නිදි ගේ නියුට්‍රිනෝ - They come straight through the earth at nearly the speed of light, all the time, day and night, in enormous numbers. About 100 trillion neutrinos pass through our bodies every second. The problem for physicists is that neutrinos are impossible to see and difficult to detect.
👶
ReplyDeleteමට තේරුම්ගත හැකියි. ඉමෝජි එකක් හරි දාන්න ආවට ස්තූතියි.👌🙏
Deleteහැන්දෑවට ආකාහෙ දිහා "තරු බැලිල්ල" බොහොම හිත නිවන දෙයක් වුනාට විශ්වය හරිම දරුණු තැනක්. දන්න එකම සාපේක්ෂ නිස්කලංක තැන පෘතුවිය. ඒකත් විනාස කරන්න වැඩ කරන ගමන් තරු අල්ලන්න හදන ගොබිලො ඉන්න මේ ලෝකෙ, ඒ ගැන කතිකාවක් වටිනව කියල හිතලයි දැම්මෙ. ඒත් ඒක එහෙමම නොවෙන පාටයි නේද?🤔☹️
රෙජිස්ටරේ මාක් කරන්ට ආවෙ හිටං. මේ සා විසාල මාතෘකා ගැන කතා කරන්න මං වහන්දෑ අතදරුවා හන්ද බබා ඉමොජියක් දැව.
Deleteදැන් තමා වීඩියෝව බැලුවේ. ඉන්ට කෙලී ලස්සනයි 😅🙈
ඔව් කෙලී නම් ලස්සනයි තමා. හහ් උඹ අතදරුවා? හා, හා වැඩිය අතගාන්න එපා, නඩුව පරදීවී.🤣😉
Deleteමෙන්න මගේ ගානෙ තව එකක් ...
අර සුජීව කොකාවල ෆර්මි එක ගැන හොඳට ලියලා තිබ්බ ඉංග්‍රීසියෙන් . ෆේස්බුක් එකේ දාල තිබ්බ . ඉට අපස්සේ ඕව හොයන්න් හෙන අමාරුයි . ස්තූතියි . ගිය අවුරුද්දේ ලියන්න පටන් ගත්ත ඡේදයක් විතර ලිව්වා . කොහෙද මේ වෙන වෙන මගුල් ඔළුවට එනවනේ .
ReplyDeleteඉංග්‍රීසි එව්ව නං ඕන පදං තියනවා. ඒත් ඒවයෙන් සිංහලෙන් සාකච්චා කරනව වගේ ආතල් එකක් එන්නෙ නෑ.
Deleteයුරෝපියන් ඉස්සෙල්ලම ලෝක ගවේෂණය කලේ වස්තුව කොල්ල කන්න, වහල්ලු අල්ලන්න නෙව? ඩාර්ක් ෆොරෙස්ට් තියරි එක අනුව පිට සක්වලයින්ට ආවොත් එන්නෙ ඒකට තමා, නැතුව අපේ ප්‍රශ්ණ විසඳලා දීලා යන්න කියල හිතන්න බෑ. තාක්ෂණයෙන් දියුණු වුනාට, අධ්‍යාත්මිකව දියුණු වෙන්නෙ නෑ, අද ලෝකෙ දිහා බැලුවාමම පේනව නෙව?
ඒත් උන්ට වහල්ලු ඕන වෙයිද? උන් අන්තර්-ගැලැක්සි තරණය කරන්න දන්නවා නම්, තරුවල ශක්තිය උකහා ගන්න දන්නව ඇති නෙව?එතකොට, ඊලම් මස්ක්, ජෙෆ් බේසෝස්ට වගේ වහල්ලු ඕනෙ වෙන එකක් නෑනෙ? ඊලඟට රිසෝසස්?ඒව අනෙක් ග්‍රහලෝක වල ඇති පදං තියනවා නේද?
මේ දවස් වල Death's ENd කියවනවා . Cixin Liu ගේ අන්තිම පොත . ඩාර්ක් ෆොරෙස්ට් කතාව හොඳටම ලියන්නේ එයා . කතාව හරිනේ . මේවා ලියන එක බයයි මිනිස්සු හිනාවෙන නිසා , නමුත් මම දැක්ක එක පාරක් අප ගෙවල් පැත්තේ (අහස දිහානිතම බලන කෙනෙක් නිසා ) හවස 7 විතර ලොකු තරුවක් වගේ එකක් . මම හිතුවේ බ්‍රහස්පති කියල . නමුත් එවෙලේ එතැන තියෙන්නේ බැහැ . ටිකක් වෙලා බලන් හිටියම තේරුණා ඒක ළඟ වගේ තියෙන්නේ කියල . රවුම් තරුවක් වගේ සුදු පාට එලිය . මම දුවටයි තව යාලුවෙකුටයි කතා කළා එන්න කියල . ඒ ගොල්ල එලියට ආව . ඒ මොහොතෙම අරක වැනිෂ් වුනා . එපමණ ඉක්මනට යන්න බැහැ ඇහැට පෙන්නේ නැතිව නේ . . ක්වන්ටම් සීන් එක නිසා මම එයාලට කිව වෙන ඩයමෙන්ෂන් එකකට යන්න ඇති කියල උන් හිනා වෙනවා .
