May 20, 2023

මීයා මලා


මගේ ප්‍රියතම නැට්ට සහිත මීයා  මලා. වසර දෙකහමාරක් කියන්නෙ මීයෙකුට ඒ හැටි වයසක් වෙන්න බෑ නේද? වම් කකුලෙ තමා ලෙඩේ ආවෙ. එකක් කෙටුවාම, දෙකක් වදින්න ගත්තා. මට මුලින් තේරුනේ නැහැ, ඇයි බ්‍රව්සරේ පිස්සු කෙලින්නෙ කියලා. පස්සෙ ඔන්ලයින් "ක්ලික් කවුන්ටර්" එකක් පිහිටෙන් ලෙඩා මවුසා කියල තහවුරු කර ගත්තා.

ඊළඟ පියවර

දැන් මෙහෙම එකක් වුනාම, සාමාන්‍ය බකුසු ප්‍රොටෝකොල් එක මීයා මස් කරන එකයි. ගූගල්ගෙන් ඇහැව්වාම කිව්වෙ, මයික්‍රො ස්විච් එක මාරු කරන්න කියලයි. ඒක පිලිගන්න ඇහැකි, ලොජිකල් තර්කයක් කියල හිතෙනවා. කොන්ටැක්ට් ක්ලිනර් වලින් මයික්‍රො ස්විච් එක ක්ලීන් කිරීම වගේ විසඳුම්, බොහෝ විට තාවකාලික වෙන්න ඉඩ තියනවා. මිඩ් රේන්ජ් මීයෙක් වෙච්ච, මේ Logitech MX518 වැනි මීයෙක්, අකාලයේ අභාවප්‍රාප්ත වීම, කලකිරෙන සුලු හේතුවක්. ඒ නිසාම, ඕන පාං බාගයක් කියලා, චීනෙන්ම මයික්‍රො ස්විච් පහක්ම දෙකයි පනහයි ඕඩරයක් දැම්මා.

සහයට ඩැනී - G 305

හවුස් බස්තියන් වල මීයන්ගෙන්  හිඟයක් නෑ. බකුසා, සේල් කාක්කා. ඩීල් එකක් දැක්ක ගමන් කොටන්නෙ උඩ පැනලා. එහෙම ගත්ත ඩීල් මීයෙක් තමා දැනට පාවිච්චියට ගත්තෙ . දෙවනි පිංතූරෙ නැට්ට කොටාට හේත්තුව දාගෙන ඉන්නෙ ඒකා තමයි. ඒත් මගේ පරණ නැට්ට ඇති මීයාව මිස් වෙනවා. ලොගො එකේ සායම යනකං, අපි දෙන්නා එක්ක කොච්චර කොටන්න ඇද්ද? හිටින්, චීන බඩු ආපු ගමන් මම උඹව ගොඩ දානවා.

බ්ලොග් ලෝකේ සැරිසැරුවේ අපි එකට
වැටක් ගහල ලිස්සුවෙ බං අපි එලට
ලෝගෝ එකේ සායං ගියෙ මගෙ අතට
ඇයි මස්සිනේ , ටෝ මැරුනේ අකාලෙට

කඩවුනු පොරොන්දුව

තව මීයෙක් ( Logitech touch T400) : අනේ පලයං බස්සො යන්න. උඹ ඔහොමම තමයි මටත් කිව්වෙ. දැං බලපං, මාව වලදාලා අවුරුදු කීයක්ද? කෝ හැදුවද? 

ඔහෙලට කියන්න, වැඩි විච්චූරණ නැතුවට, ඔය T400 හරි අපූරු මවුසා. ස්ක්‍රෝල් වීල් එක වෙනුවට තියෙන්නෙ ටච් ස්ට්‍රිප් එකක්. මම ගොඩගන්න උත්සාහ කලා. ඒත් වැඩේ ජෝන් බාස්ට ගියා. 

වෑල්ඩිං බාස්

අපි හැමෝම හිතනවා මෙහෙම: අපෝ soldering මහ කජ්ජක්ද? ගත්තා බවුත් එකයි, ඊයම් රෝලයි. රත්කලා එබුවා , එච්චරයි නෙව?

මාත් හිතුවෙ එහෙමම තමයි. ඒත් micro soldering ඊට වඩා අමාරුයි. මවුසගෙ PCB එකේ තියනවා තඩි ground plane එකක්. ඒ නිසා හොඳ heating mass එකක් තියෙන, ටිකක් හොඳ බවුත් එකක් ඕනෙ. හොඳ බවුත් එකක් ඕනෙ, ground plane උරා ගන්න තාපය, ඉක්මනට සමතුලිත කරන්න. ඕනවට වඩා බවුත් එක රත් කරලා ඒ වැඩේ කරන්න බෑ, වැඩි රස්නෙට PCB pad ගැලවෙනවා.

අනික ඔය කාලෙ, මම soldering වල wetting action එකේ වටිනාකම දැනගෙන හිටියෙ නෑ. කතාවට කියනවා, ආධුනික සහ පලපුරුදු පාස්සන්නන් අතර වෙනස flux කියලා. ඊයම් වාතය නිරාවරණය වෙලා තත්පර ගානක් ඇතුලත, වාතයේ ඔක්සිජන් එක්ක ක්‍රියාකරල ඔක්සයිඩ ස්ථරයක් හදනවා. මේ ඔක්සයිඩ ස්ථරය තාප සන්නයනය බ්ලොක් කරනවා. පාස්සන කොට, ජොයින්ට් එක  flux වලින් නාවන්න ඕනෙ ඒක වලක්වගන්නයි.  

බොහෝ ඊයම් රෝල් වල එන කම්බිය ඇතුලෙ flux ටිකක් තියනවා. බොහෝ අය හිතනවා, ඒ මඳෑ කියල. තව අය රත් වෙච්ච බවුත් එක flux ටින් එකේ ඔබල ගත්තාම ඇති හිතනවා.  ඒ එකක්වත් හරි ක්‍රමය නෙමෙයි. මොකද, පෑස්සිල්ල වෙනකොට flux වාෂ්ප වෙලා ඉවරයි. ඇත්තටම පෑස්සිල්ල වෙන්න ඕනෙ, flux දියරය ඇතුලෙ. එතකොට තමයි, ඩ්‍රයි ජොයින්ට් නැති වෙන්නෙ. ඊයම් සහ තඹ අතර සීමාවෙ, මිශ්‍ර ලෝහයක් හැදිලා, බන්ධනය ශක්තිමත් වෙන්නෙ.

