Mar 29, 2022

ටුරෙට් සින්ඩ්‍රෝමය සහ අවංක කතාව

මේ සුරූපී කාන්තාවගෙ නම ඇනිටා. ලස්සනයි වගේම උගත් ඇයට, දෙයියො දෙන්න ඕනෙ ඔක්කොම දීලා තියනවා. බාගදා, ටිකක් වැඩියත් එක්කම. ලස්සනට කතා කරගෙන යන අතරෙ, හිටපු ගමන් අමුතුම සද්ද දානවා, විසිල් ගහනවා. සද්ද විතරක් නං මොකෑ, එක වංගියක් අහවල් කරුමාන්තෙ කොර, කොර ඉන්න කොට පාට්නර්ගෙ රංඩිංගටත් පාරක් කෙලල ඇරියා කියලත් කිව්වා.ඇගේ මේ අවංක ජීවන කතාවට සවන් දුන්නොත්, ඔබට තේරේවි "ටුරෙට් සින්ඩ්‍රෝමය" කියන්නෙ මොකක්ද කියලා. 

 
ටුරෙට් සින්ඩ්‍රෝමය, හුදී ජන බාසාවෙන් "ටිපර් වෙනවා" කියන දේ නෙමෙයි. ග්‍රැමී ඇවෝඩ් වලදි කනට ගැහැව්වෙ, ටිපර් වෙලා. එතකොට ඒක "ටුරෙට් සින්ඩ්‍රෝමය" කියන්න බැරි නිසා, ඔන්-කැමරා අඞලා සමාව ගන්න සීන් එක රඟ පාන්න වෙනවා. ටුරෙට් සින්ඩ්‍රෝමයෙ "ටික්ස්" එන්නෙ, සම්පූර්ණයෙන්ම අපේ පාළනයෙන් තොරවයි. 
 
ඇනිටාගෙ ජීවන කතාව මට අල්ලලා ගිය අනිත් කාරනේ තමයි, ඇගේ කතාව අවංකයි කියල හිතිච්ච එක. අද ලෝකෙ විරල දෙයක් තමයි අවංකකම. සමහරු මටත් චෝදනා කරනවා, මම මගේ සම්පූර්ණ කතාව කියන්නෙ නෑ කියලා. ඇත්ත, එහෙම කියන්න ඇහැකි අර "සුප්පා දේවිට" විතරමයි. අනික තට්ටයා මහත්තයත් කිව්වා, එච්චරම අබංක වෙන්න අවශ්‍යම නෑ කියල. ඒත්, වෙන කව්රු හරි අවංක කතාවක් කියනවා නං, එය අගේ කරන්න, ඒක බාධාවක් වෙන්නෙ නෑ.  

මෙහෙම චිත්‍රයක් හිතේ මවා ගන්න. ඔබ රටේ වැදගත් පුරවැසියෙකුගේ කතාවක් අසාගෙන සිටිනවා. " දැන් ගෑස් තියෙනවද, දැන් ගෑස් ඇති නේද?" ,  "දැන් සැපද?" වගේ කොටසක් ඇහිච්ච ගමන් ඔබට "*&#$@**@#*^&" කියලා කියවෙනවා. මේක හිතලා කියන දෙයක් නෙමෙයි, ඉබේම කියවෙනවා. ආන්න එහෙනං ඔබටත් ටුරෙට් සින්ඩ්‍රෝමය තියෙනවා. ඒ උත්තමයන්ගෙ රංඩිංගට, පරම්පරා කුට්ටමට කෙලලා අරින්න හිතෙනවද? එහෙනං ගොයියෝ, ආයෙ දෙකක් නෑ, ටුරෙට් සින්ඩ්‍රෝමයම තමයි.

කඩයිම් ප්‍රශ්ණය:
මේ කතා ඇහැව්වාම ඔබව "ටිපර්" වෙනවද, "ටුරෙට්" වෙනවද?

