Sep 28, 2023

ප්‍රයෝජනවත් බ්‍රව්සර් ඇඩ්-ඔන්/ එක්ස්ටෙන්ෂන්

මේ තියෙන්නෙ ක්‍රෝම් බ්‍රව්සරයට මම දැනට පාවිච්චි කරන Addon/ extension ටික. ඩික්ෂ-නරි තුනයි. 

1. Google Dictionary

2. Google Translate

3. Instant Dictionary

Dictionary නං කොච්චර තිබ්බත් වැඩි නෑ. සමහර ඉංග්‍රීසි වචන වල හරිම තේරුම, යෙදෙන අවස්ථාව අනුව වෙනස් වෙන නිසයි.

ලිඛිත හෝ කතාකරන "පොෂ් ඉංග්‍රිසී" වලට අයත් නොවන, "ස්ලෑන්ග්" නමින් හඳුන්වන කොටසකුත් ඉංග්‍රිසී බාෂාවෙ තියනවා. ඒක එක්තරා ආකාරයක, "බජාර් එකේ බාසාවක්" . මේ ස්ලෑන්ග් රටින් රටට වෙනස් වුනත්, ව්‍යක්ත ඉංග්‍රීසි සඳහා මට ඇමරිකන් ස්ලෑන්ග් වැදගත් වෙනවා. ඒ සඳහා මම යන්නෙ ,  Urban Dictionary  කියන තැනට. තව Thesaurus එකකුත් තියනවා, මේවා සෙට් කරගත්තෑකි, වෙන, වෙන ක්‍රම වලට ඇක්ටිවේට් වෙන විදිහට, ඔප්ෂන් හරහා.

ඊළඟට OneNote web Clipper සහ Single File. දෙකම තමන් බලන වෙබ්-පේජ් එක සේව් කරගන්න ක්‍රම දෙකක්. OneNote එකේදී ඒවා පොතක් විදිහට, කැටගරි සහ වෙන, වෙනම පිටු හදලා සේව් කර ගැනීමේ පහසුකම තියනවා. Single File සරළයි, සම්පූර්ණ වෙබ් පිටුවම, පින්තූර සහිතවම එක ෆයිල් එකකට සේව් කරනවා.

මේ Read Later 
සමහර වෙලාවට එහෙම ස්ථීරව සේව් නොකර, පස්සෙ බලන්න විතරක් අවශ්‍ය වෙන වෙලාවකට  Read Later තමයි හොඳ.  මට නං ඉතාමත් ප්‍රයෝජනවත් එකක්. දිග වීඩියෝවක් බලනකොට, මැදදී මේක හරහා සේව් කලාම, ඊළඟට ඒ බලපු තැන සිට ආයෙ බලන්න පහසුකම තියනවා. ඔය පිංතූරෙ තියෙන්නෙ, වීඩියෝවල බලාපු ප්‍රතිශතය තමයි.

අන්තිමට uBlock Origin නම් හැම බ්‍රව්සර් එකටම දාගෙන තියනවා. සාර්ථක විදිහට හැම පොප්-අප්, මාකටින්, ඇඩ්වටීස්මන්ට් ඔක්කොම බ්ලොක් කරනවා

 මට මඟෑරිච්ච, ඒත් ප්‍රයෝනවත් ඒවා තව ඇති. එහෙම එව්වා තියනවා නං කමෙන්ට්වල දාන්න, ඈ? මම දාල තියෙන  ඇඩ්-ඔන් වලට කෙටුවාම, කලින්ම අදාල ක්‍රෝම් ඇඩ්-ඔන් පිටුවට යන විදිහට ලින්ක් දාලයි තියෙන්නෙ.



(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

38 comments:

  1. අම්මප ඔහෙල දැනුවත්වී ඉන්න තරං
    අපිටත් හොරෙන් ලෝකය ඉදිරියට ගිහිං
    උස අතුවල වුණත් තව තව මල් පිපියන්
    දැක්කත් සැපයි, මං වෙනවා අනුමෝදන්!

    ReplyDelete
    Replies
    1. මමත් මේවා දැන ගන්නෙ අනිත් අයගෙ නිර්දේශය මත තමයි. එකම වැදගත් දේ, දැනගන්න දේ බදා නොගෙන, බෙදා ගැනීම විතරයි.

      Delete
    2. ආන්න මසුරං
      වගෙයි ඒක නං
      සැවොම එහෙම නං
      අගෙයිද කෙතරම්?

