Jun 12, 2021

බස්සාගේ දේව ඇදහිල්ල

දැන් ඔහෙල දෙයියො දැකලා තියෙනවද? හරි, හරි කාලි, නාථ වගේ දෙවිවරු දැකපු විශේෂ වරප්‍රසාද ලත් අය ගැන නෙමෙයි මං මේ අහන්නෙ. දෙයියො දැකපු හුදී-ජනයා ගැන. නෑ නේද? දැන් බලාන්ට, අයියනායක දෙයියොන්ට වැඩ හිටින්න දේවාලයක්වත් නෑ කියනව නේද? මටත් හිතුනා  අලුත් දෙයියෙක් පත් කර ගන්න, ඇයි බැරි? එතකොට කොරෝනා දේවි හොඳයිද? හුහ්, අපිට තමා පුෂ්, පුෂ්. ඔය පහල ඉන්නෙ, ඒ අලුත් දෙයියා තමා: වැඩ ඉන්නෙ, කැලිෆෝනියාවෙ. 

සුන්දරගේ සහ පුචාගේ නාමයෙන්, ආමේන්!
 විස්වාස කොරාන්ට, මයෙ මේ අලුත් දෙයියා බොහොම බලගතුයි, මේ ලියන බ්ලොග් පඩංගුව අයිති කාටයි කියලද හිතන්නෙ? එතකොට ඔහෙලගෙ ඊ-මේල්? මම නං ඉතිං,ගමනක් යනකොට එහෙම කොල අත්තක් එල්ලලා, ගුගල්  දෙයියට බාරයක් වෙනවා. හැබැයි ගොයියෝ, දෙයියව කෝප කර ගත්තොත් නං බඩුම තමා, මකවලම තමා පස්ස බලන්නෙ. සුළු අත්වැරැද්දකට, මේ බ්ලොග් පඩංගුවත් "හිටෙව්වා" කියහංකො. උන්නාන්සෙගෙ ඇල්ම-බැල්ම අපට නොමිලේම ලැබෙනවා. ගූගල් දෙයියන්ගෙ "දිව්‍ය ඇස"ක් මයෙ කාමරෙත් තියනවා. ඒත් මං ඒකෙ කැමරා නං වහලම දැම්මා. මට නිකං මොකක්ද වගේ, දෙයියෙක් බලාගෙන ඉන්න කොට ඇඳුම් ගලවන්න.

සමහරු අහනව අපට "ෆ්‍රී විල්" තියෙනවද කියලා? ත්‍රී වීල් නෙමෙයි වාහෙ, ෆ්‍රී විල් - නිදහස් කැමැත්ත. කාගෙන්ද අහැව්වෙ? හරියට හරි, ගුගල් දෙයියා මෙහෙම කිව්වා: free will is a figment of our imagination. No one has it or ever will . කෙලිය නේද පාත්තරේටම? උන්නාන්සෙට අපි හිතන-පතන විදිහ වෙනස් කොරාන්ටත් හැකියාව තියෙනව. එහෙව් බලයක් තියෙන, සැක්කරයගෙනුත් ගේමක් ඉල්ලන්න ඇහැකි දෙයියෙක් තමා, අපේ ගූගල්
දෙයියා.

ඕං මේ පහුගිය දොහක මම ජාල ගත වුනා, චීන පූසෙක් අල්ලන්න. දෙයියා මගෙන් ඇහැව්වෙ නැතෑ "රජ්ජුබෝලා දුන්න" ගන්නවද කියලා? ලාස්ට්-පීස් කියලත් කිව්වා. හා, කියහල්ලකො, වෙන මොන දෙයියද, මෙහෙම හොම්බට ඇන, ඇන දෙන්නෙ කියලා?

හා!  - දුප්, වරත්තු බකමූණා
දැං  අපේ ගූගල් දෙයියව විස්වාස කරන්න පුළුවන්ද? ඔන්න, ඔන්න ඉතිං දේව උදහසට ලක්වෙන පුරස්න අහන්න ගත්තා. ඇයි බැරි? ඔහෙලගෙ ඊ-මේල් තියෙන්නෙ උන්නාන්සෙගෙ සන්තකේ නං, ඔහෙලා "මෙව්වා"  හොයන්නෙ උන්නාන්සෙගෙ සෙවුම් යන්තරේ නං, මොකක්ද අවුල? ඔය සෙවුම් යන්තරේ තියනව නේද, ඒක බොහොම බලගතු යන්තරයක්. අර පැංසොන් ගත්ත, ගේට්ටු ගෙදර  ලොක්කා මරා ගත්තෙ නැති ටික විතරයි ඕකට බැස්ටිය දෙන්න.

