Aug 4, 2021

ඔක්කෝටම මුල හොර බස්සා

මේ හොඳ අහිං- සක බස්සා..
තනිවී හඬනා හැටි දැක්කා..
ඒකයි විල ඉවුරේ ඉඳලා අපි
එක්කරගෙන ආවේ..

පිණි වැටිලා කම්මුල් පෙඟිලා..
පිහාටු වල සායම් මැකිලා..
බකමූණා අපි එක්කලා කිව්වා..
රහසක් ඉකිබිඳලා..

ඔක්කෝටම මුල හොර බස්සා..
කියලා බැන්නා  බෝනික්කා..
ඒ හින්දා මං යනවා යන්නට
එනවද මා එක්කා..

මකුළු දැලෙන් රුවලක් බැඳලා..
පුවක් කොලෙන් ඔරුවක් හදලා..
බස්සා ගිල්ල වන්නයි යන්නේ..
අපි ඔක්කොම නැගලා..


මගේ ලමාකාලය එලිය කල නොදුටු රුසියන් ගත්කතුවරුනි, ඔබටයි මේ ආචාරය.

Vladimir Suteev සහ තවත් කතුවරුන්ගේ සිත්තර කතා බලන්න මෙතනින්.

දියසායම් උලන්න කියා දුන්නේ මේන්න මේ නෝනෙ.  
මේ.....නැගී එන අංකූර චිත්‍ර සිල්පියෙක්ව පේනව නේද?

මිස්ට(ර්) දෙලුං

අදාල නොවන චිත්‍රයකි, 
හුදෙක්  පොස්ටුවේ සැරසිල්ලක් ලෙස සහ ජයසේන මැතිඳුගේ විචිකිච්චාව නිසා යොදාගෙන ඇත. 

132 comments:

  1. අඹතලේ චරිතා බෝනික්කෙක්ද?

    ReplyDelete
    Replies
    1. බැන්නෙ වෙන එකෙක්. අඹතලේදි වයින් කරල බලාගන්ට බැරිවුනා නෙව, බෝනික්කෙක්ද කියල

      Delete
    2. අඹතලේ වයින්, උස්වැටකෙය්යාව ස්පැෂල් වගේ ජාතියක්ද?

      Delete
    3. අඹතලේ තිබුනෙ ජෙනුයින් වල් ෆැන්ටා. හවසට ගහල කස්ටිය ගියේ බඹරු වගේ.

      Delete
    4. අපි චූටි කාලෙ අපේ ගෙවල් ගාවත් තිබුණා. ඕං පාන්දරිම්ම සීයල එනව හැරමිටි ගහගෙන, වෙවුල වෙවුල... ආපහු යනකොට යනව හැරමිටි කරකෝ කරකෝ...

      Delete
    5. //යනව හැරමිටි කරකෝ කරකෝ..//

      ඒක නං පට්ට කතාව ඩ්‍රැකියො.😂

      Delete
    6. අපේ මල්ලි (වඳ බාප්පගෙ පුතා) කිව්වෙ ඔය කතාව

      Delete
    7. ඇයි එහෙනං වඳ බාප්පා කියන්නෙ කියල දෙකොණ මූට්ටු නොවෙන විචිකිච්චාවක් එන එක වලක්වා ගන්න තමා අමාරු.

      Delete
    8. පුංචි අම්මගෙ එහෙම අවුලක් නෑ. ඒ ගැන බකුස් ඒතරං හිතන්න කාරි නෑ

      Delete
  2. ලෝර්ඩ් බුර් දැන් මල් වවනවද?

    ReplyDelete
    Replies
    1. අන්තිම වතාවට දකින කොට නං, වැව්වෙ ගෝවා

      Delete
    2. බුරතීනෝ මල්මාම කරල මූ

      Delete
    3. ඒ මදිවට වන බඹරෙකුත් ඇවිත්...

      Delete
    4. නහය දිග වුනාට ඒ බුරා නෙමෙයි. කව්දෑ කියල දන්නෙ ටික දෙනයි. මම නෑනෙ, ඔය චරිත ඝාතන වලට ?

      Delete
    5. බඹරට මුකුත් කියන්න බයයි, ඔවුන් අනිනවා ඇනිල්ලක් මූණු නාලු වෙන්න. ඒකා බම්බල් බී කියල තමා උගන්නපු නෝනෙ කිව්වෙ.