1. ඔය කියන තරම් ප්‍රශ්ණයක් නෑ. මිනිසුන්ට සල්ලි තියනවා. කෝ ආර්ථිකේ අද වැටෙයි, හෙට වැටෙයි කිව්වට වැටුනද?
2. මේ අර්බුදේ ආරම්භ කලේ මම නෙමෙයි. කවුරුවත් කියන්නෙ නෑ මම කරපු හැටි.
3. මොල හතානෝ ඉන්නකං අපිට ඩොලර් ගැන බයක් නෑ. අප්‍රේල් වෙනකොට, මේ සුළු,සුළු ප්‍රශ්ණ විසඳලා රට යථා තත්ත්වය පත් කරවනවා.
4. අපි මේ නිධානයක් උඩ ඉඳගෙනයි, හිඟා කන්න යන්නෙ. මේ රට හදන්න බැරි නං, හදන්න පුළුවන් වෙන රටක් නෑ. අපි සමාජවාදී චීනෙන්, සමාජවාදී රුසියාවෙන් ආධාර අරගෙන මේ රට දියුණු කරනවා.
5. දැන් සැප......ද?

අද රට පත්වෙලා තියෙන තැනට වග කියන්න ඕනෙ කව්ද කියන එකට සරල උත්තරයක් මම දන්නෙ නෑ. හැමෝම අඩු-වැඩි වශයෙන් දායක වෙලා ඇති. නිදහසෙන් පස්සෙ, හැමෝම ණයට අරන් පිනට කන්න පුරුදු වුනා. රට කරවපු ඇත්තො ණය අරන් ඇවිත් අපිටත් දුන්නා. උනුත් කෑව, අපිටත් දුන්නා, ඉතිං අපිත් කෑවා(70-77 කාලෙ ණයට කන පුරුද්ද වෙනස් කලාට, දූෂණය, අක්‍රමිකතා සහ අසාධාරණය හුදී ජනයාව නොමරා මැරුව). රටට ආදායමක් එන දේකට අලුතින් කෙරුනෙ, ගෘහ සේවිකාවො මැද පෙරදිග යවපු එක සහ ගාමන්ට් පැක්ටරි විතරයි. ඒ දෙකත් අසාධාරණකම් එමට තිබ්බා. අපේ රටේ මොල හතේ කපුටො හිටිය නං එහෙම වෙයිද?

මොල හතේ කපුටොන්ට ඩොලර් ගේන්න, කඹුරපු සන්නාලියොන්ට සලකපු හැටි:

බයින්න නං එපල්ලා. යාන්තං මාසෙට පෝස්ට් තුනේ කෝටා එක ඉවර කොලා.😉🙏

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි

58 comments:

  1. Replies
    1. ෂැප. ෂැප පුම්කෙන් දුන් පිටවෙන තරං....... ඇයි ෂැකද

      Delete
  2. සුප්පා දේවිගෙ බඩේ මයිල් කියල තමයි නිදි නං කියල තියෙන්නෙ. අනේ මන්දල්ලෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ රේසර් තිබ්බෙ නැත්ද මන්දා?🤔

      Delete
    2. දැලි පිහි තමා තිබිල තියෙන්නෙ.කමක් නෑද 😂😂😂😂

      Delete
    3. කමක් නෑ, ඒත් උණුවතුරත් නිවල බොන නිදිය, දැලි පිහි පාවිච්චි කලා කියල මට හිතෙන්නෙ නෑ.🤔🤣😂

      Delete
    4. දැලි පිහි නං පාවිච්චි කරලා නෑ. දැලි රැවුල එන කාලෙ බදුල්ලේ ගියාම අපේ කඩේ සීයා (අර මිනී පෙට්ටියේ නිදා ගන්න පුරුද්ද තිබ්බ විනයවර්ධන අනුගාමිකයා) මට රෙසරයකුයි බ්ලේඩ් තල පෙට්ටියකුයි තෑගී කළා. අවුරුදු ගානක්ම ඒකයි පාවිච්චි කළේ.

      Delete
    5. පුටින් අරහෙ "Russian roulette" සෙල්ලං කරනවා, අපේ සෑර් මෙහෙ දැලි පිහියෙන් කිරි කනවා. මේ තවත් ඒ වගේ සූසෛඩ් සෙල්ලමක්:

      https://youtu.be/v3O9vNi-dkA?t=105

      Delete
  3. කනට ගැහැව්ව එක විලියගේ ඔස්කා සීන් එක නෙව...