පාස්සන්න flux මහෝපකාරී වුනාට,පෑස්සිලෙන් පස්සෙ ඒක එහෙම තියෙන්න අරින්නත් බෑ. පෑස්සුවට පස්සෙදී, මුලදී වාතයක් වුන ඔක්සයිඩ ස්ථරය ආයෙ ඕන වෙනවා. ඒක තමයි, එක දිගටම ඊයම් ටික ඔක්සයිඩ් වෙන එක වලක්වන, ජොයින්ට් එකේ ආරක්ෂක පටලය. flux තියෙන්න ඇරියොත්, උන්දෑ වැඩ පටන් ගන්නවා - ඉස්සෙල්ලම flux, ඔක්සයිඩ පටලය කනවා, එතකොට, යටින් තියෙන ඊයම් නිරාවරණය වෙනවා. ඒක ආයෙ වාතයේ ඔක්සිජන් එක්ක ක්‍රියාකරල ඔක්සයිඩය හදනවා. ආයෙ flux ඒ පටලයත් කනවා..... 

මතක ඇතුව, අවසානයේ අයිසොප්‍රොෆයිල් දාලා ජොයින්ට් එකේ flux ඉවත් කරන්න ඕනෙ ඒ නිසයි. මෙන්න,  පෑස්සීම ගැන පොඩි වීඩියෝවක්:



වැරදුනු කුරුමාණම


ඉතිම් ඒකාලෙ බකුසා ඔව්වා දැණගෙන හිටියෙ නෑ. කොසු මිටක් අරං යුද්දෙට ගිය සොල්දාදුව වගේ ගිහින් ඇණ ගත්තා. අසරණ T400 හතර අතේ පුච්චලා, PCB එකක් අඥ්ඥකොරොස් කරලා, ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ නියවන්න ගත්තා. දැන් ඔහෙලට තේරෙනවා නේද, මම නැට්ට කොටාගෙ රෙපයාර් වැඩේට පස්ස ගැහැව්වෙ ඇයි කියලා?
වැඩි දෙනෙක්, යමක් කැඩුනාම ඒක විසි කරලා අලුත් එකක් ගන්න එක නාස්තියක් හැටියට දැකපු මට, දැන් ඒ ගැනත් ආයෙ හිතන්න වෙලා තියනවා.




පස්චාත් මරණ පරීක්ෂණයක්:

ඔය ඉන්නෙ මවුසා මෝචරියෙ එම්බාම් එකට දාලා. කට කපල "ටිකිලා" සොට් එකයි දුන්නෙ, Hallelujah!  සියලු රෝග සනීපයි, ආයෙ මොනවද, බොක්සරයා පිරිත්පැන් බිව්වා වගේ තමා?

මවුසා ගැලෙව්වාම, ඇතුලෙ තිබ්බ දූවිලි බෝලෙ හැටිය, අනුමාන කරන්න ඇහැකි micro switch එකට රිංගපු ඉතා කුඩා දූවිලි අංශු, කොන්ටැක්ට් එක මත කාබනීකරණය වෙන්න ඇති කියලා. නිකං මොකටද ඉල්ලං කන්නෙ කියලා, micro switch එක නං ඇරියෙ නෑ.  micro switch එකට ඇල්කොහොල් ඉන්ජෙක්ෂන් එකක් තමයි දුන්නෙ. දැනට ආපදාවක් නෑ, ලෙඩේ සනීපයි.

ඔපරේෂන් මල්ලෙ-පොල්:


ඇත්තම රෙපයාර් එකට යන්නෙ විනාඩි 5. ඒත් මං මේ අවවාදයක් විදිහටයි කියන්නෙ, අනවශ්‍ය රිබන් කේබල් ගලවන්න නං යන්න එපා.  කරුමෙට කකුල් අටයි කියලා, කනෙක්ටරේ ප්ලාස්ටික් කෑල්ලකුත් ගලෝගත්තොත්, තව පැය බාගයක් එකතු කරගන්න, ඈ?  සාමාන්‍යයෙන් රිබන් කේබල් එකක් ගලවන්නෙ, ලොක් වෙන ප්ලාස්ටික් කෑල්ල පොඩ්ඩක් ඉස්සරහට ඇදලා. කොයි පූසිගෙ පුතාද යකෝ, ඒක පියන වගේ ඇරෙන්න ඩිසයින් කලේ? $#@*****...😡

යූ-ටියුබ් එකේ තියෙන විදිහට, ස්ටොක් Omron switch ඔය ඩබල්-ක්ලික් ලෙඩේට කුප්‍රකටයිලු. ස්ථීර විසඳුමක් විදිහට, මම ආයෙ kailh GM 2.0 ස්විච් දෙකක් ඕඩර් කලා.

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

69 comments:

  1. අජිත් ඩී කීර්තිMay 20, 2023 at 11:15 PM

    මොනවද මේ විකාර?

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි. ඒ ගැන හිතලා බලන්නම්.

      Delete
  2. වෙලාවට අර අන්තිම සිංදුව දැම්මේ.. නැත්නම් දාන්න කොමෙන්ටෙකක් හිතා ගන්න බැරි වෙනව.. ඔය T400 ගැන වෙන්නෝනි මීට කලින් මේ වගේම පෝස්ට් එකක් තිබ්බ.. ඒකත් මේ වගේම ඔක්කොම තේරුණා.. :)))

    ReplyDelete
    Replies
    1. හරියට හරි. මේ ඒ T400ම තමා. අර පැතුමා වරක් කිව්ව "ඩේටා තන්හාව" වගේ, මගේ "පරණ බඩු තන්හාවත්" අත්හරින්න කාලෙ හරි කියලා හිතෙනවා.
      ඇනෝ මීගෙ ප්‍රතිචාරය නිසා අඥ්ඥකොරොස් වෙලා හිටි මට, මේ කමෙන්ට් එක කතරට වැටිච්ච දිය පොදක් වගේ. ස්තූතියි

      Delete
  3. ඔන්නොහෙ පිච්චුනාට කමක් නෑ කියල ඔය තියෙන හැම මගුලම පාස්සල අත්දැකිම් ලබාගන්න. එය යම් දිනක ඔබගේ සාර්ථකත්වයේ හිනිමඟ වේවි.
    -වැල්ඩිං බාස්, අඹතලේ හන්දියේ සිට-

    ReplyDelete
    Replies
    1. අඹතලේ නාන ලිඳ ගාවා නං ජොයින්ට් එකක් තිබ්බා, ඒක වෑල්ඩින් කොලා නං තාමත් එතන.🤣

      Delete
  4. Replies
    1. මට තේරෙනවා, සොරි. ඉඳලා හිටලා නොදන්න කරුමාන්තයක් ගැනත් ටැක්නිකල් පෝස්ට් කට්ටත් ලියන්න කියලා අපේ වැටාධිපති තමා අනුසාසනා කලේ.

