Jul 4, 2023

AliExpress, Temu සහ අටවන මාටින්ලා

ඔහෙලා දන්නවා නෙව, මම චීන ලාබ බඩු වලට කැමති බව. ලාබෙට බඩු ගන්න කොට, ඒ එක්කම එන රිස්ක් එකත් ගන්නම වෙනවා. ඒ "රිස්ක් එක" දැන ගන්න නම්, ඔය බඩු ගලවලා බලන්නම වෙනවා. ආන්න එතකොට තමයි, රට්ටු අපෙන් අහන්නෙ "දැන් කියමු බලන්න, ඇයි ඔහේ ඕක ගැලෙව්වෙ මොන ඉත්තෑ අමාරුවටද කියලා?"


දිනෙන් දින ඉහල යන ජීවන වියදමත් එක්ක, දැන් ඉස්සර තිබ්බ ආතල් නෑ අපෙ හාංදුරුවනේ. ඉස්සර "බ්‍රෑන්ඩඩ්" නැතුව හුස්මවත් නොගත්ත ඇත්තො පවා,දැන් "විකල්ප" හොයනවා. ලාබ බඩු වැඩි හරියක හිල් තියෙන බව ඇත්ත. ආන්න ඒ හිල් හොයාගන්නයි, තියනව නං වහන්නයි තමයි, " ඉත්තෑ අමාරුව" ප්‍රයොජනවත් වෙන්නෙ.

මේ ඉන්නෙ "බිග් ක්ලයිව්". හතර රියන්, නෝ නොන්සන්ස් සුද්දෙක්, වගේම නොම්බර එකේ අටවන මාටින් කෙනෙක්. හරියට කිව්වොත්, "ඉත්තෑ අමාරුව" ආදායම් මාර්ගයක් කරගත්ත, "ගලවන මාටින්" කෙනෙක්. ලෝකෙ වටේම ඉන්න, එයාගෙ රසිකයො එයාට කැඩිච්ච බඩු එවනවා. එයැයි ඒව ගලවලා "පස්චාත් මරණ පරීක්ෂණය" පවත්වනවා. ඉලෙක්ට්‍රොනික්ස් වගේම ඉලෙක්ට්‍රිකල් ගැනත් ඔහුගේ දැණුම ඉතාම ඉහලයි. මේක විරල දැණුම් සංකලනයක්. ඔහු ඉලෙක්ට්‍රොනික්ස් පරිපථ "රිවර්ස් ඉන්ජිනියරින්" කරනවා වගේම, විදුලි පරිපථ වල ආරක්ෂාව ගැනත් උපදෙස් ලබා දෙනවා.

අටවන මාටින් කෙනෙකුට නැතිවම බැරි ආයුධයක් වන "spudger" ගැන මම ඉගෙන ගත්තෙ ඔහුගෙන්. ඔහුගේ රෙකමදාරුව මෙන්න මේක: iSesamo . මීට වඩා ලාබ ඒව තිබ්බට, අනිත් එව්වා වගේ නෙමෙයි, මේ බ්‍රෑන්ඩ් එක කල්පවතිනවලු. දෙකම දෙකයි පනහයි, ෆ්‍රී ෂිපින් ඕඩරයක් මාත් දැම්මා.

අද කාලෙ ගැජමැටික්ස්  ගලවලා තියන්න අය දන්නවා, දැන් ඇණ විතරක් දාලා එන බඩු නැති බව. දැන් වැඩි හරියක් එන්නෙ ප්ලාස්ටික් ටැබ් වලින් ලොක් වෙන එව්වා. සමහර එව්වා ගම් දාලා අලවලා, අනෙක්වා අල්ට්‍රාසොනික් ක්‍රමේට, ප්ලාස්ටික්  වෙල්ඩ් කරලා. මේක කියාපු භාණ්ඩෙ එහෙම එව්වා ගලවන්න.

ඔය උඩ වීඩියෝවෙ තියෙන "රින්ග් ලයිට්" එක මමත් ගෙන්න ගත්තා. ඔය වගේම ලාබම එක තමයි ගත්තෙ. දහ අතේ වලිකෑව, කඩාගන්නෙ නැතුව ගලවන හැටි හොයාගන්න.  බිග් ක්ලයිව්ට පිං දීලා, මමත් ඒක ගලවගත්තා. 