ReplyDeleteහෙහ්,හෙහ් හිනා නොවී ඉඳීවියෑ වෙන ඩයමෙන්ෂන් එකකට යන්න ඇති කිව්වම? ස්තූතියි අත්දැකීම බෙදාගත්තට.
Deleteමතක විදිහට ඇසිමෝව්ගෙ කතාවක්. පිටසක්වල යානයක් හඳේ අඳුරු පැත්තට වෙලා බලාගෙන ඉන්නව ලෝක විනාසෙ වෙනකං. ජූනියර් පිට සක්වලය නාහෙන් අඞනවා, මුං මරගෙන ඉවර වෙන්නෙනෙත් නෑ, මට වැකේෂන් යන්නත් නෑ කියල. මේ යන විදිහට ඒක වෙන්න තියෙන ඉඩ වැඩියි. මේ එපිසෝඩ් එක මතක් වුනා.
freezer Love Death and Robots(ICEAGE)
The Fermi Paradox බාගත්තා. විනාඩි නවයක්වත් නැතත් ඉතාම සැලකිල්ලෙන් බලලා තව යමක් කියනකල් මේ ලියන්නේ.
Delete(මං දැනට කියවා ඇති හා නරඹා ඇති පොත්- ෆිල්ම්ස්වලට සහ නොයක් දෙනා හා කර තිබෙන සාකච්ඡා ආදියට ණයගැතියි මේ අදහස් පිලිබඳව.)
1. හතරවෙනි මානයේ සිටින ජීවීන් යම් යම් වෙලාවල්වල හදිසියේ තෙවෙනි මානයට ආවොත්- තත්ත්පර කිහිපයකට?
උදේ පාන්දර- ගොම්මන් වේලාවන්වල එහෙම වෙන්න තියෙන ඉඩකඩ වැඩියිලු...
2. වෙනත් මානයක සිටින ජීවීන් මීදුම හෝ පින්න සහිත වෙලාවක අපට දැකිය හැකි වෙයිද? ඔවුනගේ සිරුර වටා පිනිබිඳු දැවටීම නිසා.
3. වායව සිරුරක් සහිත ජීවීන් ඉන්නවා නං? අපට ඔවුන්ව පෙනේවිද?
අපට ජලයේ පිහිනා යා හැකි ලෙසින්ම ඔවුනටත් පස තුලින් පවා එහා-මෙහා යා හැකි වේවි නේද.
4. ආලෝකය එහෙම පිටින්ම අවශෝෂණය කරගන්නා ජීවීන් කොටසක් හිටියොත් අපට ඔවුන්ව පෙනෙන්නේ නැහැ නේද?
5. බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක, සුර-අසුර ලෝක වගේ තැන්වල සිටිතියි කියවෙන ජීවීන් ගැනත් හරි හරි දේවල් කියවෙනවනේ.
සිත මිස කය නැති ජීවීන්- කය මිස සිත නැති ජීවීන්- ආහාර නොගෙන ජීවත් වෙන ජීවීන්- මෙලොව සියක් වසරක් එහි එක දවසක් වෙන ලොවක ජීවීන්- මෙලොවම යම් යම් තැන්වලට අරක්ගත් දෙවියන්- යක්ෂයන් හා ප්‍රේතයන් ගැනත් මෙතැනදී හිතන්න වෙනවා නේද...
යෝධ පිරමිඩ- ස්තූප- සුමේරියානු ආදි තැන්වල ඇති අරුම ඉදිකිරීම්වල විස්මිත නිරවද්‍ය තාක්ෂනය ගැනත් හිතද්දී... ඉන්දියාවේ තැනක තියෙන, පිහිටි කළුගල කපා ඉවත් කරමින් තැනූ Shri Kailasa Temple, Ellora වගේ තැන් ගැන හිතද්දී...
Deleteමට හිතෙන්නේ වෙනත් බුද්ධිමත් ජීවීන්ගේ සහාය අතීතයෙදී අපට ලැබී ඇති බවයි.
ආතර් සී ක්ලාක්, අයිසෙක් ඇසිමෝව්, කොලින් විල්සන් වැනි විද්‍යා ප්‍රබන්ධ ලේඛකයන් රැසකගේ අදහසුත් මෙතැනදී නොසලා හරින්නට බෑ මට නම්.