      Delete
    2. වැට ගැහුවේ පස්සෙන් පහු එන්න හිතං බොල.
      මට හම්බුඋන එකක් තියේ. back බටන් ආදී ඔක්කොම ඇති පාට පත්තු වෙන, ගේම් මූසිකයක්. අතින් එකයි. තාම කබඩ් එකේ අනේ.

      බසු, ඔය වැඩ කරනවයි කියන්නෙ Soldering Station එකක් තියේද... නැහ්හං අටවන සන්තැසියද

      Delete
    3. ප්‍රධාන Soldering Station එක මේක:
      https://frozenlazyowl.blogspot.com/2021/05/blog-post_6.html#more
      තව අමතර එව්වා දෙක-තුනකුත් තියනවා.😉

      Delete
  5. චිචි බෙයිබි ගේ රොකට් සයන්ස් තේරුම් ගන්න පුළුවන් මීක අමරුයිනේ,, අවුලක් නෑ මැරිච්ච මීයට නිවන් සැප අලුත් එකාට ධිර්ගයුශ .....

    ReplyDelete
    Replies
    1. වැඩි දෙනෙක් වීඩියෝව නොබලයි කියල හිතුන නිසයි, පෑස්සීමේ සෑස්තරේ සාරාංසය ලියන්න හිතුවෙ. නොතේරුනේ, මම ලියපු විදිහ පැටලිලි සහගත නිසාද මන්දා?

      ආරලු-බුරුලු අයින් කලාම මෙච්චරයි: පාස්සනව නං යහමින් ෆ්ලක්ස් දාන්න. අපට හරිම සරලයි කියල හිතෙන දේවල් වලත්, පිටින් පේනවට වඩා ගැඹුරක් තියෙනව කියල කියන්නයි ඕනෙ වුනේ.

      Delete
  6. මට තියෙන්නේ ලොජිටෙක් යතුරුපුවරුවක්. 2002දි ගත්තේ තාම වැඩ.
    මගේ මුල් මූසිකයත් ඒ ගමන්ම ගත්තා ඒකෙබොත්තම් 2ක් විතරක් තියෙන නිසා පස්සේ 2010දි විතර කොරියාවේ නිෂ්පාදිත පාවිච්චිකල මූසිකයක් ගත්තා ඒකත් තාම වැඩ.

    තව ප්‍රශ්නයක් තියෙනවා මීයා කියන වචනයේ නපුංසකලිංග සහ ස්ත්‍රිලිංග පද කුමක්ද?

    මූසිකයාට නම් මූසිකාව, මූසිකය කියලා හදන්න පුළුවන්.
    මීයාට ලිංගයක් නැද්ද මන්දා?

    ReplyDelete
    Replies
    1. 2002? හ්ම්... අවුරුදු 22. අනේ අපිට කොයින්ද එහෙම මීයෝ?
      මී දෙන කියන්නත් බෑ, මී හරක් එක්ක පැටලෙන නිසා. 🤔

      Delete
  7. මීයන් ගැන වටිනා ලියවිල්ලක්. ඕකට ඔච්චර මහන්සි වෙන්නේ බස්සට වෙන හොබියක් නැත්ද මං අහන්නේ. මම නම් විසික්කලා ජෙෆ් බෙසෝ ගේ අඩවියෙන් වෙන එකක් ගත්ත. ක්ලෝස්

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙම කරන්න හිත වාවන්නෙ නෑ. එතකොට රෙපයාර් වලට ගත්ත ආවුද? හයියෝ ෂල්ලි!

      Delete
    2. එහෙනම් ඉතින් කමක් නැහැ. ඕව හෙන වටිනා මීයෝ වෙන්ට ඇති

      Delete
    3. ඔව්, ටිකක් ගණන් ගේම් මීයෙක්. Venerable MX518 කියල කියන්නෙ, සෑහෙන්න ජනප්‍රිය අවුරුදු 12 විතර පරණ ඩිසයින් එකක්. ඔය වම් පාදෙ අවුල තමා කරුමෙ. වෙන බ්‍රෑන්ඩ් එකක micro switch එකකට මාරු කරන්නයි ඉන්නෙ.

      Delete
  8. මොකෑ ඔය බස්සෙක් වෙලා මවුසා ගිලදාන්නේ නැතිව මස් කරන්නේ?

    ReplyDelete
    Replies
    1. මම වැජිටේරියන් බස්සෙක්. කන්නෙ චෙරි-බෙරි 😉

      Delete
  9. "සංහිඳ" යනු බොහෝ විට වැව් ඉහත්තෑවක ඇති දැවැන්ත වෘක්ෂයක් හෙවත් වනස්පතියක් මුල් කොට ගැමි ජනතාව වන්දනා මාන කිරීම පිණිස යොදා ගන්නා ස්ථානයකි.

    ඉතිං බලහල්ලකො, දැන්නෙ දන්නෙ? බේරෙ වැව් ඉවුරෙත් සංහිඳක් තියනව නේද? එතනත් දේවාලයක් ඇටෙව්වෑකි, ඇයි දෙවිවරු සැට් එකක්ම වැවට වැඩම්මෙව්ව නේද? 🤔

    ReplyDelete
    Replies
    1. වචනාර්ථයෙන් සංහිඳ කියන්නෙ සං සිඳෙන තැන...