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔව් ඒක තමයි.

      Delete
    2. "ටිපර්" / "ටුරෙට්".. මගුල......
      වෙන්නෙ මොකෝ උනේ මොකෝ කියල හොයා ගන්න බැරි කේෂ් එකක් බෂ් දැන් තියෙන්ටේ.

      Delete
    3. ඔව්, මේ වගේ දරුණු, මොලේ හෙල්ලෙන්න පාරක් වැදුනාම උතුර, දකුණ මාරු වෙනවා. ඒත් තාමත්, සමහරු හීන ලෝකෙන් පොලොවට බැහැල නෑ. දැන් ගෝට් චීස්/ සැමන් ෆිලේ එහෙම තියෙනවද?

      Delete
    4. ඔව් ඔව් එව්වනම් තාම ගූගලයගෙන් හොයා ගතෑකි.. පිංතූර විදිහට

      Delete
  4. හොඳ වෙලාවට ටුරෙට් වෙන්න ඉස්සෙල්ලා ඇණ ගැලවුනේ

    https://en.wikipedia.org/wiki/John_and_Lorena_Bobbitt

    ReplyDelete
  5. // හැමෝම අඩු-වැඩි වශයෙන් දායක වෙලා ඇති. නිදහසෙන් පස්සෙ, හැමෝම ණයට අරන් පිනට කන්න පුරුදු වුනා.//

    සම්පූර්ණ ඇත්ත. ඔය මිස්ටේක්, වැරදි තීරණ, නොගැලපෙන ප්‍රතිපත්ති ක්‍රමයෙන් වැඩි දියුණුවෙලා උච්චස්ථානය ලෙස නෙලුම් කුලුණ, මිහින් එයාර් වගේ ඉන්ක්‍රෙඩිබල් ඉන්සැනිටීස් ආව.

    හැබයි ඔය දේවල් ණයවෙලා උගස් කරලා හත් දවසෙ මඟුල් කන ඉතිහාසයක් හා තමන්ට කියලා ගෙයක්, වාහනයක් නැතිවුනත් මිලියන් ගණනක් ණයට අරන් වෙඩින් ගන්න (මලගෙදරත් ණයවෙලාහරි උසස්ව ගන්න ) සයන්ස්කුරුතියකට හිමිකම් කියන ප්‍රවුඩ ජාතියක්වන අපිට ආවේණික ලක්ෂණ.

    ReplyDelete
    Replies
    1. දේසපාලකයො කියන්නෙ, හුදී ජනයාගෙම දිගුවක් කියලා කව්ද කිව්වා. මට හිතෙන්නෙ "ලිවිං ෆෝ ද ඩේ" කියන එක අපේ සංස්කෘතියට කාවැදුනා. මේක විවේචනය කරන එක කොච්චර සාධාරණද මන්දා? උදාහරණයක් විදිහට, රටේ ජීවන තත්ත්වය, ඉස්සරට වඩා බොහෝ දියුණුවෙලා තියනවා. එකම ප්‍රශ්ණෙ, තාක්ෂණික/නිශ්පාදන අඩිතාලමක් නැති රටක, ණය බුබුලක් උඩ ඒකට පැවැත්මක් නැති වීමයි.

      මගේ ලඟම නෑඳෑයොත් මේ විශම චක්‍රයට අහුවෙලා ඉන්නවා. මම ඔවුන්ට මැදුම් පිලිවෙත කියාදෙන්න ගිහින්, පස්-පඩංගුවේ බැනුම් අහගෙනත් තියනවා.

      Delete
  6. Replies
    1. Beggars can't be choosers, ඔය තත්ත්වයට වැටුනාම කේවල් කිරීමට හැකියාවක් නෑ. අවාසනාව, ඒ ණය ගෙන්නෙත් " එදාවේල ටුවර්ස්" දුවන්න මිසක්, අර්බුදයෙන් ගොඩ යන්න නොවීමයි. බොරදියේ මාලුබාන විපක්ශයේ කොක්කු ගාවත් විසඳුමක් නෑ, උන්ටත් ඕනෙ කොහොම හරි බලය අතට ගන්න විතරයි.