      Delete
    6. බඹර වගේ- ඇත තවම විසේ.......

      Delete
    7. විස්කි නැතේ.....මට
      ටිකිල ඇතේ

      Delete
    8. ටිකිල xකිල කොයිවත් මට නං අරක්කු. ළඟදී දවසක යාළු මිත්තරයෝ ස්ටෙලා වෙන්න අරගෙන ආවේ 'කොඤ්ඤැක්' බෝතලයක්.
      විශාරදයෙක් කියපි 'මචං මේවා ගහන්නේ උණු වතුරෙන්' කියල. මට යන්තමට ඇහුණේ, විස්තර.
      "දිසානායක, දෙන්න අපිට උණු වතුර ටිකක්!" තව එකෙක් ඉල්ලුවා. මාත් ඉතිං උණුවතුර උණු කරලා තඩි ප්ලාස්ටික් ජෝගුවකට දාලා දුන්නා.

      "මෙච්චර වටිනා බෝතලෙකටත් අපහාසයක්නේ ඕයි මේ කබල් ජෝග්ගුව." බැනුම් කෝටියක්.

      'නැතිව කොහෙන්ද ඕයි, ඔය බෝතලේ බස්සන්ඩ පුළුවන් තරං භාජනයක්, ප්ලාස්ටික් බාල්දියකට තමයි උණුවතුර දාලා දෙන්ඩ වෙන්නේ' මම කීවා.
      හිනා දෙකෝටියයි!
      "යකෝ, බෝතලේ උනුවතුරේ බස්සනවා නෙවෙයි, උණුවතුර ෂැන්ඩි කරනවා..." විශාරදයා තේරුං කළාමයි මං එක ඉගෙන ගත්තේ!

      Delete
    9. කොඤ්ඤැක් ගහන්නෙ අයිස් එක්ක කියලයි මං හිතාන උන්නෙ

      Delete
    10. ඕවා වල වරුනෙ අහල තියනවා වුනාට බීලා නෑ.

      Delete
    11. මේ තියෙන්නෙ දුමී ගලක් උඩට කොන්යැක් වක්කර ගත්ත හැටි...

      Delete
    12. කලිනුත් කියවල තිබ්බත් ආයෙ කියෙව්වා. පට්ට.

      හහ් අපි නොදන්න කොහ්..කොග්නැක්

      Delete
  3. ඔක්කෝටම මුල බකමූණා
    ඒ මදිවට රිටිගල බමුණා
    මුන්දෙන්නව ගිණි තියන්න වෙන්නේ
    බාාාාබකිව් කරලා

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් රිටිගල බමුණා. මෙච්චර කාලෙකට රිටිගල උන්නාංසෙගෙ උපහාසෙට මැච් වෙන කවුරුත් උන්නෙ නෑ. කෝ ඔබතුමීගෙ හොඳ-බාගෙ?

      Delete
    2. මම නෙවෙයි එයා ම තමයි වඩා හොඳ better half

      (එහෙම දාන්න කියල කිව්වෙත් එයා ම තමයි)

      Delete
    3. ක-විකාරියක් නෙව... තව මොන මොන හැකියාවන් ඉස් මතු වෙයි ද දන්නෑ

      Delete
    4. හුටා! එතකොට ලමාතැනී? අපරාදෙ ටැංකිය හිඳෙන්න ගහපු ලේ තොගේ.

      Delete
    5. ඒක නං දන්නෙ ඇඩම තමා. අස්පයා පිටේ, අස්ස ගෝන් පදින්න දස්සයි කියනව ඇහුනා.

      Delete
    6. අස්සය ගෝන් ටික් ටික් ටික්...!

      Delete
    7. ටිකිරි මැණීකෙ කුමාරිහාමි... හනේ ඉතිං මතක් වෙනකොට... පපුවෙ දකුණු පැත්ත ඇවිලෙනව වගේ දැනෙනව බකුස්...

      Delete
    8. ඇවිලුනාට මොකෑ? ආං කතාකරනව අස්පයො පදින්න

      Delete
    9. මං නං මේ එහාටත් යමින් ගමන්!

      Delete
    10. එහෙ එක ම මළ ගෙයක්...