      Delete
    2. වැඩේ කියන්නෙ, එහෙමටම සං-සිංඳවෙව්වද මන්දා, ඒත් ආර්ථිකේ නං සිංඳවලා දුන්නා.🤔

      Delete
  10. https://hotchocolatedays.blogspot.com/2023/05/blog-post_21.html

    ReplyDelete
    Replies
    1. එල , පට්ට පරිවර්තනය. මේ යනවා 👌🙏😊

      Delete
  11. RIP.
    දානෙ මහමෙවුනාවටද?
    ජෙරොම්ටද?
    නැත්නම් රාවණා දේවාලෙකුත් තියනව අඹතලේට කිට්ටුව

    ReplyDelete
    Replies
    1. හහ්! මලා කිව්වට ආයෙ පණ ගත්තා. ප්‍රශ්ණෙ අර ගමරාළ ඇහැව්වා වගේ මහන්සිය වටිනවද කියන එකයි? ඒ නිසාම micro switch එක මස් නොකර, ඒකට අයිසොප්‍රොෆයිල් ඉන්ජෙක්සන් පාරක් ගහලා වැඩේ ගොඩින් බේර ගත්තා. විසඳුම තාවකාලික වීමට ඉඩ ඇති නමුත් මවුසා දැන් වැඩ.😉

      Delete
    2. https://www.youtube.com/watch?v=89M7f4vYTj4

      Delete
    3. එච්චරම ගණන් නෑ, ඒත් මගේ තේරීම නම් නෙමෙයි.
      https://www.amazon.ca/Trackball-Rechargeable-Ergonomic-Connection-Compatible/dp/B09HHHDZZG/ref=sr_1_4?crid=2F9ZDQL75PPYQ&keywords=trackball%2Bmouse&qid=1684691869&s=electronics&sprefix=Trackball%2Celectronics%2C99&sr=1-4&th=1

      Delete
  12. පාසැල් කාලයේසිට මිතුරකුව සිටි අයකු...ඔහු කල රටේ විනාශයට හේතුවුන බරපතළ වැරැද්දක් ගැන පෙන්වා දුන්නම... මිතුරුකමෙන් අයින් වෙනවානම්...ඔහුගේ මිතුරු කමින් මටඇති වැඩක් නැත !. මේක ලියන්නේ මම මහින්ද දේශප්‍රියගේ යහළුවෙක්වී සිටියා මිස ඔහුගේ බැතිමතකුවී සිටියේ නැති නිසාය.

    ද්විත්ව පුරවැසි ගෝඨා මැතිවරණයට ඉදිරිපත්වීම වළක්වන්න උඹට බලය සහ ඕනෑ තරම් ඉඩකඩ තිබුණා කියල ප්‍රසිද්ධියේ කිව්නිසා Mahinda Deshapriya මස්සිනා මාව Unfriend කරලා. මහින්ද දේශප්‍රිය මස්සිනා...

    ඔහුගේ ජනප්‍රිය වෘත්තීය ජීවිතය...සහ දේශපාළුවන්‍ ගැන. රටකපටි දේශපාළුවන්‍ වන් උඹේ අනුමැතියෙන් මැතිවරණ කොමිසමේ ත්‍රීවීල් පක්ෂ අටවගෙන ඒවා මැතිවරණවලදී කෝටි ගණන් වලට විකුණමින් උඹ දැනුවත්ව ගහපු ගේම්...කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තිබේ...උඹ කිසිම දේශපාළුවෙක් එක්ක බීලම නැද්ද ? මහාධිකරණ විනිසුරුවරයෙකු බඳුවූ නුඹ...බරපතළම රාජකාරියක් කරන සමයේ එහෙම බිව්වා නම් ඒක හරිද ?

    දේශපාලුවන්ට නම් හාට් එකක් නෑ උන්ට තියෙන්නෙ කැල්කියුලේටරයක්...ගෝඨා එනවට විරුද්ධ වුණ රත්නජීවන් හූල්ට මොකද උනේ ?

    රටෙන් 90% කියනවා ගෝඨා කල්ලතෝනියෙක් කියලා...

    මැතිවරණ කොමසාරිස් කියනවා පොලීසියට කියලා...ඌ කල්ලතෝනියෙක්ද කියලා හොයන එක මට අයිති නැති අනුර කුමාරට අයිති රාජකාරියක් කියලා...අනුර කුමාරත් ජරාව කාලා සද්ද නැතුව ඉන්නවා...මරේ මරු ජන්ද කොමසාරිස් !

    උඹ විතරක් දන්නා top secret කරුණු අළලා ලක්ෂ ගණනක පිටපත් විකිනෙන...දැනට ජීවත් ජීවත් වෙන මහින්ද රාජපක්ෂ වැනි පට්ට හොර තක්කඩි දේශපාළුවන්‍වන්ගේ රෙදි ගැලවෙන වටිනා ඉතිහාස පොතක් ලියන්නේ නැත්තේ ඇයි ? මහින්ද රාජපක්ෂ ජන්දෙන් පැරදුන දවසේ උදේ ඌ උඹට ටෙලිෆොන් කරලා කිව්වේ මොකක්ද? රනිල් වික්‍රමසිංහ එදා උදේ ටෙලිෆෝන් කරලා උඹට කිව්වේ මොකක්ද ?

    මට දැනගන්න ආසයි !

    සම්පූර්ණ ඇත්තම ඇත්ත ලිව්වොත්...

    මහින්ද රාජපක්ෂ තක්කඩියාගේ වගේම මහින්ද දේශප්‍රිය මස්සිනාගේත් රෙදි රාජපක්ෂලා ගලවෙන්න ඉඩ ඇති නිසා මේ වටිනාපොත කවදාවත් ලියැවෙන්නේ නැත. තමන්ගේ සහ හෙන්චයියන් ගේ නඩු විසි කරමින් මිනීමැරුම් සහ හොරකං වල file අස්ථානගත කරමින්...සාක්ෂි විනාශ කරමින්...තවමත් රට පාලනය කරන්නේ රාජපක්ෂ මිනීමරු කපටි පවුලයි.

    මේ අවාසනාවන්ත රටට...තව අවුරුදු දෙක තුනක් වත් යනකං මේ මිනීමරු හොර පවුලෙන් ගැලවීමක් නෑ. මිනීමරු කපටි මයිනයි, කපුටයි...උගේ පවුලේ අයයි හෙන්චයියනුයි මොහොතින්... දේශපාලනයෙන් සදහටම අතුගාලා දාන්න අපේ දේශප්‍රිය මස්සිනාට පුළුවන් !මචං රට ගැන හිතපන් උඹ කළ විනාශයට ඉපදුන රටට වන්දි ගෙවපන් මගේ පොත මම ලිව්වා... මස්සිනා පොත ලියන එක මට බාරදීපන් !. උඹයි මායි දෙන්නම දැන් මරණයට ගොඩක් කිට්ටුයි. කෞරව රාජ පරම්පරාවේ ජානවලින් ආපු බෝනොවෙන රෝග හැදිලා ඉන්නේ...bypass කරලා අවුරුදු තිස්දෙකක් ජීවත් වෙලා bonus ජීවිතයක් ගත කරලා...