නිදි, මගේ සීමිත දැණුම අනුව 1 සහ 2 පේන එකක් නෑ කියලයි හිතෙන්නෙ. යම් දෙයක් පෙනුනත්, ඔවුන්ගේ නියම ස්වරූපය බලා ගන්න බැරි වේවි.
Delete3 පේන එකක් නෑ, ඒත් සෙන්සර් වලින් ඩිටෙක්ට් කරන්න හැකි වේවි නේද? බූ වල්ලා වගේ සතුන් ගැන බැලුවාම ( ඇට නෑ, හදවත් 3යි, ඇඟ පුරාම මොල - කකුල්වල වෙන වෙනම), අපි දන්න මිනිස් මොඩල් එකට වඩා පිට සක්වල ජීවය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න හැකියාව තියනවා.
4 ආලෝකය එහෙම පිටින්ම අවශෝෂණය කරගන්නවා නම්, එතකොට ආලෝකය පරාවර්තනය නොවන නිසා කලුවට චායාව පෙනෙයි.
5. නොදනිමි. දන්න කෙනෙක් උත්තර දෙන සේක්වා!
ඔව් එහෙම කතාවක් තියනවා. දෙයියො කියන්නෙ දියුණු පිට සක්වලයො කියල, ඔය මිසර පිරමීඩ වලට සම්බන්ධ "රා" දෙයියා ගැන. ඒත් ඒවා දැණට පැහැදිලි කරන්න බැරි දේවල් මිසක් ඊට පස්සෙ සාක්කි නැති නිසා බොහෝ අය ඒව සලකන්නෙ "කොන්ස්පිරසි තියරි" විදිහට.
Deleteවිද්‍යා ප්‍රබන්ධ ලේඛකයන් නොසලකා ඉන්න බෑ තමා. ජූල්ස් වර්න්ගෙ සමහර ලියපුවා පස්සෙ හරි ගියා වගේ මතකයි.
මෙලොව සියක් වසරක් එහි එක දවසක් වෙන ලොවක
Deleteඩයමෙන්සන්, දියුණු ජීවීන් එක්ක.... පරිනාමයේ අදියර හා අවසානය ගැන කතාවෙන 'Kardashev Scale' මතක් උනා. එකේ අවසාන අදහසත් මිනිස්සු පරිනාමයේ අවසානය Immortality බවයි. ඒක ගැන සමහර විද්වත්තු කතා කරන්නෙ අපි ඇගෙන් අයින් වෙලා astral bodyය👻 එලියට ගනිවී කියලයි. එතකොට රත්නේ..... 🙈🤧
Deleteඔව් එහෙම කතාවල් තියනවා තමා. ඩයිසන් ස්පියර් කියන සැකිල්ල තරු වටා ඉඳි කරලා, තරුවල ශක්තිය උකහා ගන්නා ක්‍රම ගැන. ඊට කලින් "The great filter hypothesis" එක අනුව, අපි අපිටම කෙලෝ ගන්න සීන් එකක් නේද දැන් යන්නෙ?
Deleteස්ටීව් යන්ග්ගේ විනාඩි 8.41ක ෆිලුම බැලුවා.
Deleteමෙලොව සියක් අවුරුදු ... ලින්ක් එකටත් ගියා.
මොනවද කියන්නේ? තවම කරකැවිල්ල වගේ... මට දැන් දැනෙන හැඟීම ලියන්නං මෙහෙම.
'පිස්සු හැදෙන සඳ!'
විශ්වයේ තව බුද්ධිමත් ජීවීන් අනිවාර්‍යයෙන් ඉන්නවා. හැබැයි උනුත් ඉන්නෙ අපේ තත්ත්වෙම තමා.. තාම උන් එකෙක්ගෙවත් තාක්ශණය මේ දැවැන්ත විශ්වය අතික්‍රමණය කරන්න තරම් දියුණු නෑ. ඔය මට හිතෙන හැටි..
ReplyDeleteඔව් අනිවාර්‍යයෙන්ම විශ්වයේ විශාලත්වයත්, ජීවයේ ආරම්භයේ සිට බුද්ධිමත් ජීවීන් ඇති වීමට යන කාළයත් තමා ලොකුම බාධක. ජීවීය පැවතීමට අවශ්‍ය සාධක - Goldilocks Zone, නොහොත් habitable zone නිසා එහෙම බුද්ධිමත් ජීවීන් හිටියත්, ලඟපාතක සුලභව ඉන්න තියන ඉඩ සීමිතයි.
