Dec 1, 2021

Buyer's remorse - පක්සියකුගේ පසුතැවිල්ල

 

තොට ලඟ තොරණ වගේ බලුප් පත්තුවෙයි කියලයි හිතුවෙ, ඒම වුනේ නෑ. තව ප්‍රශ්ණ තිබ්බත්, "ලාබ බඩුවේ හිල් ඇත" කියල හිත හදා ගත්තා. 

ක්‍රෑෂ්-ෆ්‍රී බයෝස් පහසුකම, නෑ කියලයි පේන්නෙ. කෝකටත්  සූජානං  සරීරෙ කියලා, බයෝස් චිප් තුනකටම ඕඩරේ දැම්මා චීනෙට. ලාබයි, වැලම සුපියල් තුනයි. අනෙක් අඩුම කුඩුම කලින්ම ලාබෙට ගෙන්න ගෙන තියෙන්නෙ. බොහෝ විට බයෝස් ෆයිල් එකෙන්, bin/rom ෆයිල් එක හදාගන්න වෙනවා. කොහොමත් ඒක වෙනමම ආතල් එකක් නිසා, ලියන්න අදහසක් නෑ. මේකත් ලිව්වෙ, ඩ්‍රැකියාගෙ විචිකිච්චාව මැකෙන්නයි. අපි එහෙමයි, අපේ දුක( විහින් හදාගත්ත) වුනත්, ඔහෙලට ආතල් ගන්න ඉඩ දෙන්නෙ.
 
ඉත්තෑ අමාරුව හොඳටම වැඩි එවුන්ට

තම තමන් ගේ ආරක්ෂාව තමන්ම සලසාගන්න. 

Vetroo V5
මේ CPU Cooler එකට නං, වෙලාවට කොටා ගන්න බැරි වුනා. අපි හැරෙන කොට, කාක්කො ටික කොටලම ඉවර කරලා. ඒ වංගියෙ මං, ඒකම ඊබේ එකෙන් බාගත්තා. තවත් ලාබයි, ඒත් එන්න කල් යාවි.

කියන්න අවුලක් නෑ, ගාණ හිතන්න බැරි තරම් ලාබයි.

කාලයක් මම AIO cooler වලට කැමති වෙලා හිටිය. නමුත් දිගු කාලීන පාවිච්චියේදී එන ප්‍රශ්ණ නිසා අත්හැරියා. Air cooler සරලයි, නඩත්තුවට ලේසියි.  Direct touch heat pipes, pressure optimized fans, effective fin-array design වගේ කාරණා නිසා, දැන්  මේවා වල කාර්‍යක්ෂමතාවය බොහොම ඉහලයි.  

Thermaltake SpinQ
මේ තියෙන්නෙ දැනට පාවිච්චි කරන එක, අවු 10 විතර පරණ මොඩල් එකක්. ඒක ගත්තෙ, ඇමසන් ක්ලියරන්ස් සේල් එකකින්. දැන් කොයි වෙලේ හරි ෆෑන් එකේ පණ යාවි. ඒකෙ අවුල, ෆෑන් එක අලුතින් දාන්න බැරි කමයි, PWM කොන්ට්‍රෝල් නැති එකයි. මව්පුවරුවට හයිවෙන හැටිත් හොඳ නෑ. බැක් ප්ලේට් එකක් නෑ.  අර කෝටුවෙ ගිය ඉබ්බා වගේ, අයින හපාගෙන ඉන්නෙ.ප්‍රොසෙසර් එක අඩු වොටේජ් නිසාම ඔරොත්තු දෙනවා. උන්දැගෙ අනිත් නම black widow. ඒකෙ තේරුම, හරියට අටෝ ගත්තෙ නැත්නම් මලා කියන එක වෙන්ටෑ?
 Heat pipe තාක්ෂණය වෙනම හදාරන්න ඕනෙ දෙයක්. එක අතකට, හැදෑරුව කියලා ලැබෙන කෙංගෙඩියකුත් නෑ. දැන ගන්න ඕනෙ, ඒක දිගටම වැඩි දියුණුවෙනව කියලත්, අලුත් ඒවා, පරණ ඒවට වඩා දියුණු බවත් විතරයි. 