    වල ගැට්ටේ ඉන්න මං ඔය එකෙකුටවත් බයනෑ...මේ කුණු දේශපාලන ඌරන් තමන් ඉපදුණු රටට ගහපු කපටි ගේම් ගැන මුළු රටම දැන ගත යුතු වටිනා කරුණු රාශියක් උඹේ මරණයත් සමග අම්බලන්ගොඩ කැරකෝප්පුවේදී අළු බවට පත්වෙනවා. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිං මූන බලපං... හෘද ශාක්ෂිය ගැන උඹ නිසා මේ රටට වුණු විනාශය ගැන, නිරපරාදේ රාජපක්ෂලාගෙන් මැරුම් කාපු මිනිසුන් ගැන...පසුතැවීමක් වත් නැද්ද ? මං දැනං හිටියා රටට වෙන්න යන විනාශය ගැන...ජීවිතය ගැන නොතකා මම තනියම ප්‍රසිද්ධියේ හුඟක් සටන් කලා ගෝඨා ජනාධිපති වෙන එක වළක්වන්න ...අරගලයෙන් කීදෙනෙක් මැරුණද ? මට #කෙන් හිනා ගියා උඹ අරගලයේ ඉන්නවා දැකලා...මේ මරණ වලට උඹත් වගකියන්න කියන්න ඕනෙ නැද්ද ? උඹ මට කිව්වෙ ඕක මට අදාළ නෑ කියලා...

    ස්වර්ගයේ වැඩවසන දේශප්‍රියාණනි...

    රාජපක්ෂලාගෙන් රට ගළවාගත මැනව...

    #ආමේන් !

    මට හරි දුකයි මචං !

    I dont want to naked u...
    I just want to show you the mirror !

    ReplyDelete
    Replies
    1. මහින්ද දේශප්‍රිය කිව්වෙ? එයත් බස්සෙක්ද? මේ කතාව ගැන දන්නෙ නෑ ඒත් මෙන්න මේක දැක්කා:

      ඉන්දියාවේ කිකිළියෝ බිත්තර දාන හැටි බලන්න මෙරටින් තිදෙනෙක් යති

      දැන් ඕක බලාගෙන ඇවිත්, බිත්තර ප්‍රශ්ණෙ විසඳ්‍යි නේද?

      Delete
    2. මහින්දයත් එක්ක ඩීල් එක රිනිව් කරලා...
      Pension එකට අමතරව...
      වාහනයක් සහ තවත් අමතර පඩියක් ඉතාම සුවපහසු තනතුරක් අරගෙන...නැවතත් මැතිවරණ කොමසාරිස් වෙන්න ඉල්ලමින්...ලෝකෙටම පොළු තියලා... කානුවට පෙරලිලා හිඟමනටම වැටුනමේ රටට...
      උඹ රනිල් මහින්ද බලු පූට්ටුවෙන්... නැවතත් මැතිවරණ කොමසාරිස් තනතුර ඉල්ලමින්... තව තවත් රටට කෙලවන හැටි බලං ඉන්න බැරිම තැන...
      මං මේ වගේ පෝස්ට් එකක් දැම්මා...
      // මහින්ද රනිල් බලු පූට්ටුව... දැන් උපදෙස් ගන්නේ...
      ගල් පලලා මද කාපු...
      ව්‍යවස්ථාව, FR එක...බයිබලය මෙන් කට පාඩමින් දත්...හිටපු පරිපාලන නිලධාරියෙකුගෙනි //
      උපුටා ගැනීම අවසන්...
      හුකා...
      මෙන්න මස්සිනා #තොප්පියඅතින්අරන්දාගෙන...
      පහුවදාම මාව බ්ලොක් කරලා.
      මේකා ආයෙත් මැතිවරණ කොමසාරිස් වුනොත්...
      නාමල් රාජපක්ෂ ජනාධිපති වෙලා නවතින්නේ. උඹ ගහපු ටිපෙක්ස් ගේම්එකක් නිසා මුස්ලිම් ත්‍රීවීල් කාරයෙක් කොළඹ නගරාධිපති වුණා, ඊළඟට පොල්ලෙල්ලක් ආවා මහරගමට. ඕනම මැතිවරන අපේක්ෂකයෙක් කපන්න ඕන හරිම විදිය උඹ දන්නවා. නාගට දුන්නේ පුකෙන් යන්න. මැතිවරණයට බාධා කරලා කල් දානවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි.
      අනිවාර්යෙන්ම හිරේ යන්න වෙන මගුලක්.
      රනිල්ට ඇඟ බේරගෙන...
      මැතිවරණ කොමිසම නැමති බල්ලත් 🐕 නොමරා පොල්ලත් නොකඩා...උසාවියෙනුත් බේරිලා මේක කරන හැටි ගැන උපදෙස් දෙන්න සුදුසුම පුද්ගලයා කවුද...
      වෙනින් කවුරුවත් නොවේ... ලෙනින්මොරායස්ම තමයි.
      චන්ද්‍රිකා...මහින්ද වගේ ජරා සත්තු එක්ක...කිසිම හිරිකිතයක් නැතුව කන බොන ඩීල් දාන...
      උඹ ගැන මම දිගටම හිටියේ සැකයෙන්...
      උඹට මතකද...
      නෙළුම්යාය උත්සවයේදී උඹේ ෆෝන් එක මගේ අතට දුන්නා...ස්මාර්ට් ෆෝන්වලින් ෆොටෝ ගහන හැටි අහගන්න...
      සිංහලෙන් ටයිප් කරන හැටි අහගන්න. වැරදි මිනිහගේ අතට මචෝ උඹ ෆෝන් එක දුන්නේ..
      පිලාඔරුවකට නැගලා ගෙඳවානට ගිහින් ඕක මූදට වීසි කරපන්...තවදුරටත් රනිල් මහින්ද බලු පූට්ටුවට #ක දීලා නැවතත් මැතිවරණ කොමසාරිස් උනාට වැඩක් නෑ...
      උඹට මාදම්පා ගඟේ පටබැඳි මුල්ල මූදේ...
      නාන්න බැරි වෙනවා...
      මර යුද්ධකාලේ මං මැරෙනවට බය නැතුව නේවි එකට ගියේ.. ප්‍රභාකරන් #රි බල්ලා මරන්න උදව් කරන්නයි. මං මගේ රටට හුඟක් ආදරෙයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙන්න ඕන තරම් චාන්ස්එක තියෙද්දිත් මේරටේම නැවතුනේ ඒකයි. උඹට ආණ්ඩුවෙන් දීපු...තුවක්කුව වගේම මගේ තුවක්කුවත් පත්තුවෙනවා...උඹට හරියටම ටාගට් එකට වෙඩි තියන්න බෑ... නමුත් නේවි එකේ හිටපු හැම ජාතියම තුවක්කු වලින් වෙඩි තියපු...Son Of a Gun ලුතිනන් කමාන්ඩර් විමලසූරියට පුළුවන් !
      උඹ වගේම මමත් දනින් පහල තියන්නෙ නෑ..ඔළුවටම තමයි තියන්නේ. හරි ප්‍රසිද්ධ හැමෝම සෙල්ෆි ගහන මැකෝ මගේ සමකාලීනයෙක්...
      අපේ අම්බලන්ගොඩ අපේ ගමේ සුපිරි පොරක්...කියල මම හැම තැනකදිම කිව්වේ හරිම ආඩම්බරෙන්...
      උඹ වගේ දවල් මිගෙල්..
      රෑ දනියල් කෙනක් දාගෙන ඉන්න...අම්බලන්ගොඩ ආරියපාල ගුරුන්නාන්සේගේ... සළුපාලිය වෙස්මූණ ගලවලා...
      නියම මූණ රටට පෙන්නලා...
      මේ රටට තවතවත් කෙලවන එක...වළක්වන එක...
      හිටපු හමුදා නිලධාරියෙක් විදිහට මගේ යුතුකමක්.
      හිරේවත්තෙ බාසාවෙන් කිව්වොත්...
      උඹ හරිෂෝක් GuඌKaරියෙක් !
      #නේවිකොල්ලා