Deleteඅනික තමයි "The dark forest hypothesis" එක. අපි අපේ "පැවැත්මට", වගේ-වගක් නැතුව, අපට වඩා බුද්ධියෙන් හීන සතුන් වනසනවා. සමහර සතුන් මසට බෝ කරනවා. කූඹි වගේ එවුන් නම් හෝල්-සේල් නැති කරලම දානවා. මෙච්චර මානව හිමිකම් දියුණු කාලෙත් ඔය ට්‍රම්පුච්චා ග්‍රීන්ලන්ඩ් කොහොමත් ගන්නවා කියන්නෙ. ඉතිං එහෙම අපට වඩා බුද්ධිමත් ජීවීන් ආවොත්, අපිත් උන්ට කූඹි තමයි.
ඒ නිසා සද්ද නැතුව රේඩියෝ ටෙලස්කෝප් වලින් අහගෙන ඉන්න එක වෙනම දෙයක්, ඒත් "හලෝ, අපි මෙහේ" කියල විශ්වයට ටික්-ටොක් මැසේජ් යවන එක, ඉල්ලගෙන කෑමක් විදිහට හිතන තර්කයකුත් තියනවා.
Either we are alone in the Universe or we are not. Both are equally terrifying.” - Arthur C. Clarke
ජීවය පවතින්නට අවශ්‍ය සාධක මේවා යයි නිගමනය කර තියෙන්නෙත් අපේ දැනුමට අනුව නේද?
Deleteඔව්, ඇත්ත අපට සාපේක්ෂව, අපේ දැන් දැනුමට අනුව තමයි. අපට වාසය කරන්න බැරි සාගර පතුලේ, ඉර එලිය නැති තැන්වල. ගිනි කඳු අසල උණු ඇසිඩ් වතුරේ පවා ජීවය පවතිනවා.
Deleteඒත් මේ Goldilocks Zone කතාව ඊට වඩා ටිකක් වෙනස්. වඩා ඉරට ලං වුනොත් වතුර සහ වායු ගෝලය වාෂ්ප වෙලා යනවා. ඕනවට වඩා ඈත් වුනොත් සීතල වැඩිවෙලා මිදෙනවද කොහෙද? අපි ජීවත් වෙන්න හඳේ බලපෑම, වඩදිය බාදිය, අපේ පෘථිවියේ චුම්භක ආවරණය, ඕසෝන් ආවරණය වගේ සාධක හුඟක් නිසයි. ඒවා නැත්නම් අපි වඳවෙලා යනවා. පෘථිවි ඇරුනාම සූර්‍යග්‍රහ මණ්ඩලයේ අනිත් ග්‍රහලෝක වල ජීවය තියන බවක් පේන්න නෑ.
පෘථිවිය 5% ඉරෙන් ඈත් වුනොත් මොකද වෙන්නෙ?...
ඒ ඔක්කොම තියාගෙන අර, අද හෙට චුත වෙන්න ඉන්න ඔරේන්ජං හනුමා ලෝකෙ ගිණි තියලා ගොල්ෆ් ගහන්න යනවා. 😮
https://www.facebook.com/Padaartha/posts/pfbid0aaYWGCMWkin4rpueE5n9gTKizDLj2XJi51o4f8oQPnUgKaZZh7fST4EUGVtQ1nMjl
Deleteදැනට පිට සක්වලයො ගැන අපි මවාගෙන ඉන්න රූපෙ, හොලිවුඩ් එක දීපු එකක්. අපේ සෞරග්‍රහ මණ්ඩලය හරියට ගවේශණය කරන්න තරම්වත්, අද තාක්ෂණය දියුණු නැති එකේ පිට සක්වලයො ගැන කවර කතාද? මම හිතන්නෙ, පිට සක්වල දියුණු ජීවීන් කෙසේ වෙතත්, අපට ජීවත්විය හැකි වෙනත් ග්‍රහලොවක් සොයා ගන්න කං, තියෙන අල බෝලෙ රැක ගතහැකි වේවිද?🤔
Deleteඉහළ ලිපියේ සමහර කරුණු සමඟ එකඟ විය හැකි පාටයි. ඒත් අපි හැමෝගෙම තාම තියෙන්නෙ උපකල්පන විතරයි.
කතන්දරේ බලලම එන්නම්කො
ReplyDeleteමම කැමතිම මාතෘකාවක් මේක
වැඩ අප්පා හරියට මේ දවස් වල
තව දවස් තුනෙන් තමයි නිදහස් වෙන්නේ
බස්සට අවුරුදු නැද්ද
අවුරුදු උත්සව නං නෑ. සේල් නං තියනවා. වින්ටරේ "ලාස්ට් කකුල" මේ යන්නෙ. කිරිබත් ලූණු මිරිස් ටිකක් තියේවි.
Deleteආන්න ජංසං. මාතෘකාවට කැමති නිසා කතා කරමු, මාත් නොදන්න ඒව දැනගන්නත් එක්ක.👌🙏
1. හතරවෙනි මානයේ සිටින ජීවීන් යම් යම් වෙලාවල්වල හදිසියේ තෙවෙනි මානයට ආවොත් - නිදි හතරවෙනි මානය කියන්නේ බන් කාලයට නේ. අපි ඉන්නේ ත්‍රිමාණ (උස, පළල, දිහ්ග) ලෝකේ කාලය සමා. ඉතින් හතරවෙනි මානේ තමා.