      Delete
  4. බෝ, මූණෙ රතු සායං ගාගෙන ඉන්නෙ මක්කද? ගෑල්ලමයි වගේ මේකප් කරනවද?

    (පොන් බස්සා) කියලා කාඩ් එකක් වදින්නට පෙර...

    ReplyDelete
    Replies
    1. හුටා! ඒ සිංදුවෙ එහෙමනෙ තිව්නෙ? වහාම වෙනස් කරඤ්ඤං. වම්හො, උඹ නං වැම්පයරයෙක් නෙමෙයි , දෙයියක්. හපෝයි, තව ටිකෙන් ඕක රිටිගල මැතිඳට මාට්ටු වුනා නං, මාව අපුල්ලනවා.🤔

      Delete
    2. හූ හූ අපිත් දැක්කා... බකුස් පොන්සේකා කියල දාමු කාඩ්එක.

      (රෙජිස්ට්‍රාර් ගාවට දුවන ගමන්)

      Delete
    3. අනේ බං අපි ඕක ගොඩින් බේරගමු. මං කාටවත් කියන්නෙ නෑ, උඹ කුම්බලා මාලු කාපු කතාව.

      Delete
    4. බොන්ඩ දියං! මං කාටවත් කියන්නෑ

      Delete
    5. මාත් දැක්ක. මට මොනවද දෙන්නෙ?

      Delete
    6. මාත් දැක්ක.

      ලංකාදීපෙ මුල් පිටුවට යවලත් ඉවරයි. “කාන්තා රූපලාවන්‍ය කටයුතුවලට ලැදි ඉතා දුර්ලභ ගණයේ මූකලන් බස්සෙක් හිමකරයෙන් සොයාගැනේ“

      Delete
    7. අපෙ අප්පා කරටි කැඩිලා, කන් පාත් වෙන්ට ගැහැව්වා. මේකා ඊටත් එහා බෙබේ කෙනෙක් නෙව?🤣

      හුටා, ඩ්‍රැකියො උඹත් දැක්කද? මටත් ඉතුරු කරලා, එහෙනං ලේ ටිකක් බීපං

      Delete
    8. අනේ නෝනෙ, තාම තීන්ත වේලුනෙත් නෑ, පත්තරේටත් දැම්මද?

      Delete
    9. ගුඩුස්... බුවෑක්ක බං, මොකද්ද මේ මැරිච්ච මීයො රහ?

      Delete
    10. රිටිගල උන්නාන්සෙ කිව්වෙ, කමෙන්ට් කරන්න පොස්ට් එක කියවන්න ඕනෙ නෑ කියල නෙව? බොලා මොකටද කියවන්න ගියේ?

      Delete
    11. ආයෙත් අහල. කැලෑ පත්තරත් ගහන්න ඇඩ්වාන්ස් දුන්න.

      Delete
    12. කියෙව්වෙ නෑ. කියවුණා, නිකං ඉබේට ම වගේ

      Delete
    13. ඩ්‍රැකියො, අද උදේ පතරාසයට තිබ්බෙ මී සුප් නෙව?

      හෑ, ඇඩ්වාන්ස් දුන්නා? කව්ද, බමුණද?

      Delete
    14. පිනාගෙ නහය මගේ හොටටත් වඩා දිගයි,

      Delete
    15. චරිතාවත් බස්සෙක් ගැලපෙන්නෙ තාරාවන්ගෙ රූපනාවන්න කටයුතුවලට තමයි

      Delete
    16. ඕක තමා ඊයෙ ප්‍රා ජේ මැතිඳු බකමූණට වැස්ලින් ගෑවෙ...

      Delete
    17. මොකුත් නැතිකමට කෙළ ටිකක් ගෑවත් ඇති

      Delete
    18. මහසෝණා, ආයෙත් ඇවිත් තාරාවෙක් උස්සගෙන. ඔය තාරාවා උයාගත්තනං කනවකො බොක්සරයටත් දීලා...

      Delete
    19. http://www.outdoorsmenforum.ca/showthread.php?t=25259

      Delete
    20. මැරිච්ච තාරාවෙක් උස්සගෙන ජයසේන කොහෙද යන්නෙ, අබ හොයනවද?

