Nov 11, 2021

අටවන මාටිංගේ ජනෙල් අළුත්වැඩියාව

  වින්-ඩිවෝස් වෙච්චි අටවන මාටියා, මේ දිනවල ඉන්නෙ, ටෝච් පාරක් කාලා, නයා මැරිච්ච අහිකුංටිකයා වගෙයි. ඉවසන්නම බැරි වැඩේ, වින්ඩෝස් 10 යස අගේට තිබ්බ, ස්ටාර්ට් ඇප් ගෘප්ස් නැති වෙච්චි එකයි. ඔහෙලට මේකෙ බරපතලකම තේරෙනවද මන්දා? හරි, මං කියන්නන්කො කතන්දරේ මුල ඉඳලම.

මේ තියෙන්නෙ, කලින් කසාදෙ, ස්ටාර්ට් ඇප් ගෘප්ස් වලින් කොටහක්. නිකං හිතන්නකෝ, ඇප්ස් සීයක්-හමාරක් විතර ඉන්ස්ටෝල් කරගෙන තියනවා කියලා. ඇයි එච්චර අහැව්වා? ඉතිං මුං නිකං දෙනවනෙ? එතකොට කොහොමද එපා කියන්නෙ? ඇත්ත, ඔය ඔක්කොම පාවිච්චි වෙන්නෙ නෑ තමයි. පාවිච්චි කරන්නෙත් ඉඳලා-හිටලා තමයි.

ආන්න එහෙම, අවස්ථාවක යම් ඇප් එකක් ඕන වුනා කියමුකො. උදාහරණයක් විදිහට, දැන් මගේ WD සිස්ටම් ඩ්‍රයිව් එකට ආපු ඇප් එකක් තියනවා, ෆර්ම්වෙයා අප්ඩේට් කරන්න, ට්‍රිම් කරන්න වගේ වැඩ වලට.  ඕක ඉතිං ඉඳලා හිටලා ඕනෙ වෙනවා. ආං එතකොට, එයාව හොයා ගන්න ගියාමයි, සෙල්ලම පටන් ගන්නෙ. WD, NVMe, SSD ඔය මොනවා  කියල ගහල සර්ච් කලත් මුකුත්ම එන්නෙ නෑ. ඒකෙ නම "ඩෑෂ්බෝඩ්". තව එකෙක් ඉන්නවා, එයා "සැම්-සුං මැජීෂියන්".ඉතිං කියහල්ලකො, මොන බස්සටද ඕවා මතක තියාගෙන ඉන්න ඇහැකි කියලා?

නෑ, All Apps ගහදිගේ බඩගාලාත් ඕක හොයන්න බෑ, ගහෙන් බහින්නම පැය බාගයක් විතර යනවා, ඒ මදිවට, ඇප්ස් තියෙන්නෙ ෆෝල්ඩර් ඇතුලෙ. කොටල, දිගෑරලා බලන්නම වෙනවා. දැන් තේරෙනවා නේද, වැඩේ හිතනවට වඩා සංකීර්ණයි කියලා? කොච්චර ඇප්ස් තිබ්බත් වැඩක් නෑ,  කෙලවෙච්ච වෙලාවට, ඒකට අදාල ඇප් එකක් තියනවද, ඒක කොහෙද තියෙන්නෙ කියලා දන්නෙ නැත්නම්. ඇප් ගෲප්ස් අදාල වෙන්නෙ, විශේෂයෙන්ම, අමතකවීම උපන්ගෙයි දෝෂයක් වෙච්ච අපි වගේ නිසාචර සත්තුන්ටයි.

මම ක්‍රමයක් අටව ගත්තා, ඔය පහල පිංතූරෙ තියෙන විදිහට. ඒත් පොඩි කොස්සක් තියනවා. වින්ඩෝස් 10 ඉඳලා, පරණ ගෲප්ස් ටික ගේන්න විදිහක් දන්නෙ නෑ. ආයෙ අලුතින්ම ගෲප්ස් හදලා නොදා, ගොඩින්ම ජාම බේරගන්න විදිහක් තියනවද කියල හොයාගන්නයි, මේ වෑයම.