Delete2. වෙනත් මානයක සිටින ජීවීන් මීදුම හෝ පින්න සහිත වෙලාවක අපට දැකිය හැකි වෙයිද? ඔවුනගේ සිරුර වටා පිනිබිඳු දැවටීම නිසා. - පිනි තියන්නේ මේ මනයෙනේ
3. වායව සිරුරක් සහිත ජීවීන් ඉන්නවා නං? අපට ඔවුන්ව පෙනේවිද? - නියුට්‍රිනෝ කියන අංශුව උඹේ ඇඟ තුලින් යනවා දන්නවාද , මිලියන් ගණන්
4. ආලෝකය එහෙම පිටින්ම අවශෝෂණය කරගන්නා ජීවීන් කොටසක් හිටියොත් අපට ඔවුන්ව පෙනෙන්නේ නැහැ නේද? - බ්ලැක් හෝල් වගේ
5. බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක, සුර-අසුර ලෝක වගේ තැන්වල සිටිතියි කියවෙන ජීවීන් ගැනත් හරි හරි දේවල් කියවෙනවනේ.- භාවනා කරලා බලල අපටත් කියන්න
නිදි හතරවෙනි මානය = කාලය කියල එකක් තියන බව අමතක වුනා. මම නොදන්නෙ, ඒක හැමෝම පිලිගන්නවද කියන එකයි. මාන තුනක දෙපැත්තටම ගිය හැකි නමුත්, කාලෙයේ ඒක කරන්න බැරි පාටයි නේද?
Deleteනියුට්‍රීනෝ සහ නිදියගෙ තුන්වන ප්‍රශ්ණය අතර සම්බන්ධය තේරුනේ නෑ.🤔
ස්තූතියි, ප්‍රතිචාරයට.👌
මේක මා ලියපු එකක් . - දැන් මම ඔබ ඉදිරියේ දේශනයක් කරනවා යයි සිතන්න. මම එක තැනම සිටගෙන සිටියහොත් ඉහත ප්‍රස්ථාරයේ තනි කෙලින් ඉර මගින් මගේ ගමන පිළිඹිබු වේ. එනම් වෙනස් වන්නේ කාලය පමණි. (කාලය ඉදිරියට යන්නේ රේඛියවය. තනි ඉරක් ලෙස). අපි හිතමු මම දැන් ශාලාවේ එහා මෙහා ඇවිදිමින් මේ දේශනය කරනවා කියා. එහිදී සිග් -සැග් ක්‍රමයට ඇති ඉරෙන් මගේ චලිතය පෙන්නුම් කලේ. මෙහි තලය ද්විමාන නිසා (X - Y මාන දෙකක් පමණක් මොනිටරයේ ඇත. සිරසට හා තිරසට ) අපට X-Y-Z ත්‍රිමාණ තලය පෙන්වන්නට නොහැකියි. මේ අවකාශය තුල මගේ ගමන (path) නැත්නම් මාර්ගය (පථය) හඳුන්වන්නේ worldline කියලයි. අවකාශ- කාලය වෙනස් වෙනවා කියන්නේ මේ වගේ දෙයකටයි. https://draft.blogger.com/blog/posts/7853672256074577273?q=%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA
Deleteසොරි . ලින්ක් එක වැරදියි . https://kolambagamaya.blogspot.com/2014/10/blog-post_19.html
Deleteඅපේ ත්‍රිමාණ ලෝකේ කාලය තමං හතරවෙනි මානය . අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය ගෙනාව ඒක පැහැදිලි කරන්න . නිව්ටන් කාලය නියතයක් ලෙසයි ගත්තේ . කාලය නියතයක් නෙමේ . ඒක අපි ජිවත් වන රාමුව අනුව වෙනස් වෙනවා . බ්ලැක් හෝල් එකක් ලඟදි කාලය නතර වෙනවා . ක්වන්ටම් භෞතික විද්‍යාවෙන් ඔප්පු කරපු දෙයක් නේ .
Deleteනිදි ගේ නියුට්‍රිනෝ - They come straight through the earth at nearly the speed of light, all the time, day and night, in enormous numbers. About 100 trillion neutrinos pass through our bodies every second. The problem for physicists is that neutrinos are impossible to see and difficult to detect.