      Delete
    21. අපොයි දෙයියනේ, මං පොඩි කාලෙ ඉඳන් ආරක්සා කොරගත්ත චරිතෙ!

      Delete
    22. බස්සට කොහොමත් දැන් කන්ඩ කේන්ති ඇති.

      Delete
    23. බකුස් ෆොක්ස්සේනා කියලනම් හිටිය ඉස්සර

      Delete
    24. මූ චරිතට පැණී හලන්නෙ පොඩි කාලෙ ඉඳං ලු කියන්නෙ...

      Delete
    25. මොකද්ද ඔය නරි සම්බන්දෙ?

      Delete
    26. අමූලික බොරු. මම සෙමි-වැජිටේරියන් බස්සා, තාරාවො කන්නෙ නෑ.

      ජයසේන මැතිඳු ටිකිලා සොට් එකට බයිට් හොයනව වෙන්ටෑ?

      වම්හො, වැස්ලින් ගෙනාවට මං ගත්තෙ නෑ, පාස් කලා ඇඩමට.

      Delete
    27. නරි සම්බන්ධෙ නේද? බොහොම දිග පරණ කතාවක්. මාධ්‍ය ප්‍රකාශකට හිතුනොත් කියාවි. එයාට තමා නරියව මාට්ටු වුනේ.

      එක්කො තනුක කරලා කියඤ්ඤං. මගේ එක ඊ-මේල් එකක පිංතූරෙට ඉන්නෙ නරියෙක්.

      Delete
    28. තනුක වැඩියි. GoT ඇත්තෙම නෑ.
      ටිකිලා නීට් තමයි කැමති.

      බලන්නෙ නැති ඊ මේල්

      Delete
    29. මොසිල්ලා බකුස්සා කියමු එහෙනං. ඒ නමේ හොඳ රිද්මයකුත් තියෙනව.

      Delete
    30. අපොයි කිසිම තරහක් නෑ. මෝල් ගස් ගිලපු පිඹුරො වගේ හිටියොත්. අපිට විහිලු කරන්න සදාචාරාත්මක අයිතියක් නෑ නෙව?

      Delete
    31. ඒ ගමන පිඹූරෙකුත්. යාන්තං නරියගෙ සම්බන්ධෙ පටලැවිල්ල ලෙහා ගත්ත විතරයි

      Delete
    32. https://carnivora.net/pygmy-python-v-burrowing-owl-t5563.html

      Delete
    33. ඔය සතා-සරුපයා ගැන මගේ මනාපයක් නෑ. මෙච්චර ගස් තියෙද්දි මොකට පොලොව හාරනවද මන්දා?

      Delete
  5. මේ හොඳ තක්කඩි බකමූණා
    ජනෙල් එකොලහක් ඇඩ් කෙරුවා
    ගේට්ටුවා ඉඳගෙන පුෂ් කිව්වා
    මං ආපහු ආවා

    ReplyDelete
    Replies
    1. උඹ කියන්න එපෑ, "බෂ්ෂට ඔන්දායි, යෙපිලට තමා පුෂ්,පුෂ්" කියල?

      Delete
    2. මයෙ මිනිමම් සිස්ටර් ට රික්වයර් නෑ ලු

      Delete
    3. ඔබේ-බටේ බැලුවොත් තියනවා, කොහොමද ඒක බයි-පාස් කරන්නෙ කියලා. මම අත්හදා බැලුවෙ නෑ, මට අවශ්‍ය නූන නිසා.

      ඇත්තටම, මාකට් කරන තරම් කියන්න ලොකු වෙනසක් නෑ. වින්ඩෝස් 10, 2025 වෙනතුරු ඔෆීෂියලි සපෝර්ට් කරනවා.

      Delete
    4. හා මාත් ඔබේ බටේ බලල හදා ගන්නං. දැන් බස්ස පෝස්ට් දෙකක් ම දාපු එකේ, තුං වෙනි එක එද්දි මටත් සාඩම්බරෙන් කියන්න ඇහැකි වෙයි නෙ, මයෙත් ජනෙල් එකොළහක් තියෙනව කියල.

      Delete
    5. කෝකටත් සූජානං සරීරෙ කියල, තොයිලෙ නටන්න කලින් බැකප් එකක් ගනිං. Macrium Reflect free edition තමා හොඳම.