      Delete
  13. ++++++++++++++++++ වැටක් තමයි ගහන්න වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. හපෝයි ඒ හොඳටෝම ඇති. ඇවිත් ගිය එකම මඳෑ? 🙏😊

      Delete
  14. මීයා මැරිච්ච එක හොඳය!
    එහෙම කියව්වේ පහුගිය දවස්වල මීයෝ කරලා තිබ්බ වින්නැහියක් හින්දාය.

    අවුරුදු පනහකටත් වඩා පරණ; අපේ ගෙදරට ඉස්සෙල්ලම ගත්තු කොස් ලී අල්මාරිය උරුමයෙන් අයිති වුණේ මටය. ඒ හින්දා මගෙ ඇඳුම් දාලා තිබ්බෙත් ඒකේය. වහුතු මීයෝ වගයක් ඒ අල්මාරියේ තැනින් තැන කාලා හිල් හදාගෙන ඒකට රිංගලා විනාස කරලය.
    ඒ කෞතුක අල්මාරිය ගලවලා අයින් කරන්නට වුණේය. ඒක කොච්චර පරණද කියනවා නං අපේ සමන්ති නංගී ඉස්කෝලේ හතේ පන්තියේ හිටිද්දී පන්තියේ කාල සටහන අලවල තිබ්බෙත් එහි දොරේ ඇතුළු පැත්තේය. (දැන් සමන්ති නංගිගේ පුතාලා දෙන්නාත් උසස් අධ්‍යාපනය හදාරා අවසානය.) මට මීයන් එක්ක මාර තරහක් තියෙන්නේ අල්මාරිය අහක දාන්නට වුණු නිසා නොවේ. අර කාල සටහන ගලවා ගන්නට බැරි වුණු හින්දාය.
    ඒත් මීයෝ ඉගැන්නු පාඩමකුත් තියෙන නිසා උන් එක්ක තරහ තියා ගන්නට බැරිය.
    'කෞතුක වටිනාකමක් තියෙන දේවල් වුණත් කාලයක් ගියාම අයින් කරන්නට වෙනවා' ඒ පාඩමය. අලුත් එහෙකට ඉඩ ලැබෙන්නේ එතකොට නේද?

    ReplyDelete
    Replies
    1. මේං 17 වෙනි සියවසේ, ඔක්කොම බඩුත් එක්ක මාලිගාවක් දාලා ගිහින් තියෙන්නෙ.
      https://youtu.be/cubdlB3v2Dc

      Delete
  15. "කෞතුක වටිනාකමක් තියෙන දේවල් වුණත් කාලයක් ගියාම අයින් කරන්නට වෙනවා". හ්ම් අගේ ඇති කියමනක්. අමාරුයි, ඒත් ඒක තමයි ඇත්ත.😞😒🤔

    ReplyDelete
    Replies
    1. දුක්බර ඇත්තක් බස්සා මහත්තයෝ!

      Delete
  16. අම්මට උඩු, බස්සත් ඊයම්, බවුත්, flux එක්ක ඔට්ටුවෙන බුවෙක් කියල දැනගත්තම පට්ට සංතෝසයි. ඊටත් වඩා සංතෝසයි මීයෙක් වගේ දෙයක් මලාම ඌව ගලවල මස් කරල ගොඩ දාගන්න මැන්ටලිටියක් තියෙන එක ගැන. ඇර ඇර බස්සෝ...

    ReplyDelete
    Replies
    1. කාලෙකින් නෙව දැක්කෙ? ඈඳිගන්ට. එකම සබ්ජෙක්ට් එකට උනන්දුව තියෙන තව එකෙක් මුණ ගැහුන එකට ඊටත් වඩා සතුටුයි. 🙏👌😊

      Delete
  17. ගොඩමඩ දෙකම සරු සාරය බර-බරය
    බ්ලොග් ගම්මානෙ දැන්,දැන් වලියට බරය
    පාඨකයන්ගෙ කමෙන්ටු නං මනහරය
    මාගල් එලන්නේ ඒ ගම කෙල වරය

    එකක් එලල, ආයෙත් ආයෙත් එලතී
    හොම්බට ඇන-ඇනම තම අදහස් පොවතී
    අදිරාජයා පෙරහැරෙ යයි , ඇඳුම් නැතී
    මේ රජකෙලිය නම් නරඹන කෙනෙක් නැතී