Deleteකාලයකදී මගේ අදහසක් තිබුන හොල්මන් කියන්නේ නියුට්‍රිනො අංශු කියල . ඒක වෙනස් වුනේ නියුට්‍රිනෝ පින්තුර ගහන්න අපට බැරි නිසා . https://www.youtube.com/watch?v=r-O9BubKLNk
Deleteඅර නියුට්‍රිනො ගැන වීඩියෝව නියමයි. ඒක නං ඔක්කොම තේරුනා. worldline ගැන ටිකාක් විතර, යම් අවබොධයක් ආවා. "ගෑන්ඩ් ෆාදර් පැරඩොක්ස්" වගේ එව්වා නිසා "කාළය= 4වෙනි මානය" ගැන නම් තාම අවුල්.
Deleteඅජිත් මහත්තයෝ, ඔයාගේ comments වලට ස්තුතියි.
Deleteඔයා 2014 ලියා ඇති blog ලිපියත් කියෙව්වා. එහි කියා තිබෙන දේවල් සේරම තේරුම් ගන්න ගියොතින් මට- මට නං ඒ විෂයයන් ඉගෙනගන්න වේවි අවරුදු ගණනාවක්. දන්නවනෙ- මම අපොස සාපෙළට විතරයිනෙ ඉගෙනගෙන තියෙන්නෙ.
මට හිතිච්ච දේවල් ඒ blog ලිපියට comment එකක් විදිහට anthoniyo bahijata මහත්තය 2014 දීම ලියල තිබුණා.. //කිව්වට තරහ වෙන්න එපා
මට නම් දැන් දැනෙන්නේ කාන්තාරයක අතරමං වී පාර සොයමින් යන කෙනෙක් රවුමට ගොස් පටන්ගත් තැනටම
ආවා වගේ හැඟීමක්//
පිට එවුවොනං දන්නෑ අපිනං දන්නෙ සක්වල කියල බස් වගයක් බෙදපු මනුස්සයෙක් ගැන තමයි.
ReplyDeleteහෑ එහෙමත් එකෙක් ඉන්නවද? එහෙනං ඉන්තේරුවෙන්ම උන්දෑ පිට සක්වලයෙක්.🤣😮
Deleteකාලෙක ඉඳලා මාත් විපරම් කරන ආස විෂයක්...
ReplyDeleteමම ලඟදි කාටුන් එකක් බැලුවා. ඒකෙ පුරාන නගරේ කෙල්ලෙක් තැනකදී කිව්ව 'ඔයාල ආවේ කුරුල්ලෙක්ගෙ බඩේ කියල'. එකපාරටම තේරුනේ නැති උනාට ටිකකින් තේරුනා මේ කිව්වෙ ගුවන් යානය ගැන කියල 😃. මට හිතෙන්නෙ දෙයියො කියල හඳුන්වන ඈයන්ටත් ඔය සේතේම තමයි. හඳුන්වන නම් සහ විදිහේ වෙනස තමයි. දියුණු ජීවින් ඉඳිත හැකියි. (ගමේ සමහරු උදව්කරන ලොකු මහතයෙකුටත් ඉතීම් 'දෙයි-හාමුදුරුවො' කියනවනං තමා)
වෙනත් මානයක/ අපේ සංවේදන සීමාවට පරිභාහිරින්... ජීවින් ඉඳිත හැකි කියල තමයි මයෙ අදහසත්. කාලෙකට කලියෙන් විද්‍යාව උනත් ක්ෂුද්‍රජීවීන් ගැන දැනන් හිටියද. අන්වීක්ෂය ඒමත් එක්කලා ඒ ක්ෂුද්‍ර ලෝකය ගැන අපි දැනගත්ත.
මාන තුන දක්වා ඕකේ. ඒත් හතරෙ ඉඳන් ඉහලට මට කන පැටලෙනවා. ක්වොන්ටම් ලෙවල් එකේදී භෞතික විද්‍යා මූලධර්ම බිඳ වැටෙන එකත් එහෙමයි. ජෙනරල් රිලෙටිවිටි සහ ක්වොන්ටම් මැකනික්ස් පෑහෙන්නෙ නැති එකක් එහෙමයි.
Deleteනමීගේ 'කුරුල්ලෙකුගේ බඩේ' කතන්දරේ එතැනම පැහැදිලි කරලා නොතිබ්බා නං මම ගන්නේ වාච්‍යාර්ථයෙන් කියවෙන දේ විතරයි.
Deleteක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන 'විදුසර' පත්තරයෙන් කියෙව්වත් යන්තං ඡායාවක් විතරයි හිතාගන්න හැකි වුණේ. නියුට්‍රිනෝ අංශු ගැන ඇහුවෙත් අජිත් මහත්තය කිව්වම.
ඉතිං තේරෙනවා නෙව මගේ දැනුමේ වපසරිය
එහෙම වුණත් කාරණා දන්නා තව තව දැනුමැත්තන් මේ සංවාදයට මැදිහත් වෙනවා නං මම හරි කැමැතියි... අපට තව යමක් ඉගෙනගන්න හැකි වෙනවානේ!