      Delete
  6. මේකප් කතාව මං නං කාටවත්ම කිව්වෙ නෑ, කිංස්ලිට යි, සුදේවට යි විතරයි කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. https://www.dailycal.org/2020/08/31/the-owl-house-is-historic-bisexual-representation-but-dont-be-so-quick-to-praise-disney/

      Delete
    2. ඔය සුදේවය ගැන දවසක් ඩීජේ අරා මරු කතාවක් කිව්ව.

      දවසක් මිනිහෙක් තැපැල් කන්තෝරුවට ගිය වෙලාවක විහිලුවට වගේ, “මේ පළෘතෙ ඉන්න ලොකුම පොල් බූරුවට“ කියල ඇඩ්‍රස් එක ලියල ලියුමක් තැපැල් කළෘලු. ඉතිං ලියුං කාරය ඒක සුදේවගෙ ගෙදරට ගිහිං දුන්නලු.

      Delete
    3. මොකද්ද “අවුල් හවුස්“ කියන්නෙ? ගෙදර අස්පස් කරල නෑ කියන එකද?

      Delete
    4. මේකප් නෙවෙයි බොලං, ඒ චෙරි, මිදි වල කහට. මම මෝල්ගහ වගේ කෙලින් බකමූණා බොලව්

      Delete
    5. අපි දන්නෙ නෑ. චරිතා දන්නව ඇති

      Delete
    6. නෝ කමෙන්ට්

      Delete
    7. හැබෑටම දැන් ගෙවල්වල මෝල්ගස් නෑ නේද?

      Delete
    8. ඔය ඔය... බස්ස ලෙස්සනව බණ්ඩක්ක වගේ.

      ඇඩම් සෑන්ඩ්ලගෙ ෆිල්ම් එකක් මතක් වුණා. ඒකෙ ඇඩම ප්ලාස්ටික් සර්ජන් කෙනෙක්. උන්නැහැ එක මනුස්සයෙක් පෙන්නල කියෙනව එයාගෙ penis enlargement සැත්කමක් කළා කියල. එතනදි කෙනෙක් කියනව, මම තමා මැග්නිෆයිං ග්ලෑස් එක අල්ලං හිටියෙ කියල, නර්ස් මතක් කරනව, “ඇයි ට්විසර් එකත්...“

      Delete
    9. https://www.timesnownews.com/the-buzz/article/python-bites-teens-genitals-while-he-was-sitting-on-the-toilet/650306

      Delete
    10. ආාාං ඒක තමයි මෝල්ගහ ගිළපු පිඹුර ය කිව්වෙ...

      Delete
    11. හරියට කියන්න, චරිතා පිඹුරෙක්ද , බෝනික්කෙක්ද? තාරාවෙක්ද?
      (ඇණ ගැන දන්නව )

      Delete
    12. කොහෙ ලිස්සන්නද, රිටිගල පිඹුරු ග්‍රහණයෙන්? යන්න ගියොත් අදිනව කකුලකින් හරි.

      ඈ බං ඩ්‍රැකියො, උඹේ ගැන්සියත් එක්කාසු කරගෙන, විභාගෙ ඉවර වුනාම ලියපංකො ඔය බලපු හොඳ ෆිල්ම්ස් ගැන කෙටි සටහන් ලිපියක්. වෙනම කැටගරි කලොත් ලිපි කීපයක්ම ලියන්නත් පුළුවනි.

      අර තායි පිඹුරා හපන්න ඇත්තෙ " තෝ ආවද මෙතනත් ඕක ඔබන්න, ආපු කාරිය කොරගෙන යන්නෙ නැතුව" කියල වෙන්ටෑ? මොනව වුනත් ආදර්ශමත් පිඹුරෙක්.

      Delete
    13. https://www.stlyrics.com/lyrics/thesweetestthing/thepenissong.htm

      https://www.psychologytoday.com/us/blog/talking-apes/201909/night-owls-have-more-sex-morning-larks-have-more-children?amp

      Delete

    14. ගූගල් පෝස්ට් එක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කලා මෙහෙම:

      The root of it all lies

      I saw this good innocent .. crying alone ..
      That's why we
      brought you from the lake ..

      The dew has fallen and the cheeks are flushed ..
      The dye in the feathers has faded .. The
      owl told us together .. A
      secret has been broken ..