      Delete
  2. හුම්...
    වෙබ් පේජ් සේව් කරගන්න ඕනෑම උනොත් හිටං Ctrl+S ගහල folderයක සේව් කරගන්නව. නැහ්නං screen shot හෝ bookmark තමා.
    බලන්න ගන්න බොහෝ වීඩියෝ download කරල තමා බලන්නෙ.

    ReplyDelete
    Replies
    1. OneNote සහ Single File දෙකම, Ctrl+S ක්‍රමයේ screen shot වලට වඩා වෙනස්. එකවර නොපෙනෙන සම්පූර්ණ පිටුවම සේව් වෙනවා වගේම, ෆයිල් එකේ ප්‍රමාණයත් කුඩායි. පසුව එඩිට් කරන්නත් ඇහැකි, සේව් වෙන්නේ පිංතූරයක් ලෙස නොවන නිසා.

      bookmark නම් මාත් පාවිච්චි කරනවා, ඒත් සියලු වෙබ් පිටු ධර්මයෝ අනිත්‍යයි කියල, වාෂ්ප වෙච්ච මාරයගෙ රෙසිපි වාෂ්ප වෙච්ච වෙලාවෙ බුරතීනෝ කිව්වා.🫠

      Delete
  3. හදිස්සියකදී extension විදිහට... translator එකකුයි free VPN එකකුයි විතරයි පාවිච්චිය 😎😉

    ReplyDelete
    Replies
    1. ඒ දෙකේ ලින්ක් දැම්ම නං, අපටත් දැනගන්න අපේ හාංදුරුවනේ!

      Delete
    2. Browsec VPN - Free VPN for Chrome කියල VPN Extension
      එකේ නම තියෙන්නෙ. Extension ට්‍රාන්ස්ලේටර් එකේ නිකම් WebTranslate කියල තියෙන්නෙ. හොයල හොයල දාගන්න ඒවානෙ. වැඩි යමක් ඒවා ගැන දන්නෙ නැතුවා 😉

      Delete
    3. හොයල හොයල දාගන්න ඒවා නිසා තමයි, ඒව ගැන තමන්ගෙ අත්දැකීම අනිත් අයට වටින්නෙ. ටොන් ගාණක් එක්ස්ටෙන්ෂන් තිබ්බට, හැම එකම ප්‍රයෝජනවත් නෑ. සමහර ඒවා වල, හානිකර යටි අරමුණු එහෙමත් ඇති. මට ඔය VPN සෙල්ලම හරි ගියේම නෑ. නරකද ඒ ගැන පෝස්ට් එකක් ලිව්වොත්?🙏😁

      Delete
    4. අප්පේ ඒ ගැන දැනුමක් ඇත්තෙම නෑ බසු...

      Delete
  4. Thank you very much. බදා නොගෙන බෙදා ගන්නවට .👍

    ReplyDelete
  5. හරිම වැදගත්...ස්කෝතුයි බෙදාගත්තට..👍

    ReplyDelete
  6. ගල් ලෑලි මත ගල් කූරෙන් ලියූ අන්තිම පරම්පරාව අපිද?

    අපේ ගෙදරක; සෑහෙන කාලයක් යනතුරු තිබුනු එකම ඉලෙක්ට්‍රොනික මෙවලම වූයේ රේඩියෝව පමණි!

    එහෙව් අපිට මේ සියල්ල; ග්‍රීක් ය!

    එහෙත් ඔබ ඒ දැණුම බෙදා හදා ගන්නට ගන්නා වෙහෙසට මෙන්න මගේ අවංක ආදර "මෙව්ව" එක!

    ReplyDelete
  7. ඩීජී බක අප්පුට ඉංගිරිසි බැරි වෙච්ච
    නුගත් කම නිසා ලෝකෙන් කොන් වෙච්ච
    බෝතලයක් ගහලා සැතපෙච්ච
    ජනපති රනිල් මැතිදුන් බුදු වෙන්න

    ReplyDelete
  8. Replies
    1. හෑ, ඒ ක්‍රෙඩිට් කාඩ් එකක් වත්ද? ප්‍රාජේගෙ ඉමෝජි එන්න එන්නම සංකීර්ණ වෙනවා.🤔🫠😁

      Delete
  9. මම ආපහු බ්ලොග්වලට ආ බව කියන්නයි ආවේ. ලිපිය කියවන්න ආයෙත් එන්නම්...