දැනුමැත්තන් මේ සංවාදයට මැදිහත් නොවෙන එකත්, අර අපට වඩා දියුණු පිට සක්වලයො, අපිව උන් ගෙ "ක්ලබ්" එකට නොගන්නව වගේ තමයි. වඩා දැනුමැත්තො, මේ අපි වගෙ හාල්-කෑලි එක්ක පෑහෙන්න අකමැති ඇති, හෙළුවෙන් වනන්න අකමැති ඇති නේද?
Deleteකොහොමත් නිදි අහපු ප්‍රශ්ණ දිහා බැලුවාම, මේ සාකච්චාවට අපොස සා.පෙ හොඳටම සෑහෙනවා කියලත් හිතුනා.🤔
මම තව අදාල යූ-ටියුබ් ෂෝර්ට්ස් වීඩියෝ කීපයක් පහල වෙනම කමෙන්ට් එකක ඇමිණුවා.
ඔය විෂය පථය මගෙත් සෑහෙන්න ආස පැත්තක්. බලල ම කියන්න ඕනේ විස්තරයක් නම්.,
ReplyDeleteඅඟහරුවා ගුරුවරයෙක් නිසා, මේ විෂය පථය වඩා පුළුල්ව සමාජයට ගෙන යන්න හැකියාව තියනවා.👌
Deleteඅඟහරුවා මහත්තයෝ, බකුසුතුමා කියනවා වගේ මේ ගැන මොකුත් කියන්නකො...
Deleteඅපේ සෝලර් සිස්ටම් එකටත් වඩා විසාල තරු
ReplyDeleteකොස්මික් බැක්ග්‍රව්න්ඩ් රේඩියේෂන්(CMB) සහ "මහා පිපිරුමට " පෙර විශ්වය
අපේ ඉර පැන්ෂන් ගන්නා විට....
චන්ද්‍රසේඛර් ගේ සීමාව
ReplyDeleteආන්න ජංසං රාළාමී.....තව දාහක් වටිනවා. භෞතික විද්‍යාව මට තේරුම් ගත හැකියි. ගැවිටේෂනල් ලෙන්සින්, spectroscopy වලින් ඈත ග්‍රහලෝකවල ඇති මූලද්‍රව්‍ය වල සිග්නේචර් එක බලන හැටි වගේ ඒවා. ඒත් මට පුදුම හිතෙන්නේ ගණිතයෙන්, කිසිම උපකරණයක උදව් නැතුව, මෙහෙම දේවල් කියන්නෙ කොහොමද කියන එකයි.
Deleteවිශ්වයේ දුර මැනීම හා සාක්ෂි සොයා ගැනීම
ReplyDeleteවිශ්වයේ වයස ≈ අවුරුදු 14 බිලියන්
Deleteපෘථිවියේ සිට "ඔබ්සර්වබල්" විශ්වයේ කෙලවරට දුර ≈ ආලෝක වර්ෂ 46.5
මේක අවුල් වගේ පේන්නෙ මම "අවුල්" නිසාද?😮🤔
තව අර චක්‍රාවාට , ගණනය කරන වේගයට වඩා වැඩි වේගයකින් එකිනෙකාගෙන් දුරස් වෙනවා. එහෙම වෙන්න නම්, ඩාර්ක් මැටර් තියෙන්න ඕනෙ කියල එකකුත් තිබ්බා වගේ මතකයි.
ටිපර් බාන්න නං එපා බුදු රාළහාමී, වලියකට එහෙම නෙමෙයි නීරෝගී සාකච්චාකට පමණි. ස්තූතියි.🙏
විශ්වයේ වැඩිම වේගය - ආලෝකය
විශ්වයේ වයස ගනින්න හබල් ගේ නියමය කියල එකක් තියනවා 1/H 0 වගේ මතක . විශ්වය කොපමණ වේගයෙන් ප්‍රසාරණය වෙනවද කියල හොයන එක තව එකක් . හ්ම් අපට පෙනෙන ප්පරණම තරකා වල වයස ගණන් කිරීම ත එකක් . ඔය හම එකෙන්ම ගත්ත ඇවරේජ් එක තමා 13.8 බිලියන් . ඔබ්සර්වබල් විශ්වයේ දුර කියල කියන්නේ අපි ඉන්න තැන මැද කියල ගත්තොත් පෙනෙන කෙලවරට දුර . ආලෝකයේ වේගය 299792 තත්පරයට කියල ගත්තොත් 13,940,328,000,000 * 60*60*365 කිලෝ මීටර්ස් . අර දුරට ප්‍රසාරණය වෙච්ච දුර එකතු වෙනවනේ . ඉතින් වැඩි වෙන් එක හරිනේ
Deletehttps://www.slashfilm.com/1401579/scariest-scene-ever-the-fourth-kind/
ReplyDelete🤣😂👌🙏
Deleteවිද්‍යා ප්‍රබන්ධ කියලව තිබ්බට විද්‍යා ප්‍රබන්ධ ගීතයක් අහලා තියනවද?