    කලින් කලට වීරයො ලෝකයට එතී
    කලසම උඩින් උන් ජංගිය අඳිතී
    ජහමනයාව බේරගන්න පොර වදිතී
    නෑ කිය කියා, මඩ කුඹුරෙම ඔබතී

    ReplyDelete
    Replies
    1. එක්සට් ජනරජ පෙරමුණ කියල එකකුත් ඇවිත්

      Delete
    2. දැන් එච්චරයි අපට අඩු. 😂🤣

      Delete
  18. ඩීජේ බකඅප්පු
    මීයා මලඅප්පු

    ReplyDelete
    Replies
    1. මහනුවර පත්තිරිප්පු
      කෑවේ කඩල පරිප්පු

      Delete
  19. අපි ඉතින් ලැප් ටොප් පීපල්ස් නිසා වැඩිය මූසික පාවිච්චියක් නැහැ . මම නම් ටච් පෑඩ් එක පාවිච්චි කරලා චිත්‍රත් අඳිනවා :D
    වැඩකරන තැන PC එකේ මූසික පස්නයක් වෙලා දැන් තියෙන්නේ වයර්ලස්. බොහොම පහසුයි නොවැ කියලා දැන් දන්නේ!

    ReplyDelete
    Replies
    1. ටච් පෑඩ් එක පාවිච්චි කරලා චිත්‍රත් අඳිනවා? 😮
      වයර්ලස් මවුස් නරකම නෑ, ඒවයෙ කේබල් නිසා එන ලෙඩ නෑ. ඒත් ගේම් මවුස් එක්ක එන කේබල් තත්ත්වයෙන් ඉහලයි වගේම ඉතා නම්‍ය සුළුයි. වාසිය බැටරිය නැති නිසා බර අඩු එකයි.

      Delete
    2. ගේම් මවුස් මාතෘකාව තනිකරම මගේ විෂය පථයෙන් බැහැර අතර ඒ ගැන පැයක් විතර කතා කරන්න පුළුවන් පුද්ගලයා මගේ ටීන් ඒජ් කොලුවා ය :D

      Delete
  20. මාත් මේ මවුසෙක් ගන්න කියල, දැන් ඉන්න ලොජිටෙක් නිල්දත් මවුසා පැන පැන යනවා .. මට ඕනේ එක නෙමේ ඌට ඕනේ එක ක්ලික් කරන්නේ .. හෙහ් හෙහ් .. ඒ ලෙඩේට බෙහෙතක් නැද්ද ?

    මේ අර එක දවසක් සිරා soldering iron එකක් ගැන ලිව්වා නේද ? ඒ පොස්ට් එක හොයා ගන්න බැහැනේ .. මම ලාබෙට USB soldering iron එකක් order කළා .. එනකම් කට ඇරන් බලන් ඉන්නේ මේ දවස් වල

    ReplyDelete
    Replies
    1. අඩේ දැක්ක කල්? කොහොමද දැන් අසනීප තත්ත්වය හොඳයිද?

      ලොජිටෙක් නිල්දත් මවුසෙක් නං, ඩිප්ලෝසබල් එකෙක් වෙන්න බෑ. ගලවලා ක්ලීන් කරන්නයි තියෙන්නෙ. මවුසාගෙ නම කිව්වොත්, වීඩියෝ එකක් හොයා දෙන්නම්. අනිවාර්‍යයෙන්ම වීඩියෝ එකක් බලන්න වෙනවා, ප්ලාස්ටික් ටැබ් නොකඩා ගලව ගන්න. ලොකුම අසනීපෙ එන්නෙ වැඩියම ක්ලික් කරන වම් බටන් එකේ. කීප වරක් ක්ලික් කරමින්, බටන් එක ඇතුලට කොන්ටැක්ට් ක්ලීනර් ගහලා ගොඩ දාගන්න ඇහැකියි. අනිත් එක ස්ක්‍රෝල් වීල් එකේ බැඳුනු දූවිලි සුද්දකිරීම. ඔය දෙක කලාම, තව කාලයක් පාවිච්චි කලෑකි.

      https://frozenlazyowl.blogspot.com/2021/03/2.html#more පෝස්ට් එකේ Pinecil 64 USB C soldering iron එක ගැන තියනවා. ඒත් සැප පහසුවට පාස්සන්න මගේ තෝරාගැනීම මීඩියම් බෙවල් එජ් එක තියෙන සෝල්ඩරින් ට්ප් එක දාගත්ත T12 soldering station එක තමයි.

      Delete
    2. හුටා, ඩිස්පෝසබල් යනුවෙන් නිවැරදි විය යුතුයි.
      USB soldering iron වල පෝටබල් සහ සිම්පල් වීමේ වාසිය තියනවා. අවාසිය 5v @ 2A නිසා 10w සීමාවීම. ඉහල වොටේජ් සඳහා USB-C with PD( power delivery) අවශ්‍ය වෙනවා.

      Delete
    3. එල එල .. මම හිතන්නේ මේ මවුසා හොර ලොජිටෙක් එකක් ද කොහෙද මෝඩ්ල් එකක් හොයා ගන්න බැහැ .. මම මැලේසියාවෙන් ලාබෙට ගත්තේ ... මම මේ කල්පනා කලේ මේච්චර 365x 24x 7 කොම්පුටරේ ඉස්සරහ ගෙවන මම සිරා මවුසෙක් කී බෝඩ් එකක් නොගන්නේ ඇයි කියල .. හෙහ් හෙහ් ..

      ගලවල සුද්දයක් දීල බලන්නම් ...

      මම බස්සා තරම් ඔය වැඩ කරන්නේ නැහැ ... ඉඳල හිටලා මොකක් හරි පාස්සනවා .. අර Pinecil එක නම් මට හිතට අල්ලනවා .. ඔන්න ඔහේ එකත් අරං බලනවා . කබල් මවුස් බර ගානක් තියෙද්දී , බවුත් 2ක් තිබ්බට වැඩි වෙන්නේ නැහැනේ

      ලෙඩ දුක් විස්තර දාල අර පටන් ගත්ත පොස්ට් එක හෙට අනිද්දා ලබන මාසේ වගේ දාන්නම් කෝ .. හෙහ් හෙහ්

      Delete
  21. බසු , මාස හයකට කලින් Vanquish Hellfire II 2080 ගේමින් PC එකක් ගත්ත . තවම ගේම් එකක් ගැහුවේ නැහැ. කියන්නකෝ ගන්න හොඳ මවුසෙක්

    ReplyDelete
    Replies
    1. මම ගේම් මවුස් පාවිච්චි කලාට, ගේම් සඳහා උන්ව පාවිච්චි කරල නෑ. අහල තියන විදිහට ගේම් සඳහා සැහැල්ලු සහ DPI සිලෙක්ට් කරගත හැකි ගේම් මවුස් භාවිතා වෙන බව කියැවෙනවා.