ජර්මන් ක්‍රමේට කම්පුටරයක්( සබන් ගා පොල් මුඩ්ඩෙන්  ඉලීම ඇතුලුව) ක්ලීන් කරන හැටි 




Oh, I want something just like this......



I've been reading books of old
The legends and the myths
Achilles and his gold
Hercules and his gifts
Spiderman's control
And Batman with his fists
And clearly, I don't see myself upon the list

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

53 comments:

  1. Replies
    1. මේ ගස් ගෙම්බට කොච්චර එපා කිවුවත් අහන්නෙ නෑ නෙවැ. ඊයෙ රෑ බලලා කමෙන්ට් එකක් දාලා ගිය පෝස්ට් එකට අද උදේ තව කෑලි එල්ලලා. බොලා හිතුවය පබ්ලිෂ් කරපු පෝස්ට් එක නිකං නත්තල් ගහක් වගේය කියලා, හිතුනු හිතුනු වෙලාවට තව වැඩිපුර සුකුරුත්තං එල්ලන්ට?

      Delete
    2. අර කම්පූටරේ ගංවතුරට අහුවෙච්චි එකක් ය? මයෙ අවුරුදු විසි-තිස් ගානක කම්පූටර් ජීවිතේ ඔහොම එකක් දැක්කමයි ඔය.

      Delete
    3. හෙහ්, හෙහ් ආරේ ගුණ නෑරේ.😊 ඒ කොටස ලිව්වෙ, බොලා අර ලැප පොල්මුඩ්ඩෙන් උලල හෝදන කතාව මතක් වෙලා.🤣

      මේ ලඟදී ආපු ගංවතුරට යටවෙච්ච එකක්. මේන්න නොදැකපු තවත් එකක්:

      https://www.youtube.com/watch?v=Uh1vuugd9zw

      Delete
  2. කූල් එකේ හිප්ටොනයිස් වෙන්නද?

    ReplyDelete
    Replies
    1. හිප්ටො-නයිස් ද මන්දා? ලාවුලු කාපු රිලව් දැකලා තියනවද?🤣

      Delete
  3. ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියට ඇතුලත් කොට ඇත! වර්ථමානයේ අවකාශයේ පවතින වඩාත් වැඩි බ්ලොග් සංඛ්‍යාවක් අන්තර් ගත සින්ඩිය අපගේ සින්ඩිය බව නිහතමාණී ආඩම්බරයෙන් යුතුව ඔබට දන්නවා සිටිමු. එය සංඛ්‍යාවෙන් බ්ලොග් දහසකට අධිකය! කරුණාකර අපගේ සින්ඩිය ඔබගේ බ්ලොගයේ පල කොට අපට සහයෝගය ලබා දෙන්න!

    ReplyDelete
  4. මරු. මොනව හරි වැදගත් දෙයක් ලියල බ්ලොගය අප්ඩේට් කිරීම ගැන ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. එකෙක් හරි වැදගත් කියලා හිතපු එකම මඳෑ?👌😊

      Delete
  5. තවමත් තමන්ගේම කොම්පියුටර් හදනවද? ඒකත් හොබියක් තමයි , ගැණු ළමයාගේ තොල් දිහා බලාගෙන හිප්නොටයිස් වෙලා සින්දුව ඇහුව හැක. හප්පේ ඒක

    ReplyDelete
    Replies
    1. අනුන් ගෙ එව්වා හදන එක තමයි නැවැත්තුවෙ. ලමයයි, කටහඩයි දෙකම ලස්සනයි.😊

      Delete
  6. මගේ පරිගනකයත් යාවත්කාලීක කලා.
    මටනම් ලයිට් ඕනේ නෑ. වැඩේ කෙරෙනවා නම් ඇති.
    තාම තියෙන්නේ 2002දී ගත්ත පිටත අවරණය. සහ ලොජිටෙක් යතුරු පුවරුවෙ සහ ශබ්ද විකාශක.
    ආවරණය පිටුපස දකුණු පැත්තේ හිල් වගයක් තියෙනවා මොනවටද දන්නේ නෑ.