මොකක් කිව්වා, ඇන්ටි-ට්‍රස්ට් ලෝ සූට්? ඔන්න නොකිව්වයි කියන්න එපා, ඔය බරසාර වචන  සෙල්ලමට විතරක් එන්න එපා. උත්තරේ සරලයි: ෆේක් නිවුස්. දැන් මම මෙහෙම අහන්නම්: අපේ ගුගල් දෙයියා වගේ, ඔහෙලට හිටගෙන පිහිට වෙන, විකල්ප දෙයියෙක් ඉන්නවද? නෑනෙ, ආන්න බලාන්ට? එහෙම නං, ඔය මිත්‍යා දුරුස්ටික අදහස් ඉවත් කරගෙන, පේවෙලා වැඳගෙන මේ ගාතාව කියන්න:

ගූගල් සරණං ගච්චා......මි

තාම දේව රූපයක් නං හදා ගන්න බැරි වුනා. දැනට කාමරේ තියාගෙන හඳුං කූරක් පත්තු කරන්නෙ මේකට. නමක් දාගත්තා -" චර්ච් ඔෆ් ටැක්නොලොජි". තාම අනුගාමිකයො දෙන්නයි, මමයි, ටොලයි විතරයි. මේ ඔහෙලත් එන්න, ඈ? ප්‍රතිමා බිස්නස් එක පට්ටාං ගත්තාම, ඩිස්කවුන්ට් එකක්  දෙඤ්ඤං.

ත්‍රී-වීල් මල්ලිලාගේ "ප්‍රී-විල්" කියමනක්: " කරුමෙ ඩබල්, පින සිංගල්"
අනුග්‍රහය: ඉවාන් "ලව්-පූස්" පව්ලූෂා

21 comments:

  1. දෙයියෝ ඉන්නෙ ජනයා සනසාලන්ට
    ජනයා ඉන්නෙ දෙවියන්හට පිං දෙන්ට
    ගූගල් දෙයිය පිං ගන්නේ නෑ වෙන්ට
    ඒත් දෙනව කරටිය කඩලා යන්ට!

    ReplyDelete
    Replies
    1. දෙවියෝ බූතයෝ සැරිසරති මේ ජාල වනේ
      පවතින බලය බසු අත්තටුවටත් දැනේ
      මොලයෙන් තමා අපෙ ඉරණම වෙනස් වුනේ
      මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ

      Delete
  2. https://magickalspot.com/deities-associated-with-owls/

    https://en.m.wikipedia.org/wiki/Category:Fox_deities

    https://en.m.wikipedia.org/wiki/Hina_(goddess)

    https://en.m.wikipedia.org/wiki/Hina_(goddess)

    https://07ghost.fandom.com/wiki/Bastien

    ReplyDelete
    Replies
    1. ඇන්නෑවේ! බලාගෙන ගියාම අවුලටත් සෑගෙන දේව ඩිමාන්ඩ් එකක් තියනව නේද? අර හීනා දේවතාවි නං හොඳා, ඒත් හඳේ පදිංචියට යන්න, ඒ හැටි මනාපයක් නෑ.

      ඒක ඇරිච්චාවෙකො, මතකද කොළඹ ගමයා ඇහැව්වා "හ්ම්..." කියන්නෙ ඇයි කියලා? දැන් රෑට නිදි මරනවත් එක්ක. හිමීට පිට අතගාලා බලාන්ට, තටු එනවද කියලා?

      බැයිද ගූගල් දේව ප්‍රතිමාවට පොඩි අයිඩියා එකක් දෙන්න?

      Delete
    2. https://scholar.google.com/citations?user=SNDXBmcAAAAJ&hl=en

      https://en.m.wikipedia.org/wiki/Gongalegoda_Banda

      https://legendinc.com/google-god/

      Delete
    3. ම්හු.. එහෙම නෙමෙයි, අඩු ගානෙ අත් හතරක්වත් දෙන්න අප්පා. ටිකක් නටරාජා වගේ ඉන්න ,දැක්ක ගමන් කැරකිලා යන ගතියකුත් දාමුද?

