැපොට ගාන ගමන් උස ජොකියෙක්. ඇයි මාත්තයා !? මොනාද ඌනේ? මූ හිංගලෙන් කථා කලා. බලන කොට 83 දෙමළ කෝළාහල කාලේ මෙහෙන් ගිය මනුස්සයෙක්, ඒ කාලෙ වැඩ කරලා තියෙන්නේ "මුතු කරුප්පන් චෙට්ටියාර්" රත්තරං බඩු කඩේ!
    කොහොමත් සංචරයක යෙදෙන කොට ඒ රටේ නැතිනම් පලාතේ සංස්කෘථිය එක්ක ගැලපිලා, ගැවසිලා, ගැලවිලා එන්න ඕනේ. නැතිනම් ඊට හොඳයි ගෙදර ඊන එක.
    මේ වෙලාවේ මට මතක් වෙනවා ෂෙල්ටන් පයාගල කියපු සුපිරි කථාවක්. "අත්දැකීම් නැතිව නිර්මාණය කරණ කලා කෘථිය ගෙදර හදන තෝසේ එකක් වැනිය!" ඉතිං අපේ බොහොමය්ක් එවුං කන්න බලන්නේම පිටිං හින්දා අවුලක් නැත. ඒත් ගෙදර හදන තෝසේ කන එකා ගැන එකෙන්ම අම්බානක දුකය. මොකද තෝසෙ කෙසේ වෙතත් "තෝසෙ කෑම" යනුනිකංම නිකං කෑමක් නොව. එය දෙමළ හඬට කන්දීමකි, දෙමළ සිංදු ඇසීමකි, සාම්බාරු නෑමකි, කොටින්ම වෙනත් පලාතකට නෑගම් යෑමකි!
    මං දන්නවා උඹට තියෙන ලොකුම ප්‍රශ්නෙ මොකක්ද කියලා! ඔව් අර මදුරාසියේ කඩේදි හම්බුනු සිංහල දෙමලා මට ඉන්දියනු රස 21 ක් කෙසේ වෙත්ත් 18ක් විතරම විඳ බලන්නට ඉඩ සලසා දුන්නේය! (මගුල! මම කොමෙන්ට් ලියන්නැත්තේ ඕකනේ!)

    ReplyDelete
    Replies
    1. තනි ඇහැට ඇඩුනා සොඳුරු තට්ටයා මහත්තයා. කවදාවත් මෙච්චර දිග කොමෙන්ට් එකක් වැටිලා නෑ. කියවල ඉවර වුනාම හැති. අර ජිරාෆිට චුම්භනයක් දීලා බෙල්ල දිගේ බැහැපු වඳුරු අත්දැකීම වගේ එකක් ලැබුණා කියහංකො.😂

      ඉන්දියාවේ ඉස්තරම් බිරියානි ගැන අසා තියනවා. ඩුබායි වලදී ඔරිජිනල් තෝසෙ, ඉන්දියන්/පකිස්තානි බිරියානි රස බලන්න අවස්ථාව ලැබුනා. ඉන්දියන් ඝරම් මසාලා චායි එක නියමයි. පැණියෙ ගිල්ලෝපු ඉන්දියන් ගුලාබ් ජමූන් නං, හිටපු ගමන් මෙහෙදිත් ලැබෙනවා. මම ඉන්න නගරෙ තියෙන එක වාසියක් තමා, ලෝකෙ විවිධ ජාතීන්ට අයත් කෑම කඩ කිට්ටුවම තිබීම.

      මේක වෙනමම පෝස්ට් එකකින් කතා කරන්න තරම් වටින මාතෘකාවක්. අන්තිමට කියල තියෙන ප්‍රශ්ණෙ නං ආව තමා, විචිකිච්චාව, උපාසක, විචිකිච්චාව😂

      කාලෙකට ඉස්සර බ්ලොග් ලෝකෙ හිටපු අපූරු කවියෙක්, ලියපු කවියක තිබුන දෙයක්. බ්ලොග් එක හොයා ගන්න බෑ. කවියෙන් කියවෙන්නෙ, ලොරි රියදුරාට ගෝලයා කියන දෙයක්:

      නතර කරමු, මුදලාලිට
      මලක් පූජා කරල යන්ට
      බය හිතෙනව, හඳේ හාව
      බහියි කියල කන්ද උඩට

      Delete
    2. තට්ටයා මහත්තයෝ, මට හැම ජාතියේම වගේ අය තවමත් (ඉඳහිටවත්) හමුවෙන නිසා දැනගත්තේ.... // මුළු ලෝකෙම ගංජා වලට පොඩි මානුෂික මුහුණුවරක් දීගෙන යනවා.// කියලා ඔබතුමා කියලා තියෙද්දී ලියන්න හිතුණා. දැන් ආඩතෝඩා කොළවලට නං ආයෙම හොඳ කලක් යන එකක් නෑ. දැන් හුරුබුහුටි ලස්සන 'ස්කූල් බට්ටො' කරලියට ඇවිත්....
      හැබැයි පාවට්ටා- තල් සූකිරි පැණිය නං මටත්- මං දන්නා ගොඩ දෙනෙකුටත් ගුණ දුන් බෙහෙතක්.

      Delete
    3. අම්මපා දැන් හැම දේම දියුණුවෙලා නොවැ! නිදී මහත්තයෝ!

      Delete
  7. සුදු පුංච එකේ හිවල්හාමි දවසක් කිව්වා, “මටන් ඊටින් ක්‍රෝටන්“ කියල.

    ReplyDelete
    Replies
    1. හෑ, ඒ කියන්නෙ එළුවා ක්‍රෝටන් කනවද? වැඩ අතරේ ආපු එකට ස්තූතියි.

      Delete
    2. මේ ළඟදි ගෝල්ඩ් එෆ්එම් එකේ කියනව, "මටන් ඉන්ද ගාඩන් ඊටින් ක්‍රෝටන්" කියල

      Delete
  8. ආඩතෝඩ වලට වංඇපල කියලත් කියනවා. අතගායට වගේම පීනස් අමාරුවටත් හොදයි කියනවා. රත ගායට මමත් ඉස්සර පාවිච්චි කරා.

    ReplyDelete
    Replies
    1. දැං දැක්කේ. අතගායට නෙමේ රතගායට..

      Delete
    2. වංඇපල? ඒ නම ඇහැව්වෙ අදමයි. එක එක පලාත්වල ජනවහර වෙනස් නෙව? අපි කිව්වෙ ආඩතෝඩ කියලයි.

      Delete
  9. http://ranrandil.blogspot.com/2014/12/294.html

    ReplyDelete
    Replies
    1. අඩේ මේක නියමයි ඩ්‍රැකියො. ස්තූතියි. අහෝ දුකකි, ඉරකි, තිතකි. එහෙමත් කාලයක්!😒

      Delete
    2. එහෙමත් කාලයක් indeed!

      Delete
  10. මේ ලිපිය මට මිස් වෙලානේ . හෑ ලාල් කාන්ත කියලා කෙනෙක් මට ෆේස්බුක් රික්වෙස්ට් එකක් එව්වා. ෆේක් එකක් කියල අයින් කරලා. අද යාළුවෙක් කියනව ඒක ෆේක් නෙමේලු. මට තවම හිතා ගන්න බැහැ මොකද එව්ව්වේ කියල.
    මලාබරි උන්ගේ කෑම අපේ වගේ නේද?

    ReplyDelete
    Replies
    1. උන්නැහේටත් රට එපා වෙලාවත්ද?

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code