වින්ඩෝස් 10 ස්ටාර්ට් ඇප් ගෘප්ස් වලට කියන්නෙ ලේ-අවුට් කියලලු. තියෙන්නෙ XML ෆයිල් එකක් විදිහට කියලයි කියන්නෙ. මට ඒ මහප්ප්‍රාණ තේරෙන්නෙ නෑ, මට ඕනෙ මෙච්චරයි. මේං මේ ගෲප් එකේ, මේං මේ ඇප්ස් ටිකේ ෂෝර්ට්-කට් ටික තියනවා කියන එකයි. දන්න පිංවතෙක්, පොඩි අයිඩියා එකක් දුන්නොත්, ලොකු උදව්වක්, ඈ?

පාවිච්චි කලේ Standalone Stack 2.0.7 කියන, සැහැල්ලු ඇප් එක. දැනට පොඩි සාම්පල ගෲප්ස් දෙකක් හදලා, ටාස්ක් බාර් එකට දැම්මා. එයින් එකකට කෙටුවාම, ඔය පේනවා වගේ "ගහක් පැලවෙලා" පෙන්නනවා, ඇතුලෙ ඉන්න කස්ටියව. වැඩේ සාර්ථකයි, කියන්නත් බැරි කමක් නෑ.

මම කලේ මොකක්ද කියන එක, එච්චරම අදාල වෙන එකක් නෑ. සමහර විට, මගේ ක්‍රමයට වඩා ලේසි ක්‍රමයක් ඔහෙලම හොයාගන්නත් ඉඩ තියනවා. එහෙම වුනොත් මටත් කියන්න, ඈ? කුහකකමට නොකියා ඉන්නවා කියල හිතන්න එපා. කමෙන්ට් කරන්න, පෝස්ට් එක බලන්නවත් අවශ්‍යම නැති කොට, මොකටද මේ අනවශ්‍ය මහප්ප්‍රාණ, නේද?

ඒත් කාටහරි අවාසනාවන්තයෙකුට, ඕනෙමයි කියල කියනව, නං කොමෙන්ට් එකක දාන්න, මම කියන්නං අටවන මාටින් ක්‍රමවේදය. ඔහෙල දන්නෙ නෑ නේද අටවන මාටින් ගැන? හ්ම්..... මම හිතුවා, දන්න හෝතම්බුවෙක් නං, මලාට උන්දැගෙන් උපදෙස් ගන්නෙ නෑ.

මෙන්න මේකත් හොඳ විකල්පයක්: http://alastria.com/software/7stacks/

40 comments:

  1. ඉනුත්‍ය මේකිට්ලස්?

    ReplyDelete
    Replies
    1. ඔය අපබ්‍රංශ කියල ප්‍රා හදන්නෙ මේ මනුස්සයව තවත් අමාරුවෙ දාන්නද. හැක්..

      Delete
    2. @Praසන්ன,
      නේප්ලිං ! ඉරික්සු, අන්ක්ෆීල් (බේජ්‍ර ) හ්වෙට්?

      Delete
    3. @ ප්‍රාජේ
      මම හුදී ජනයා ගැන හිතලම, ටැක්නිකල් විස්තර කප්පාදු කරලා, ප්‍රශ්ණෙ සහ විසඳුම විතරමයි ලිව්වෙ. අම්මපා, එහෙම කරලත් නිවනක් නැති හැටි?🤔😊

      විදේශීය දිවෙන් කතා කරනව කියන්නෙ , මේකට වෙන්ටෑ? හහ්, අපි සැලෙයි ඔව්වට? කවුරු හරි පිංවතෙක්, දුන්නා අයිඩියා එකක්? කාටද ආඩම්බර. මගෙ මොලේ නං කුරුවල් වෙලා තියෙන්නෙ, දැන්?😒🦉🐶

      Delete
    4. @Praසන්ன

      උන්දෑ හරි දස්සයි, එහෙම උදව් කරන්න. මාව යැව්වා මූණු පොතේ "මහසෝනෙක්ව" හොයන්න. අප්පට හුඩු, ගිහින් බැලින්නං, එතන මහසෝන්නු කෝටියයි. මට පෙනිච්ච විදිහට ඔලුව රිවස් වුනාට,වේළුසුමනට වඩා ජනප්‍රියයි මහසෝනා.