    මට දැන ගන්න ඕනේ TPM මොඩියුලයක මිල කීයක් විතර වෙයිද?

    ReplyDelete
    Replies
    1. පිංතූරයක් දකින්නෙ නැතුව හරියටම කියන්න බෑ.

      TPM මොඩියුල් ගත්තට, 2002 මදර්බෝඩ් එකක ඒකට පෝට් එකක් නැත්නම් වැඩක් වෙන්නෙ නෑ. වින්ඩෝස් 11 ට TPM V 2.0 ඉල්ලනවා.

      ඊබේ එකේ මිල

      2002 කම්පියුටරයකට වින්ඩෝස් 11 දාන එක, එච්චරම හොඳ අදහසක් කියල හිතෙන්නෙ නෑ.

      Delete
    2. පිටත කවරය විතරයි නේද 2002? එච්චරම පරණ නැති ප්‍රොසෙසර්වල TPM තියනවා. බයෝස් වලින් ඔන් කරන්න විතරයි ඕනෙ.

      Delete
    3. TPM මොඩියුලය ගහන්න කත්තුවක් තියෙනවා.
      මොඩියුලය රු. 20 000ක් විතර වෙනවද මන්ද?

      ශ්‍රේණිගත සහ සමාන්තරගත කෙවෙනි මවු පුවරුව තුල පින් තියෙනවා.මට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ ඒ සඳහා සම්බන්ධක දෙකක් හොයාගන්න. ඔයවගේ ගැජට් ගන්න තැනක් දන්නවද?

      Delete
    4. ශ්‍රේණිගත සහ සමාන්තරගත කෙවෙනි?🤔😟😮
      මේ වැඩේ හිතන තරම් ලේසි වෙන එකක් නෑ. පේන විදිහට එක, එක මදර්බෝඩ් අනුවත් TPM pinouts වෙනස් පාටයි. TPM ගැන ඒ හැටි විස්තර හොයාගන්න අමාරුයි වගේම TPM වලින් කොච්චර දුරට ආරක්ෂාවක් සැලසෙනවද කියලත්, හරි හමන් සහතිකයක්වත් නෑ.
      https://superuser.com/questions/925097/do-tpm-modules-only-work-for-motherboards-of-the-same-vendor

      මම නම් හිතෙන්නෙ, මහන්සියෙ/වියදමෙ හැටියට ප්‍රතිඵල ලැබෙන එකක් නෑ කියලයි. TPM බයිපාස් කරල වින්ඩෝස් 11 දැමීම වගේ විකල්පයක් බැලුවොත් නරකද?

      Delete
    5. ශ්‍රේණිගත සහ සමාන්තරගත කෙවෙනි?
      serial port සහ parallel port
      දැන් port වෙනුවට තියෙන්නේ පින් විතරයි.

      Delete
    6. මගේ මදර්බෝඩ් එකේ discreet TPM port එකක් තියනවා. ප්‍රොසෙසර් එක හරහා emulate කරන firmware TPM වලට වඩා hardware TPM හොඳයි කියල කියැවෙනවා. ඒත් ඔය ඔක්කොගෙම loopholes තියනවා කියල දන්න නිසයි උනන්දුවක් නැත්තෙ. ඉස්සර ඔය TPM මොඩියුල් ලාබයි, වින්ඩෝස් 11 නිසා දැන් විකිණෙන්නෙ නොවටිනා ගණන් වලට.ඒ ඇරුනාම ගැඹුරට හොයන්න උනන්දුවක් නෑ.මෙතන තියෙන විදිහට TPM වර්ග තුනක් ගැන කියැවෙනවා. ඒත් serial port සහ parallel port පින්ස් හරහා TPM සම්බන්ධ කරන හැටි ගැන අහල නෑ.එහෙම සම්බන්ධ කලත්, bios firmware suppot නැතුව, වැඩ කරයිද කියල දන්නෙත් නෑ.

      https://www.youtube.com/watch?v=QdHKYqrV-xk
      TPM වලින් root kit, key loggers, ransomware වලින් ආරාක්ෂාවක් සැලසෙනවා කියනවා.TPM වින්ඩෝස් 11, key encryption වලට පාවිච්චි කරනව ඇති. ඒත් TPM ගැන මට ඒ හැටි අත්දැකීමක්, දැණුමක් නෑ. උදව් කරන්න නොහැකි වීම ගැන කනගාටුයි.