      The root of it all lies ..
      Dream. doll ..
      So I'm going to go to
      come with me ..

      A sail
      tied with a spider web .. A boat made of arecanut leaves
      ..
      It is going to sink .. We all climbed ..

      සැක්ස් තෙරපිස්ට්, භාෂා විභූෂණ ජයසේන මැතිතුමාගේ විච්චේදනය පිණිසයි.

      Delete
    15. https://uustudiocity.org/religious-exploration/owl-sexuality-education/

      Delete
    16. ෆිල්ම් ගැන ලියන එක හොඳ අදහසක්. කවද හරි ලියතොත් පටං ගන්නෙ මේකෙන්.

      Delete
    17. ඩ්රැකී, තව ලෙඩක් දැම්මා බෝ!

      Delete
    18. බෝ වචනෙ මට කිට්ටු වුණේ සිරිබිරිස් උන්නැහේගෙන්!

      Delete
    19. මටත් මටත්...

      අර ලිංක් එකේ මුළු ෆිල්ම් එකම තියෙනව

      Delete
    20. 50-60 දසකවල ගහපු හොලිවුඩ් ෆිල්ම්ස් බලද්දි හිතෙනවා දැන් මූවිස් කියලා මොන ලබ්බක්ද මුං මේ ගහන්නෙ කියලා නේ ද ඩ්‍රැකියො?

      Delete
    21. සිරාවට ඈ... එව්ව හදන්න කරන අධ්‍යයන... දැවැන්ත පසුතල... ඔය එල් සිත් ගැන මට වෙන ම ලිපි කීපයක් ලියන්න ඇහැකි

      Delete
    22. EL CID බලන්නම හිතුණේ බෙන්හර්, ටෙන් කමාන්ඩ්මන්ට්ස් බලලා පිස්සු වැටුණු නිසා.

      Delete
    23. ටෙන් කමාන්ඩ්මන්ට්ස් එකේ චාල්ටන් හෙස්ටන් ට අමතරව තව දැවැන්තයෙක් ඉන්නව, “යූල් බ්‍රයිනර්“. එල් සිඩ් එකේ ඉන්නව සොෆියා ලොරේන්. එල් සිඩ් පරණ කවි පෙළක්. වීරත්වය සහ මිනිහෙකුගේ ස්ථිර ප්‍රතිපත්ති ගැන ලියවෙච්ච කවි පෙළක්. ඒ වගේ ම ඔය ෆිල්ම් එකේ පෙන්නන කාලයෙදි තමයි අරාබි සහ ස්පාඤ්ඤ සංස්කෘතික කළවම පටං ගන්නෙ. ෆ්ලැමෙන්කෝ සහ අන්දලූස් සංගීතය ට මුල් වෙන්නෙ ඒ කළවම.

      Delete
    24. මෙතන තියෙන හැටියට නම් කමාන්ඩ්මන්ට්ස් 15 ක් තිබිල තියෙනව.

      Delete
    25. ඈ බං ඩ්‍රැකියො, අපි බොට සළකනව මදි නෙව? ෆිල්ම්ස් වලට අමතරව බොගේ ඉතිහාස දැණුමත් නරකම නෑ.

      ෆ්ලැමෙන්කෝ වලට වහවැටුනෙ මේක දැකලා. කොහොමද වැනිල්ල?

      Delete
    26. ස්පැනිෂ් මෙලඩි, ඩාන්ස් වෙනම පෞරුෂයක් තියෙන සංස්කෘතියක්... අමරනාත් රණතුංග මේ. මගෙ උපන් දිස්ත්‍රික්කෙ...

      Delete
    27. ෂා නියමයිනෙ. අහන කොට ඇඟේ හී-ගඩුත් පිපුනා. කලින් එකේ වගේ වනන නෝනෙකුත් හිටියනං, හිටගෙනම සෝවාන් වෙන්ට තිබුනා.

      Delete
    28. ඩ්රැකී, ඇඩම්, බස්සා තුන් දෙනා එක්ක පැය බාගයක් විතර වියදම් කෙරෙව්වා. ඒකට ස්තුතියි.