      මේ තියෙන්නෙ, ඒකාධිපතියෙක් පාලනය කරන බෙලරුසියාව.
      https://www.youtube.com/watch?v=7voYXarZDTE
      පුටින්ගෙ අගසව්, නීලකාස හොර තඩියා. එහෙම වෙලත්, අපිවගේ රිම් එකෙන් යන රටක් නෙමෙයි. කෘෂි කාර්මික රටක්, ඒත් ඔවුන්ගේම දියුණු තාක්ෂණයක් තියනවා. ඇමරිකන් නරිවාදං නැති වුනාට, සෑහෙන හොඳ ට්‍රැක්ටර් හදනවා. ඒ වගේම රුසියන් හමුදාවට අවි සපයන දියුණු යුධ තාක්ෂණයකුත් ඔවුන්ට තියනවා.

      Delete
    2. බෙලොරුසියාව ඔයා කියන තරම් අප්සෙට් නැහැ ලොක්ක. උන්ගේ මිනිස්සු වැඩි හරියක් ඌට පක්ෂයි. උන් දැක්කා රුසියාවේ උන දේ 1990. ජීවන ප්‍රනාන්දු දන්නවා නේද? අපේ දම්පාට දේදුන්න ලියපු බ්ලොග් ලියපු ටුවරිස්ට් බෝඩ් එකේ ඉන්නේ. පුතා ඉගෙන ගන්නේ බෙලොරුසියාවේ. මාව විශ්වාස කරන්නේ නැත්නම් අහලබලන්න. බටහිර පෙන්වන සුළු කොටසක් ඉන්නවා විරුද්ධ. මිනිසුන් ගේ සහයෝගය නැත්නම් මෑන් ඔච්චර කල් අදින්නේ නැහැ. මෙහෙ ඉන්න ඉන්දින්යන්, ලන්කන් , ඇෆ්රිකන් දෙමව්පියන් යූකේ ගණන් වැඩි නිසා හේ යවනව ඉගෙන ගන්න. උන් කියනව කිසි අවුලක් නැතිලු generally ගත්තොත්.

      Delete
    3. ටියුඩර් වීරසිංහ මගේ සමකාලිකයෙක්. කොමියුනිස්ට් පක්ෂය අහරහ රුසියාවට ආවේ. ජගත් චන්ද්‍රවංශ මට පස්සේ රුසියාවට ආවේ. ඉගෙන ගත්තේ ට්බ්ලිසි වල. පැරණ ජවිපෙ. ඒ අදහස් වැඩිය වෙනස් වෙලා නැහැ වගේ දෙන්නගෙම.

      Delete
    4. මටත් එහෙම හිතෙනවා, ලුකෂෙන්කෝ හිතන තරම් නරක නැතුව ඇති කියලා. විශේෂයෙන්ම අකමැත්තෙන් හමුදාව, යුක්‍රේනෙයෙ සටනට නොයවපු නිසා. රටේ සම්පත් ඇති, ඒත් ඒකාධිපතියෙක් ලෙස රට මේ තත්ත්වයෙන් සාර්ථකව පවත්වාගෙන යෑමත් අගය කලයුතු දෙයක්.

      Delete
    5. ඒකාධිපතියෙක් නරකයි තමා ගොඩක් වෙලාවට විරුද්ධ පක්ෂයට දේශපාලන නිදහස නොදෙන නිසා. හැබැයි මිනිස්සු සහය දෙනකන් කියන්න අමාරුයි නේ . චීනයත් ඒකාධිපති රටක්. මම සිරියාවේ දකින්නෙත් ඔය තත්වේ මයි.