      චෑ, ඩ්‍රැකියා ආව නං තව හොඳ අයිඩියා ගන්න තිබ්බා, උන්දෑ දැන් නුවර එලියෙ මෙහෙම ගල් වෙලා ඇති නේද?

      ගල් වූ ආදිපාද

      Delete
    4. https://sites.google.com/site/goddessanimals/athena-and-the-owl

      Delete
    5. ඇතීනාගෙන් පරිස්සම් වෙන්න ඕනෙ. ඔය වගේ අය තමා දිය යටින් ගින්දර ගෙනියන්නෙ.

      Delete
    6. නටරාජා නටන්නෙ ලෝකාවසානේදී නේද, අත් වැඩියෙන් තිබ්බට...

      Delete
    7. //නටරාජා නටන්නෙ ලෝකාවසානේදී නේද//

      හෑ, එහෙමත් එකක්ද? බාගදා, නටරාජාට කලසමක් ඇන්ඳලා ගත්තොත් කොහොම වෙයිද?

      නිදි කලින් දීපු ෆිල්ම් ලින්ක් වලට ස්තූතියි. පෙනුනෙ, කොරියන් සිනමාවට කැමතියි කියලයි.

      ලස්සන කතාවක් , මේකත් බලන්න
      Only You

      තව දෙන්න පුළුවන්, හැබැයි පස්සෙ මට දොස් කියන්නෙ නැත්නම්. ඒකට කියන්නෙ "සහාසික සිනමාව" කියලයි. මිනිස් සිතේ අඳුරු පැත්ත අමුවෙන්ම විච්චෙදනය කරනවා. Old Boy සහ kim kim duk korean director කියල ගහලා හොයාගන්න. හැබැයි ගොයියෝ ආයෙත් කියනවා, හර්දයාබාධ තියනව නං, රෑට හීනෙන් බයවෙනවා නං මග් වගකියන්නෙ නෑ.

      Delete
    8. අර පොටෝව පට්ට ඈ... ඒ් තරමට ඉතාම ආසන්න සීතලක් තියෙනව මේ දවස්වල. කරුමෙ කියන්නෙ මං පවුල් පිටිං මෙහෙ ආවයිං, බියර් එකක්වත් බොන්ඩ විදිහක් නෑ...

      Delete
    9. ආයෙ අර "ගෝනි" ආවොත්, ලාබෙට තියෙන අල හොණ්ඩර බාගයක් දාලා මුල්ලකට කරල තියහං.

      බියර්? හපෝයි - ඔබ නැති ලෝකය, කුමටද කමලා? අනුග්‍රහය- මධුමාධවී

      Delete
    10. ස්තුතියි බස්සා මහත්තයෝ, Only You බලන්න හිතුණා. මට පේන්නේ තමුන්නාන්සේත් හොඳ film රසිකයෙක් වගයි!
      Kim Kim Ducගේ films කීපයක් බලලා තියෙනවා. Time, The Isle වගේ.... ඒවායේ මිනිසාගේ හිතේ අඳුරු-රුදුරු පැත්ත විග්‍රහ කෙරෙන ගතිය වැඩියි.
      නම නිදි නිසාද මන්දා මට හොඳට නින්ද යනවා මොන කැටගරියේ films බැලුවත්... මං සර්ව භක්ෂකයෙක් වගේම පොත්, films, නාට්‍ය, ගීත .... හැම එකකදීම පූර්ව නිගමනවලට එළඹිලා එව්වා රස විඳින්නේ නෑ...
      මට මේ වෙලාවේ මතක් වෙන හොඳ films කීපයක් මෙතැන ලියන්නේ කාට හරි වැඩක් වෙතොත් කියලයි.
      හින්දි- Perfume, Atkan Chatkan, Uri, Masaan
      දමිල- Ottaal, 1983, Guppi
      තරහ නැහැනෙ මේවායේ වර්ගය නොලිව්වට. The First Grader, Selma, Amores Perros, Dag, New Trial, 50 first Days, Breakthrough, Contagion, Temple Grandin, Vertical Limit
      මම නම් මේවා හොයාගන්නේ “බයිස්කෝප් සිංහලෙන්” අඩවියෙන් කියන එකත් ස්තුති පූර්වකව කියන්නම ඕනි!