      Delete
  7. මටත් වැටක් ගසනු රිසිය
    ඇති වුණාට එහෙම බැරිය
    ලියලා මේ කෙටිම කවිය
    එක දැම්මා ඔන්න හරිය?

    ReplyDelete
    Replies
    1. හ්ම්...නිදිගෙත් දකුණු ලකට නෑඳෑ සබඳකම් තියනවාද? "හරිය?" කියන එක දකුණෙ වහරක් නිසයි ඇහැව්වේ. කවි වැටට ස්තූතියි. කොහෙද යන්න ඉන්නවා කිව්වා නේද? සුභ ගමන්!

      Delete
  8. එකම එක වාක්‍යයක් තේරුනා මුලු පෝස්ට් එකෙන්ම and that is: 'And clearly, I don't see myself upon the list'. (එහෙම කිව්වට ගනන් ගන්න එපා දිගටම පෝස්ට්ස් දාන්න හොඳේ).

    ReplyDelete
    Replies
    1. එහෙම වෙලත්, මෙහෙම හරි කමෙන්ට් එකක් දාපු එකම මඳෑ? ස්තූතියි.😊

      But I'm not the kind of person that it fits🤣

      Delete
    2. පැරණි රසාංගයකට උත්තරේ මෙතන ඇති.
      https://www.reddit.com/r/financialindependence/comments/oz75dx/do_you_think_the_lying_flat_movement_is_similar/

      ඔව්,ඔව් ලිස්සීමක් තමා. මොනව කරන්නද. ඒ උපන් හැටි නෙව?🤔

      Delete
    3. පැරණි රසාංගය ගැන මතක තිබුනට ස්තුතියි බස්සා. මට නම් Lying flat ගැන හිතෙන්නෙම (ඒ විඩියෝ එකෙත් කිව්ව විදිහට) apathy කියල විතරමයි. කිසිම තේරුමක් නැති වැඩක්නෙ ඒක. ඊට වඩා හොඳයි work life balance ඇතිකරගන්න මිනිස්සුන්ට උදවු කරන එක. මේ FIRE movement වුනත් අන්තයකට යෑමක් විදිහට මම නම් දකින්නෙ.

      Delete
    4. ලිස්සුවට කමක් නෑ- 'I'm not looking for somebody with some superhuman gifts'.

      Delete
    5. බාගදා එහෙම වෙන්නත් ඇහැකි, නොවෙන්නෙත් ඇහැකි?
      https://www.bbc.com/news/world-asia-china-58381538
      http://nidigepanchathanthare.blogspot.com/2021/11/blog-post_30.html?showComment=1638348506096#c3310496055583377475

      සුරුස්......🤣

      Delete
  9. තොරන් වලත් පොඩි ගතියක් තියෙයි නෙ

    ReplyDelete
    Replies
    1. ආන්න ඒක නෙව කියන්නෙ? පේන විදිහට බලුප් තියනවා, පත්තු කරගන්න බැරුවයි ඉන්නෙ.

      Delete
  10. Replies
    1. 1. මව්පුවරුවක්.
      2. අටවන මාටින්ගෙ, bios වලට කෙලවන ගැජමැටික් එක.
      3. අලුත් CPU Cooler එක
      4. පැරණි CPU Cooler එක

      Delete
  11. බෂ්ෂ‌ො, මේං මේකත් බලකො. මේක හරි ගියොත් බොට හීට්-සින්ක් වැඩක්ම නැතුං යනවා. හෝතඹුවාව ගන්ට පුළුහං ඩේටා ස්ටෝරේජ් එකට.