      Delete
  7. දැන්නම් ඉතින් ගත්තු ණය තව කල්පයක් ගියත් ගෙවනවා බොරු. ණයක් අරං ඒක පියවන්න තවත් ණයක් ගත්ත වගේ වැඩක් තමා දැන් කරන්න වෙන්නෙ, ලෝක විනාසෙ වෙනකම්ම

    ReplyDelete
    Replies
    1. අද ඊයෙ නෙමෙයි දැන් කල්පාන්තෙක ඉඳන් කියන දෙයක් මේක. හැම පක්ෂයක්මත් කිව්වා " මේ ආණ්ඩුව පරම්පරා 7 කට ණයවෙලා ඉන්නෙ" කියලා. හොඳම විහිලුව මේක කියන්නෙ විපක්ෂයේ ඉන්න කොට විතරමයි.🤔

      මේ බුබුල කොහොමත් පුපුරන්න තිබ්බ එකක්. අනික් සාධකත් සෙට් වුන නිසා පිපුරුවා. ඒත් ප්‍රාජේ කිව්වා වගේ, මෙයාලා ණය අර්බුදය චීන debt diplomacy හරහා නව මානයකට ගෙනිච්චා.

      Delete
  8. දැල් ෂැපද නොකියා ඔබත් දැන්ම කජු TV නරඹන්න.

    Old අවුරුද්ද සඳහා early ස්නානය කැමතිනම් මෙතනින්

    ReplyDelete
  9. මගේ ලිපියක යොමුවක් දැම්මට ස්තුතියි. මම දන්නා තරමින් ගාමන්ට් පටන් ගත්තේ සහ මැද පෙරදිග සේවයට යැව්වේ 1977 පස්සේ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ගාමන්ට් පටන් ගත්තෙ ප්‍රේමදාසගෙ කාලෙ. මැද පෙරදිග සේවයට යැව්වේත් ඒ කාලෙම වෙන්න ඇති.

      Delete
  10. දැන් සැපායි...සනීපයි ...

    ReplyDelete
    Replies
    1. කස්ටිය නිධානයක් කිව්ව්ට, අපි ඉඳලා තියෙන්නෙ ගිණි කන්දක් උඩ.🤔😒

      Delete
  11. බස්සා මැතිසඳිනි මාසෙට ලියන තුනක්
    මී පුර වැසියො දැන් ඇත පිබිදෙනා හැඩක්
    3 ඉරිදා තුනට වීදි බහින ලෙසක්
    සැලසුම් කෙරෙනවා, යන්නට තිබේ හිතක්!


    ReplyDelete
    Replies
    1. මට තේරෙනවා, යමක් කෙරෙන්න ඕනා බව. ඒත් අනේ මන්දා.....🤔😰😟😢

      Delete
    2. (පක්ෂ පාට නැතිව හැමෝම මේ සදහා දායකත්වයක් ලබා දෙන්න. මේ මන්ධබුද්ධික පාළනය සහ පාළකයො පලවා හරින්න ඔබේ සහයෝගයත් ලබා දෙන්න. පුළුවන් තරම් ඔබේ හිත මිතුරන් අතර මෙය බෙදා හරින්න).


      අප්‍රේල් 3 ඉරිදා, හවස 3 ට මුලු රටම පාරට බහිනවා.

      දේශපාලනෙන් වැඩක් නෑ. මේ පාලනය ව්‍යවස්තානුකූලව වෙනස් වෙන්න තව සෑහෙන්න කල් තියනවා. ඒ වෙනකන් මේ විදිහට ගියොත් අපිට රටක් ඉතිරි වෙන්නෙ නෑ.
      වෙන කරන්න දෙයක් නෑ. අප්‍රේල් 3, හවස 3 ට, රටම පාරට බහිනවා.
      මේ වැඩේ සංවිදානය කරන්නෙ ඔබ සහ මම. අපි හැමෝටම පුද්ගලික දේශපාලන මතයක් තියෙන්න පුලුවන්. ඒක ඒ විදිහටම තියා ගමු. ඒත් මේ වෙලාවෙ අපිට තියෙන්නෙ ජීවිතය ගැන ප්‍රශ්නයක්. අපි වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් අපේ අනාගතේ වෙනු පාරට බහිමු