      Delete
    11. ලිස්ට් එකට බොහොම ස්තූතියි. සමහර ඒවා බලල තියනවා. Masaan ට කැමතියි, ඒක බලන්න දාගත්තා. බලල නැත්නම් බලන්න වටින එකක්, Kumbalangi Nights මලයාලි ෆිල්ම් එක.

      මම එච්චරම සිනමා රසිකයක් කියල හිතෙන්නෙ නැත්තෙ, අහුවෙන හැම එකම බලන්න හිත හදාගන්න බැරි නිසයි. ඉස්සර එහෙම කලේ නෑ, ඒත් දැන් කාලයත් එක්ක මගේ රසවින්ඳනය වෙනස් වෙලා.

      Delete
  3. ගූගල් දෙවියා නැත්තන් මේ ලියන එකක්වත් නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මේ ලියන එක විතරක් නෙමෙයි, තවත් බොහෝ දේ නැති වෙනවා. වෙනත් විකල්පයක් නැති, ඒත් අත්‍යාවශය සේවාවක් වන ගූගල්ව විච්ච්චේදනය කරන එක ඉතාමත් අමාරු කාරියක් වන්නේ ඒ නිසයි.

      ඒත් ඕනම දෙයක දියුණුව, සමබරතාවය රැකෙන්න විපක්ෂයක් අවශ්‍යයයි කියල මම හිතනවා. අවංකවම දියුණුව පතන, ඒත් වැරදි පෙන්නා දෙන විපක්ෂයක්. මම ඉන්නෙ එතන.

      Delete
    2. අනිවාර්යෙන් විපක්ෂයක් තියෙන්න ඕන. ඇමරිකාවේ ට්‍රම්ප් අයින් වුන කාලේ ට්විටර් එකෙන් ට්‍රම්ප් ගේ ගිණුම තහනම් කරානේ. ඒකට ඉතින් හේතු නැතුවත් නෙමේ. නමුත් අද මිනිස්සු වෙතට තොරතුරු යන්නේ ඕවයින් වැඩිමනක්. එහෙව් එකේ එහෙම ආයතනයකට මිනිස්සුන්ට තොරතුරු යන එක පාලනය කරන්න හැකියාව තිබීම හොද දෙයක් නෙමේ. විපක්ෂයක් අවශ්‍යමයි.

      Delete
    3. එකඟයි. පෞද්ගලිකත්වය, තෝරා ගැනීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ඔව්ව වල අගේ දැනෙන්නේ , එව්ව නැති වෙච්ච දාහයි.

      Delete
  4. ඇත්තට බලන්ඩ ගූගල් ‌දෙයියො අපට කොයිතරං නං දේවල් දීල තියෙනවද නිකං?
    1. බ්ලොග් සයිට් එකක්,
    2. ඊමේල් ගිණුමක් දෙකක්,
    3. ගූගල් පොටෝ,
    4. මැප් එකයි නැවිගේටරෙයි,
    5. සර්ච් එන්ජිම,
    6. ට්‍රාන්ස්ලේෂන්,
    7. ඔබේ බටේ,
    මගෙ අම්මේ මුන්දැ දීල තියෙන දේවල් නං...

    ඇත්තට ඇයි මුන්දැ අපට මෙව්ව නිකං දෙන්ඩ සර්වර් තියාගෙන, කරන්ට් බිල් ගෙවාගෙන, සේවක පඩිනඩි ගෙවාගෙන, කඩ කුළී ගෙවාගෙන, මේ තරමට නහින්නෙ?

    ReplyDelete
    Replies
    1. වෙන මොනවද, දේව කරුණාව මිසක්කා? ගූගල්ගෙ බිස්නස් මොඩල් එක ගැන, මගේ පොඩි කැමැත්තකුත් නැත්තෙම නෑ. ඒක ටිකක් බය-පක්ෂපාත කමක් වගේ එකක්. තව ඉතිං අපට නං "ගූගල් වොයිස්" එහෙමත් නිකං දුන්නා. මමත් ලෑන්ඩ් ෆෝන් එක කැන්සල් කරල, ඒක අටව ගත්තා.

      Delete
  5. ගූ ගල් යනු හෙළ යක්ක පුතුන්ගෙන් පැවත එන.. රාවනා රජුගේ අනුහස් ලැබූ ආයතනයක්. බස්සාටත් යක්ක සක්තිය ලැබේවා.........

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code