      Delete
    5. හැමදාම මං බැනුං අහනවා පෝස්ට් කියවන්නෙ නැතුව කමෙන්ට් කරනවා කියල. ඉතිං අද පෝස්ට් එක හොඳට කියවල තේරුන විදිහට පෝස්ට් එකට ගැලපෙන ප්‍රස්නයක් ඇහුවා. මේ ප්‍රබූ බස්තුමාලට මොනව කරත් මදිනෙ.
      හරි තව සිම්ප්ලිෆයිඩ් කරල අහන්නද

      ඉට්සා බූප්ටිං නමිනොව්ස්/පේහ්ලාටෝ??

      Delete
    6. තෑන්ක්ස් උතුමාණෙනි.

      බයිසිකල් පැදිල්ලක් ගැන කිව්ව නිසා, මට හිතෙන්නෙ, එයා ඉන්නෙ නගරෙන් උතුරට වෙන්න තියෙන වයිට්-නේබහුඩ් එකක කියලයි. ඉස්සර මෙහෙත් හිටියලු සුද්දො. ප්‍රසිද්ධ හොලිවුඩ් විකට නලුවො දෙන්නෙක්ම, හැදුනෙ මේ සාවියෙ. අනේ ඉතිං අපේ කස්ටිට ආවාම සුද්දො ගං-රටවල් දාලා, ඈතට ගියාලු. එතකොට අපේ උන්දලා, එහාටත් ආවලු. සුද්දො "#$$**&#**" කියලා, උතුරු කෙලෝරටම ගියාලු.

      Delete
    7. ප්‍රා ජේ ට උතුර දකුණ මාරු වෙලාද ? වැස්සට තෙමිලද

      Delete
    8. නෑ, නෑ එහෙම මොකුත් වෙලා නෑ. ඔය ටැක්නිකල් පෝස්ට් එකක් දැක්කාම, එයා සතුට ප්‍රකාශ කරන සාමාන්‍ය විදිහ.😂😊

      Delete
  2. මුගේ ඇප්පලට කෙලවූ බිල්පත් ගේට්ටුවා හෙලා දකිමු. ඔවු, ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. බුරා වංගියක් කිව්වා, යනවා කියලා ගේට්ටු ගෙදර කාගෙද තට්ටෙ පලන්න. මටත් දැන් ටික, ටික තේරෙනවා, ඒ ඇයි කියලා.🤔😒

      Delete
  3. මට තුවක්කුවක් ගන්නෝන; උන්ඩෙ හිතන එකාට ගිහිං වදින!?

    ReplyDelete
    Replies
    1. මැසින්-ගන් එකක් හරි යන්න ඉඩ තියනවා. බර්ස් එකක් ගැහැව්වාම. කොලැටරල්-ඩැමේජ් වුනාට, අවශ්‍ය එකාටත් එකක් හරි වදින්න ඉඩ තියෙන නිසා.🤔😂🤣

      Delete
  4. Windows 10 වල ටයිල් ගෘප් config file එක තියෙන්නෙ XML විදියට වුනාට, Windows 11 වල ඒක තියෙන්නෙ JSON file එකක් විදියට ලු. මෙන්න මෙතැන තමා එහෙම කියලා තිවුනෙ.

    https://www.petervanderwoude.nl/post/customizing-the-start-menu-layout-on-windows-11-devices/

    XML -> JSON convert පාරක් දාගෙන බැුලුවොත් හරි යයි ද දන්නෑ?

    ReplyDelete
    Replies
    1. https://www.utilities-online.info/xmltojson

      Delete
    2. JSON කතාව කලින් දැක්කට, මෙතන හොඳ විස්තරයක් තියනවා. ස්තූතියි.