    Scientists claim big advance in using DNA to store data

    ReplyDelete
    Replies
    1. මේක දැන් කාලයක ඉඳන් අත්හදා බලන දෙයක්. ඒත් තාම ඉන්නෙ මුල් අදියරේ. හෝතඹුවාවගෙ ඇඟේ නං ඩේටා zillion ගාණක් ඇති. උන්දැගෙ ඇඟ පුරාම මොලේ.😂

      Delete
  12. පළමු රූපයේ දැක්වෙන තාලේ මව්පුවරුවක් තාමත් හීනයක්... බලුප් ගැහුවම පොඩි ලස්සනකුත් එනව නේද බස්පෝ

    ReplyDelete
    Replies
    1. ලස්සනයි නේන්නං. අර ජර්මන් වීඩියෝවෙ තියන මව්පුවරුව වගේ බලුප් පත්තුවෙයි කියලයි හිතුවෙ. මම ගත්තෙ Asrock z390 phantom gaming 4s/ac කියන එක. තුට්ටු දෙකට දුන්න නිසා උඩ පැනල කොටලා ගත්තා.

      බැලින්නං, මේක ඔරිජිනල් එකේ කප්පාදු කරපු වර්ශන් එකක්. කම්පුටර් එකලස් කරල විකුණන කම්පැනි වලට ලාබෙට දෙන OEM වර්ශන් එකක්. අවුලක් නෑ, අටව ගත්තා. චීනෙන් ලාබෙට ගෙන්න ගත්ත බලුප් වැල් තියනවා. මව්පුවරුව ඒවාට හරියන කෙවෙනි 3ක්ම තියනවා. පස්සෙ අටෝ ගන්නවා.

      මම මලාට, අලුත්ම හාඩ්වෙයා ගන්නෙ නෑ. අවුරුදු දෙකක් විතර යන්න අරිනවා, අලුත් එව්වා එන තෙක්. ඊට පස්සෙ උන්දලාට විකුණගන්න බැරි පරණ එව්වා,ලාබෙට දෙන කොට, ආන්න ඒ වෙලාවෙ සේල් එකක් බලල කොටලා ගන්නවා.

      මේවට අස්ප ගණන් වියදම් කරලා වැඩක් නෑ. ඔව්වා වල ජීවිත කාළය කෙටියි. අවුරුදු කීපයකින් කල් ඉකුත් වෙනවා.

      Delete
  13. මම අළුතින් ගත් මව් පුවරුවට චිත්‍රක පුවරුව සවිකර ඇති විට මව් පුවරුවේ සෙටප් අතුරුවතට යන්න බෑ.
    චිත්‍රක පුවරුව ගැලෙව්වාම යනවා. මේකට මොකක්ද කල යුත්තේ?

    ReplyDelete
    Replies
    1. "චිත්‍රක පුවරුව ගැලෙව්වාම යනවා" කියල තියෙන නිසා, මම උපකල්පනය කරනවා, onboard graphics තියනවා කියල. ඒවගේම චිත්‍රක පුවරුවෙන් යන්න බැරි, සෙටප් අතුරුවතට විතරයි කියලත් හිතනවා.ඒත් තව විස්තර නොදැණ, හරියටම කියන්න බෑ. ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙන ටිකක් කියන්නම්.

      අලුත් පරිඝණක හරි වේගවත්. ඉතාම කෙටි කාළයයි දෙන්නෙ, DEL යතුර ඔබල සෙටප් අතුරුවතට යන්න. බොහෝවිට, බයෝස් සෙටිං එකක් තියනවා ඔය වේලාව වැඩි කරගන්න. වින්ඩෝස්වල "රී-ස්ටාර්ට්" ඔබන්න පෙර "shift" කී එක ඔබා ගෙනම හිටියාම දෙන ස්ක්‍රීන් එක හරහාත් සෙටප් අතුරුවතට ගියෑකි.