      අපි හදලා තියනවා whatsapp group කීපයක් ගොඩක් නගර වලට. තමන්ට අදාල නගරයට අදාල group එකට join වෙන්න මේ link එකට යන්න. ඒවාගෙන් කතා වෙන්න තමන්ගෙ නගරයේ තමන් එකතු වෙන්නෙ මොන ස්තානයටද කියන එක.
      - හැමෝම පෝස්‍ටර් එකක් අරන් එන්න. තමන් ලියාගත්ත එකක්.
      - ඒ කිසිම පෝස්ටර් එකක දේශපාලන පක්ශයක නමක් සඳහන් කරන්න එපා. මේක දේශපාලන පක්ශෙකින් කරන වැඩක් නෙමෙයි.
      - දන්න හැමෝම එක්කගන එන්න.
      - දරුවන්වත් එක්කගන එන්න. තමන්ගෙ අයිතීන් වෙනුවෙන්, වරදි දේට එරෙහි වෙන්න තමන්ගෙ දරුවන්ට කියා දෙන්න. ඒ වෙනුවෙන් කොන්දක් ඇති කර ගන්න දරුවන්ට කියා දෙන්න. අරගලයක් යනු වැරැද්දක් නොවන වග කියා දෙන්න.
      - මේ group වලට කඩාකප්පල්කාරීන් එකතු වෙයි. ඒ කිසිම දේකට සැලෙන්න එපා.
      - මොනා වුනත් අප්‍රේල් 3, හවස 3 ට මිනිස්සු පාරට බහිනවා.

      මිනිස්සු පාරට බහිනවට ආන්ඩු බයයි. අපිට මේක විහිලුවක් වෙන තාක් කල් උන් මේක ගනන් ගන්නෙ නෑ. හොඳට මතක තියා ගන්න, අප්‍රේල් 3, හවස 3 ට.

      "යුගයක ඛේදවාචකය අයහපත් මිනිසුන්ගේ අයහපත් ක්‍රියා නොව, යහපත් මිනිසුන්ගේ නිහඬතාවයයි"

      Kandy
      https://chat.whatsapp.com/KwhWnRFdWbmE1Xpo4a5qwu

      Colombo
      https://chat.whatsapp.com/BK1MqvhVAc25MQDbFIYoMY

      Kurunegala
      https://chat.whatsapp.com/Dx4Aec1x2Pm1MIGxLp3tEd

      Anuradhapura
      https://chat.whatsapp.com/EpdGETwPVqAKPMjtTPnuZe

      Galle
      https://chat.whatsapp.com/DTMjkbiLdobHVWxhRR6OzC

      Gampaha
      https://chat.whatsapp.com/I1fhSiblMfPGwrgS5dHOL7

      Dambulla
      https://chat.whatsapp.com/FWGjJ9P2weK0qWbuDF5Zrm

      Nuwara eliya
      https://chat.whatsapp.com/GF11S9rntTLIRBdsrYtucj

      Kaluthara
      https://chat.whatsapp.com/Fz3U1TGQXbGKo7uMtS7rAG

      Matara
      https://chat.whatsapp.com/JfqmACsk2Dz7vcMNPurcOg

      Rathnapura
      https://chat.whatsapp.com/CQDkmu8EqUx9rybOAC8u0t

      Awissawella
      https://chat.whatsapp.com/GDrgCMjjYDlExInkZLoaW6

      Hambanthota
      https://chat.whatsapp.com/Cqq3TreSLaXAunpdrPzGw0

      Kuliyapitiya
      https://chat.whatsapp.com/IDPwYFdu97gDCBHXQcpNi3

      Kiribathgoda
      https://chat.whatsapp.com/JA3oOEcKQziFwN0rkhXjgG

      Polonnaruwa
      https://chat.whatsapp.com/ITAg7mExPFLIVusMUW1yOG

      Mathale
      https://chat.whatsapp.com/GnNEWsPWIi4Gp0Lok0f57b

      Monaragala
      https://chat.whatsapp.com/C1AIywSExV4LlvGgggSSkz

      Jaffna
      https://chat.whatsapp.com/BM08UqOaykG0CR67BiuMty

      Ampara
      https://chat.whatsapp.com/LGNKXHUMC0J7Jt8AJL8Lr1

      Kegalle
      https://chat.whatsapp.com/IUMwWjxbzK5KAyRdKsLNC5

      (පක්ෂ පාට නැතිව හැමෝම මේ සදහා දායකත්වයක් ලබා දෙන්න. මේ මන්ධබුද්ධික පාළනය සහ පාළකයො පලවා හරින්න ඔබේ සහයෝගයත් ලබා දෙන්න. පුළුවන් තරම් ඔබේ හිත මිතුරන් අතර මෙය බෙදා හරින්න).

