Jun 7, 2022

කැකිල්ලේ තීන්දු

මල්වානේ, අරුම පුදුම ඉබේ හැදුන නිවස. විත්තිකරුවන් නිදොස් කර නිදහස් -පුවතක්

කපුටා: හී, හී. කොමිස් තියෙන ගහට ටමා ගල් වදින්නෙ.

විත්තියේ අබ්බගාත්: අපේ Praසන්ன ඇමටිතුමා, චූට්ටං මිලියන 65ක කොමිස් කෑල්ලක් ගන්න තර්ජනය කලා තමයි. ඒත් එතුමාගේ දුවට විසාදිය. අනික රට බංකොලොත් කරන්න දායක වෙච්ච, මේ වගේ ඇමටියෙක් හිරේ යැව්වොත්, අපේ රටේ නම තමයි කැත වෙන්නෙ. ඈ?  

අනුකම්පාව ගන්න ඇමති, උසාවියට කියූ දේවල් -පුවතක්

අධිකරණයට අපහාස කලාට රන්ජන්ට වසර 5ක අත්හිටවූ සිරදඬුවම් - පුවතක්

රුසියානු අර්බුදය හැදූ පිස්කල්ගේ වැඩ තහනම්! - පුවතක්

අසඩක් - නැඩුකාරයෙක් කියන්නෙ හොරෙක්

වැල්පාලමේ අලියා: හී, හී. 

නන්දෙ: මේ අර්බුදය හැදුවෙ මම නං නෙමෙයි

දුමියා:  මට වලිප්පුව

බන්දනාගාරෙ ලොක්කා: එහෙම කියනවා නං. ඉතිං මං මොනවා කරන්නද?

පොලෝසිය: අපි ටීම් දෙකක්ම දාලායි තියෙන්නෙ. ඔය කියන තරම් ලේසි නෑ ජොනියව අල්ලන්න. හා, එතකොට කොච්චරකල් ගියාද බින් ලාඩන්ව අල්ලන්න?

වැල්පාලමේ අලියා: දැන් අපි ලෑස්ති වෙන්න ඕනෙ, වේල් දෙකක් කන්න පුරුදු වෙන්න

මයිනා: දැන් සැප......ද?

සතියකට දින තුනක් පාර්ලිමේන්තුවට අල. බතල -- පුවතක්

උත්තරීතර ආඞි 225 දෙනාගෙ කැඳ හැලිය: හා!

පුටානෝ: මම අගමැටිකම නොගත්තෙ, අරගලය පාවා දෙන්න බැරි නිසයි

වැල්පාලමේ අලියා: අරගලය? කෝ, කොහෙද? හී, හී

ගෑස් වෙනුවට දර භාවිත කිරීමෙන් ආයු කාලය වැඩි වෙනවා - වියත්මග

සවේ: ස'  මට නං තවත් බෑ, ටෝ එක්ක මේ කරුමෙ ගෙවන්න. 


 වැල් පාලමේ අලි ආර්ථිකය : Exhibit A


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

19 comments:

  1. දැන්නම් මේ යකා කරුමයක් රටට. මුන් ඔක්කොම් කරුම.

    ReplyDelete
    Replies
    1. මේ යකා කිව්වෙ? "මුන් ඔක්කොම" කියල තියෙන නිසා, මොකා වුනත් කාර් නෑ.🤔

      Delete
    2. ඉස්සෙල්ලම යන්නේ නැහැ කියපු එකා. ඊට පස්සේ ඔය සවුන්ඩ් බයිට් දෙන ඔක්කොම යක්කු ටික , සහ තව නොකියපු නොලියපු සෙට් එක , බසුට නෙමේ 🤣

      Delete
  2. ආයු වැඩි වෙනවා නෙමෙයි වැඩි වෙනවා වගේ දැනෙනවා!

    ReplyDelete
    Replies
    1. ඔව් ඊලඟට කියාවි, අඩුවෙන් කන එක සෞඛයට ගුණයි කියලත්.

      Delete
  3. අගතියට පත් ජනයෙක් : ප්‍රසන්නත් එකයි චම්පිකත් එකයි. ඇයි යකෝ මට ඇමතියංගෙම නං කෑලි තියෙන්නෙ. මාව උ.වි.ම. රෙජිස්ටාරෙක් ගාවට ගිහින් දාන්න අයියෝ.

    ReplyDelete
    Replies
    1. "වියත් සෞභාග්‍ය" වගේ නමක් හොඳයිද?

      Delete
    2. සවුබාගෙට වැඩියනං තියෙන නම හොඳයි. හැක්..

      Delete
    3. ඇයි ඩ්‍රැකියා දුන්නා නේද නමක්? ගොඩකවෙල අප්පුහාමි වගේ එකක්.

      Delete
    4. ඔවාට ඇමති කම් දෙකක් දුන්න නම් හරි. රනි ට කියල බලන්න

      Delete
    5. කෙලිංම ජනා කරන්න බැරිද දන්නෑ.

      Delete
    6. පුළුවනි. හැබැයි මයිනා ඇන්ඳෙ:
      https://divaina.lk/wp-content/uploads/2021/06/cart-1.jpg

      Delete
  4. අර දරාචාර්‍ය වියතා නම් නේවි එකටත් ලැජ්ජාවක්.. :)))

    ෆේල් වෙන්න බැරිම නිසා කොමෙන්ට්ටෙකක් විදියට හරි දැම්මේ.

    ReplyDelete
    Replies
    1. දර කියන්නෙ longevity සඳහා හොඳම දේ
      සමහරවිට aphrodisiac වශයෙනුත් හොඳ ඇති

      Delete
    2. හෙහ්, හෙහ් දරාචාර්‍ය . 👌😂

      Delete
  5. විවේකය වැඩියි රජ මැති ඇමැතින්ට
    සිදු වී තිබේ එක තැන ලැගලා ඉන්ට
    එතකොට තැලෙනවා මස්තිෂ්කය යසට
    උන්ගේ හැටි පෙනෙයි 'හැසිරීමෙන්' යසට!

    ReplyDelete
    Replies
    1. මුං ඔක්කොම හොරු කියල දැණගෙන හිටියා. ඒත් මෙහෙම හිඟමනට වැටුනාමවත්, වෙනස් වෙයි කියලයි හිතුවෙ? ආරේ ගති නෑරේ!

      Delete
  6. මේවා ඉස්මතු කර කර කතා කිරීම තුල වෙන්නෙ රටේ පින්තූරය වැරදි විදිහට ජාත්‍යන්තර දැකගැනීම. ඒ නිසා එයට ඉඩ දී බෑ... බෂ්. ඒ හින්දා විවේචන නොකර මව්බිම සුරකිමු.
    ඒ වගේම දවසට දෙපාරක් දත් මදිමු... කෑවා හෝ නැතා.

    ReplyDelete
    Replies
    1. සුරකින්න වෙන්නෙ විකුණලා තමයි ඉතිං.🤔😒

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code