ඔහෙලට කියන්න, කඩාගන්නෙ නැතුව යමක් ගලවන හැටි කියන්නෙ වෙනමම කලාවක්. ඇයි ෂෙකද? තුන්වෙනි පිංතූරෙ තියෙන්නෙ, මගේ එහෙම  ගලවපු, මකබාස් වැඩක්. ටෝච් එකත් නැත, බෙරේ පලුවකුත් නැත.😒

LED රින්ග් ලයිට් කොටස විතරක් ගත්තත්, ගෙවපු ගාණට ලාබයි. දැන් තමයි "ලාබ බඩුවේ හිලක් ඇත" කොටස එන්නෙ. දෙවනි පිංතූරෙ ඉන්න "පසුම්බි ලිතියම් බැටරිය" ඉදිමිලා ඉන්නව පේනවද?  හරි-හමන් චාර්ජින් සර්කිට් එකක් නැතුව, ප්‍රොටෙක්ෂන් නැතුව  ලිතියම් බැස්ටි චාර්ජ් කරන්න ගියාම, වෙන්නෙ ඕකයි.

බැස්ටිය ගාවම ඉන්නෙ  TP4056  Charging Board With Protection Dual Functions(USB Type-C, 1A) මොඩියුල් සෙට් එකක් . වැලක්ම  2.70 යි. ඔයින් එකක් හරහා බැස්ටිය සම්බන්ධ කලා නං එහෙම ඉදිමෙන්නෙ නෑ. ටෙක්නිකල් අජීර්ණය ඇති හුදීජන සුවසෙත පිනිස, TP4056 ලිතියම් බැස්ටි චාජර් මොඩියුල් එකේ  වැඩි විස්තර පහත වීඩියෝවෙ තියෙන්න අරිනවා.


 

මගේ රින්ග් ලයිට් එකේ ඉදිමිච්ච බැටරිය නං කෙලින්ම අරන් දානවා, USB පවර් එකෙන් දුවන්න.රීචාර්ජබල් බැටරි කොටස දානවද කියලා තීරණය කරලා නම් නෑ. 


දැන් අලුත් ෂොපින් සයිට් එකක් තියනවා Temu කියලා. ෆ්‍රී ෂිපින් තිබ්බට " අවම 20" ක බඩු ඕඩර් කරන්න වෙන නිසා, බොහෝවිට අනවශ්‍ය, වැඩකට නැති බඩුත් ඕඩර් කෙරවෙන සම්භාව්‍යතාවයක් තියනවා, ඒත් බඩු නං ලාබයි. ෂිපින් දවස් 10 එනවා, පරක්කු වුනොත්, ගාණක් ආපිට ගෙවනවා. ඒත්  ඉලෙක්ස්ට්‍රොනික්ස් කම්පෝනන්ට්ස් වලට AliExpress වගේ ලොකු සිලෙක්ෂන් එකක් නම් නෑ.

අවවාදය: ඔන්-ලයින් ෂොපින් ඇබ්බැහිවෙන සුළුයි, වගකීමෙන් කඩේ යන්න. 

මම මේ ප්‍රොමෝට් කරන "අටවන-මාටින්" සංස්කෘතිය කියන එකෙන් අදහස් කරන්නේ, " සේෆ්ටි රූල්ස්" විහිලුවක් ලෙස සැලකූ "ඕෂන් ගේට්" ක්‍රමවේදය කියල වරදවා වටහගන්න එපා. ඇත්තටම මම අදහස් කරන්නෙ, ඒකෙ අනිත් පැත්ත - safety is no joke, take it seriously කියන එකයි.


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

25 comments:

  1. Replies
    1. අඩේ නමියනෙ ඉස්සෙල්ලම ඇවිත් තියෙන්නෙ? ස්පෑම් ගිහින් තිබිලා, දැනුයි ගොඩ ගත්තෙ. තෑන්ක්ස් 🙏👌

      Delete
    2. ඔය ගලවන ගැජට් එක ගැන දැන්ද බස්පො දාන්නෙ.

      මං වැඩිපුර තිබ්බ ලැප් බැටරිය ගලෝගන්න පුල් ට්‍රයිඑක. බැරිතැන කඩාගෙනම ගලෝගත්ත 😁

      Delete
    3. බසු සමාර ගැජමැට්ක් වල ගම් සීල් එක දියාරැ කරගන්න හෙයාඩ්‍රයර් එහෙක වගෙත් උපකාර ගන්න වෙනව නෙ

      Delete
    4. ලැප්ටොප් බැටරි ලිතියම්, වැඩිය රත් වුනොත් හෝ ෂෝර්ට් වුනොත් ගිණි ගන්නවා. අලුත් ලැප්ටොප් බැටරි LiPo . ටිකාක් විතර අන්තරාව අඩුයි. ඒ නිසා කැඩිච්ච එක කමක් නෑ, අල්ව ගන්න එක ගිණි ගන්නවට වඩා හොඳයි.
      https://youtu.be/8nz5ijXcckI?t=45

      Delete
    5. ඔව් ඒ වෙල්ඩඩ් ප්ලාස්ටික් එව්වා හදන්නෙ, ගලවන්න නෙමෙයි අපිට කෙලවන්නයි. ඒත් ඈතුලෙ බැස්ටි තියනවා නං පරිස්සං වෙන්න වෙනවා.