      Delete
    3. ස්පෑම් වල තිබිල ගොඩ ගත්තෙ. හොඳ වැඩක්, සුපුරුදු ඔතෑනි, ඇල්මැරුනු "අපියි කියල මොනව කරන්නද?" ප්‍රතිචාරයට වඩා හොඳ දෙයක්. මෙච්චර හොට බිම ඇනිලත්, වැරදි පිලි නොගැනීම, අනුන් මත පැටවීම තමයි කරන්නෙ. ඒ අතරේ ඉන්නවා ප්‍රශ්ණයක් ඇතිබව නොපෙනෙන අන්ධයොත්.

      Delete
    4. මිරිහානෙ විරෝධයේ වෙච්ච සිද්ධි වලින් පස්සෙ, ගියාට පරිස්සමින් කියන්න තමයි වෙන්නෙ. බාගදා රුසියන් ඉස්ටැයිල් එකේ ජනතා මර්ධනයක් කරන්නත් ඇහැකි. මේවා දකිනකොට, පොල්පොට් සමාජවාදයක් ආවොත් කොහොමට හිටීද කියල හිතෙන්නත් බය හිතෙනවා.

      Delete
  12. https://www.youtube.com/watch?v=fFn0llYqM8w

    ReplyDelete
  13. උපන් දින තෑගි හෙට එලිවෙද්දී බලාපොරොත්තු වන්න...

    https://drackey.blogspot.com/2022/03/blog-post_31.html

    ReplyDelete
  14. https://sardhiyel.blogspot.com/2022/04/blog-post.html

    ReplyDelete
  15. https://kolambagamaya.blogspot.com/2022/04/blog-post.html?showComment=1649011271062#c6306068565796753155

    ReplyDelete
  16. මීට වඩා හොඳයි අපට....
    https://www.youtube.com/watch?v=VQi9ip8zfcM

    ReplyDelete
    Replies
    1. ඒ කාටුන් සිංදුව නියමයි.

      Delete
  17. 1977 ගැන කියපු නිසා. ජේ ආර් ට විවෘත ආර්ථිකය ගේන්න ඕන වුනේ 1967 දී. ඒ සින්ගපූරුව 1965 පටන්ගත්ත දේ දැකල. ඒවුනාට ඩඩ්ලිවාදීන් ඉඩ දුන්නේ නැහැ. 1970-77 වුන දේ හැමෝම දන්නවා. 1977 විවෘත වෙනකොට ආවේ බොහොමයක් ඇඟළුම්. ඒත් ඔවුන් පටන්ගත් උසස් අධ‍යාපනය පෞද්ගලිකකරණය වගේ දේවල් කරන්න ඉඩ ලැබුණනන් හා ඒමඟින් තාක්ෂණික පුහුණුව ලත් ශ්‍රමිකයන් බිහිවුණානම් තමයි තාක්ෂණික ආයෝජන එන්නේ. පුහුනු ශ්‍රමිකයන් බිහිවෙනකන් අයෝජන එන්නෙ නැහැ. ගෘහ සේවිකා ප්‍රශ්ණයටත් ඒක අදාලයි. පුහුණු තාක්ෂණිකයින් විශාල වශයෙන් බිහි කලානම් වසරකට ඩොලර් 5000 පඩිය නොව ඩොලර් 40000 ක පඩි රටට ලැබෙන්න තිබ්බා. අඩුම ගානෙ හෙද සේවිකාවන් පුහුණු කරන ආයතන බිහිකාලානම් ඒකෙනුත් විශාල පුහුණු ශ්‍රමිකයන් ඇතිවෙන්න තිබ්බා. අදටත් පෞද්ගලික හෙද විද්‍යාල ඇතිකරන්න දෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඉයන් ආයෙත් ආ එක ගැන සතුටුයි. ඔබ හරි ඇති, කාලවකවානු ගැන මගේ දැණුම නිවැරදි නෑ.