      සීරියස් ගේම් මවුස් සෙල්ලම අධික වියදම් සහිත හොබියක්. අලුත් පරපුරේ අය නම්, ඒ වියදමට ගැලපෙන්න, පහසුකම් ඔක්කොම පාවිච්චි කරනවා ඇති. ඒත් මට හිතෙන්නෙ අපට "බජට්" ඔප්ෂන් එකෙන් පටන් ගන්න එක හොඳයි කියලයි.
      https://www.youtube.com/watch?v=WTLMZEeGJD0

      Delete
    2. මලා, ගත්ත කම්පියුටරේ හරියට දැක්කෙ දැන්නෙ? අලියෙක් ගත්තාම, ලාබ හෙණ්ඩු අරගෙන බෑ නෙව?මෙන්න මේක: Logitech G703 LIGHTSPEED Wireless Gaming Mouse අන්ඩරේටඩ් ඒත් හොඳ මවුසෙක් බව කියනවා.
      https://www.youtube.com/watch?v=4kMipi7EP5I

      Delete
    3. ඒ කියල තියෙන එකනම් game ගහන්ට මූලික පියවරේ හොඳ මීයෙක්... අජී ලොක්කට.

      Delete
    4. ඔය ඉන්නෙ ගේම් මීයො ගැන හොඳට දන්න එකෙක්. ලියහංකො නමියො ගේම් මීයො ලිපියක්. මොනවද ඇත්තටම ප්‍රයෝජනවත් වෙන/නොවෙන පහසුකම්, බොරු වලවල්, මාකටින් ජිමික්ස් වගේ එව්ව ගැන, අනිත් අයටත් ප්‍යයෝජනවත් වෙන්න.

      Delete
    5. අන්න ඒකනේ නමියා. ලියහන්. අර රොහාන් ධනංජය මලා දැන් ලියන්නෙත් නැහැනේ. ගෑල් ළමයෙක් යාළුවෙලා ඒ ෆොටෝ බුකියේ දානවා ඇරෙන්න . බසු තෑන්ක්ස් . දැනට ගත්තේ 2,4 MHz වයර්ලස් මීයෙක්

      Delete
    6. බස්, අජී ලොක්කලා... මං දන්න ගේම් මී වගක් නෑ අනේ. හම්බුවෙච්ච ගේම් මීයෙක් තියේ එච්චරයි!

      Delete
    7. හුටා! නයි කයිද රෝස් පාං කිව්වලු. ඒකත් එහෙමද, මට නං කාරි නෑ. මම ඔය මරාගන්න වෙඩි තියන ගේම් ගහන්නෙ නෑ. පාවිච්චිය පුරාණ වෑර් සහිත ගේම් කන්ට්‍රොලර් එකක්. දැනටම කේබල් දෙකක්ම කම්මුතු කරලයි ඉන්නෙ. අජිත් ලොක්කට රොහාන් ධනංජය සරණයි.😉

      Delete
  22. අජිත් අයියගේ Game PC එකෙන් ගේමක් ගහන්න එංගලන්තේ යන්න හිතෙනවා .. හෙහ් හෙහ් .. සිරා PC කටුවක් ඇසෙම්බල් කිරීමේ ආසාවකින් මම සෑහෙන කාලයක් තිස්සේ බලන් ඉන්නවා .. තාම බැරි වුනා .. තව ලොකු වෙන්න වෙයි මට පෙන්නේ

    ReplyDelete
    Replies
    1. මේකේ තියනවා Water cooling system එකක් Corsair H100x Hydro series. //The CORSAIR Hydro Series H100x is an extreme performance liquid CPU cooler that packs dual 120mm fans and a 240mm radiator into a simple, no-fuss package.//
      NVIDIA GeForce RTX
      2080 8GB, දැන් මේකට වැඩිය 4080 ඒවත් තියනව. ඒත් මේක නරකම නැහැ

      Delete
    2. Corsair H100x හොඳ AIO(All In One) එකක් ලෙස ගත්තත්, සමස්ථයක් ලෙස water cooling is anything but "no-fuss". අත්දැකීමෙන් කියන්නෙ. මුලදී, කාර්‍යක්ෂමතාවය හොඳයි. ඒත් ඒක CPU සඳහා අත්‍යාවශයම නෑ. හේතුව,මේකෙ "සේල්ස් පිච්" එක වියයුතු වගේම වැඩියෙන්ම තාපය නිපදවන RTX 2080 පාවිච්චි කරන්නෙ air-cooling වීමයි. water cooling නිතරම අටුව කඩා පුටුව හදන අටවන-මාටින් ඔවර්-ක්ලොකර්ලාට හරි ගියාට, අම්ම-මුත්තා කිව්වත්, ගත්තාට පසු කම්පුටරේ දූවිලිවත් නොකඩන "no-fuss" අපට එච්චරම හරියන දෙයක් නොවන බව මගේ අත්දැකීමයි.

      Delete
    3. දැන් නේ කියන්නේ. ගත්තට පස්සේ. බ්ලොග් ලිපියකින් ඕව කියල තිබ්බ නම් නරකද මම අහන්නේ? දුවිලි නම් මම අයින් කරනවා නිතරම 😀

      Delete
    4. දුවිලි අයින් කරනවා නං බොහොම හොඳයි. පටන් ගන්න කොට H100x පම්ප් එකෙන් "දිගටම" සද්දයක් එනවද( පටන් ගන්නකොට එන කෙටි වේලාවක සද්දය සාමාන්‍යයයි), සිස්ටම් එක අසාමන්‍ය ලෙස ඕවර්-හීට් වෙනවද කියලා සෝදිසියෙන් ඉන්නවා නම් එච්චරයි.

      Delete
  23. https://ambalangodakatha.blogspot.com/2023/06/blog-post.html

    ReplyDelete
  24. https://tharurasi.blogspot.com/2023/06/blog-post.html

    ReplyDelete
  25. තෑන්ක්ස් නමී, දෙකටම ගියා.

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code