      සමහරු ඒ ජොයින්ට් එක ඩ්‍රෙමල් එකකින් යන්තමට කපනවා. සමහරු පරණ උල් තුඩක් තියන බවුත් එකකින් කපනවා. මේ වැඩ වලට නිශ්චිත ක්‍රමවේදයක් නෑ, තම තම නැණ පමණින් තමයි ඉතිං.

      අලවපු ෆෝන් ගලවන්න, බොහෝ අය රෙකමන් කරන්නේ උශ්ණත්වය පාලනය කල හැකි හීට් ගන් එකක්. හෙයාර් ඩ්‍රයර් එකේ දුර ඈත්-මෑත් කරලා, උශ්ණත්වය පාලනය කරොත් හරියාවි.
      ඊට පස්සෙ අර spudger එකෙන් යන්තමට වටේ ප්‍රයි කරන ගමන්, මැලියං බුරුල් වෙන්න අයිසොප්‍රොෆයිල් දාන්න කියල තමයි තියෙන්නෙ.

      Delete
  2. අජිත් ධර්මකීර්තිපාල - ලන්ඩනයJuly 4, 2023 at 7:36 AM

    මම නං තායි ලේඩි බෝයිස් බඩු වලට තමයි කැමති.

    ReplyDelete
    Replies
    1. ණය වෙලා හරි ගිතෙල් තමයි වළඳන්න ඕනෙ😉

      Delete
  3. අපිට කොහෙද බූල් னයි කිවුවලු. අපිනං ඔය ලොක් ගලවන්නෙ කොම්පියුටර් කේසින් වල පිටිපස්සෙ එක්ස්ටෙන්ෂන් කාඩ් ගහන තැං වහල එවන යකඩ පතුරු කෑල්ලකිං.

    ReplyDelete
    Replies
    1. එහෙම පුලුවනි නං කිසිම අවුලක් නෑ. ඝණකම වැඩි සහ නැමෙන්නෙ නැති එක අවුලක් නෙමෙයිද?

      Delete
  4. මේක වටින්නේ සත්තලන්‍ට තමා මං උන්දැට දුන්නා ඔත්තුව

    ReplyDelete
    Replies
    1. මම බැලුව Draz.lk එකේ මේක තියා මොන spudger වත් නෑ. AliExpress වල ලංකාවට දෙකම
      රුපියල් 187 + ෂිපින් රුපියල් 187 ක් වෙනවා.

      Delete
  5. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස publish කරලයි මේ පැත්තට ආවේ.

    අටවන මාටින් කෙනෙක් මේ වතාවේ අපි එක්ක පාද යාත්‍රාවේ ගියා. උන්නැහේ රෑට එළිය කරන්න 'ලයිට් පොල්ලක්' ගෙනාපි- එකට වෙච්චි අලකලංචිය මේ වතාවේ පොස්ට් එකේ ලිව්වා.
    උන්නැහේ පස්සේ කිව්වේ 'මං ගෙනාපු ලයිට් එක sensor එකට වැඩ කරන එකක් බව දැනන් හිටිය. සර්කිට් එක බයිපාස් කරන වැඩේ ඒ වෙලේ කරගන්න වෙලා මදි උනා.' කියලයි!

    ReplyDelete
    Replies
    1. ලයිට් පොල්ල ගත්ත එක හරි. ඒවා සාමාන්‍ය ෆිලමන්ට් බල්බ් වලට වඩා වැඩි කාලයක් එලිය දෙනවා. එකම අවුල තෝරා ගත්ත එකේ මෝෂන් සෙන්සර් එකකින් වැඩ කිරීමයි. හ්ම්....බයිපාස් කරන්න ගලවලා විතරක් මදි, මෝෂන් සෙන්සර් එකේ කියාකාරිත්වය ගැනත් දැණගන්න වෙනවා.

      ඔය කියන සෙන්සරේ බයිපාස් කිරීම, හිතන තරම් ලේසි නොවන්නත් ඇහැකි. සෙන්සරෙන් එන සිග්නල් එකට ලයිට් එක පත්තු වුනාට, ඒක ටික වෙලාවකින් ඔෆ් කරන්නෙ, වෙනත් චිප් එකක තියෙන ටයිමර් එකකින්. ඔහොම අත්වැරදීම් වෙලා වැරදි අයිටම් ගෙන්න ගත්ත අවස්ථා, මගේ නං ඉහේ කෙස් ගාණයි.🤣
      ලාබම චීන බඩු ගන්න එකේ වාසියත්, ඒකමයි.