      යූල් බ්‍රයිනර් ගැන කියන්න දෙයක් නෑ. මොකක්ද අර රජතුමාගේ ළමයින්ට ඉංග්‍රීසි උගන්වන්න එන ගුරුතුමී ඉන්න හිනා කතෑකි ෆිල්ම එක.... බම්බලපිටියේ මැජෙස්ටික් එකට ආවේ...

      Delete
  7. අනේ පරක්කුයි මං ලොක්කා
    තරා වෙන්නෙපා මා එක්කා
    දැක්ක ගමන් මේ දුවගෙන ආවේ
    අසූහයක් වීලා!

    ReplyDelete
    Replies
    1. මොකට තරහා වෙනවද නිදි එක්ක. අර චිත්‍රකතා පෝස්ට් ගැන ලියන එකත් බලන්ට ඈ?

      Delete
    2. ඈ ගැන බලන්ට, මේ ලෙඩා දුකා මං... තට්ටයා මහත්තයාට කීවා සෑහෙන්නට උදව් කළැකි කියලා, වැඩේ කරන්න. තමුන්නාන්සේ ලඟත් නිදහන් තියේ වගෙයි!

      Delete
    3. ආසාව විතරයි. මාලඟ පත්තර නෑ. ඔය ඉන්ටනෙට් එකේ අනිත් අය ලියපු ලිපි බලනවා.

      Delete
  8. னයා ආව.
    පෝස්ට් එකවත් කොමෙන්ට් වත් කියෙවුවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකට මොකද, ආපු එකම මදෑ? පරක්කු වෙච්ච එක හොඳා, අරුන් ටෝච් ගගහා කැරකි කැරකි හිටියා.😂

      Delete
    2. අනෙහ් ඔවුවංගෙ ටෝච්... හරිහමං විදියට බැටරි කෑලි ටිකක්වත් දාගන්න බෑ.

      Delete
    3. දැං කොහෙද බං බැටරි දාන ටෝච් තියෙන්නෙ? කෙලිම්ම රිචාජබල් එකෙං දෙන්නෙ, හොම්බයි කටයි රිචාර්ජ් වෙන්ඩ

      Delete
  9. ආං නිදි ත් හිනා කතා සෙට් එකක් ලියල අලුතිං... යං ඒ පැත්තෙ

    ReplyDelete
    Replies
    1. එන්න එන්න... තව අයවත් කැන්දන් එන්න.... සාදරෙන් පිළිගන්නං!

      Delete
    2. පූරි යි ඌරුමසුයි දෙනවලු... යං!

      Delete
    3. පොල් රොටි, ගෝදම්බා රොටි එක්ක පෝක් කරි වලට තමා වැඩිය කැමති.

      Delete
  10. Replies
    1. ජීවිෙත් හැටි ඔහොම තමා. බැරි අය මැරෙනව, පුළුවන් අය බේරෙනව

      Delete
    2. කෑම හොයමින් පාතින්ම ගියේ බැරීට බැරි බැරියාව තිබිලවත්ද?

      Delete
    3. අපි වගේ ලිස්සන්න පුරුදුවුනා නං අදටත් ඉන්නවා. කොහෙද ඇහැව්වෙ නෑ, මලා.

      Delete
    4. ලිස්සල වැටිය! කොයි වෙලේ හරි

      Delete
    5. ලිස්සුවෙ නෑ, රෙඩාර් එකට අහු නොවෙන්න පාතින් පියාඹන්න ගිහින් තමා ඔඅය වින්නැහිය කරගෙන තියෙන්නෙ.

      Delete
  11. ආවෙමි. කමෙන්ට් බැලීමි. ඔලුව කචල් වී ආපසු ගියෙමි .

    ReplyDelete
    Replies
    1. හෙහ්,හෙහ් වැල්කම් ටු ද වර්ල්ඩ් ඔෆ් "අවුල්"

      Delete
  12. තව මොකවත් ලියමු!

    ReplyDelete
    Replies
    1. තව මොකවත් නෙවෙයි... බාගෙට නවත්තපු එක..

      Delete
    2. අවසානයක් නොවේ, තව එකක් තියෙයිද? ඩ්‍රැකියානි ඔලුවට පත බායිද? විභාගෙ? මෙව්වා සෑහෙන්න බොන්න වෙන පුරස්න.🤔

      Delete
    3. “බො“ යන්නෙං පටන් ගන්න වචනයක් ඇහුණා...

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code