      චිත්‍රක පුවරුවෙ ආබාධ, මෙහෙම විසඳන්න බෑ. මෙන්න මේ චැනල් වල සමහරවිට විසඳුමක් ඇති.
      https://www.youtube.com/watch?v=5nogDWFBlwI
      https://www.youtube.com/watch?v=1mCTN4yAKfI

      Delete
    2. පෙනෙන විදිහට, එකිනෙකට වෙනස් TPM module වර්ග 3ක් තියනවා.මවුපුවරුවේ මැනුවල් එක කියලා, හරියටම ගැලපෙන TPM 2.0 එකක්, ඊබේ එකෙන් හරි Aliexpress එකෙන් හරි ගෙන්න ගන්න.

      Delete
  14. https://www.istockphoto.com/photo/old-computers-for-electronic-recycling-gm513827453-47376920

    මේකේ මව් පුවරුවට විරුද්ද පැත්තේ විදුලි පංකාවකට සවිකරන තැනක් එක්ක තියෙන අමතර සිදුරු තියෙන්නේ මොකටද?

    ReplyDelete
    Replies
    1. පෙනෙන විදිහට හුලං කවුළුවක් පාටයි.
      https://www.youtube.com/watch?v=a12aDCxrcts&t=6s

      Delete
    2. https://www.reddit.com/r/Whatisthis/comments/r89qq1/old_desktop_casing_backside_extra_holes/

      Delete
    3. මම මේ විස්තරත් එක්ක, ප්‍රශ්ණෙ ආයෙම කියෙව්වා. පේන විදිහට, මම වැරදියටයි තේරුම් අරගෙන තිබ්බෙ.
      මේ අහන්නෙ මේවා ගැන නේද?

      Serial
      Parallel"

      Delete
  15. යන්තං විතර තේරුණා. දැන් ඕක ලිපේ තියල කොච්චර වෙලාවක් උයන්න ඕනද? මේක අවන් එකේ හදන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ගෑස් ලිපේ නං පැය බාගයයි.😂🤣

      ඇත්තටම, පොඩි අවන් පාවිච්චි කරනවා, සර්කිට් බෝඩ් වේලන්න සහ සෝල්ඩර් රී-ෆ්ලෝ කරන්න. ඔය ජර්මන් වීඩියෝ එකේ තියනවා. ආයෙ ඒ අවන් එක වෙන වැඩකට ගන්න බෑ. මාත් සේල් එකකින් සුපියල් 20කට ගත්ත පොඩි අවන් එකක් තියාගෙන ඉන්නවා. තාම ඕන වුනේ නෑ. Ironically, it's called "baking". 🤣😂

      https://www.youtube.com/watch?v=sdKK8a5j8Rg

      Delete
    2. ගෑස් බර ගණන් මදිවට දැන් භාවිතය භයානකයි නෙව

      Delete
    3. ඔය හයිබ්‍රිඩ් ගෑස් එකේ අවුලක් ද, නැත්නම් තත්ත්වයෙන් බාල සිලින්ඩර් නිසා එන අවුලක්ද මන්දා?🤔

      Delete
  16. මොන්නාදෝයි බසූ මේ..
    අන්දෝසංසාරයක් නෑනේ..මාසෙකට ඉතර පස්සෙ කඩං වැටුණම ෆඅල් හොල්මන් නන්නත්තාර සබං..
    අර ඥාණසාර උන්නාන්සෙට කියනව කෝල් එකක් ගන්ඩයි කියල.. හරිය 😂😂😂

    ReplyDelete
    Replies
    1. අනේ සමාවෙන්න ඕනෙ. මේ හත්ඉලව් ටැක්නිකල් හැමෝටම හරියන්නෙ නෑ කියල දන්නවා. ඩ්‍රැකියගෙ වදේටමයි ලිව්වෙ.😂

      Delete
  17. මෙහෙටත් ගොඩ වැදුන නම් කස්ටිය.....
    https://sithiwilimanpetha.blogspot.com/2021/12/blog-post.html?showComment=1639305887216#c664655613842415929

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code