      Delete
    2. ඒක පොල්ලක් නෙවේ. සහසුද්දෙන් කියනවනම් සරල සර්කිට් එකක් තියෙන සෝල රීචාජබල් ගාඩ්න් ලැම්ප් එකක්... බස්.

      ඒකෙ බයිපාස් වැඩේ අමාරැ නැ. ඒ නැතත් චාජ් කරන් පහු... බැටරයෙන් බල්බ් පැනල් එකට ඩිරෙක්ට් කනෙක්ෂන් එක දෙන්න සෙට් කරගත්තම හරි.
      ඒ දෙකෙන් එකක්වත්ක රගන්න බැරි උනා 😁

      Delete
    3. ගාඩ්න් ලැම්ප් එකක් කිව්වා? දවල්ට ඕෆ්, රෑට ඕන් වෙන එකක්ද? එතකොට මෝෂන් සෙන්සර් එකක් නෙමෙයිද? එතකොට අර ටික වෙලාවකින් ඕෆ් වෙන්නෙ මොකද?

      Delete
    4. අටවන මාටියා වැට පැනලා ඉල්ලං කෑවා.

      Delete
    5. සාකච්චාවට සහභාගි වුනාට ස්තූතියි ඇනෝ.

      @නමී
      මෙහෙම එකක්ද?🤔
      100 LED Smart Solar Light rechargeable Body sensor night lamp garden with built battery

      Delete
    6. ඔය තියෙන්නෙ. වෝටර්ප්රූෆ් නෙමේ & හැඩේ පොඩ්ඩක් වෙනස්. 100 LEDත් නෙමේ.
      බසූ අර කියල තිවන වගේ දැනගෙන කරන්න ඕන. ඒත් සමහර ඉගෙනගත් ඒවා මතක නැති තරම්. අටවලම තමයි සමහර ඒවා මතක්කරන්නෙ/ දැන ගන්නෙ 😂. ලඟදි චාර්ජරයකුත් පිපුරුව.
      (සොරි එන්න පහු උනාට. වැඩයි ගමනුයි වැඩි උනා)

      අර ලැපේ බැටරි දෙහෙකුයි තිව්න එකයි අරං සීරියස්ව (ශ්‍රේණිගතව) සැට් කරගත්ත. බැටරයෙන් බල්බ් පැනල් එකට ඩිරෙක්ට් කනෙක්ෂන් දෙනව. පැය 5ක් දැන්එකදිගට වැඩ.

      Ano
      ඉස්සරහට ඉල්ලං කන්නත් නැති වෙයිද මන්ද මහත්තයො 😂

      Delete
  6. අර චැනල් එක සජෙස්ට් කරපු එකටනං ස්තූති වේවා!

    ReplyDelete
    Replies
    1. තවත් අටවන-මාටියෙක්ට ප්‍රයෝජනවත් වුනා නං, එව්වරයි.😊
      Ali, Temu දෙකේම සර්ච් බාර් එකේ "පික්චර් සර්ච්" ( කැමරා අයිකන් එක) තියනවා. දෙගොල්ලම කරන්නෙ බිස්නස් එකක්, නිසා එකම අයිතමය දෙකේම බලන එක තමයි මම කරන්නෙ.

      Delete
  7. බිග් ක්ලයිව් වගේම මම ඉගෙන ගන්න යන තැනක් තමයි DiodeGoneWild. එයාලට පිං සිද්ද වෙන්න ඉගෙන ගත්ත දෙයක් තමයි, බටහිර ලෝකයේ පිළිගත්ත විදුලි පරිපථ ආරක්ෂක සම්මත, චීනයට අදාල නොවන බව. සමහරවිට මේකම ලංකාවටත් අදාල වෙනව වෙන්නත් පුළුවන්. ඒක එහෙම නං, මගේ ටැක්නිකල් ලිපි කොච්චර ප්‍රයෝජනවත්ද කියන එක, මටම ප්‍රශ්ණයක්.🤔

    Whatever floats your boat, I'm fine with that😉


    ReplyDelete
  8. අපි දන්නෙ ඇණවෙන බැස්ටියංලා ගැන විතරක් නිසා නෝ කමෙන්ට්

    ReplyDelete
    Replies
    1. මෙහෙම හරි කමෙන්ට් කල එකම මදැයි. 🙏👌😊

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code