      ඒත් ප්‍රයෝජනයක් වෙයි කියල හිතෙන්නෙ නෑ, වින්ඩෝස් 11 වල ටයිල් ගෘප් සපෝට් නොකරන නිසා. දැනට, Standalone Stack වලින්, මට අවශ්‍ය දේ කෙරෙනවා. මැටි වුනත් මොකෑ මීයො අල්ලනවා නං?🤔😊

      ඇප්ස්/ටයිල්/අයිකන් ගෲප්ස් වල වටිනාකම මොබයිල් OS, MacOS පවා වටහාගෙන තියනවා වගේම ඒ පහසුකම සපයලා තියනවා. මෙන්න ගේට්ටු ගෙදර ක්‍රමය:

      අපි දන්නවා, ටයිල් ගෘප් ජනප්‍රියයි සහ වැදගත් කියලා. ඒ වුනාට, දෙන්නෑ තොපිට. දෙන්නෑ විතරක් නෙමෙයි, ඒකට විකල්පයක් දෙන්නෙත් නෑ. කොටිම්ම "ඩ්‍රෑග් ඇන්ඩ් ඩ්‍රොප්", සුම්මා, වානා.

      දැන් සතුටුයිද ජෝනා? සන්තෝසයි වැන්දබෝනා!

      Delete
  5. Replies
    1. ගූගලයා වැටවල් වලට කැමති නැත්ද කොහෙද? ස්පෑම් වලට දාලා.😂

      ස්තූතියි.🙏👌

      Delete
    2. වැඩ බස්පො. දැන් වැඩ අහවර හින්ද කියවන්නට ආව!.... අරෙහෙ ගීත පොස්ටු යනවා. බැස්සත් වැඩේට සෙට් වෙනවයි..?

      Delete
  6. +++++++++++++++++ලිස්සල යනවා පස්සේ එන්න

    ReplyDelete
    Replies
    1. ආ ඒකට මොකෑ? නිවාඩු වෙලාවක එන්න බැරියෑ?🙏👌

      Delete
    2. ආවා , ආව , අයි ෆෝන් එකේ ඇරෙන්න ගෘප් කරලා වෙන කොහෙවත්. වැඩිය ඇප් දාගන්නේ නැහැ දැන්. ජනෙල එකොළහට නම් යන්න හිතන්නේ වත් නැහැ දැන්ම.

      Delete
    3. දැන්ම ගියයි කියලා ඇති විශේෂයක් නෑ, කරදර මිසක. අලුත් OS එකට පුරුදු වෙන්න ඕනෙ නිසයි මම ගියේ.

      Delete
  7. අටවන මාටිං 'අටුව කඩා පුටුව හැදූ' කෙනෙක් වගේ වෙලා.

    නිදීගෙ කලින් පෝස්ට් එකක බස්සා දාපු විඩියො එක ගැන කවුරුත් කමෙන්ට් කරලා තිබුනද, අර lying flat ගැන.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කරන්න තියා, වෙන කවුරුවත් බැලුවයි කියලවත් මම හිතන්නෙ නෑ. lying flat වගේ දෙයක් ගැන සාකච්චාවකට, වේදිකාවක් තනාගන්න අමාරුයි.🤔

      අටුව කැඩුවෙ, ජනේල ගෙදර කට්ටිය. මම කලේ පුටුවෙ, කැඩිච්ච කකුලක් හදන්න ට්‍රයි කරපු එක විතරමයි.😂

      Delete
    2. // නිදීගෙ කලින් පෝස්ට් එකක බස්සා දාපු විඩියො එක ගැන කවුරුත් කමෙන්ට් කරලා තිබුනද, අර lying flat ගැන //

      ඒ මොකක්ද ඒ?

      // lying flat වගේ දෙයක් ගැන සාකච්චාවකට, වේදිකාවක් තනාගන්න අමාරුයි //

      ඇයි මේ තියෙන වේදිකාවට හෙණ ගහලය?