ReplyDeleteවිදුලි දුම්රියේ චංචල නාදය
ආවෙමි. වීඩියෝව නොබැළුවෙමි. කොමෙන්ට්ස් ටික කියෙව්වෙමි.
ReplyDeleteදැන් යමි. පසුව ආපසු එමි.
ප්‍රශ්ණ දෙකක් ඇත.
1. හතරවෙනි මානය කාලය නම් පස්වෙනි මානය සහ ඉන් ඉදිරියට ඇති මාන මොනවාද?
2. ඇමෙරිකාව කාලය සහ අවකාශය ජයගෙන ඇති බව ට්‍රම්ප් කියයි. සත්‍ය විය හැකිද?
කමෙන්ට් තමයි හොඳම. ඒක බැලුවා නං ඔක්කොම හරි. 👌
Delete1. නොදනිමි. දන්නා කෙනෙක් උත්තර දෙන සේක්වා!
2. තවත් කෙබරයක් වීමට 99.99%ක සම්භාවිතාවයක් ඇත.
කමෙන්ට් වීඩියෝ සහ හැමෝම දාපු ලිපි , වීඩියෝ ඔක්කොඅම්බලුවහම යම් තේරුමක් එනවා . හතරවන මානය කාලය නෙමේ . ද්විමාන කියනන් දිග සහ පළල කියල ගත්තොත් ත්‍රිමාණ වෙන්නේ උස ආවහම නේ . හතරවන මානය අර ෆ්‍රේම් එක හෙවත් රාමුව වෙනස් වෙන්නේ කොහොමද කියන එක , වෙනස් වෙන්නේ කාලය රේඛියව් ගමන් කරන නිසා . නිව්ටන් ගේ නියම නිවැරදියි කාලය නියතයක් ලෙස ගත්තම . ඒ කියන්නේ වෙලාව අඩු වැඩි වෙන එක නෙමෙයි , කාලය නියතයක් ලෙස පැවතීම . අයින්ස්ටයින් කිව්වේ ෆ්‍රේම් එක කාලයත් එක්ක වෙනස් වෙනවා . ඒ කියන්නේ ෆ්‍රේම් එකේ අවකාශය සහ කාලය නියත නැහැ . නියත වෙන්න ස්පේස් ටයිම් එක කියල . ඒක තමා පස්වන මානය . සාපේක්ෂතා වාදය එන්නේ එතනින අපි ඉන්න ෆ්‍රේම් එක ස්පේස් ටයිම් හෙවත් අවකාශ කාලය මත වෙනස් එවනවා . හැබැයි අයින්ස්ටයින් ගේ නියම අවකාශ - කාලය ස්පේස් ටයිම් නියතයක් ලෙස ගන්නේ .
Deleteසද්ද නැතිව හිටියත් පළවෙන commentස් සේරම කියවමින් ඉන්නේ.
Deleteක්වන්ටම් භෞතිකයේදී අවකාශ කාලය විචල්‍යයක් . ඒ කියන්නේ අපි ඉන්න ෆ්‍රේම් එක හෝ රාමුව තිමාන , කාලය මේවා නියත නැහැ . ඒවා ඇති අවකාශ කාලය නියත නැහැ . ඒ කියන්නේ හයවෙනි මානයෙන් ඔබ්බට එකසිය ගානක් වෙනකම් පදාර්ථයේ නොයෙකුත අවස්තා මත වෙනස් වෙනවා . ඒ කියන්නේ කාලය වෙනස් නොවී මානයන් වෙනස් වෙන්නත් , ඒ ඔක්කොම එකපාර වෙනස් වෙන්නත් පුළුවන් කියනඑක .
Deleteඇමෙරිකාව කාලය හා අවකාශය ජය ගෙන කියන්නේ අභ්‍යවකාශයට ගිය එක වෙන්න ඇති . එහෙමනම් සෝවියට් දේශය ඉස්සෙල්ලම ජය ගත්තේ , ඊට පස්සේ අනිත් රටවල් .
Deleteඉඳලා හිටලා සමහර දාක, කිසිම විශේෂ හේතුවක් නැතුව මගේ හිත නොසන්සුන් වෙනවා. අදත් එහෙම දවසක්. මගේ හිත හැදුනේ මේ වීඩියෝ ෂෝර්ට්ස් දෙක නිසා, ඒවා ඔබත් එක්ක බෙදා ගන්න හිතුවා.
ReplyDeleteAre you paying attention
Cat Mode
හේ හේ , පූසා මරු
Delete