      පහුගිය ටිකේ ඔබ නිහඞව හිටියෙ කලකිරීම නිසා වෙන්න ඇතැයි සිතනවා.අපේ අදහස් ගැලපෙන්න අවශ්‍යම නෑ, මේ වගේ විවෘත සාකච්චාවක් ඇති වීමයි වැදගත් දේ.අද දේශපාලකයො, නිකම්ම නිකං ලයිසන් ගත්ත චන්ඩි/මංකොල්ලකාරයො බවට පත් වෙලා.

      මේ අපට අමතකවූ බැසිල්ගේ කැරැට්ටුව:

      https://www.youtube.com/watch?v=0OQnwzeFacY

      ඔබ ඔය යෝජනා කරලා තියනවා වගේ සිදුවිය යුතු, ඒත් සිදුනොවුන දේ එමට තියනවා. දේශපාලන ක්‍රමයේ සැබෑ වෙනසක් විය යුතු බවට ඉල්ලීමක් ඇති නමුත්, එය කුමක්ද, කෙරෙන්නේ කෙසේද, කෙටුම්පත් කරන්නේ කව්ද කියා පැහැදිලි ස්ථාවරයක් නෑ.

      Delete
    2. සද්ද වහලා හිටි ඉයන් වගේ තවත් අය ඉදිරියේදී හඬ අවදි කරයි කියලයි මට හිතෙන්නේ...

      Delete
  18. සන්නස්ගල එක්ක බොහෝ තැන්වල එකඟනැති මත අස්සෙ... හරිම ජනඅරගලය විය යුත්තේ කෙසේද.. සන්නස්ගලගෙන් දැනගන්න
    https://www.youtube.com/watch?v=KzXntuvThzU
    https://www.youtube.com/watch?v=75lljiRqiWw

    ReplyDelete
    Replies
    1. මට මතක්වුනා කාලෙකට ඉස්සර අහපු කතාවක්. ගංවතුරක් ගලපු කාලෙක, උස්තැනක තිබ්බ විසාල ගල ගුහාවක, මුවෝ , හාවෝ නරි වෘකයො , කොටි එකට සමාදානෙන් හිටියලු. පොදු තර්ජනයක්, බයක් ආවාම මෙහෙම තාවකාලික එකමුතු කමක් ඇති වෙනවා කියල අහල තියනවා. අපි හැමෝගෙම, එකිනෙකට වෙනස් විස්වාස, ඇදහිලි සහ මතිමතාන්දර තියනවා. ඒවා අතරින් සම්මුතියකට එළඹෙන එක ලේසි වැඩක් නෙමෙයි.

      Delete
  19. දැක්කද අනුර.... අන්තිම හරියෙ සෙට් එකේ එකකේ නගිනවා වාහනේට
    https://www.youtube.com/watch?v=8BApI384bC8

    ReplyDelete
    Replies
    1. අනිවා ඒක නිසයි මම මෙහෙම කිව්වෙ:
      https://kolambagamaya.blogspot.com/2022/04/blog-post_4.html?showComment=1649150501342#c8088619085603414648

      කලින් කමෙන්ට්වල මම මේක අමාරු වැඩක් කියල කිව්වෙත් ඒකයි. දැනට යම් ප්‍රතිඵල ලැබිල තියනවා, ඒත් බලාපොරොත්තු වෙන තරම් වෙනසක් අන්තිමට නොවෙන්නත් ඇහැකි. කූඹියො එකේ වගේ ගේම් එකක් අස්සට බැස්සුව වත්ද?

      Delete
  20. http://ahasgawwenehalokaya.blogspot.com/2022/04/blog-post_09.html

    පාලු නගරයක්.. බොට හොඳයි.😄
    https://nilakshibandara.blogspot.com/2022/04/blog-post_9.html

    ReplyDelete
  21. බෂ්.... අරගල සංවිධානය ගැන
    https://www.facebook.com/lankagossipofficial/posts/136934698901184

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code