    ReplyDelete
    Replies
    1. වෙල්කම්! කොච්චර දෙයක්ද ආ එක. ඊටත් වඩා වැදගත් දේ, ආයෙ ලියන්න ගත්ත එක.🫠

      Delete
  10. උඩ බැනර් එක මරු. ඒකෙ මාත් ඉන්න එක තව දාහක් වටිනව...

    ReplyDelete
    Replies
    1. ආන්න බලහං. කලාත්මක ඇහැකට තමා ඒව පේන්නෙ.😁

      Delete
    2. ලබ්බ තමා. ඒකෙ னයෙක් නෑ කියන්නෙ ඒක වැඩක්ම නෑ.

      Delete
    3. හුටා! නෑ නේද? දැන් ඉතිං හොයාපංකො පරණ පොටොෂොප් ෆයිල් එක?😵‍💫🤔😁

      ඔන්න දැම්මා.

      Delete
  11. ලොකු සර් දැන් එතකොට 'duck duck go' ගැන ඔහේ මක්කැයි කියන්නෙ.

    ජයවේවා
    H

    ReplyDelete
    Replies
    1. DuckDuckGo vs Google | Does Your Search Engine REALLY Matter?

      ඔය වීඩියෝවෙ මේ ගැන හොඳ පැහැදිලි කිරීමක් තියනවා. ගූගල්ගෙ, ටොප් නොච් සර්ච් කොලිටි එක මට නං වැදගත්. මම ඉන්න සාවිය, මගේ සර්ච් හිස්ට්‍රි එක ගූගල් ගත්තත්, මට ඒ තරං අවුලක් නෑ. ඒත් මම බොහෝ විට එකවුන්ට් එකකට ලොග් නොවී ඉන්න උත්සහා කරනවා.

      මේක දෙපැත්ත කැපෙන අවියක් වගේ. මේ ගන්න තොරතුරු නිසා, අපට ලැබෙන සර්ච් රිසල්ට් එක වඩා අදාල වෙන අවස්ථා එහෙමත් තියනවා. ගූගල් අපට නිකං දීලා තියෙන දේවල් බැලුවාම, ඔන්න ඔහේ තොරතුරු ටිකක් ගත්තාවෙ කියලත් හිතෙනවා.මේ ප්‍රයිවසි ඉෂූ එක ගැන, පැරනොයිඩ් නොවී, ඒත් අවදියෙන් සිටීම වැදගත්.

      හැට්ටරේට ස්තූතියි මේ ගැන සඳහන් කලාට.🙏👌

      Delete
  12. මුලින් දාල තියෙන ඒවා තියෙනවා. අර වෙබ් පේජ් සේව් කරන එක හොඳයි . ඒක නැහැ

    ReplyDelete
    Replies
    1. ඔව් මේවා වල ප්‍රධාන ප්‍රයෝජනය, අපේ එදිනෙදා වැඩ කටයුතු පහසු කර ගැනීමයි. අනිත් අයත්, තමන්ගෙ කැමතිම, උපාංග ගැන කිව්වොත් තමයි, මේ සාකච්චාවෙන් වැඩි ප්‍රයෝජනයක් වෙන්නෙ.

      Delete
  13. දැනුම බදා ගන්නේ නැතුව කරන බෙදා ගැනීම හරිම වැදගත්. මේවා අපට වැඩ පහසු කරගන්න හොද අත්වැලක්. ඔබ ප්‍රතිචාර එක්ක බෙදා ගන්නා යූ ටියුබ් දිගුත් මට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි. අනිත් අයට ප්‍රයොජනවත් නම්, මගේ වෑයම සාර්ථකයි.🫠

      Delete
  14. පාස්වර්ඩ් මැනේජරයා හැටියට Bitwarden එකත් බොහොම ප්‍රයෝජනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෞශල්‍ය, ඔත්තුවට. අත්හදා බලන්නම්.🙏👌

      Delete
  15. අපි දෙතුන් දෙනෙක් අද (සෙනසුරාදා රාත්‍රී 10ට ) පෝස්ට් එක බැගින් දාන්නයි යන්නේ. මම ඒකට නමක් දුන්නා "ශනිදා දහයට" කියලා . (හිනා වෙන්න එපා) බලමු ඊළඟ සෙනසුරාදා; "ශනිදා දහයට" එකතුවෙන්න!

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code