      Delete
    3. http://nidigepanchathanthare.blogspot.com/2021/11/blog-post.html?showComment=1636082123473#c1344453336246446942

      තාම නං ගැහැව්වෙ නෑ. ඒත් ඔව්වා කතා කරන්න ගියොත් ගහන්න වුනත් බැරි නෑ.🤔😂

      Diogenes the Cynic, Taoism වගේ බැරෑරුම් මාතෘකා කතා කරන්න ගිහින් මං දන්න බස්සෙක් මලා.🤣

      Delete
    4. හෙහ්. හෙහ් මට හිතාගත්තෑකි, හිතට ආව දේ. ආතල් කැඩීම ගැන, සමාවෙන්ටෝනැ, ඒත් මේක වෙනමම lying flat එකක්.😂🤣

      Delete
    5. ඒක ගැන පොස්ට් එකක් දැම්මනම් අනිත් අය අදහස් කියයිනෙ.

      'ඇයි මේ තියෙන වේදිකාවට හෙණ ගහලය?' ඒකනෙ. හොඳ වැඩේ බස්සට පණ්ඩිතකම් කියවන්න ගියාට.

      Delete
    6. The Extreme 996 Work Culture in China | 996/007 How Chinese Young People Work Nowadays

      https://www.youtube.com/watch?v=i-6Yiz3_wkY

      Delete
  8. මොකක් හරි වෙලාවක කුනුහරුපයක් හිතට ආවත්, මම සාමාන්‍යයෙන් ඒක කියන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. හෑ, ඒ බැන්නෙ මට නෙමෙයි නේද?🤣😂

      නිදිට ප්‍රශ්ණයක් වෙන්න විදිහක් නෑ, අපිට වගේ ඉත්තෑ අමාරුවක් නැති නිසා.🤔

      Delete
  9. අටවන මාටින්, මේං මේකත් බැලුවනං..

    https://youtu.be/MtdupS0gRt0

    ReplyDelete
    Replies
    1. ජපන් සංස්කෘතියේ බොහෝ දේ මම අගය කරනවා. ඒත් ඒ polite, orderly, well behaved සමාජයේ නොගැලපෙන දෙයක් තමා toxic work culture. මේකත් චීනෙ Jack Ma ගෙ 996( 9am-9pm, 6 days a week) වගේම තමා. නිත්‍ය වශයෙන් cyber-café පදිංචි නූනත්, සතියෙ දිනවල cyber-café වල රෑ ගත කරල, සති අන්තෙ විතරක් ගෙදර යන, තරුණ පරම්පරාව ගැනත් වීඩියෝ බලල තියනවා. පිටින් නොපෙනෙන ප්‍රශ්ණ, මේ සමාජවල තියෙනවා.

      Life in a Coffin Home

      Delete
    2. ඒක දරුණු ඛේදවාචකයක් එක පැත්තකින්. තව පැත්තකින් මිනිස්සු පාරිභෝජන භාණ්ඩ අඩු , ලොකු ගෙවල් නැති , අභ්‍යවකාශ යානයක ඉන්න පුළුවන් ජිවත වලට හුරුවෙනවා. දෙකෙන් මොක හරිද කියන්න බැහැ. හැබැයි අපි වගේ අය අවුරුදු තිහක් විතර ධනවාදී එංගලන්තේ ජීවත් වෙලත් තවම සෝවියට් දේශයට කැමති ඇයි කියන එකේ පිළිතුරත් ඔතන තියනවා. (මම කොමියුනිස්ට්වාදියෙකු නොවන නිසා). එංගලන්තේ තනියම ලොකු ගෙවල් ඇතුලේ මැරෙන මිනිස්සු මම දැකල තියනවා. සෝවියට් දේශයේ අඩුවෙන්ම උන දෙයක්. මිනිස්සු හැම වෙලාම පොඩි කණ්ඩායම් හරි එකට හිටියේ

      Delete
    3. @බුරා
      https://kolambagamaya.blogspot.com/2021/11/blog-post_15.html

      Delete
  10. මඟ දිගට යාපනේ, ලස්සන පෝස්ට් එකක් දාලා.
    https://magadhigatayapane.blogspot.com/2021/11/4.html

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code